Friday, July 1, 2016


(ජීවිතය සුන්දරයි 41)............................................. හෙට යන්නතියෙන පාටිය ගන මම නෝනට කිව්ව......සදුනි ඒපාටියට යන්න ඕනැ නැත්නම් පුතා එක්කයන්න බැරිවෙයි....නෝන කිව්ව....ඒත් නෝනා....කිව්ව මම බිමබලාගත්ත..ඇයි..ප්‍රස්නයක්ද ...මගෙන් ඇහුව...මම ඔව් කියල හිසෙන් කිව්ව....ඒ මොකද අප්පේ...නෝන එහෙම අහල හිනාවෙලා....ඕක ගනන් ගන්න එපා ....මතක ඇතිව ඊවා පැකැට් එකක් අරන්යන්න....නෝන මම කියන දේ වැරදියට තේරුම් අරන් තියෙන්නෙ කියල ඊවා පැකැට් එක මතක් කලාම තේරුම් ගියා. අක්කත් ගාවත් ඒ පැකට් තියෙනව මම දැකල තිබුන.....මට ඉතින් ඒව පාවිච්චි කරන්න තරම් වාසනාවක් නෑ නෝනා...මම හිතෙන් කිව්ව....නෑ නෝනා මහත්තය කියනව මට සාරියක් ඇදගෙන යන්නලු....ඉතින් හොදයිනෙ...කිව්ව ඇය... සදුනිට සාරියට වඩා ඔසරිය ගැලපෙනව.... මාත් ඇදන් යන්නෙ ඔසරිය....කිව්ව.....ඒත් නෝනා මට ඒව අදින්න තේරෙන්නෙ නෑනෙ...මම කිව්ව....ආ ඒකද ප්රස්නෙ....මම හිතුවෙ මාසෙවත් වෙලාද කියල....කමක් නෑ මම කියල දෙන්නම් ...ඇය කිව්ව.....පහුවදා හවස අපි පාටියට යන්න ලෑස්තිවුනා.....මගෙ පිරිමි සිරුර නෝන දකියි කියල. කාමරේ දොර වහගෙන බ්‍රෙසියර් එක ..සාරි ජැකට් එක. යට සාය ඇදගෙන සාරියත් අරගෙන නෝන ගාවට ගියා....ඔහොම තියන්න මම කියාදෙන්නම් .ඇය ඔසරිය අදිනගමන් කිව්ව.....ඉස්සෙල්ලම මෙන්න මේවගෙ පොට නවාගන්න ඕනැ ඒක කරවුඩින් දාගෙන රෙදි පටිය බැදගන්න.....ඇය ගාව තිබුන රෙදිපටියක් අරන් සාරිය ඉනට ගැටගැහුව....දැන් මේටික ඉනවටේ අරගෙන මෙන්න මේ විදියට රැලි හදාගන්න...ඇය සාරිය රැලිකරන ගමන් කිව්ව...දැන් මේ රැලිකරගත්ත කෙලවර ඉනට බැන්ද රෙදි පටිය යටින් අරන් ඔයාට කැමටි ගානකට දික්කර ගන්න....දැන් ඒ රැලිටික ඉන වටේ හදාගෙන අනිත් කෙලවර මෙන්න මේ විදියට ඉනට ගහ ගන්න....මේ කෙලවර ගැටයක් ගහගන්න නැත්නම් ගැලවෙයි......ඇය මට ඔසරිය අන්දා තවදුරටත් හැඩකලා....මම ඔසරිය ඇදගෙන මගේ කාමරෙට ගිහින් හැඩ බැලුව.....මාව ලස්සන ගහැනියෙක් වගේමයි ...මට සතුටක් දැනුන... මහත්තයගෙ කාමරේ හිටිය පුතා මාගාවට ආව....අම්ම අපේ ටීච වගේ....මාදිහා බලල කිව්ව...එයාට අමුතු ඇති මම සාරියක් ඇදල ඉන්නව දැක්කම....මට හිතුනා...මම පුතාවත් ලෑස්තිකරගත්ත.....එයාටත් හොද ඇදුම් ටිකක් ඇදෙව්ව......මට මතක්වුනා මහත්තය මට ජපානෙන් ගෙනාව මාලයක් තිබුන ඒකා ලොකු හින්ද ඔසරියට ගැලපෙනව කියල හිතුන.. ඒක කරට දාගත්ත....මගෙ රත්තරන් වලලු ටිකයි මහත්තය දුන්න ඒවයි අතට දාගත්ත...මහත්තය දීල තිබුන ගැහැනු ඔරලෝසුවත් බැද ගත්ත....කොන්ඩෙ දන්න විදියට හදාගෙන මම එලියට ගියා....මාව දැක්ක නෝනා.....අසෝකට එන්න කියන්න කියල එතන හිටිය කෙල්ලෙකුට කිව්ව ටිකවෙලාවකින් වෙන කෙල්ලෙක් ආව....අසෝකා ..මේ මැඩම්ගෙ කොන්ඩෙ හදල දෙන්න කිව්ව...එන්න මැඩම් කියල මාව කාමරේට එක්ක ගියා ඇය ලස්සනට කොන්ඩෙ හදනව මම දැක්ක.....මේ අක්කට හොදට කොන්ඩමෝස්ත්ර දාන්න පුලුවන්වගේ....මම කල්පනා කලා...