(අත්භූත වලව්ව 11)....................... ...................උඹ උඔය සීයගෙ මන්තර එහෙම කරන්න ගිහින් අමාරුවෙ වැටෙනව නෙවෙයි....ආච්චිට කවුද කිව්වෙ....මම ඇහුව...උඹට වඩක් නෑ ඒක උඹ කරන හැමදෙයක් ම මම දන්න හින්ද කියන්නෙ.....ආච්චි කිව්ව....මම දැන් දන්නව ආච්චි මේව දන්නෙ කොහොමද කියල...ඒත් මම ඒක ආච්චිට කියන්න ගියෙ නෑ....මෙහෙ වරෙන් කිව්ව ආච්චි මාව උඩ තට්ටුවට එක්ක ගියා....මේකතමා සීය පාවිච්චි කල කාමරේ....කිව්ව ආච්චි පොත් තිබුන කබඩ් එක ඇරිය....මේකෙ තියෙන්නෙ සීයගෙ මන්තර පොත්....උඹ මේව ගැන කාටවත් කියන්නෙ එහෙම නෑ....උඹට මම මේව පෙන්වන්නෙ පෙන්වන්න්න කිව්ව හින්ද...නැත්නම් සීය කැමති නෑ කවුරුවත් මේව බලනවට...ඔය පොත් බලන්න ගිහින් අමාරුවෙ වැටුන අය ඉන්න හින්දයි මම මේව කියන්නෙ....දැන් උබට අවසර දීල තියෙනව මේව කියවන්න....ඒවුනාට මේව මතුරනකොට පරිස්සමින් කරහන්...කිව්ව ආච්චි ආපහු ගියා.....මට දැන් මෙතැනට එන්න අවසර ලැබුන හින්ද සතුටක් ඇතිවුනා....ආච්චි ගියා විතරයි....ඔය කෙරවලේ පොත ගනින්....ඊයෙ ඇහුන ගොරෝසු කටහඩ ඇහුන..එකවර මාව බයේ ගැස්සුන......සීය මට කතාකරන්බව මට තේරුනා....මම ඒ පොත ගත්ත....ඕක මුල ඉදන් කියවපන්....ඒව හොඩට මතක තියාගෙන ඊට පස්සෙ අනිත් ඒව කරපන්....සීය කිව්ව...මම ඒ පොත අරගෙන කාමරෙන් පිටවෙන්න සූදානම් උනා...කොහේද යන්නෙ....සීය සැරක්රනව ඇහුන....ඕව කොහේවත් ගෙනියන්න එපා මෙතැන ඉඩන් බලපන්.....සීය නියෝග කල....මම පොතත් අරගෙන සීයගෙ පුටුවෙන් වාඩිවුනා.....මම ඒපොත දිග ඇරල කියවන්න පටන්ගත්ත....ඒකෙ තිබුනෙ මන්තර මතුරන කොට කරන්න තියෙන මූලික උපදෙස්....ඒකෙ තිබුන මේක කරන්න ඉස්සෙල්ල ..බුදුන් වැදල සූනියම් දෙවියන්ට පූජාවක් තියල භාර වෙන්න කියල....කොහේ දේවාලෙට භාරවෙන්න ඕනැ...නොපෙනන සීයගෙන් මම ඇහුව.....කන්ද උඩ දේවලෙ හොදයි ඒ වුනාට උඹට එහෙයන්න බෑ...පන්සලේ දේවලෙට පලයන්....ඊට පස්සෙ ඇවිත් මට කතා කරහන්....දැන් මම යනව....සීයගෙ කටහඩ නැතිවුනා....මම පොත තිබුන තැනින් තියල ....කාමරෙන් පිටවුනා...දැන් ඉක්මනට මේපූජාව කරන්න ඕනැ...සිතාගත්ත මම නැවත ගැහැනු ලමය මැරුන කාමරේට ගියා.....ඒ කාමරේට ගියගමන් මට ඒ ගැහැනු ලමයට සිදුවූ සිද්දි මතක් වෙන එක...මටම පුදුමයක් උනා....මගෙ මනසට මැවිල පෙනුන ...මේ කාමරේ හිටිය කොල්ල .පුස්කොල පොතක් තියාගෙන කියවනව....මට තේරුනා මේක සීයගෙ මන්තර පොත් කියෝල තමයි මොකක් හරි අව්ලක් හදාගෙන තියෙන්නෙ කියල.....මම හිතන්නෙ මාගාව තියෙන පුස්කොල පොතේ තියෙන මන්තරේ මතුරල කෙල්ලෙක් ව මෙහාට ගෙනල්ල මොකක් හරි අව්ලක් වෙලා තියෙන්නෙ කියල. මට හිතෙන්නෙම ඒ කෙල්ල මමමයි කියල.....එතකොට මම ඒ ආත්මෙ කෙල්ලෙක් ඒ කෙල්ල තමයි මන්තර බලේට මෙහාට ඇදිල ඇවිත් තියෙන්නෙ ....මම කල්පනා කලා.....මේ කොල්ල එපා කරපු එකෙක් මාව මෙහාට ගෙන්නල අපරාදෙ මාව මරල දැම්ම...මට ඒ කොල්ල ගැන තරහක් ඇතිවුනා.....මම පූජාව ගැන කල්පනා කරමින් පහලට ගියා.....ආච්චියෙ මට පන්සලේ දේවාලෙට පූජාවක් තියන්න ඕනැ....මම ආච්චිට කිව්ව....ඉතින් ඒකට කැවිලි පලතුරු ලෑස්ති කරගන්න ඕනැනෙ...කිව්ව ආච්චි...මම පීටර් උන්නැහෙට කියන්නම් ඒක ලෑස්ති කරන්න කියල...ආච්චි කිව්ව....පීටර් මාම පූජාවට අවසය දේවල් පිලියෙල කරල දුන්න හින්ද මට ආච්චිත් එක්ක ගිහින් දේව පූජාව කරගන්න පුලුවන් උනා.....පූජාව ඉවර වෙලා එනකොට ටිකක් රෑවෙලා තිබුන...කෑම ගත්ත මම ටෝච් එකත් අරගෙන සීයගෙ කාමරේට ගියා....උඹට මොලයක් කියන එකක් නැද්ද...කරුවලේ ඕව කියවන්න පුලුවන්ද ...හෙට උදේ වරෙන්...සීයගෙ හඩ ඇසුන.....මම ආපහු ගිහින් නිදාගත්ත.....උදේ කෑම ගත්ත මම ආයෙත් සීයගෙ කාමරේට ගිහින් පොත දිග හැරිය....මම පොතේ තැනින් තැන පෙරලන කොට...මුල ඉදන් බලපන්...සීයගෙ කට හඩ ඇහුන....මම නොදන්නව උනාට සීය නිතරම මාදිහා බලාගෙන ඉන්නව කියල මට තේරුනා....මම මුල ඉඩන් කියවන්න පටන්ගත්ත....ඒකෙ තිබුනෙ මන්තරයක් මතුරන කොට අනුගමනය කරන්න ඕනැ දේවල්.....මන්තරයක් මතුරන කොට දිස්ටි ප්රාන පලිප්පු කරන හැටි පුට කරන හැටි ඒකෙ තිබුන......ඒව අනුගමනය නොකර මැතුරුවොත් නොයෙක් අකර තැබ්බ වෙනව කියල ඒකෙ තිබුන....අර කාමරේ හිටිය කොල්ලට වෙලා තිබුනෙත් මේ වැඩේ තමා...මම කල්පනා කලා.....
No comments:
Post a Comment