(ජීවිතය සුන්දරයි 61).............................................සදුනී....මට නෝන කතාකරන සබ්දෙ ඇහුන...අන්න මැඩම් මට කතාකරනව මන නෙහෙ කියන්න....මම නෙලුම්ට කිව්ව.....නෙලුම් නෝනව මෙහාට එක්ක ආව මම ඔයාගෙ කාමරේ හොයනව....ඊයෙ රෑ සදුනිට අමාරුවුනානෙ අක්කෙ මම බේත් බොන්න දීල මෙහෙන් නිදාගන්න කිව්ව.....මහත්තය නෝනට පැවසුව. මට කතාකලානම් එනවනෙ...නෝන කිව්ව....අක්කට කරදරකරන්නෙ මොකටද කියල හිතුන.....ගෙදර ලෙඩෙක් ඉන්න කොට කරදර කියල හරියන්නෙ නෑ ඒ ලෙඩාගැන බලන්න ඕනැ....නෝන කිව්ව....දැන් කොහොමද සදුනි ...නෝන මගෙ හිසට අත තියල ඇහුව.....තාම ඇග රිදෙනව නෝන මම කිව්ව.....ඔහොම බලා ඉදල හරියන්නෙ නෑනෙ...බෙහෙතක් ගන්න ඕනැ නේද.....මහත්තය දිහාබලල නෝන කිව්ව....අද හවසට ඩොක්ට හම්බවෙන්න යනවනෙ නෝන....දැන් ලේ එකක් දෙන්න තියෙනව නේද...මහත්තය මට මතක් කලා....මම ලෑස්තිවෙලා එන්නම් මහත්තය....මම ඇදෙන් නැගිට්ට....නෙලුම් මට උදව් කලා...මම මගෙ කාමරේට ගිහින් මුහුන හෝදගත්ත....නෙලුම් මම ලෑස්තිවෙලා එන්නම් ඔයා පුතාව බලාගන්නකො.....මම ඇදුම් අදින වෙලාවෙ නෙලුම්ව කාමරෙන් අයින් කරල දොර වහගත්ත....ඇදුම් ටික ඇදගෙන තමා ආයෙත් දොර ඇරියෙ....නෙලුම් මාව අල්ලගෙන මිදුලට එක්ක ගියා.....මහත්තය වාහනේ ගෙනාව.....අපි දෙන්න ලේ සාම්පලේ දෙන්න පිටත් උනා.....ආපහු එනකොට නෙලුම් පුතාව ලෑස්තිකරගෙන නෝනත් එක්ක මොන්ටිසෝරි යන්න සූදානම් වෙලා හිටිය.....මම කාමරේට ගිහින් ඇදේ ඇලවුනා. ඔයාල ගිහින් එනකන් මම වැඩට යන්නෙ නෑ ඉක්මනට එන්න....මහත්තය නෝනට කියනව ඇහුන......නෝනල ආවට පස්සෙ මහත්තය වැඩට ගියා....නෙලුම් මගෙ තනිවට මගෙ කාමරේ හිටිය....මම උදේට ආප්පයක් කාල නිදාගත්ත......හවස මහත්තය ලේ රිපෝට් එකත් අරගෙන මාව ඩොක්ට ගාවට එක්ක යන්න ආව.... ඩොක්ටගාවට ගියාම මගෙ ලේ රිපෝට් එක බලල කිසි ගැටලුවක් නෑ කියල කිව්ව....මාව නැවත පරීක්ශා කල ඩොක්ට මට කිසි ලෙඩක් පේන්නෙ නෑ කියල කිව්ව....ඔයා හෝමෝන් නැවැත්තුවනෙ ඒකෙ ඉෆෙක්ට් එකක්වෙන්න ඕනැ කිව්ව ඩොක්ට බයවෙන්න එපා කිව්ව.....මේ බේත් ටික ගන්න දවසකින් දෙකකින් හරියයි.....මට බෙහෙත් නියම කලා....ගෙදර ගියත් ඇගේ අමාරුව අඩුවුනේ නෑ.....විශේසයෙන් යටිබඩ කැක්කුම වැඩිවුනා....මට මොනවහරි වෙයිද මට බයක් ඇතිවුනා....අනේ එහෙම උනොත් පුතා...පුතාගෙ අම්මත් නැතිවුනා...අම්ම විදියට ඉන්න මටත් මොකුත් උනොත් මම කල්පනා කලා...මම නොදැනුවත්වම ඇස්වලට කදුලු ආව.....එතකොටම මහත්තය මාගාවට ආව.....ඇයි සදුනි ඇස්වල කදුලු පුරවගෙන අමාරුද මහත්තය මගේ අතින් අල්ලගෙන ඇහුව....මට මොකුත් වෙයිද මහත්තය....මම ඇහුව....මොනව වෙන්නද ඔයාට මොකුත් වෙන්නෙ නෑ....ඩොක්ටත් කිව්වනෙ බයවෙන්න එපා කියල.....මහත්තය කිව්ව....ඩොක්ටට තේරෙන්නෙ නැති මොකක්හරි අමාරුවක් තියෙනව මහත්තය....මම කිව්ව.....ඕව කල්පනා කරන්නෙ නැතුව සදුනි නිදාගන්නකො.....මහත්තය කිව්ව....මට මොනව උනත් කමක් නෑ පුතාගැන බයයි මහත්තය....එයාගෙ අම්මත් නැතිවුනා....දැන් මටත් අස්නීප වුනා.....මම හඩමින් කිව්ව....ඔයාට මොකුත් වෙන්නෙ නෑ කියල මම කිව්වනෙ ඔය විකාර හිතෙන් අතහැරල නිදාඅන්න...මහත්තය කිව්ව.... නෙලුන් මැඩම්ව හොදට බලාගන්න...මට වැඩවගයක් තියෙනව ඉක්මනින් එන්නම්....කිව්ව මහත්තය එලියට ගියා....නෝන ඇවිත් මගේ ලගින් වාඩිවුනා....සදුනිට සුප් එකක් හදන්න කියල ආවෙ....දෙන් ගෙනෙයි....ඇගයට උනක් ඇති බයවෙන්න එපා....නෝන කිව්ව.....බෙහෙත් බීල සුප් එකත් බිව්වම ඇගට ට ටිකක් පන ආව ඇගේ රිදිල්ලත් ටිකක් අඩුවුනා.....සදුනි හෙට උදේට මැඩම් එක්ක පන්සලට ගිහින් බෝදිපූජාවක් කරමු ...අපලයක් තියෙනවනම් ගෙවෙයිනෙ......හෙට සෙනසුරාද හින්ද වැඩකුත් නෑනෙ....නෝන නෙලුම්ට කිව්ව...බේත් බිව්ව ට පස්සෙ ඇගේ අමාරු අදුවුන හින්ද නින්ද ගියා.....රෑ මහත්තය මාගාවට ආවම මට ඇහැරුනා...අදත්..මගෙ කාමරෙට යමු මහත්තය කිව්ව....මම මහත්ත්යගෙ කාමරේ ඇදේ නිදාගත්ත......
මට මතක් උනා මහත්තය කියනව පුතාගෙ අම්මට අසනීප වුනොත් පුතාගෙ තාත්ත අම්මට සලකන්න ඕනැ කියල....ඇත්තටම මම පුතාගෙ අම්මද....එතකොට මහත්ත්ය මේ තරම් මට ආදරෙන් සලකන්නෙ..මාව එයාගෙ නෝන කරගන්නද....ඒ තත්වෙට එන්න මට දැන් තියෙන්නෙ එක අඩුවයි ලබන මාසෙ ඒ අඩුවත් හරිගස්ස ගත්තම හරි .....ඒත් මගෙ මේ අමාරුව මොකක්ද...මෙහෙම අමාරු තියාගෙන මොකුත් කරගන්න බැරිවෙයිනෙ.....මම කල්පනා කලා..
No comments:
Post a Comment