(ජීවිතය සුන්දරයි 49)....................... .......................... .ගැනුන්ට කොච්චර සාරි තිබුනත් මදිනෙ...මහත්තය හිනාවෙමින් කිව්ව.....මට තාම හරියට ගහැනියෙක් වෙන්න බැරිවුනානෙ.....මහත්තය....ම ම කිව්ව...ඔයා ගෑනියෙක් නොවුනට ගැහැනියෙක් වගේනෙ වැඩකරන්නෙ...කිව්ව ඔහු...පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකො ඔයාව ගැහැනියෙක් කරනකන්.....මහත්තය කිව්ව.....පහුවදා මහත්තය හම්බවෙන්න ආව ඉන්දියන් පුද්ගලය එක්ක මහත්තය ටිකවෙලාවක් කතා කලාට පස්සෙ....ඔන්න සදුනි හෙට නේපාලෙ යන්න ලෑස්තිවෙන්නලු....මට කිව්ව...එහෙ රස්නෙ අඩුයි කියනවද.....මම ඇහුව.....දැන් ගැටලුවක් නැතිලු....මහත්තය කිව්ව....පසුවදා පාන්දර දෙකට පමන අපිට ලෑස්තිවෙන ලෙස දැන්වුව ඉන්දියන් ජාතිකයා. අපිට ආචාරකර පිටත්වුනා....ඇයි මහත්තය මෙච්චර උදෙම්ම යන්නෙ....මම ඇහුව....දුරයිනෙ ලමයො ඒකයි.....මහත්තය කිව්ව.....මම ගමනට අවස්සය දේවල් ලෑස්තිකරගත්ත.....උදෙම්ම නැගිටින්න ඕනැ හින්ද ඉක්මනට නිදා ගන්න හැදුවත් මට නින්ද ගියේ නෑ....මට තේරුනා මහත්තයටත් නින්ද ගිහින් නෑ කියල.....මම දැක්ක මහත්තය නැගිටල කාමරේ ලයිට් එක දානව....ඔයා තාම නිදි නැද්ද මහත්තය ඇහුව....නින්ද යන්නෙ නෑ මහත්තය....මම කිව්ව. අම්මට නින්ද නොගියට පුතාටනම් හොදට නින්ද ගිහින් වගේ.....මහත්තය මගෙ ගාව නිදාගෙන හිටිය පුතා ගාවට ඇවිත්. එයාගෙ ඔලුව අතගෑව....පුතා ඉතින් මොනව දන්නවද මහත්තය..එයා හොදට නිදාගත්ත....මම කිව්ව. ....පුතාගෙ අම්මට මොකද නින්දයන්නෙ නැත්තෙ .....මම දිහාබලල ඇහුව....හෙට ගමන මොනව වෙයිද කියල මතක්වෙනව මහත්තෙය....මට බයත් හිතෙනව....මම කිව්ව.....ඔයා බය වෙන්න එපා සදුනි ඕනැ දේකට මම ඉන්නවනෙ.....මහත්තය කවදාවත් නැතුව මගෙ හිස අතගෑව......ඊටපස්සෙ ඔහු දිග සුසුමක් හෙලල එයාගෙ ඇදට ගිහින් ඇලවුනා.....මහත්තය මට ආදරෙයි ඒත් මම පිරිමියෙක් හින්ද ඒ අදරේ මට දෙන්න බැරුව ඇති මට හිතුනා....මහත්තයගෙ උත්සාහයෙන් මාව කෙල්ලෙක් කල දාට මහත්තය මට ගොඩක් ආදරේ වෙයි....මම කල්පනා කලා.....උදේ එකට විතර ඇහැරුන මම ...මහත්තයට නින්දගිහින් තිබුන හින්ද එයාටත් ඇහැරෙව්ව.....ඔයා හිටියෙ නැත්නම් ඇහැරෙන්නෙ නෑ...කිව්ව මහත්තය ....ඇදෙන් නැගිට්ට.....පුතාට ඇහැරවන්න එපා ඔහොමම එක්කයමු....ඔයා ලෑස්තිවෙන්න.....මට කිව්ව....දැන් මොකේද මහත්තය යන්නෙ..ඇදගත්ත මම ඇහුව.....ඒකට වාහනයක් තියෙනව දැන් එයි.....අපි ලෑස්තිවෙලා එලියට ගියා අපේ බෑක්ටික හෝටලේ සේවකයෙක් ගෙනිහින්දුන්න....වෑන් එකක් එක්ක ඉන්දියන් ජාතිකයා ආව...අපි දැක්ක තවත් තරුනයන් දෙදෙනෙක් අපිතෙක්ක යන්න ලෑස්තිවෙනව....මෙයාල යන්නෙ අපේ බඩුගෙනියන්න...මහත්තය කිව්ව.....අපි ගිය වාහනේ සියලුම සැපපහසුකම් තිබුන බව නැග්ගට පස්සෙ දැක්ක.....මහත්ත්ය කිව්ව වාහනේ ඇතුලෙ ටොයිලට් පවා තියනව කියල...කෑම හදාගන්න පහසුකම් පවා තිබුන....මේවගෙ වාහනේට නැග්ගමයි මම පුදුමයෙන් වටපිට බැලුව.....මම පුතව ඇදක් වගේ තිබුන සීට් එකක නිදිකරවල වටපිට බලන කොට මොකද සදුනි බයවෙලා වගේ......මහත්තය මගෙන් ඇහුව.....මේ වගෙ වාහනයක් ඩැක්කමයි මහත්තය....මම කිව්ව....දැන්කාලෙ නැත්තෙ මොනවද සදුනි.....මහත්තය හිනාවෙලා කිව්ව......ඒකත් ඇත්ත දැන් කාලෙ නැති දේකුත් නෑ කරන්න බැරි දේකුත් නෑ....එහෙම බැරිනම් පිරිමියෙක් ගැහැනියෙක් කරන්න පුලුවන්වෙයිද?.....මම කල්පනා කලා....ටික දුරක් යනකොට මට බයක් දැනුන....මම මහත්තයට කතාකලා.....අපිව කොහේ එක්ක යනවද දන්නෙ නෑ.....මම කිව්ව....රාහුල් මහත්තය ගැන බයවෙන්න එපා එයා හොද අවන්ක මනුස්සය....අපිට මගපෙන්වන ඉන්දියන් ජාතිකය ගැන මහත්තය කිව්ව.....ඊටපස්සෙ තමා මගේ බය ටිකක් අඩුවුනේ....ටිකක් දුර යනකොට මට හොදටම නින්ද ගිහින් කියල දන ගත්තෙ ඇහැරිලා වටපිට බලනකොට....දැන් හොදට එලිවෙලා....අපේ රටේ වගේ නෙවෙයි පෑවිල්ලට ගස් වේලිලා හැමතැනම දූවිල්ල....මෙහෙ මිනිස්සු කොහොම ජීවත්වෙනවද මන්ද....මට හිතුනා.....තව කොච්චර දුර යන්න ඕනැද....මහත්තය කිව්ව විදියට වාහනේ ගිහින් තව කිලෝ මීටර ගානක් කැලෑවෙ යන්න තියෙනවලු.....අනේ මන්ද මේ පොඩිපුතා කොහොම පරිස්සම් කරගෙන යන්නද කියල....තාමත් නිදිසුව විදින පුතාගෙ මුහුන සිපගත්ත....ටිකවෙලාවකින් පුතා ඇහැරුනා.....අම්මෙ මේ කොහෝද පුතා පුදුමවෙලා මගෙන් ඇහුව....අපි ඈත ගමනක් යනව...පුතේ...එයාට කිරි බෝතලේ ලෑස්ති කරල තිබුන හින්ද ගැටලුවක් වුනේ නෑ....අපි කෑම බීම ගෙනත් තිබුන හින්ද වාහනේ නවත්තල කෑම ගත්ත....අපි තුන්දෙනා ටොයිලට් ගියේ වාහනේ ඇතුලෙ එකට ඒත් අපිත් එක්ක ගිය අනිත් ඉන්දියන් හැම දෙනාම කැලේට යනව දැක්ක....ඉන්දියන් කාරයන්ට ඔය වැඩේ පාර අයිනෙත් කරනව.....එයාලට වැසිකිලි ඕනැ නෑ.....මහත්තය හිනාවෙමින් කිව්ව.....අපිත්කැලේ හැතැම්ම ගානක් යනකොට අපිටත් යන්න වෙන්නෙ කැලේට තමා...මම කිව්ව...ඔව්නෙ ඒකත් ඇත්තනෙ.....මහත්තය කිව්ව....
No comments:
Post a Comment