Sunday, July 10, 2016

(ජීවිතය සුන්දරයි 62).....................................................ටිකවෙලාවකින් අපහසුව ටිකක් අඩුවුනා....නින්ද ගිහින් ඇහෙරෙන විට එලිවීගෙන එනව....ඒත් ඇගේ අමාරුව තිබුන....යටිබඩ කොන්ද වගේ තැන් තමා වැඩිය අමාරු තිබුනෙ.....නෝන ඇවිත් කතාකලා....මම පාන්දරින්ම ආවෙ සදිනිට මොකද බලන්න....කොහොමද සදුනි....මගෙන් ඇහුව....තාම හොදක් නෑ නෝන.....ඔයා බයවෙන්න එපා අපි පන්සලට ගිහින් බෝධි පූජාවක් කරල එමුකො....මට කිව්ව..නෝන මගෙ ඇදෙන් වාඩිවෙලා මගෙ හිස අතගෑව....යටි බඩයි කොන්දයි හරියට කැක්කුමයි නෝන..මම කිව්ව......ඩොකට මොකද කිව්වෙ..මොකුත් ලෙඩක් නෑ කිව්ව නෝන.....මම කිව්ව......නෙලුම් මාගාවට ඇවිත් බලා ඉන්නව දැක්ක....අනේ නෙලුම් මට උනුවට බොන්න මොනවහරි ගෙනත් දෙන්න.....මම කිව්ව....නෙලුම් ඉන්න මම කුස්සියට පනිවිඩේ ඇරිය දැන් ගෙනෙයි....නෝන කිව්ව....අපේ තෑ අරගෙන සේවිකාවක් ආව.....නෙලුම් මගෙ තේ එක අරගෙන මට පොවන්න ලෑස්තිවුනා....කෝදෙන්න නෙලුම් මට තනියම බොන්න පුලුවන්....මම තේ එක ඉල්ලුව...ඕනෙ නෑ මැඩම් මම පොවන්නම්...ඇය මට තේටික පොවන්න පටන්ගත්ත.
මහත්තය වැඩට ගිය හින්ද නෝනයි මායි පුතයි....පන්සලට ගියා නෙලුම් තමා පුතාව බලා ගත්තෙ....බෝධිය ගාවට ගියාම නෙලුම් කඩිසරව පූජාවට පූජාවට්ටි ලෑස්තිකලා.....මම බෝ මලුවෙ වාඩිවුනා.....පුතා බෝමලුව පුරා දුවන්න ගත්ත...එයාට හරි සන්තෝසයි....පූජාවට්ටි මට අතගස්සවල පූජාකලා....මම වාඩිවෙලා ගාථා කිව්වා ...පිරිත් කිව්වා...නෙලුම් ට මේ වැඩ හොදට හුරුයි වගේ නේද.....නෝන නෙලුම්ගෙන් ඇහුව....ඔව් මැඩම් ගෙදරදි මම නිතර පන්සල් යනව....පන්සල තිබුනෙ අපේ ගේ ලග....නෙලුම් කිව්ව....සෑහෙන වෙලාවක් පන්සලේ ඉදල ගෙදර ගියා....අමාරු ටිකක් අඩුවෙලා තිබුනු හින්ද බත් ටිකක් කාල නින්දට ගියා.....හවස්වෙනකන් නින්දගියා.....නින්දෙන් ඇහැරෙන විට ආයෙත් ඇගේ අමාරුව වැඩිවෙලා තිබුන. ..අයි මැඩම් මා ගාව හිටිය නෙලුම් ඇහුව....අමාරුයි නෙලුම් මම කිව්ව.....නෙලුම් නෝනට කතා කල හින්ද නෝනත් මා ගාවට ආව...සදුනිට අමරුනම් මහත්තයට කියන්න.....නෝන කිව්ව....දැන් බේත් බිව්ව නෝන තව ටික වෙලාවකින් හරියයි...මම කිව්ව...කිව්ව වගේම ටිකවෙලාවකින් වේදනාව අඩුවුනා....මහත්තය එනකොට ටිකක් රෑවෙලා තුබුන....ඒ වෙනකොට ආයෙත් වේදනාව තිබුන....මම කෙදිරි ගානකොට මහත්තය මා ගාවට ආව...මාව දැක්ක විතරයි කෙදිරිය වැඩිවුනා නේද...මහත්තය කිව්ව.....අනේ නෑ මහත්තය මට අමාරුයි ඒකයි....මම කිව්ව.....මම විහිලුවට කිව්වෙ මහත්තය මාගාවින් වාඩිවුනා....රෑට කෑවද මගෙන් ඇහුව....කන්න බෑ මහත්තය...මම කිව්ව.....මහත්තය මොකුත් නොකිය නැගිටල ඇදුම් මාරුකරගෙන එලියට ගියා....මට තේරුනා මහත්තය කොහාටද යන්නෙ කියල....අදත් මට කවන්න බත් එකක් බෙදාගෙන එයි.....මට මහත්තය අතින් කවා ගන්න ආශාවක් ඇතිවෙලා තිබුනෙ..ඒ හින්ද මොකුත් කිව්වෙ නෑ....මම හිතුව වගේම මහත්තය කෑම එක බෙදාගෙන එනව දැක්ක....මහත්තය කෑම කටක් කවල...මම එනකන් කෑම කන්නෙ නැතුව හිටිය නේද.....මහත්තය..සිනාසෙමින්කිව්ව....ඇත්තටම මම ඒ හින්දද කෑම නොකා හිටියෙ....ඇත්තටම මට කෑම ප්‍රියතාවයක් නෑ ඒත් මහත්තය කවන කොට කන්න පුලුවන්...අයි ඒ ...මම කල්පනා කලා....මගේ හිත ඇතුලෙ මහත්තය ගැන ආදරයක් වගේ දෙයක් ඇතිවෙලා තියෙන බව තේරුනා....ඒත් මට තාම තියෙන්නෙ පිරිමි ලින්ගයක් එහෙම ආදරයක් ඇතිවෙන එක විකුර්තියක්....මම සම ලිංගික ඇසුරු වලට අකමැති හින්ද කල්පනා කලා...සමහර විට මහත්තයත් මම හිතන විදියට හිතනව ඇති. නැත්නම් කෙල්ලෙක් වගේ ඉන්න මට මහත්තය මොනව නොකරයිද....මට තේරුනා මහත්තය අද වෙනකම් මට අයුතු දෙයක් කලේ නෑකියල....මහත්තයගෙ ඇත්ත තත්වය තේරුම් ගන්න පුලුවන් මාව නියම කෙල්ලෙක් උන දාට කියල මම තේරුම් ගත්තා...බත් කෑවට පස්සෙ මට ටිකක් නින්ද ගියා.....රෑ යටිබඩේ තදබල වේදනාවක් දැනිල ඇහැරුනා....මම බඩ අල්ලගෙන කෙදිරිගාන කොට මහත්තය ලගට ආව.....බඩ රිදෙනව ඉන්න බෑ මහත්තය මම කිව්ව......මහත්තය මාලගින් වාඩිවෙලා මගෙ කුසට අතතිබ්බ.... මම මහත්තයගෙ අත අල්ල ගත්ත.....අනේ මහත්තය මට අමාර්යි මට මොකක් හරි වෙයිද.....අනේ මහත්තය එහෙම උනොත් මහත්තයගෙ පුතා ආයෙත් තනිවෙනව....මගෙ පුතාව මට එහෙම තනිකරන්න බෑ....ඔයා මොනවද මේ කියවන්නෙ...ඔය විකාර කියවන්නෙ නැතුව ඉන්න....ඔයාට මොකුත් වෙන්නෙ නෑ.....අනේ මහත්තය මට අද එහෙම හිතෙනව....නෙලුම් පුතාට ගොඩක් ආදරෙයි වගේ පේනව....නෙලුම් තියාගන්න මහත්තය......තව එක ඉල්ලීමක් තියෙනව.....මාව නැතිවුනොත් මගෙ අයි ඩී එකෙන් ලිපිනෙ අරන් මගෙ අම්මට තාත්තට මගෙ මරනෙ දන්වන්න....මම කිව්ව....මොන විකාර කියනවද මන්ද කියවන්නෙ නැතුව නිදා ගන්න...මහත්තය කිව්ව.....ඊට පස්සෙ මගේ හිතට නොයෙක් දේව ආවත් කිසිදෙයක් මහත්තයට කියන්න ගියෙනෑ.....මහත්තයගෙ දුක් බර ඇස්දෙකෙන් මා දිහා බලා ඉන්න බව මම දැක්ක....මම නොදැනුවත්වම නින්ද ගියා....ආයෙත් ඇහැරෙනකොට....ඇගට අමුතු සැහැල්ලුවක් දැනෙන්න ගත්ත......තිබුන අමාරු කිසිදෙයක් දැන් නෑ....මාව මැරිලද මැරුනාමලුනෙ මෙහෙම සැහැල්ලුවක් දැනෙනව කියන්නෙ.......

No comments: