Saturday, July 2, 2016



(ජීවිතය සුන්දරයි 45)...........................................මම දවල් මොන්ටිසෝරියට ගිහින් මහත්තයට කෝල් එකක් අරගත්ත....මොකක්ද මේ අපේ අක්ක ඔයා ගැන කිව්වෙ....මම දැනගත්ත මේ වෙනකොටත් නෝන ...මහත්තයට මට සිදුවුන දේ ගැන කියල තියෙයි කියල.....මට උදේ වමනෙ ගියා මහත්තය. ගන්න බෙහෙත්වලට වෙන්න ඇති. ඉතින් නෝන හිතාගෙන ඉන්නෙ වෙනදෙයක්.....මම මෙහෙම කිව්වම ...මහත්තය හිනාවෙනව මට ඇහුන....මට හිතාගන්න බෑ නෝනට මොනව කියන්නද කියල...මම කිව්ව....ඔයා කලබල වෙන්න එපා මම ඇවිල්ල ප්‍රශ්නෙ බේරගන්නම්...මහත්තය කිව්ව.....මම පුතත් එක්ක ගෙදර ගියා....මේ දවස්වල වැඩිය මහන්සිවෙන්න එපා සදුනි.....පුතා වඩාගෙන ගෙට එනකොට නෝන කිව්ව....අනේ මේ නෝන හිතාගෙන ඉන්න ඒව...මට හිතෙන් හිනා ගියා.....කෑම කන වෙලාවෙ....සදුනි කන්න කැමතිදේවල් තියෙනවනම් කියන්න ලැජ්ජවෙන්න එපා....නෝන කිව්ව. මමනම් කන්න කැමති පීසා.....පුතා කිව්ව....පුතා පීසවලට ආස උනාට අම්ම ඒවට ආසනෑනෙ...නෝන කිව්ව...අම්මත් ආසයි නේද අම්මෙ...පුතා මගෙන් ඇහුව....ඔව් පුතේ මම කිව්ව....හරි අද හවසට පීස ඕඩර් කරමු.....නෝන කිව්ව......මහත්තය හවස ගෙදර ආව .....මහත්තය නාල ඇදුන් මාරුකරගෙන එනකොට මම දැක්ක නෝන මහත්තයට කතාකරනව.....අයි අක්කෙ කිව්ව මහත්තය නෝන ලගින් වාඩිවුනා....සදුනී ඔයත් මෙහාට එන්න. මටත් කතා කලා....මල්ලි දැන් ඔයාල බලාහිටිය ඇති....මේව දුරදිග යන්න ඉස්සෙල්ල පිලිවෙලක් උනානම් නේද හොද.....මේ දවස්ටිකට මට පෙනුන සදුනි චිත්‍රා නන්ගිටත් වැඩිය හොදට පුතාව ආදරෙන් බලාගන්නව....මට හිතෙනව සදුනි ඔයාල දෙන්නව ආදරෙන් බලා ගනී කියල....සදුනිට මගෙ නම් කිසිම අකමැත්තක් නෑ.....නෝනා කිව්වා....මහත්තය හයියෙන් හිනාවුනා....මේ අක්කෙ එහෙම දෙයක් නෑ මෙයාට වමනෙ ගිහින් තියෙන්නෙ මොනව හරි අජීරනයක් වෙලා...එහෙම දෙයක් නෑ නෝනා...මට බඩේ අමාරුවක් තිබුන ඒකයි....මමත් කිව්ව.....මම දන්නැද්ද බඩේ අමාරුව..මට බොරුකරන්න එපා....මේ මල්ලියෙ මේ අහින්සක කෙල්ලව අමාරුවෙ දාන්න එපා.....අම්ම තාත්තත් නැති එකී....එහෙම කලොත් උඹට හොදක් සිද්දවෙන්නෙ නෑ...නෝන මීට ඉස්සර මහත්තයට මෙච්චර සැරෙන් කතාකරනව අහල තිබුනෙ නෑ......අක්කේ පොඩ්ඩක් ඉන්නකො අක්කේ....මේ දවස්වල ලොකු වැඩක් තියෙනව ඒක ඉවරවෙලා මොකක්හරි කරන්නම්. මම සදුනිව අතමන් කරන්නෙ නෑ....උඹේ වැඩ කවද්ද බන් ඉවර වෙන්නෙ රෙජිස්ටාර් ගාවට ගිහින් අත්සනක් ගහගන්න එක මහ ලොකු වැඩක් ද....ඒ උනාට මේවැඩ එහෙම කරන්න බෑනෙ.....මහත්තය කිව්ව....එහෙනම් බඩේ එකයි අතේ එකයි තියාගෙන රෙජිස්ටාර් ගාවට ගිහින් අපිට අවනම්බුකරහන්......නෝන නැවතත් දොස්කියල ...කොහේද කියන එකක් අහනවද....නෝන තරහෙන් අපිගාවෙන් නැගිටල ගියා....මාත් කාමරේට ගියා...රෑකෑමට ගියාම මම දැක්ක පීස ගෙනහැල්ල කියල...පීස ඕඩර්කලේ කව්ද....මහත්තය ඇහුව....සදුනි ආසයි කිව්ව හින්ද මම ඕඩර්කලේ....අම්ම නෙවෙයි මමයි ඕනැ කිව්වෙ....පුතා කිව්ව.....
එදාරෑ මහත්තයයි මමයි මහත්තයගෙ කාමරේ නෝනට ඇතිවෙලා තියෙන වැරදි අවභෝදය ඉවත් කරන්න විදියක් කතා කලා....මහත්තය මම මේ බේත් බොනකොට උදෙට ඔක්කරෙට වගේ එනව.....ආයෙ නෝන දැක්කොත් සැකේ තවත් වැඩිවෙනව....අපි ඩොක්ටට කියල බලමු එතකොට ඔය ඔක්කරෙට බෙහෙතක් දෙයි.....අපි පහුවදා හවස ඩොක්ට හම්බවෙන්න යෝජනා කරගත්ත....මම කාමරේට ගිහින් නෝන ගැන කල්පනා කලා...මේ නෝන කොයිතරම් හොද ගතිගුන තියෙන කෙනෙක්ද එයා හිතාගෙන ඉන්නෙ මම ඇත්තම කෙල්ලෙක් කියල...මහත්තයගෙ අතින් ඒ කෙල්ලට වැරැද්දක් වෙලා කියල තමා හිතා ඉන්නෙ....එයා කැමති නෑ..ඒ කෙල්ල බබෙක් එක්ක අතරමන් වෙනව දකින්න.....ඒ කෙල්ල කොච්චර දුප්පත් උනත් ඒ කෙල්ලගෙ ගතිගුනවලට තමා නෝන ගරුකරන්නෙ.....ඒ කෙල්ලගෙ නම්බුව ආරක්ෂා කරන්න තමා නෝන නිතරම කල්පනා කරන්නෙ......මගෙ ගෙදර අයවත් මේවගෙ මට ආදරෙන් සලකල නෑ... අක්ක මට කොයිතරම් වෙනස්කම් කලාද....එයාගෙ කිසිබඩුවක් මට අල්ලන්නවත් දුන්නද.....එයගෙ අදුම් අන්ද කියල මට කොච්චර ගැහුවද....කමනෑ මට දැන් ඒව ඕනැනෑ.....මම දන්නව තව අව්රුදුද්දකින් හරි දෙකකින් හරි මමත් කෙල්ලෙක් වෙනව කියල මම දන්නව ඊට පසෙ කවදාවත් මහත්තය මාව අයින් කරන්නෙ නෑ කියල......කවදහරි මාව හදපු වඩපු අම්ම තාත්ත වෙනුවෙන් එයාල බලන්න යනව...පුලුවන් හැටියකට එයාලට සලකනව......ඒත් මම එයාලගෙ පුතානම් කියන්නෙ නෑ....දැන් එයාලගෙ පුතා මැරිලා......
හොදවෙලාවට පහුවදා මට වමනෙ ගියෙනෑ....ඒත් අපි හවස ඩොක්ටගාවට ගියා....හෝමෝන් වෙනස්වෙන කොට ඔහොම දේවල් වෙනව වමනෙ එන්න එනවනම් මෙයින් පෙත්තක් ගන්න...බෙහෙතක් නියම කලා....සමහර විට ඔයාට මානසික ප්රස්නත් එන්න පුලුවන් ඒ කියන්නෙ තරහයන එක එපාවෙන ගතිය....ඒ හින්ද කල්පනාවෙන් ඉන්න....මෙයට මානසික ගැටලුවක් ආවහම මහත්තය කල්පනාවෙන් ඉන්න.....මේ බේත් බොනකොට මෙච්චර ඒව වෙනව කියල මට හිතුනෙ නෑ.....

No comments: