(අත්භූත වලව්ව 1)........................ .....පුතේ ඔයා ආච්චිගෙ ගෙදර ගියාට කමක් නෑ....පරිස්සමින් ඉන්න...මම පාසැල් නිවාඩුවට ආච්චිගෙ ගෙදර යන්න ඕනැ කිව්ව හින්ද අම්ම කිව්ව....ආච්චි ජීවත්වුනේ නෙලුව කියන ගමේ ..එහෙ තියන සුන්දර පරිසරයට ආස කල හින්ද මට ඕනැවුනා ටිකදවසක් එහෙ නැවතිල නිවාඩුවක් අරන් එන්න.....මොකටද එහෙ යන්නෙ එහෙපොඩි කෙනෙකුට ජීවත්වෙන්න හොද තැනක් නෙවෙයි.....මම එහෙයනව කියල දැනගත්තා තාත්ත මට බැන්න....පුතා දැන් පොඩිලමයෙක් නෙවෙයිනෙ හෙට අනිද්ද විශ්වවිද්‍යාලයෙ යන්න ඉන්න ලමයෙක්...අම්ම මා පැත්තට කතා කලා.....මම මේක කියන්නෙ හේතුවක් ඇතුව....ඒ ගෙදර ලමයෙකුට තියා ලොකු කෙනෙකුටවත් ඉන්න බෑ....තාත්ත කිව්ව....මොකක්ද වෙලා තියෙන්නෙ එහෙනම් ඔයාගෙ අම්ම හොද අගේට එහාට වෙලා තනියම ඉන්නෙ......අම්ම කිව්ව....මේ නෝනා....අම්ම වෙනයි මේ පොඩිදරුවො වෙනයි.....ඒක හරි කතාවක් නෙ.... අම්ම එහෙ තනියම තියන්න හොදයි.....ඔහේලට තේරෙන්නෙ නෑ ඒ ගෙදර හොල්මන් වගේ අද්භූත දේවල් සිද්දවෙනව ඒකයි යන්න එපා කියන්නෙ..තාත්ත කිව්ව....මොන හොල්මන්ද අපි කී දවසක් එහෙ ගිහින් හිටියද.....මම නම් දැක්ක හොල්මනක් නෑ...නිකන් අපරාදෙ ඔය හොල්මන් කතා පොඩිඅයගෙ ඔලුවට දාන්න එපා..ඔය අම්මත් අගේට ඉන්නෙ.....අම්ම කිව්ව.....හරි හරි අම්මයි පුතයි ඕනැ දෙයක් කරගන්නව....තාත්ත කිව්ව.... .මේ හින්ද මට ආච්චිගෙ ගෙදර යන්න පුලුවන්වුනා.....ඒ නිවස පරන වලව්වක් වගේ විශාල ගෙයක් වුනා....තට්ටු දෙකක් තියනව කියල දැකගන්න පුලුවන්වෙන්නෙ ගේ ඇතුලට ගියහමයි......තරමක උස් බිමක පිහිටා තිබුනු ගේ වටේට සුන්දර කදුවලලක් පිහිටා තිබුන.....මේ ගේ පිහිටා තිබුනේ තේ වත්තක් මැද්දෙ හින්ද අනිත් ගෙවල් වලින් වෙන්වෙලා පාලු ස්වභාවයක් ගත්ත...ගෙයි ඇති පුරාන බව නිසා අත්භූත පාලුබවක් දැනුන.....ආච්චි එක්ක මෙහෙ හිටියෙ කුස්සියෙ උයන මැදිවියේ ගැහැනු කෙනෙක්...වත්තෙ මුර කාරයත් කාමරේක නිදා ගත්ත.....මම එහාට ගියාම ආච්චි මට කිව්වෙ....උඩ තට්ටුවට යන්න එපා කියල....මම දන්නව උඩ තට්ටුවෙ කාමර කීපයක් තියෙනව කියල...ඒත් ඇයි ආච්චි කිව්වෙ එහාට යන්න එපා කියල...මට ගැටලුවක් ඇතිවුනා.....මම ආච්චිගෙන් ඇහුව ඇයි එහාට යන්න එපා කියන්නෙ කියල....උබට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නෑනෙ...යන්න එපා.....ආච්චි කිව්වෙ එච්චරයි......මට දුන්නෙ පල්ලෙහා තිබුනු කාමරයක්...ඒකෙ මකුනුදැල් කඩල සුද්ද කරල ගන්න සෑහෙන්න වෙලාවක් ගියා.....එදා රෑ නිදාගත්තෙ ඒ කාමරේ තනියම...රෑ මට ඇහුන උඩ තට්ටුවෙන් විශාල සබ්ද කීපයක් ....සමහර වෙලාවට සොල්දරේ උඩ කව්ද කට්ටියක් දුවනව වගේ ඇහුන.....අමුතු කටහඩවල් ඇහෙන්න ගත්ත.....තාත්ත කිව්ව එක ඇත්ත තමයි මේ ගේ හොල්මන් ගෙයක්....මම රෙද්ද ඔලුවෙ හිටන් වහගෙන නිදා ගත්ත......සැරෙන් සැරේ සබ්ද එන හින්ද වැඩිය නින්ද ගියෙත් නෑ...ආච්චිට කතා කරන්න එලියට යන්නත් බයයි...අම්මෝ මෙහෙම ඉන්න බෑ හෙට උදෙම්ම ආපහු යනව....මම හිතා ගත්ත.....උදේ එලිවුනාට පස්සෙ නැගිට්ට මම....ගෙදර යන්න ලෑස්තිවෙන්න හිතාගෙන ..ආච්චි ගාවට ගියා....මම ගෙදර යන්න කියල ආච්චියෙ..මම කිව්ව....ආව ගමන් ඇයි ඉක්මනටම යන්නෙ ටික දවසක් මෙහෙ ඉදලම පලයන්කො.....උබල ඉතින් වැඩිපුර මෙහෙ එන එකක් යෑ.....ආච්චි කිව්ව.....ඊයෙ රෑ ඇහුන සබ්ද ගැන ආච්චිට කියන්න හිතුනත් ආච්චිත් බයවෙයි කියල මොකුත් කිව්වෙ නෑ....අනේ බන් උබ ගියොත් මටත් පාලුයි ඔය තියෙන එකක් කාල ටික දවසක් හිටහන්....ආච්චි මට ඉන්න බලකලා.....මොනව කරන්නද අද රෑටත් ඉදල බලනව....මම කල්පනා කලා....මොකද දන්නෙ නෑ ආච්චි කිව්වෙ උඩ තට්ටුවට යන්න එපා කියල....ආචිට හොරෙන් ගිහින් බලන්න ඕනැ....ඒත් බය හිතුන අර රෑ හොල්මන් කල හොල්මන් තියෙන්නෙ උඩතට්ටුවෙද දන්නෙ නෑ....මේ දවල් මොන හොල්මන්ද...හොල්මන් තියෙන්නෙ රෑටනෙ යනව බලන්න.....මම උඩට යන තරප්පු පේලිය ලගට වෙලා කල්පනා කලා...ඒ තරප්පු පෙල හදල තිබුනෙ ලීවලින්...සොල්දරේත් ලීවලින් හදල තිබුන හින්ද හොල්මන් වලට හොදට සබ්ද කරන්න පුලුවන් කියල මට හිතුන......මම මෙතැන කල්පනා කරමින් ඉන්න කොට ...
No comments:
Post a Comment