(අත්භූත වලව්ව 6)........................ ..........පහුවදා උදේ ආයෙත් උඩතට්ටුවට ගියා.මේ වෙලාවට ආච්චි වැඩිපුර ඉන්නෙ කුස්සියෙ පැත්තෙ හින්ද මම කරන්නෙ නාන්නයනව කියල මිදුලට බැහැල. ආච්චිට හොරෙන් සොල්දරේට යන එක...අදත් මගෙ ඒ උත්සාහය සාර්ථකවුනා.....මම ගැහැනුලමය මැරුන කාමරෙට ආයෙත් ගියා....මට මේ කාමරේ හුරුබවක් තේරුනා....මම මේ කාමරේ කවදහරි ඉදල තියෙනවකියල තේරුනා.....ලමය එල්ලුනා කියන බාල්කෙ දිහාබැලුව ....මම මෙතැන එල්ලිලා හිටිය කියල දැනුන....ඊයෙ වගේම ඒවෙලාවෙ මම ඇදගෙන ඉදල තියෙන්නෙ ...සුදුපාට බලවුස් එකයි දිගසායයි...කියල මනසට තේරුනා....මේ බාල්කෙ ටිකක් උසින් තිබුනෙ.ගැහැනු ලමයෙක් කොහොමද මෙච්චර උඩට යන්නෙ...මම කල්පනාකලා.... මේසෙ තියල ඒක උඩින් පුටුව තියල පුටුවට නැගල තමා එල්ලිල තියෙන්නෙ....කියල මට තේරුනා....මට පුදුම මේ ඔක්කොම කරල තියෙන්නෙ මමයි කියල තේරෙන එකයි.....මම මේසෙ දිහා බැලුවම පිරිමි ලමයෙක් පොතක් කියවනව තේරුනා...ඒත් එතැන හිටියෙත් මමයි කියල දැනුන.....මෙතන පොතක් කියෙව්වෙත් මම නම් එයා පිරිමි ලමයෙක් නම් එල්ලුනෙත් මමයි කියල තේරෙනවනම් එයා ගැහැනු ලමයෙක් නම් මේක වෙන්න බැරිදෙයක්....මට හිතෙන්නෙ මේ අයට මෙතැන සිද්ද වුන දේවල් මට උනාවගේ දැනෙනව ඇති....බාල්කෙ දිහා බලන බලන වාරෙට මට පේන්න ගත්තෙ ඒ ගැහැනු ලමයගෙ භයානක මුහුන...ඒක මගේ මුහුන විදියට දැනෙන්න ගත්ත හින්ද ඉක්මනින් කාමරෙන් පිටවුනා.....තව කාමරයක් තියෙනව ඒකත් අරින්න ඕනැ...මට හිතුන....මේකෙ මොනවගේ දෙයක් තියෙයිද....යන බයෙන් දොරේ යතුර කැරකෙව්ව....ඒකෙ යතුර ටිකක් තද වෙලා තිබුන හින්ද කරකවන්න ටිකක් අමාරු උනා....ඒත් දොර අරින්න එච්චර අමාරු උනේ නෑ....දොර යන්තම් ඇරල බියමුසුව කාමරේ ඇතුලට එබිකම් කලා......වහලෙ උඩින් චට පට ගාල සබ්දයක් ආව.....බයවුන මම ඉක්මනට දොර වැහුව.....ටිකක්වෙලා දොරට කනතියල...අහගෙන හිටිය...සබ්දෙ අඩුවුනා.....ඒත් එකපාරටම අරින්න බය හිතුන.....එතකොටම තරප්පු පෙල නගින සබ්දයක් ඇහුන....කවුරු හරි මෙහාට එනව වගේ කියල මට තේරුනා.....අසල තිබුන ලොකු කනුවක් මම ඒකට මුවාවුනා....මම දැක්ක ආච්චි උඩ තට්ටුවට එනව....ආච්චි මොකද මෙහෙ එන්නෙ....මම උඩ ඉන්නව එයාට තේරුනාද....මට සැක හිතුන...ඔයා කොහොම කිව්වත් ඒ ලමය මෙහාට ආවෙ නෑ....ආච්චි තනියම කියවමින් මා දෙසට එනව දැක්ක....මම ආච්චිට නොපෙනෙන්න හිටිය....ඒ ලමය නාන්න ගියේ දැන්.... නානව ඇති.....අනිත් එක එයාට මෙහාට එන්න වුවමනාවක් නෑනෙ....ආච්චි කාඑක්කද කතා කරනව වගේ කතාකරමින් මා මුවාවී හිටිය බිත්ති කනුව පහුකරගෙන ගියා....මම ඒ අවසරයෙන් හිමින් සැරේ පහලට බැස්ස.....දැන් මෙතැන ඉන්න හොද නෑ කෙලින්ම යන්න ඕනැ නාන්න....මම නාන්න ගියා.....ආච්චි එදා රෑත් තනියම මා ගැන කියෙව්ව ..අදත් මා ගැන තනියම කියවමින්...උඩ ඇවිද්ද....ආච්චිට මොකක් හරි ඔලුවෙ අමාරුවක් ද මට හිතුන....මම නාගෙන ගෙට එනව දැක්ක ආච්චි....ඈ පුතේ උබ උඩ තට්ටුවට ගියාද.....නෑ ආච්චියෙ රෑට ඕක උඩයනව තියා ඇහෙන සබ්ද වල හැටියට පහල ඉන්නත් බය හිතෙනව....මම කිව්ව.....ඊයෙ රෑ නෙවෙයි ....දැන් ටිකකට ඉස්සෙල්ල...ආච්චි ඇහුව...මම නාන්න ගියානෙ ආච්චියෙ....මම කිව්ව.....ඒක තමයි ....ඒ කට පිස්සුද කොහේද?....ආච්චි හිමින් සැරේ කියනව මට ඇහුන.....කාටද ආච්චියෙ පිස්සු...මම ඇහුව....උබ උඩ ඉන්නව දැක්ක කිව්ව එකාට.....ආච්චි කිව්ව. එතකොට මම උඩට යනව කවුරු හරි දැකල තියෙනව...මම හිතුව....පීටර් මාම දැක්කද දන්නෙ නෑ.....ඒත් එහෙම වෙන්නෙ කොහොමද.....මම නාන්න යන කොට දැක්කනෙ එයා වත්ත උඩහ මොකක්ද වැඩක් කරකර ඉන්නව....පීටර් මාමට අමතරව තව කවුරු හරි මේ ගේ ඇතුලෙ ඉන්නවද....මට සැකයක් ඇතිවුනා......එහෙම එක්කෙනෙක් හිටියොත් නම් මම හොයන ඒව හොයාගන්න බැරිවෙයි....මට දුකක් ඇතිවුනා....
1 comment:
mema kotasa mema blog ekata danna pamaawiima gana magee kanagaatuwa
Post a Comment