ඉවර කලාට පස්සෙ මම දැක්කෙ ඔසරියට ගැලපෙන්න කොන්ඩ මෝස්තරේ දාල කියල....අපි පාටියට යනකොට තරමක් රෑවෙලා තිබුන.....සෙනග ටික දෙනෙක් හිටියා....මහත්තයවයි නෝනවයි එයල හොදට පිලිගත්ත...මගේ අතේ හිටිය පුතාව අක්ක කෙනෙක් ගන්න හැදුව ඒත් එයා අතට ගියෙන....මගේ අතේ ඉන්දැද්දිම හුරතල්කලා.....මේ කවුද අක්කෙ ...ඒයා මාව පෙන්නල නෝනගෙන් ඇහුව.....ඒ පුතා බලාගන්න කෙනා...නෝන එහෙම කිව්වම ..ඒ ගැනු කෙනා මාදිහා අමුතු වුදියට බලල . ඔච්චමට හිනාවුනා....මම මොකුත් හිතන්නෙ නැතුව නෝන වාඩිවුන සැටියෙන් වාඩිවුනා.....පුතා ඔතන තියල මෙතනින් ගිහින් පිටිපස්සෙ ඇති පුටු එතනින් වාඩිවෙනව.....ඒ ගහැනු කෙනා මට කිව්ව....ඇයි එයා මෙතැන හිටපුවාවෙ...නෝන කිව්ව....මේ අක්කෙ ඔයාල වැඩකාරයො කරේ තියාගත්තට මෙහෙ ඒව බෑ.....නෝනට සැරෙන් කිව්ව....මම පුතාව බ්මින් තියෙල යන්න හැදුවම පුතා මගෙ පස්සෙන් ආව....පුතා මෙහෙ එන්න....එයා කිව්ව මට බෑ...කිව්ව පුතා මා ලගට ආව....මෙයා හරියට අපේ චිත්‍රා නන්ගිවගේ නේද ..අක්කෙ. ඒවුනාට වැඩකාරියෙක්නෙ......එයා ආයෙත් කිව්ව....මේ සදුනි ඔයා කොහේවත් යන්න එපා මෙතැනින් වාඩිවෙන්න.....එයාගෙ කතාව ඇහුන මහත්තය මට කිව්ව.....මොනවද මල්ලි වැඩකාරයො කරේ තියාගෙන....එයා මහත්තයට බැන්න....මහත්තයගෙ ඉල්ලීම හින්ද මම එතැනම වාඩිවුනා.....කැම ගන්න වෙලාවෙ මම පුතාට කවල පිගාන අරන් ගියා මට බෙදගන්න....මාව දැක්ක අර අක්ක මාලගට ඇවිත් තව කට්ටිය කන්න ඉන්නව එයාල කෑවට පස්සෙ කනව...මට කිව්ව.....මම පිගාන තියල...ආපහු ආව.....මහත්තය මාගැන ඇහැ ගහගෙන ඉන්න හිද්ද කොහේද එයා මාගාවට ආව...ඇයි කෑම බෙදාගත්තෙ නැත්තෙ....මගෙන් ඇහුව....පස්සෙ කනව මහත්තය....මම කිව්ව....පස්සෙ නෙවෙයි දැන් කනව...මහත්තය කිව්ව...මේ මල්ලියෙ වැඩකාරයන්ට පස්සෙ කන්න දෙන්න පුලුවන් ඊට ඉස්සෙල්ල අපේ අයට කන්න දෙන්න ඕනැ....නැවත ගැහනු කෙනා මහත්තයට බනින්න ගත්ත....මෙයා අපේ වැඩකාරැක් උනාට ඔයාලගෙ වැඩකාරෙක් නෙවෙයි නන්ගි..මහත්තය කිව්ව....කාගෙ උනත් වැඩකාරයෙක්නෙ....එයා කිව්ව...හරි මෙයාට කන්න දෙන්න බෑනෙ....එන්න කියල මට කතා කරගෙන එලියට ගියා ..එන්න අක්කෙ අපි යමුයන්න....මහත්තය තරහෙන් නෝනට කිව්ව.....මොකද මේ ප්‍රශ්නෙ වයස කෙනෙක් ඇහුව....මහප්පෙ මගෙ ගෙදරින් එක්ක ආව අයට සලකන්න බැරිනම් අපිත් යනව තරහවෙන්න එපා මහප්පෙ...මහත්තය කිව්ව....මේ අයියෙ ඔයාලගෙ ගෙදර අයට නෙවෙයි මම සලකන්න බෑ කිව්වෙ ඔයාල එක්ක ආව වැඩකාරයන්ට.....දුව කියන්නෙ ඇත්තනෙ පුතේ ඕකුන්ව ලගට ගත්තම අපේ කරේ නගිනව....හරි හරි මහප්පෙ මගෙ ගෙදර වැඩ කාරයො ඔයාලගෙ කරේ නග්ගන්න ඕනැ නෑ ඒ හින්ද අපි යන්නම්... ඔහු ගිහුන් වාහනේට නැග්ග....මම නෝනත් එක්ක පුතා වඩාගෙන වාහනේට නැග්ග.....මහත්තයට මෙච්චර කේන්තියනවද.....මම කල්පනා කලා.....අනේ මහත්තෙලා මම හින්ද නෑදෑකම් නැතිකරගන්න එපා ...මටත් අනිත් වැඩකාරයන්ට වගේ සලකන්න මහත්තය....මම අඩමින් කිව්ව....සදුනි අඩන්නෙ නැතුව ඉන්න මම ඔයා ගැන බලාගන්නම්......මහත්තය කිව්ව......

No comments: