(අත්භූත වලව්ව 14)....................... ...........මම දන්නෙ එච්චරයි ඊටපස්සෙ මොනව උනාද කියල දන්නෙ නෑ....විශාල ශබ්දයක් ඇහිල ඇහැරුනා....කවුද මගෙ කමරේ වහල තියෙන දොරට ගහනව...ජැනෙලෙන් හිරුඑලිය කාමරේට වැටිල තිබුන හින්ද එලිවෙලා කියල තේරුනා...මගෙ ඇගේ තිබුනු අමුතු ගතියත් අඩුවෙලා....මම ඇදගෙන හිටිය ඇදුම් දිහා බැලුව...ඒවත් වෙනසක් වෙලා නෑ සුදු සරමයි කමිසෙයි ඒ විදියටම තිබුන...පාට වෙනස්වෙලා නෑ....ඊයෙ රෑ මට මොකද උනේ ...හිතන ගමන් කාමරේ දොර ඇරිය.....මොකද බන් අද දවල් වෙනකන් බුදිය ගත්තෙ....මම හිතුව මොකුත් අසනීපයක් වත්ද කියල...මාව දැක්ක ආච්චි කිව්ව....මම මුහුන හෝදගෙන ආයෙත් කාමරේට ඇවිත් මන්තරේ වැඩ කලේ නැති එක ගැන කල්පනා කලා....මොකක් හරි අඩුවක්වත් උනාද මට සැකයක් ඇතිවුනා....එතකොට වතුර වීදුරුව බිව්වම මට මොකද උනේ....වතුර වීදුරුව බිව්ව ගමන් මට නින්ද ගියාද ඊටපස්සෙ අරවිදියට පෙනුනෙ හීනෙන්වත්ද...එහෙම නැත්නම් මේ මන්තර දැන් වැඩකරන්නෙ නැද්ද?...මගේ සිත තුල නොයෙක් ගැටලු මතුවුනා....සීය එක්ක කතාකලොත් මේකට මොකක් හරි විසදුමක් ගන්න පුලුවන්වෙයි...මට වැරදුන දේවල් හොයාගන්න පුලුවන් වෙයි.....උදේ කෑම අරගෙන යන්න ඕනැ....මම කෑම කාල ඉවර වුනාට පස්සෙ...ටිකක් එලියට ගියා.....බේබි මහත්තයට අරකන්දට යන්න ඕනැ කිව්ව නේද....අද මම යනව බේබි මහත්තයටත් මාත් එක්ක යන්න පුලුවන්.....පීටර් මාම මා ලගට ඇවිත් කිව්ව....ඔය දේවාලෙට නේද සීය නිතරම යනව කිව්වෙ...මම ඇහුව....ඔව් බේබිමහත්තය ලොකු හාමු යන්නෙ ඕකට තමා....පීටර් මාම කිව්ව...එහෙනම් මාත් එන්නම් යමු...මම කිව්ව...චාන්ස් එකක් හබවුන වෙලාවෙ යන්න ඕනැ....මන්තරේ ගැන හවසට බලනව මම හිතාගත්ත....පුතේ පරිස්සමින් ගිහින් වරෙන්...මම ආච්චිට කිව්වම ආච්චි කිව්ව...කන්ද උඩට නගින්න පාරක් තිබුනෙ නෑ...පීටර් මාමගෙ මිට දිග කැත්තෙන් පදුරු අයින් කරමින් උඩට නැග්ග . සමහර තැන් වලින් උඩට නගින්නත් අමාරුයි....මම අමාරුවෙන් උඩට නැග්ග....කොලඹ ඉන්න අපිට මේ ගමන් පුරුදු නෑ පීටර් මාමෙ....මම කිව්ව....මේවත් පුරුදු වෙන්න ඕනැ මහත්තය....පීටර් කිව්ව....ටිකක් දුර යනකොට මට මහන්සි දැනුන .ඒත් පීටර් මාමට ගානක්වත් නෑ...පීටර් මාම හැමදාම ඇවිදින හින්ද පුරුදු ඇති...මම කල්පනා කලා....දේවාලෙ තිබුනෙ කන්දෙ සෑහෙන්න උඩට වෙන්න එතැනට ගියාම අව්ට කදුවැටි ලස්සනට පෙනුන....සමහර තැන් වල කුඩා දිය ඇලි කඩා හැලෙනව.....දේවාලෙට යන්න මේ යකඩ දම්වැල අල්ලගෙන උඩට යන්න ඕනැ...එතැන තිබුන යකඩ දම්වැලක් පෙන්නල කිව්ව....මට එහෙම නගින්න බා හිතුන හින්ද ටිකක් වෙලා බලා හිටිය...බයවෙන්න එපා බේබි මේ විදියට අල්ලගෙන උඩට යන්න...පීටර් මාම මට උඩට යන හැටි කියල දුන්න...මම බයෙන් බයේ උඩට නැග්ග.....එතන තිබුනෙ ගල්ගෙයක්...ඒක ටිකක් දුරට විහිඩිලා තිබුන.....එක තැනක පරන දොරක් තිබුන..පීටර් මාම දොර අමාරුවෙන් විවුර්ත කලා....ඇතුලට ගියාම යක්ශ සුවරූපයක් ගත්ත දේව ප්රතිමාවක් තිබුන....මම බය මුසු ගවුරවයකින් ඒකට වැන්ද....හාමු මහත්තය ඉස්සර මෙතෙන්ට ඇවිත් තමා භාර වෙන්නෙ....මමත් අද ආවෙ පොඩි බාරයක් වෙන්න.....බේබි මහත්තයටත් ඕනැනම් භාරයක් වෙන්න ...පීටර් මාම කිව්ව. මම මොනව ගැනද භාර වෙන්නෙ...මම කල්පනා කලා....මගෙ විභාගෙ පාස්වෙලා කැම්පස් යන්න පුලුවන් වෙන්න කියල භර වෙන්න ඕනැ...මම කල්පනා කලා.....බේබි මහත්තය මේ පඩුර බැදල අදහස කියන්න....පීටර් මාම එතැන තිබුන කුඩා දිය ඇල්ලකින් කාසිදෙකක් හෝදල එකක් සුදු පාට රෙදි පටියක් එක්ක මට දුන්න....මට එකවරම තව භාරයක් ගැන මතක් උනා ...ඒකත් මෙහාටම භාර උනොත්විතරයි හරි වගේ...මට හිතුන.....පීටර් මාමෙ මෙතෙන්ට භාර දෙකක් වෙන්න බැරිද....මම ඇහුව....ඇයි මහත්ත්යො බැරි.....මේ කාසියත් හෝදගෙන ඇවිත් ඒකත් හිතාගෙන බදින්න....මට තව කාසියකුයි රෙදිපටියකුයි දුන්න....මම පලවෙනි බාරය සිහිකරල එතැන තිබුන කනුවක කාසිය ගැට ගැහුව....දෙවෙනි කාසිය අතට ගත්ත මම....මගෙ දෙවෙනි අද හස හිතාගත්ත...මට ඉක්මනට......කියනකොටම ගුහාව ඇතුලෙන්.......
No comments:
Post a Comment