Friday, July 29, 2016

(අත්භූත වලව්ව 16).................................මගේ මුහුනට වැටුනු දිග කෙස්රොද ඇදල විසිකරන්න හැදුව. ඒත් ඒව අදිනකොට හිස් කබල රිදෙන්න ගත්ත...මේවහිස්කබලට ඇලුනෙ කොහොමද?..මම හිස අතගෑව. කොටට කපලතිබුන කොන්ඩෙ දික්වෙලා කියල මගෙ අතට දැනුන....කොන්ඩෙකොහොමද මෙච්චර ඉක්මනට මේතරම් දිගට වැවුනෙ....පුදුමයෙන් මගේ ඇගදිහා බැලුව .ඇඩගෙන හිටිය සරම රතුපාටවෙලා ඒ මදිවට දනහිස ගාවට කොටවෙලා.....කමිසෙ දිගට තිබුන අත්දෙකත් උරහිස ගාවට වෙනකන් කොටවෙලා. මම කමිසෙ පපුව අතගෑව.පපුව ඉස්සෙල්ලට වැඩිය ඉදිමිලා කියල තේරුනා....මොකක් හරි කමිසෙ යටින් ඇදගෙන ඉන්නව වගේ දැනුන...මම යටට බැනියමක් ඇදගෙන හිටියෙ නෑ ඒත් දැන් ඇදගෙන ඉන්නව වගේ තේරුනා....මට කමිසෙ ගලවල බලන්න හිතුන හින්ද කමිසෙ බොත්තම් ගලවන්න සූදානම් වුනා ඒත් එක බොත්තමක් වත් අතට අහුවුනේ නෑ....මම පපුව දිහා බැලුව....බොත්තම් තිබුන බවේ සලකුනක් වත් නෑ...දැන් කොහොමද කමිසෙ ගලවන්නෙ.....මගෙ කමිසෙ තිබුන කොලර් එක නැතිවෙලා කර පලල් වෙලා තියෙනව කියල දැක්ක.....පලල් උන කමිස කර ඇතුලෙන් පපුව බැලුව. මොනවා ගැහැනු ලමයෙක් වගේ පියයුරු දෙක ලොකුවෙලානෙ....ඒව වැහෙන්න බ්‍රෙසියර් එකක්ද කොහේද ඇදල.....මට කමිසෙ ගලවල බලන්න හිතුනත් ගලවන විදිය එකපාරට හොයාගන්න බැරිවුනා.....මම එක පාරට දැක්ක මගෙ අතේ ඇගිලිටික....මහතට කොටට තිබුන අතේ ඇගිලි හීනි වෙලා දික්වෙලා...නිය පොතුත් ගැහැනු ලමයෙකුගෙ වගේ පාට කරල.....මම අත් දෙක අතගෑව අත්වල හම වෙනදට වඩා සිනිදුයි කියල තේරුනා.....මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ.....මම ඇදෙන් නැගිට්ට....මම ඇදගෙන හිටිය සරමයි කමිසෙයි එකට එකතුවෙලා රතුපාට ගවුමක් වගේ වෙලා කියල තේරුනා.....කොන්ඩෙත් දික් වෙලා පියයුරුත් ලොකුවෙලා ඇදුම ගවුමක් වගේ වෙලා....කන්පෙති අත ගෑවම කරාබු දෙකක් දාලවගේ අතට අහුවුනා.....ඇත්තටම මාව කෙල්ලෙක් වෙලාද ...මම මගෙ පුරුෂ ලිංගය තියෙන තැන අතගෑව....එතන කිසිවක් තියෙන බවක් අතට අහුවුනේ නෑ....ඒකට් තේරුනාහ් නැතිවෙලාවගේ මට බයක් ඇතිවුනා......හොදට අතගාන්න හැදුවත් යටට පැන්ටියක් ඇදල තියෙනව කියල තේරුනා....මම ඇදගෙන හිටිය පැන්ටිය ගැලෙව්ව.....ඒක සුදු පාට ගැහැනු ලමයි අදින එකක් කියල දැක්ක......මේව කොහොමද මට ආවෙ....මම කල්පනාකලා....ඊට පස්සෙ ලිංගය තිබුන තැන අතගෑව....අතට අහුවුනේ හමවගේ දෙයක් බව තෙරුනා.හොදට අතගාන කොට එතැන තරමක තෙත බවක් අතට තේරුනා.....දැන්නම් මාව කෙල්ලෙක් වෙලා කියල හොදටම විස්වාසයි...මට හිතුනා.....මම මුහුන බලන අත් කන්නාඩිය අරගෙන මුහුන බැලුව....මොනවා මේ ඉන්නෙ මම මගදි දැක්ක ගැහැනු ලමය නේද .මෙයාගැන හිතාගෙනනෙ මම මන්තරේ මැතුරුවෙ.....පුදුමයි මාව ඒ ගැහැනු ලමය බවට පත්වෙලා..ඒ කෙල්ල හරිම ලස්සනයි දැන් මාවත් ඒ කෙල්ල වගේම ලස්සනයි. මම කන්නාඩිය දිහා බලාගෙන හිනාවුනා..හරිම අහින්සක සිනාවක් තිබුනෙ...මම ඒගැහැනු ලමයගෙ රූපෙටයි ලස්සන හිනාවටයි හිත ඇදිල ගියා....මම එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය.....ශා මට මේලමය වගේ හැමදාම ඉන්න පුලුවන්නම් ඉස්සෙල්ලට වඩා දැන් ඇගටත් අමුතු සනීපයක් දැනෙනව....පුරුශ ලින්ගයෙ තිබුන බර ගතිය නැති හින්ද දැන් එතනත් සැහැල්ලු වෙලා...ඒත් මම මෙහෙම ඉන්නෙ කොහොමද......දැන් ඒ ගැහැනු ලමය මම වගේ කොල්ලෙක් වෙලාද දන්නෙ නෑ....එහෙම උනොත් ඒකෙල්ල මේ මොකක්ද වුනේ කියල බලයි.....එයා කොල්ලෙක් වෙන්න කැමති කෙනෙක් නම් සතුටු වෙයි...එහෙම කැමති නැති කෙල්ලෙක් නම් හරි වැඩේ වෙන්නෙ....මට කල්පනා වුනා.....එහෙම උනොත් පව් ඒ කෙල්ල...මට නැවත මාරුවෙන්න හිත නැති වුනත් ....ඒ ගැහැනු ලමය ගැන කල්පනා කරල .ආපහු අනිත් මන්තරේ කරල වෙනස්වෙන්න තීරනය කලා......
(අත්භූත වලව්ව 15)...............................අපි ඒ සබ්දෙ මොකක්ද කියල බැලුව....සුදු පාට නාගයෙක් අපේ පැත්තෙ ඉදල ගුහාව ඇතුලට ඇදෙනව...මට බයහිතුන පාරට එලියට දුවන්න හැදුව...බයවෙන්න එපා බේබි ඒ උත්තමය අපිට කරදරයක් කරන්නෙ නෑ....පීටර් මාම කිව්ව....මමත් සුදු පාට නාගයෙක් දැක්කෙ අදමයි...මම කල්පනා කලා....මම නැවත පඩුර බඩින්න ලෑස්තිවුනා...මම ඊයෙ රෑ මතුරපු මන්තරේ වැඩකලේ නෑ ඒක වැඩකරවල දෙන්න...හිතාගෙන දෙවෙනි පඩුර ගැටගැහුව.....අපි නැවත ගෙදර එනකොට ආච්චි දවල් කෑම සූදානම් කරල තිබුන...කෑම කාල මන්තරේ ගැන අහගන්න සීයට කතා කරන්න ඕනැ හින්ද උඩ තට්ටුවට ගියා....උබ දේවාලෙට ගියා නේද...මම කතානොකරම සීයගෙ කටහඩ ඇහුන....ඔව් සීයෙ භාරයක් උනා....මම කිව්ව....මම ඊයෙ රෑ මන්තරයක් අත්හදා බැලුව හරිගියෙ නෑනෙ සීයෙ....මම කිව්ව....ඔය මන්තරේ වචන්යක් තියෙනව තූ කියල ඒක උඹට කරගන්නවනම් ම කියල කියහන් ...නැත්නන් හරියට වැඩකරන්නෙ නෑ....උබ ඒක වරද්ද ගත්ත නේද...සීය කිව්ව....මම කාමරේට ගිහින් මන්තරේ බැලුව ඇත්ත තමයි මේ වචනෙ ම කියලනෙ ශබ්ද වෙන්න ඕනැ කියල සීය කිව්වෙ.....අද රෑට ආයෙත් මේ වැඩේ කරන්න ඕනැ...කන්දෙ දේවාලෙට ගිහින් භාරයක් වෙලානෙ ආවෙ ගැටලුවක් වෙන එකක් නෑ මම හිතා ගත්ත.....මන්තරේ මතුරන්න ඕනැ දේවල් ලෑස්ති කරගත්ත මම හවස ඇලට ගිහින් නාගත්ත....දෙවියො සම්බන්ධ වැඩ කරනකොට පිරිසිදුව කරන්න ඕනැ කියල මම අහල තිබුන....රෑ කෑම කාල ඊයෙ රෑවගේ ආච්චි නිදාගන්නකන් ඉදල....කමරේට ගිහින් දොර වහගත්ත....සුදු සරමයි කමිසෙයි ඇදගත්ත මම මතුරන්න පටන්ගත්ත....මතුරලා ඉවරවෙලා වීදුරුව අතට ගත්ත මම වතුර ටික බිව්ව.....ටිකවෙලාවක් ගියා..ඒත් ඒ කෙල්ල මා ඉදිරිපිට පහල වුනේ නෑ..ඊයෙ වගේ ඇග ඇතුලෙ නලියනව වගේ දැනුන...ඒවගේ ම සුදු සරමෙ පාටවෙනස්වෙන්න පටන්ගත්ත.....අදත් ඊයෙ වගේම වෙයිද දන්නෙ නෑ...මම ඉක්මනට ගිහින් ඇදේ වාඩිවුනා.....අවුලක් උනොත් ඊයෙ වගේ ඇදේම නින්ද යයිනෙ...මම හිතාගත්ත....මගෙ හමපුර නලියන බව තේරුනා.....ටික වෙලාවක් ගියා ඒත් ඊයෙ වගේ තද අමාරුවක් දැනුනෙ නෑ...දැනුන එකම දේ ඇගපුර නලියනව වගේ තේරෙන එක....ඇදගෙන ඉන්න සරමයි කමිසෙයි රතුපාටට හැරෙන්න ගත්ත....බෙල්ල තදවෙනව වගේ දැනෙන්න ගත්ත....ඒත් ඊයෙ වගේ බෙල්ල මිරිකනව දැනුනෙ නෑ...සුලුවසයෙන් තදවෙනව දැනුන....උටිබඩ පෙදෙසෙ ඇතුලෙන් අමුත්තක් වෙනව වගේ තේරුනා....මට මේ දේවල් වෙනව මිසක් මම හිතාගෙන ඉන්න කෙල්ලව මා ඉස්සරහ මැවෙන්නෙ නෑ කියල තේරුනා....අදත් මොකක් හරි වැරැද්දක් උනා ද දන්නෙ නෑ කියල මට හිතුන....මේ මන්තර ලියන කොට එක එක ගුරුමුස්ටි තියාගෙන ලියන්නෙ කියල මම අහල තිබුන...තව මොකක් හරි ගුරුමුස්ටියක් තියනව ඒකයි මට මෙහෙම වෙන්නෙ....මාව මැරෙන එකක් නෑ ඔන්නම් ඊයෙ වගේ මට නින්ද යයි.....මට ඊයෙ වගේ එච්චර බයක් හිතට ආවෙ නෑ....උඩට ගිහින් මේ මන්තරේ මැතුරුවනම් වැරැද්ද උනොත් සීයගෙන් අහගන්න තිබුන...ඒත් පොත අරගෙන උඩට යන්න බෑනෙ...ඒ පොත උඩට ගෙනිච්චොත් සීය ඒක ආයෙත් පහලට ගෙනියනවට තරහයි කියල මට තේරුනා....මේකෙ වසී මන්තර තියෙන හින්ද මේ පොත මට හුගක් වටිනව.....ඒත් මේකෙ මන්තර වැඩ කරන්නෙ නැත්නම් මේ පොතෙන් ඇති වැඩක් නෑ.....මම කල්පනා කලා......මගෙ ඇගේ නලියන ගතිය ක්‍රමයෙන් අඩුවෙන්න ගත්ත ඇගට සැහැල්ලුවක් ආව....ඒ එක්කම නිදිමතක් දැනුන.....මම හිසට කොට්ටෙ තියාගෙන ඇලවුනා......මට නින්ද ගියා....ආයෙත් නිකම්ම් ඇහැරුනා....වැඩිවෙලා නින්ද ගිහින් තිබුනෙ නෑ කියල වෙලාව බලපු මට තේරුනා.....ඇගට වෙනද නොතිබුන අමුතු සැහැල්ලුවක් දැනුන මම ඇදේ වාඩිවුනා....මොකද මේ වෙලාතියෙන්නෙ......

Thursday, July 28, 2016



(අත්භූත වලව්ව 14)..................................මම දන්නෙ එච්චරයි ඊටපස්සෙ මොනව උනාද කියල දන්නෙ නෑ....විශාල ශබ්දයක් ඇහිල ඇහැරුනා....කවුද මගෙ කමරේ වහල තියෙන දොරට ගහනව...ජැනෙලෙන් හිරුඑලිය කාමරේට වැටිල තිබුන හින්ද එලිවෙලා කියල තේරුනා...මගෙ ඇගේ තිබුනු අමුතු ගතියත් අඩුවෙලා....මම ඇදගෙන හිටිය ඇදුම් දිහා බැලුව...ඒවත් වෙනසක් වෙලා නෑ සුදු සරමයි කමිසෙයි ඒ විදියටම තිබුන...පාට වෙනස්වෙලා නෑ....ඊයෙ රෑ මට මොකද උනේ ...හිතන ගමන් කාමරේ දොර ඇරිය.....මොකද බන් අද දවල් වෙනකන් බුදිය ගත්තෙ....මම හිතුව මොකුත් අසනීපයක් වත්ද කියල...මාව දැක්ක ආච්චි කිව්ව....මම මුහුන හෝදගෙන ආයෙත් කාමරේට ඇවිත් මන්තරේ වැඩ කලේ නැති එක ගැන කල්පනා කලා....මොකක් හරි අඩුවක්වත් උනාද මට සැකයක් ඇතිවුනා....එතකොට වතුර වීදුරුව බිව්වම මට මොකද උනේ....වතුර වීදුරුව බිව්ව ගමන් මට නින්ද ගියාද ඊටපස්සෙ අරවිදියට පෙනුනෙ හීනෙන්වත්ද...එහෙම නැත්නම් මේ මන්තර දැන් වැඩකරන්නෙ නැද්ද?...මගේ සිත තුල නොයෙක් ගැටලු මතුවුනා....සීය එක්ක කතාකලොත් මේකට මොකක් හරි විසදුමක් ගන්න පුලුවන්වෙයි...මට වැරදුන දේවල් හොයාගන්න පුලුවන් වෙයි.....උදේ කෑම අරගෙන යන්න ඕනැ....මම කෑම කාල ඉවර වුනාට පස්සෙ...ටිකක් එලියට ගියා.....බේබි මහත්තයට අරකන්දට යන්න ඕනැ කිව්ව නේද....අද මම යනව බේබි මහත්තයටත් මාත් එක්ක යන්න පුලුවන්.....පීටර් මාම මා ලගට ඇවිත් කිව්ව....ඔය දේවාලෙට නේද සීය නිතරම යනව කිව්වෙ...මම ඇහුව....ඔව් බේබිමහත්තය ලොකු හාමු යන්නෙ ඕකට තමා....පීටර් මාම කිව්ව...එහෙනම් මාත් එන්නම් යමු...මම කිව්ව...චාන්ස් එකක් හබවුන වෙලාවෙ යන්න ඕනැ....මන්තරේ ගැන හවසට බලනව මම හිතාගත්ත....පුතේ පරිස්සමින් ගිහින් වරෙන්...මම ආච්චිට කිව්වම ආච්චි කිව්ව...කන්ද උඩට නගින්න පාරක් තිබුනෙ නෑ...පීටර් මාමගෙ මිට දිග කැත්තෙන් පදුරු අයින් කරමින් උඩට නැග්ග . සමහර තැන් වලින් උඩට නගින්නත් අමාරුයි....මම අමාරුවෙන් උඩට නැග්ග....කොලඹ ඉන්න අපිට මේ ගමන් පුරුදු නෑ පීටර් මාමෙ....මම කිව්ව....මේවත් පුරුදු වෙන්න ඕනැ මහත්තය....පීටර් කිව්ව....ටිකක් දුර යනකොට මට මහන්සි දැනුන .ඒත් පීටර් මාමට ගානක්වත් නෑ...පීටර් මාම හැමදාම ඇවිදින හින්ද පුරුදු ඇති...මම කල්පනා කලා....දේවාලෙ තිබුනෙ කන්දෙ සෑහෙන්න උඩට වෙන්න එතැනට ගියාම අව්ට කදුවැටි ලස්සනට පෙනුන....සමහර තැන් වල කුඩා දිය ඇලි කඩා හැලෙනව.....දේවාලෙට යන්න මේ යකඩ දම්වැල අල්ලගෙන උඩට යන්න ඕනැ...එතැන තිබුන යකඩ දම්වැලක් පෙන්නල කිව්ව....මට එහෙම නගින්න බා හිතුන හින්ද ටිකක් වෙලා බලා හිටිය...බයවෙන්න එපා බේබි මේ විදියට අල්ලගෙන උඩට යන්න...පීටර් මාම මට උඩට යන හැටි කියල දුන්න...මම බයෙන් බයේ උඩට නැග්ග.....එතන තිබුනෙ ගල්ගෙයක්...ඒක ටිකක් දුරට විහිඩිලා තිබුන.....එක තැනක පරන දොරක් තිබුන..පීටර් මාම දොර අමාරුවෙන් විවුර්ත කලා....ඇතුලට ගියාම යක්ශ සුවරූපයක් ගත්ත දේව ප්‍රතිමාවක් තිබුන....මම බය මුසු ගවුරවයකින් ඒකට වැන්ද....හාමු මහත්තය ඉස්සර මෙතෙන්ට ඇවිත් තමා භාර වෙන්නෙ....මමත් අද ආවෙ පොඩි බාරයක් වෙන්න.....බේබි මහත්තයටත් ඕනැනම් භාරයක් වෙන්න ...පීටර් මාම කිව්ව. මම මොනව ගැනද භාර වෙන්නෙ...මම කල්පනා කලා....මගෙ විභාගෙ පාස්වෙලා කැම්පස් යන්න පුලුවන් වෙන්න කියල භර වෙන්න ඕනැ...මම කල්පනා කලා.....බේබි මහත්තය මේ පඩුර බැදල අදහස කියන්න....පීටර් මාම එතැන තිබුන කුඩා දිය ඇල්ලකින් කාසිදෙකක් හෝදල එකක් සුදු පාට රෙදි පටියක් එක්ක මට දුන්න....මට එකවරම තව භාරයක් ගැන මතක් උනා ...ඒකත් මෙහාටම භාර උනොත්විතරයි හරි වගේ...මට හිතුන.....පීටර් මාමෙ මෙතෙන්ට භාර දෙකක් වෙන්න බැරිද....මම ඇහුව....ඇයි මහත්ත්යො බැරි.....මේ කාසියත් හෝදගෙන ඇවිත් ඒකත් හිතාගෙන බදින්න....මට තව කාසියකුයි රෙදිපටියකුයි දුන්න....මම පලවෙනි බාරය සිහිකරල එතැන තිබුන කනුවක කාසිය ගැට ගැහුව....දෙවෙනි කාසිය අතට ගත්ත මම....මගෙ දෙවෙනි අද හස හිතාගත්ත...මට ඉක්මනට......කියනකොටම ගුහාව ඇතුලෙන්.......
(අත්භූත වලව්ව 13)........................................ටික වෙලාවක් ගතවුනා ඒත් කවුරුවත් ආවෙ නෑ....මගේ මන්තරේ වැරදුනාද ..මම මන්තරේ බැලුව ඒත් වෙනසක් නෑ....ටික වෙලාවක් ගියා මගෙ ඇගපුරාම නලියනව වගේ දැනුන....මම ඇදගෙන හිටියෙ සුදුපාට සරමකුයි කමිසෙකුයි ..ඒකට හේතුව මන්තර මතුරන කොට සුදු පිරුවට අදින්න කියල ලියල තිබුන හින්ද....මම ඇදගෙන හිටිය සුදු සරමෙ පාට වෙනස්වෙනව කියල දැක්ක ඒ එක්කම කමිසෙත් පාට වෙනස්වෙනව....මේ මොකද වෙන්නෙ මට හිතුන. සරමෙ පාට ටිකෙන් ටික තද වෙනව...ඒ එක්කම ඇගපුර නලියන්න ගත්ත. සරම රතු පාටට හැරෙන්න පටන්ගන්නව කියල මම දැක්ක...මට පරලයක් වත් එන්න එනවද.....මම දැකල තිබුන කපුමහත්තුරු රතුපාට ඇදගෙන පරලවෙලා ඩගලනව...මගෙ ඇදුන් රතුපාට උනේ මාව ඒ විදියට පරල වෙන්නද දන්නෙ නෑ....එහෙම උනොත් මටත් එයාල වගේ දගල දගල කියවන්න වෙයි....මටනම් බෑ එහෙම වෙන්න...ඉමනට මන්තරේ ආපහු වෙනස්වෙන එක මතුරන්න ඕනැ...ඒක මැතුරුවහම ආපහු පරන තත්වෙට එනව කියල ලියල තිබුන....මම ජෝග්ගුවෙ තිබුන වතුර ටිකක් දාල වීදුරුව පුරව ගත්ත...මේ වතුර වීදුරුවට අනිත් මන්තරෙන් මතුරල බිව්වම හරියයි මට හිතුන.....මම මතුරන්න වාඩිවුනා....ඒත් හිසේ බරගතියක් දැනෙන්න ගත්ත හින්ද බැරුව ගියා....මගේ ඇග ඇතුලෙන් අමුතු කැලබිල්ලක් එනව වගේ තේරුනා....උටිබඩ දිහා අමුතු වේදනාවක් දැනෙන්න ගත්ත....මම අමාරුවෙන් ඇදේ වාඩිවුනා...උඩ කාමරේ මැරිල හිටිය ගැහැනු ලමය වගේ මාවත් මැරෙන්නද දන්නෙ නෑ එන්නෙ මට බය හිටුන ..ඒ එක්කම ඒ ලමය මැරිල හිටිය විදිය මට මැවෙන්න ගත්ත...එයා ගෙ කට ඇරිල දිව අඟල් හයක් විතර එලියට ඇදිල තිබුනෙ. ලොකු වෙලා තිබුන එයාගෙ ඇස්ගෙඩිදෙක රතුවෙලා භයන්කාර පෙනුමක් තිබුන...බෙල්ල පහතට කඩාවැටිල....දිග කොන්ඩෙ පල්ලෙහාට වැටිල තිබුනෙ...මට දැනුන එදත් ඒකෙල්ල වගේ මැරිල හිටියෙ මමම බව. අදත් මාව ඒ විදියට මැරෙයිද මට සෑහෙන්න බයක් ඇතිවුනා..මාව මේ විදියට මෙතැන මැරුනොත් එල්ලිලා මැරුන කියල ඔප්පුවෙන්න කවුරු හරි මාවත් මේ කාමරේ තියෙන බාල්කෙ එල්ලයිද දන්නෙ නෑ.....දැන් මොකද කරන්නෙ කාගෙන්ද පිහිට ඉල්ලන්නෙ....මට සීය මතක් උනා ..සීය දන්නෙ නැතුව ඇති මට වෙලාතියෙන දේ...මම සීයෙ කියල කතාකලා ඒත් සීය කතාකලේ නෑ මම ආයෙත් කතාකලා ඒත් සබ්දයක් නෑ...සීය ඇත්තෙ උඩ තට්ටුවෙ එහාට ගියොත් කතාකරගන්න පුලුවන් වෙයි මම ඇදෙන් බැහැල යන්න ලෑස්තිවුනා ඒත් ඇගට පනනැති බවක් දැනුනු හින්ඩ යන්න බැරිවුනා. නැවත ඇදෙ ඇලවුන මට තේරුනා මගෙ ඇග අතුලෙ කැලබෙන ගතිය වැඩිවෙනව කියල ඒ වෙනකොට ඇදුම් ටිකත් රතු පාට වෙලා තිබුන...මට එක පාරට දැනුන මගෙ බෙල්ල කවුරුහරි මිරිකනව කියල....මම අතින් ගැහුව ඒත් මිරිකන එක්කෙනා හිටියෙ නෑ....සීයද දන්නෙ නෑ මගෙ බෙල්ල මිරිකන්නෙ සීය මට මන්තර කරන හැටි කියාදුන්නට එයා කැමති නැතුව ඇති එයාගෙ ඒව ඉගෙනගන්නවට....ඒකයි එයා මාව මේ විදියට මරන්න හදන්නෙ.....අනේ සීයෙ මාව මරන්න එපා...මම සීයගෙ ඒව ගෙනියන්නෙ නෑ....මම හෙට උදෙම්ම මෙහෙන් යන්නම්...අනේ සීයෙ මට සමාවෙන්න...මම සීයගෙන් බැගෑපත්වෙලා මාව මරන්න එපා කියල ඉල්ලල හිටිය.....ටික වෙලාවකින් මගේ බෙල්ල බුරුල් වෙනව වගේ තේරුනා....මම බෙල්ල හයියෙන් අතගෑව....ඒත් මගේ ඇග ඇතුලෙ තිබුන අමුතු කැලබිල්ල අඩුවුනේ නෑ මගේ යටිබඩ පෙදෙසෙ ඇතුලින් අමාරුව වැඩිවෙලා තිබුන.ඇගේ හම පුරාම අමුතු හිරියක් පැතිරෙන්න ගත්ත.....මම දන්නව දැන්නම් මාව මැරෙයි කියල....මේ ගෙදර දෙවෙනි අද්භූත මරනය මගෙන් සිද්දවෙයි.....මම මරනය එනතුරු ඇදේ එහාට මෙහාට පෙරලුනා.....
(අත්භූත වලව්ව 12)........................................මම ගෙනිච්ච මතර පොත තියෙන්නෙ මගෙ කාමරේ .ඒ පොතේ තියන මන්තර අත් හදාබලන්න ඒපොත මෙහාට ගේන්න වෙනව...ඒත් ඒක මෙහාට ගෙනාවොත් ආපහු ගෙනියන්න දෙන එකක් නෑ....මේ පොත පහලට ගෙනියන්නත් බෑ....මේව එකපාරටම පාඩම් කරගන්න බැරි හින්ද බලාගෙන තමා මතුරන්න වෙන්නෙ.....දැන් මොකද කරන්නෙ මම කල්පනාකලා....මේකෙ වැදගත් මන්තර ලියාගෙන ගියොත් පුලුවන් වෙයි...මම කාමරේට ගිහින් කොපි පොතකුයි පෑනයි අරන් ආව....අවස්යම මසින්තර ටික පිටපත් කරගත්ත....ඒ වැඩේට වරුවක් විතර ගියා.....දවල් කෑම කාල ආයෙත් අරපොත කියෙව්ව.....මේ විදියට මැතුරුවහම හරිද සීයෙ.....මම නොපෙනෙන සීයගෙන් ඇහුව....කිසි හඩක් ආවෙ නෑ...ආයෙත් ඇහුව ඒත් හඩක් නෑ....මේ වෙලාවට සීය මෙතැන නැතුව වගේ...ඒකියන්නෙ සීය නිතරම මෙතැන ඉන්නෙ නෑ....මම කල්පනා කලා....සීය නැති හින්ද දැන් පුලුවන් පොත අරගෙන යන්න...හිතුව මම පොතත් අරගෙන එලියට යන්න හැදුව....එකවරම සුස් හඩක් ආව මම ඉස්සරහ බැලිය...මා ඉස්සරහ විශාල නාගයෙක් පෙනේ පුප්පගෙන ඉන්නව දැක්ක....මේක දැක්ක මම බයවුනු පාර කාමරේ ඇතුලට දුවගෙන ඇවිත් සීයගෙ මේසෙ උඩට නැග්ග.....මම පොත ගෙනියනවට සීය නයි වේසෙන් ඇවිත්ද කොහේද මාව බයගන්වනව.....කල්පනාකල මම....නෑ....සීයෙ මම ගෙනියන්නෙ නෑ ...කිව්ව...ටික වෙලාවක් මා දිහාවට පෙනේ කරගෙන හිටිය නයා....හිමින් සැරේ වෙනත් තැනකට ඇදිල ගියා.....අම්මෝ මේකෙ බඩුනම් එලියට ගෙනියන්නෙ නෑ...මම හිතාගත්ත. මම ගත්ත පොත කබඩ් එකට දාල ලියාගත්ත පොත අරගෙන එලියට ගියා...ලියාගත්ත පොත හින්දද කොහේද ඒ සැරේ කරදරයක් ආවෙ නෑ.....මම කාමරේ ට ගිහින් පුස්කොල පොතේ මන්තර බැලුව....දැන් මොකක්ද ඉස්සෙල්ලම අත්හදා බලන්නෙ....ඒකෙ තිබුන සර්ප වසීය කියල මන්තරයක් ඒක මැතුරුවම සර්පයො අල්ලන්න පුලුවන් කියල තිබුන...ඒත් මම කොහෙන්ද සර්පයො හොයන්නෙ....තනියම කරන්න පුලුවන් එකම මන්තරේ ස්ත්‍රී ලිංග වශී මන්ත්‍රය විතරයි.....මේක කරන්න තියෙන්නෙ වතුර වීදුරුවකට විසි එක්වරක් මතුරල බොන්න...එතකොට තමන් කැමති ස්ත්‍රී කෙනා පහල වෙනවලු....අනිත් මන්ත්‍රය මැතුරුවම ආපහු යනවලු.....මේ වෙලාවෙ මේක මතුරල කොහෙන්ද කෙල්ලෙක් එන්නෙ කියල ආච්චි බලයි. ඒ හින්ද රෑට මතුරන්න ඕනැ....මම හිතාගත්ත.....ඒකෙ තියෙනව තමා කැමති ස්ත්‍රී රුව ලග තබාගෙන හරි හොඩින් හිතාගෙන හරි කරන්න කියල...ඉතින් මම කැමති කොයිවගේ කෙල්ලෙකුටද මම කල්පනා කරන්න පටන්ගත්ත....ඉන්දියාවෙ හින්දි නිලියොනම් ලස්සනයි...එයාල මෙතෙන්ට ආවොත් මම හින්දි දන්නෙ නෑ නෙ කතාකරන්න....මම ඒ අදහස අතහැරිය....ලන්කාවෙ කෙල්ලෙක්ම තමා හොයා ගන්න ඕනැ.....ලන්කාවෙ නිලියක් නම් හොදයි...ඒත් එයාල හෙට උදේවෙනකොට පත්තරවල මම ගැන ප්‍රචාරය කරයි....මම තව ටිකක් කල්පනා කලා මගෙ අදුනන කෙල්ලොත් හොද නෑ....මට ගර්ල් ප්රෙන්ඩ් කෙනෙක් වත් හිටියනම් එයාව මෙහාට එක්ක ඇවිත් ලවු කරන්න තිබුනනෙ....මම එදා මෙහෙ එනකොට නෙලුවෙදි දැක්ක ලස්සන ගැහැනු ලමයෙක් මට තාම එයගෙ රූපෙ මතක තිබුන....එයාව මතක් කරගෙන මතුරන්න ඕනැ....ම ම හිතාගත්ත....රෑවෙලා තමා මේකකරන්න ඕනැ...මම වතුර හදුන් කූරු පහන්තැටියක් මල්ටිකක් ලෑස්ති කරගෙන තියා ගත්ත.....කොයි එකටත් නාගෙන පිරිසිදු වෙලා ආවොත් හොදයි....මම නාන්න පහල ඇලට ගියා....සවස හින්ද සීතල වැඩිවුනත් නෑවට පස්සෙ සනීපයක් දැනුන....දැන් ඔක්කොම හරි..... රෑ කෑම කාල ආච්චිල නිදාගත්තට පස්සෙ තමා කරන්න ඕනැ....මම හිතාගත්ත.....රෑ කෑමට ටිකක් වෙලාව තිබුන හින්ද නැවත පොත බලාගන්න සීයගෙ කාමරේට ගියා.....උඹ මොකක්ද ඔය මතුරන්න හදන්නෙ...මොනව මැතුරුවත් කමක් නෑ කල්පනාවෙන්.....සීය මට කියනව ඇහුන....සීයගෙ කටහඩ හුරුවෙලා හින්ද දැන් සීය කතාකරනව ඇහුනට බය හිතෙන්නෙ නෑ....එහෙමයි සීයෙ..මම සීයට පිලිතුරු දුන්න.....පොතේ මගහැරුනු තැන් තියනවද බැලුව මම පොත තියෙල....එලියට ගියා.....රෑ කැම කාල ආච්චි නිදාගන්න ගියාට පස්සෙ....මම කාමරේට ගිහින් මගේ වැඩේ පටන්ගත්ත.....මූලික මන්තර මැතුරුව මම ස්ත්‍රී ලින්ගික වසී මන්තරය මැතුරුවා.....මම හිතේ තියාගෙන මැතුරුවේ...මගදි දැක්ක ගහැනු ලමය ගැන.....මතරය මතුරා ඉවර කල මම වීදුරුවේ වතුර ටික බිව්ව.....දැන් මා ඉදිරි පිට අරකෙල්ලව මැවෙන්න ඕනැ.....මම බලාගෙන හිටියා......

Wednesday, July 27, 2016


(අත්භූත වලව්ව 11)..........................................උඹ උඔය සීයගෙ මන්තර එහෙම කරන්න ගිහින් අමාරුවෙ වැටෙනව නෙවෙයි....ආච්චිට කවුද කිව්වෙ....මම ඇහුව...උඹට වඩක් නෑ ඒක උඹ කරන හැමදෙයක් ම මම දන්න හින්ද කියන්නෙ.....ආච්චි කිව්ව....මම දැන් දන්නව ආච්චි මේව දන්නෙ කොහොමද කියල...ඒත් මම ඒක ආච්චිට කියන්න ගියෙ නෑ....මෙහෙ වරෙන් කිව්ව ආච්චි මාව උඩ තට්ටුවට එක්ක ගියා....මේකතමා සීය පාවිච්චි කල කාමරේ....කිව්ව ආච්චි පොත් තිබුන කබඩ් එක ඇරිය....මේකෙ තියෙන්නෙ සීයගෙ මන්තර පොත්....උඹ මේව ගැන කාටවත් කියන්නෙ එහෙම නෑ....උඹට මම මේව පෙන්වන්නෙ පෙන්වන්න්න කිව්ව හින්ද...නැත්නම් සීය කැමති නෑ කවුරුවත් මේව බලනවට...ඔය පොත් බලන්න ගිහින් අමාරුවෙ වැටුන අය ඉන්න හින්දයි මම මේව කියන්නෙ....දැන් උබට අවසර දීල තියෙනව මේව කියවන්න....ඒවුනාට මේව මතුරනකොට පරිස්සමින් කරහන්...කිව්ව ආච්චි ආපහු ගියා.....මට දැන් මෙතැනට එන්න අවසර ලැබුන හින්ද සතුටක් ඇතිවුනා....ආච්චි ගියා විතරයි....ඔය කෙරවලේ පොත ගනින්....ඊයෙ ඇහුන ගොරෝසු කටහඩ ඇහුන..එකවර මාව බයේ ගැස්සුන......සීය මට කතාකරන්බව මට තේරුනා....මම ඒ පොත ගත්ත....ඕක මුල ඉදන් කියවපන්....ඒව හොඩට මතක තියාගෙන ඊට පස්සෙ අනිත් ඒව කරපන්....සීය කිව්ව...මම ඒ පොත අරගෙන කාමරෙන් පිටවෙන්න සූදානම් උනා...කොහේද යන්නෙ....සීය සැරක්රනව ඇහුන....ඕව කොහේවත් ගෙනියන්න එපා මෙතැන ඉඩන් බලපන්.....සීය නියෝග කල....මම පොතත් අරගෙන සීයගෙ පුටුවෙන් වාඩිවුනා.....මම ඒපොත දිග ඇරල කියවන්න පටන්ගත්ත....ඒකෙ තිබුනෙ මන්තර මතුරන කොට කරන්න තියෙන මූලික උපදෙස්....ඒකෙ තිබුන මේක කරන්න ඉස්සෙල්ල ..බුදුන් වැදල සූනියම් දෙවියන්ට පූජාවක් තියල භාර වෙන්න කියල....කොහේ දේවාලෙට භාරවෙන්න ඕනැ...නොපෙනන සීයගෙන් මම ඇහුව.....කන්ද උඩ දේවලෙ හොදයි ඒ වුනාට උඹට එහෙයන්න බෑ...පන්සලේ දේවලෙට පලයන්....ඊට පස්සෙ ඇවිත් මට කතා කරහන්....දැන් මම යනව....සීයගෙ කටහඩ නැතිවුනා....මම පොත තිබුන තැනින් තියල ....කාමරෙන් පිටවුනා...දැන් ඉක්මනට මේපූජාව කරන්න ඕනැ...සිතාගත්ත මම නැවත ගැහැනු ලමය මැරුන කාමරේට ගියා.....ඒ කාමරේට ගියගමන් මට ඒ ගැහැනු ලමයට සිදුවූ සිද්දි මතක් වෙන එක...මටම පුදුමයක් උනා....මගෙ මනසට මැවිල පෙනුන ...මේ කාමරේ හිටිය කොල්ල .පුස්කොල පොතක් තියාගෙන කියවනව....මට තේරුනා මේක සීයගෙ මන්තර පොත් කියෝල තමයි මොකක් හරි අව්ලක් හදාගෙන තියෙන්නෙ කියල.....මම හිතන්නෙ මාගාව තියෙන පුස්කොල පොතේ තියෙන මන්තරේ මතුරල කෙල්ලෙක් ව මෙහාට ගෙනල්ල මොකක් හරි අව්ලක් වෙලා තියෙන්නෙ කියල. මට හිතෙන්නෙම ඒ කෙල්ල මමමයි කියල.....එතකොට මම ඒ ආත්මෙ කෙල්ලෙක් ඒ කෙල්ල තමයි මන්තර බලේට මෙහාට ඇදිල ඇවිත් තියෙන්නෙ ....මම කල්පනා කලා.....මේ කොල්ල එපා කරපු එකෙක් මාව මෙහාට ගෙන්නල අපරාදෙ මාව මරල දැම්ම...මට ඒ කොල්ල ගැන තරහක් ඇතිවුනා.....මම පූජාව ගැන කල්පනා කරමින් පහලට ගියා.....ආච්චියෙ මට පන්සලේ දේවාලෙට පූජාවක් තියන්න ඕනැ....මම ආච්චිට කිව්ව....ඉතින් ඒකට කැවිලි පලතුරු ලෑස්ති කරගන්න ඕනැනෙ...කිව්ව ආච්චි...මම පීටර් උන්නැහෙට කියන්නම් ඒක ලෑස්ති කරන්න කියල...ආච්චි කිව්ව....පීටර් මාම පූජාවට අවසය දේවල් පිලියෙල කරල දුන්න හින්ද මට ආච්චිත් එක්ක ගිහින් දේව පූජාව කරගන්න පුලුවන් උනා.....පූජාව ඉවර වෙලා එනකොට ටිකක් රෑවෙලා තිබුන...කෑම ගත්ත මම ටෝච් එකත් අරගෙන සීයගෙ කාමරේට ගියා....උඹට මොලයක් කියන එකක් නැද්ද...කරුවලේ ඕව කියවන්න පුලුවන්ද ...හෙට උදේ වරෙන්...සීයගෙ හඩ ඇසුන.....මම ආපහු ගිහින් නිදාගත්ත.....උදේ කෑම ගත්ත මම ආයෙත් සීයගෙ කාමරේට ගිහින් පොත දිග හැරිය....මම පොතේ තැනින් තැන පෙරලන කොට...මුල ඉදන් බලපන්...සීයගෙ කට හඩ ඇහුන....මම නොදන්නව උනාට සීය නිතරම මාදිහා බලාගෙන ඉන්නව කියල මට තේරුනා....මම මුල ඉඩන් කියවන්න පටන්ගත්ත....ඒකෙ තිබුනෙ මන්තරයක් මතුරන කොට අනුගමනය කරන්න ඕනැ දේවල්.....මන්තරයක් මතුරන කොට දිස්ටි ප්රාන පලිප්පු කරන හැටි පුට කරන හැටි ඒකෙ තිබුන......ඒව අනුගමනය නොකර මැතුරුවොත් නොයෙක් අකර තැබ්බ වෙනව කියල ඒකෙ තිබුන....අර කාමරේ හිටිය කොල්ලට වෙලා තිබුනෙත් මේ වැඩේ තමා...මම කල්පනා කලා.....

(අත්භූත වලව්ව 6)..................................පහුවදා උදේ ආයෙත් උඩතට්ටුවට ගියා.මේ වෙලාවට ආච්චි වැඩිපුර ඉන්නෙ කුස්සියෙ පැත්තෙ හින්ද මම කරන්නෙ නාන්නයනව කියල මිදුලට බැහැල. ආච්චිට හොරෙන් සොල්දරේට යන එක...අදත් මගෙ ඒ උත්සාහය සාර්ථකවුනා.....මම ගැහැනුලමය මැරුන කාමරෙට ආයෙත් ගියා....මට මේ කාමරේ හුරුබවක් තේරුනා....මම මේ කාමරේ කවදහරි ඉදල තියෙනවකියල තේරුනා.....ලමය එල්ලුනා කියන බාල්කෙ දිහාබැලුව ....මම මෙතැන එල්ලිලා හිටිය කියල දැනුන....ඊයෙ වගේම ඒවෙලාවෙ මම ඇදගෙන ඉදල තියෙන්නෙ ...සුදුපාට බලවුස් එකයි දිගසායයි...කියල මනසට තේරුනා....මේ බාල්කෙ ටිකක් උසින් තිබුනෙ.ගැහැනු ලමයෙක් කොහොමද මෙච්චර උඩට යන්නෙ...මම කල්පනාකලා.... මේසෙ තියල ඒක උඩින් පුටුව තියල පුටුවට නැගල තමා එල්ලිල තියෙන්නෙ....කියල මට තේරුනා....මට පුදුම මේ ඔක්කොම කරල තියෙන්නෙ මමයි කියල තේරෙන එකයි.....මම මේසෙ දිහා බැලුවම පිරිමි ලමයෙක් පොතක් කියවනව තේරුනා...ඒත් එතැන හිටියෙත් මමයි කියල දැනුන.....මෙතන පොතක් කියෙව්වෙත් මම නම් එයා පිරිමි ලමයෙක් නම් එල්ලුනෙත් මමයි කියල තේරෙනවනම් එයා ගැහැනු ලමයෙක් නම් මේක වෙන්න බැරිදෙයක්....මට හිතෙන්නෙ මේ අයට මෙතැන සිද්ද වුන දේවල් මට උනාවගේ දැනෙනව ඇති....බාල්කෙ දිහා බලන බලන වාරෙට මට පේන්න ගත්තෙ ඒ ගැහැනු ලමයගෙ භයානක මුහුන...ඒක මගේ මුහුන විදියට දැනෙන්න ගත්ත හින්ද ඉක්මනින් කාමරෙන් පිටවුනා.....තව කාමරයක් තියෙනව ඒකත් අරින්න ඕනැ...මට හිතුන....මේකෙ මොනවගේ දෙයක් තියෙයිද....යන බයෙන් දොරේ යතුර කැරකෙව්ව....ඒකෙ යතුර ටිකක් තද වෙලා තිබුන හින්ද කරකවන්න ටිකක් අමාරු උනා....ඒත් දොර අරින්න එච්චර අමාරු උනේ නෑ....දොර යන්තම් ඇරල බියමුසුව කාමරේ ඇතුලට එබිකම් කලා......වහලෙ උඩින් චට පට ගාල සබ්දයක් ආව.....බයවුන මම ඉක්මනට දොර වැහුව.....ටිකක්වෙලා දොරට කනතියල...අහගෙන හිටිය...සබ්දෙ අඩුවුනා.....ඒත් එකපාරටම අරින්න බය හිතුන.....එතකොටම තරප්පු පෙල නගින සබ්දයක් ඇහුන....කවුරු හරි මෙහාට එනව වගේ කියල මට තේරුනා.....අසල තිබුන ලොකු කනුවක් මම ඒකට මුවාවුනා....මම දැක්ක ආච්චි උඩ තට්ටුවට එනව....ආච්චි මොකද මෙහෙ එන්නෙ....මම උඩ ඉන්නව එයාට තේරුනාද....මට සැක හිතුන...ඔයා කොහොම කිව්වත් ඒ ලමය මෙහාට ආවෙ නෑ....ආච්චි තනියම කියවමින් මා දෙසට එනව දැක්ක....මම ආච්චිට නොපෙනෙන්න හිටිය....ඒ ලමය නාන්න ගියේ දැන්.... නානව ඇති.....අනිත් එක එයාට මෙහාට එන්න වුවමනාවක් නෑනෙ....ආච්චි කාඑක්කද කතා කරනව වගේ කතාකරමින් මා මුවාවී හිටිය බිත්ති කනුව පහුකරගෙන ගියා....මම ඒ අවසරයෙන් හිමින් සැරේ පහලට බැස්ස.....දැන් මෙතැන ඉන්න හොද නෑ කෙලින්ම යන්න ඕනැ නාන්න....මම නාන්න ගියා.....ආච්චි එදා රෑත් තනියම මා ගැන කියෙව්ව ..අදත් මා ගැන තනියම කියවමින්...උඩ ඇවිද්ද....ආච්චිට මොකක් හරි ඔලුවෙ අමාරුවක් ද මට හිතුන....මම නාගෙන ගෙට එනව දැක්ක ආච්චි....ඈ පුතේ උබ උඩ තට්ටුවට ගියාද.....නෑ ආච්චියෙ රෑට ඕක උඩයනව තියා ඇහෙන සබ්ද වල හැටියට පහල ඉන්නත් බය හිතෙනව....මම කිව්ව.....ඊයෙ රෑ නෙවෙයි ....දැන් ටිකකට ඉස්සෙල්ල...ආච්චි ඇහුව...මම නාන්න ගියානෙ ආච්චියෙ....මම කිව්ව.....ඒක තමයි ....ඒ කට පිස්සුද කොහේද?....ආච්චි හිමින් සැරේ කියනව මට ඇහුන.....කාටද ආච්චියෙ පිස්සු...මම ඇහුව....උබ උඩ ඉන්නව දැක්ක කිව්ව එකාට.....ආච්චි කිව්ව. එතකොට මම උඩට යනව කවුරු හරි දැකල තියෙනව...මම හිතුව....පීටර් මාම දැක්කද දන්නෙ නෑ.....ඒත් එහෙම වෙන්නෙ කොහොමද.....මම නාන්න යන කොට දැක්කනෙ එයා වත්ත උඩහ මොකක්ද වැඩක් කරකර ඉන්නව....පීටර් මාමට අමතරව තව කවුරු හරි මේ ගේ ඇතුලෙ ඉන්නවද....මට සැකයක් ඇතිවුනා......එහෙම එක්කෙනෙක් හිටියොත් නම් මම හොයන ඒව හොයාගන්න බැරිවෙයි....මට දුකක් ඇතිවුනා....
(අත්භූත වලව්ව 10)......................................මම ටිකවෙලාවක් ඇදේ ඇලවෙලා හිටිය........එකපාරට මම දැක්ක මාඉස්සරහ සුදු ඇදගත්ත වයසක සීය කෙනෙක් හිටගෙන ඉන්නව......කාමරේ දොර වහලතිබුන හින්ද මේ සීය මෙහාට ආවෙ කොහොමද...මම සීය දිහා බලාගෙන පුදුමෙන් කල්පනාකලා...මම ආපු විදිහ උඹට වැඩක් නෑ ...උඹ මොකක්ද නටන්න හදන නාඩගම....මගෙ දිහාට ඇගිල්ල දික්කරගෙන කිව්ව......වැඩිය නටන්න ආවොත් මේ විදියට තොගෙ බෙල්ල මිරිකනව....කිව්ව සීය බගෙ බෙල්ල මිරිකන්න ලෑස්තිවුනා.....මම බයවෙලා කෑගැහුව.....මගෙ බෙල්ල සීයගෙ අත්වලට තදවෙලා තිබුන හින්ද කෑගැහුව හඩ පිටවුනේ නෑ....මම එයාගෙ අත ගලවගන්න දැගලුව....සීයට වයස උනාට අත්දෙක යකඩ වගේ ශක්තිමත් කියල තේරුනා....මම හයියෙන් දැගලුව.... ඇදෙන් වැටුන කියල මට තේරුනා....එතකොටම මට ඇහැරුනා....මම දැකල තියෙන්නෙ භයානක හීනයක් කියල දැනගත්තෙ එතකොටයි......මගෙ ඇග තාමත් ගැහෙනව කියල මට තේරුනා....ඒත් ඒක හීනයක් විතරයි....හීන කවුද ගනන්ගන්නෙ.... හිතුව මම....මගේ ඉදිරි වැඩ පිලිවෙල ගැන නැවත කල්පනාකලා. දවල්ට ආච්චිට උඩට එන්න පුලුවන් උනාට රෑට එයාට උඩට එන්න අපහසුයි කියල මට තේරුනා...මා ලග ටෝච් එකක් තිබුනත් රෑට එහාට යන එකටනම් බයක් හිතුන....කොච්චර බය හිතුනත් අද රෑටනම් යන්න ඕනෙ......හිතාගත්ත මම රෑ කෑම කාල ආච්චි නිදාගන්න යනකන් හිටිය.....ටෝච් එක හින්දැ හිතට බයක් ඇතිවුනා...ඒත් හිතේ ඇති උනන්දුව හින්ද....හිමින් හිමින් කාමරේ ලගට ගියා.....පුතේ.....මීට ඉස්සෙල්ල ඇහුන සබ්දෙ දැනුත් ඇහුන....මේකනම් මගේ හිතේ සැකේට ඇහෙන සබ්දයක් නෙවෙයි. ඇත්ත සබ්දයක් වෙන්න ඕනැ...මට හිතුන...මම කවුද කියල හිමින් ඇහුව....මම උඹේ සීය.....ඒ කටහඩ කිව්ව....මට දැඩි බයක් ඇතිවුනා...මම එකතැන ගල්ගැහිල බලාගෙන හිටිය.....මට උඹ පින්දෙන හින්ද උඹට කතා කලේ....නැත්නම් හිතාගෙන හිටියෙ උඹව මෙහෙන් පන්නන්න.....ඒ ගොරෝසු කට හඩ කිව්ව.....මේ මැරිච්ච සීය වෙන්න ඇති.... මම ආච්චිත් එක්ක පන්සලට ගිහින් සීයට පින්දුන්න හින්දද කොහේද එයා මා එක්ක මෙහෙම කතාකරන්නෙ..මට හිතුන.....මම මැරුනට මෙහෙන් ගියෙ නෑ...මට මේව දාල යන්න බෑ....මේව මගෙ පරම්පරාවෙන් ආව දේවල් ...උබේ තාත්ත මේව ඔක්කොම දාල ගියා...උඹවත් මේව බලාගනින්....සීය කිව්ව....මම සීයගෙ කතා අහගෙන හිටිය මිසක් බයේ තොලකට වේලිලා තිබුන හින්ද වචනයක් වත් කතා කරගන්න බැරිවුනා......සීයගෙ කටහඩ ඇසුනත් එයාගෙ චායාවක්වත් මට බලාගන්න බැරිවුනා....සීය ආච්චි එක්කත් කතාකරනව ඇත්තෙ මේ විදියට.....මට හිතුන...ආච්චි සීය එක්ක කතාකරන කොට කිසිබයක් පෙන්වන්නෙ නෑ....මමත් ඒ වගෙ බයවෙන්න ඕනැනෑ....සීය මට උදව් කරනවනම් බයවෙන්නෙ මොකටද මම හිතාගත්ත...උඹ මොකටද උඩට එන්නෙ..කටහඩ ප්‍රශ්නකලා ....නෑ නෑ සීයෙ මට නිකන් බලන්න හිතුන...මම ගොතගසමින් කිව්ව....උඹ කරන්න යන වැඩේ මම දන්නව....මේ කාමරේ හිටිය කොල්ල කරගත්ත දේ උබටත් කරගන්න ඕනැ වෙලාද උඹ ඔයතරම් දගලන්නෙ....කරන දෙයක් දැනගෙන කරහන්....මම දැන් යනව ආයෙත් එන්නෙ රෑ දොලහට....කිව්ව සීයගෙ හඩ නැතුව ගියා....සීය නම් ගියා වගේ ඒත් මේවෙලාවෙ මොනවගේ යක්කු ඉන්නවද දන්නෙ නෑ....මම කාමරේට යන එක නවත්තල ආපහු ගිහින්. නිදාගත්ත.....පහුවදා උදේ මාව දැක්ක ආච්චි...මේ පුතේ....උබට මොනවද උඩතට්ටුවෙ බලන්න තියෙන්නෙ...නෑ ආච්චියෙ රෑට දගලන එවුන් මොක්කුද කියල බලන්න.....මම බයෙන් කිව්ව..මට බොරු කියන්නෙ නැතුව හිටපන්...කිව්ව ආච්චි..................

Monday, July 25, 2016


(අත්භූත වලව්ව 9)...............................කවුද කතාකරන්නෙ කියල මම නිස්සබ්දව අහගෙන හිටිය. ඊට පස්සෙ කිසි සබ්දයක් ආවෙ නෑ...හිතේ තියෙන බය හින්ද ඒවගේ ඇහෙන්න ඇති...හිතුව මම....අර ගෑනුලමය මැරුන කාමරේට ආයෙත් ගියා....අදත් මම උඩ ඉන්න ආරන්චිය ආච්චිට කියයි කියල සැකෙන් ඉන්න වුනා.....ඒ හින්ද සෑම සුලුසබ්දයක් ගැනම මම අව්දානයෙන් හිටිය.....කාමරේට ගිහින් බාල්කෙ දිහා බැලුවම මැවිල පෙනුනෙ මම බාල්කෙ එල්ලිලා ඉන්නව වගේ...ඒ වෙලාවෙ මම කල ක්‍රියාවල් එකින් එක මතක්වෙන්න ගත්ත....මේසෙ මෙතෙන්ට ඇද්ද ඊටපස්සෙ පුටුව ඒක උඩින් තිබ්බ. ඊට පස්සෙ බොහොම අමාරුවෙන් බාල්කෙ අම්මගෙ සාරිය ගැටගහ ගත්ත.....බෙල්ලට තොන්ඩුව ඩාගෙන පුටුවට පයින් එකක් ගැහුව....මගෙ බෙල්ල තදවුනා....හුස්මගන්න බැරිවුනා....මට මේටික මතක් වෙනකොට මගෙ බෙල්ල අත්දෙකෙන් අල්ලගෙන එලියට ගියා.....මේ සිද්දිය වුනේ මටද....මම අහල තියෙනව සමහරුන්ට පෙර ආත්ම ගැන මතක තියෙනව කියල....මට මේ මතක් වෙන්නෙ මගේ පෙර ආත්මෙද....ඒකාලෙ මම ගැහැනු ලමයෙක් ද....මට ගැටලුවක් ඇතිවුනා....මේක ඇත්තනම් ඒකාලෙ මම ලස්සන ගැහැනුලමයෙක් වෙලා ඉදල තියෙන්නෙ....මෙච්චර ලස්සන ගැහැනු ලමයෙක් වෙලත් ඇයි මම එල්ලිලා මැරුනෙ....අපරාදෙ කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබුනද....මම කල්පනා කලා.....මට ඒ සිද්දිය මතක් වෙන්නෙ නැති උනත් අර කොල්ල මට මොකක් හරි කරල තියෙනව ඒකෙ හිතේ අමාරුවට වෙන්න ඇති මේ වැඩේ කරගන්න ඇත්තෙ....මට ඒ භයානක සිද්දිය මත වෙන හින්ද ආයෙත් ඒ කාමරේට ගියෙනෑ.....මම ආයෙත් ගියෙ පොත් තියෙන කාමරේට.....මම පොත් කබඩ් එක අරිනකොට....පුතේ...කියන ගොරෝසු කට හඩ ආයෙත් ඇහුන....මම එලියට ගිහින් බැලුව ...කවුරුවත් පේන්න නෑ....වෙනද මම උඩ ඉන්නකොට ආච්චි කියව කියව උඩට නගිනව. ඒත් අද ආවෙ නෑ....අද ඒ මනුස්සය මාව දැකල නැතුව ඇති...ඒත් පුතේ කියන හඩ එන්නෙ කොහෙන්ද....මට හිතාගන්න බෑ...මම ආයෙත් කබඩ් එක අරින්න ලෑස්තිවුනා.....තරප්පු පේලිය නගින සබ්දෙ අදත් ආව.....අදත් ආච්චිට ආරන්චි වෙලා වගේ ...දොර වහල ඊයෙ වගේ කනුවට මුවාවෙලා යන්න ඕනැ.....කොච්චර කිව්වත් ඔහේට තේරෙන්නෙ නෑනෙ...ඔහේට පෙනුනට මටනම් පේන්නෙ නෑ ඒ ලමය මෙහෙ ඉන්නව....ඉන්නවනම් මට අල්ලල දෙනවකෝ....ආච්චි ලග ඉන්න නොපෙනෙන කෙනෙක් එක්ක කතා කරකර යනව දැක්ක....මම ඉක්මනට මිදුලට පැනගෙන..නාන්න ගියා.....මම නාගෙන ගෙදර ආව....පුතේ ඔහොම හිටහන්....ආච්චි මට කතා කලා...උඹ අද උඩට ගියාද...මම නාන්නනෙ ගියෙ ආච්චියෙ...උඹ දැන්නෙ නාඅන්න ගියේ....නාන්න යන්න ඉස්සෙල්ල ගියා නේද....මට ඇත්තම කියහන්.....ආච්චි අනකරන විලාසෙන් කිව්ව....මට බය හිතුන...මම උඩතට්ටුව පොඩ්ඩක් බැලුව රෑට මොක්කුද දගලන්නෙ කියල...ඕකනෙ කියන්නෙ ඒ මනුස්සය බොරු කියන්නෙ නෑ.හයියෙන් කිව්ව ඇය.... එයා ජීවත් වෙලා හිටිය කාලෙත් මට බොරු කියල නෑ එහෙම එකේ දැන් බොරු කියයිද. ආච්චි හිමින් කියනව මට ඇහුන.....කවුද ආච්චි ඕක ආච්චිට කිව්වෙ...මම අදත් ඇහුව....කවුරු හරි කිව්වනෙ උබට ඒකෙන් වැඩක් නෑ....ආච්චි කිව්ව. මම හිතන්නෙ මරුන සීය තමයි ආච්චිට මේව කියන්නෙ...එයා ඒ ලෝකෙ ඉදන් කියන ඒව ආච්චිට ඇහෙනව අති.මම උඩ ඉන්න කොට පුතේ කියනව ඇහුනෙ...ඒකත් සීයගෙ හඩද දන්නෙ නෑ....මම කල්පනා කලා....මේ පුතේ උඩ මොකා හිටියත් උඩට යන්න එපා....ආච්චි අවසනයේ කිව්ව.....ආච්චි මොනව කිව්වත් උඩතට්ටුව කොච්චර භයන්කාර උනත් මට මේ අභිරහස ගැන හොයන්න තියෙන උනන්දුව වැඩි වුනා. මම හිතන්නෙ උඩ තට්ටුවෙ අබිරහසට මාවත් සම්භන්ද හින්ද වෙන්න ඇති මට මේතරම් උනන්දුව වැඩි වෙලා තියෙන්නෙ....මට දැන් හොයාගන්න ඔනැ ඒ කාලෙ මම කෙල්ලෙක් වෙලා හිටියනම් අයි මම දිවි නසාගත්තෙ කියල....මට එක වෙලාවකට හිතෙනව ඒ දිවිනසා ගනීමයි මම අරන් ආව මන්තර පොතයි අතර සම්භන්දයක් තියෙනව කියල...එතකොට ඒ කාමරේ හිටිය කොල්ල කොහොමද මේකට සම්භන්ද උනේ....ආයෙත් කාමරේට ගියොත් ඒකත් හොයාගන්න පුලුවන් වෙයි....අද හවසට ආයෙත් උත්සාහ කරන්න ඕනැ....හිතාගත්ත මම...දවල් කෑම කාල ඇදේ ඇලවෙලා හිටිය....මම දන්නව දැන්නම් ආච්චි ඉන්නෙ මා ගැන හොද කල්පනාවෙන් කියල....ඒ හින්ද මේ සැරේ යනකොට හොද කල්පනාවෙන් යන්න ඕනැ....ආච්චිට දැන් අවුරුදු අසූවක් විතර වෙනව...ඒත් වෙන ආච්චිල වගේ නෙවෙයි ..හොද නිරෝගී සක්තිමත් සරීරයක් තිබුනෙ....මම දැක්කෙනෑ එයා අසනීපයි කියල පැත්තකට වෙලා ඉන්නව....ඇවිදින්න ගියාමත් හයියෙන් ඇවිදිනව....නැත්නම් තරප්පු පේලිය ඔයතරම් ඉක්මනට නගින්න බෑ......මේවගේ නිරෝගී සම්පන්න ආච්චිල ආතල දකින්නත් වාසනාවක් තියෙන්න ඕනැ....මට හිතුනා....

(අත්භූත වලව්ව 8)................................මේවගෙ මන්තර වැඩකරනකොට ටිකක් දැනගෙන කරන්න ඕනැ. නැත්නම් මොනව වෙයිද දන්නෙ නෑ......මම හිතන්නෙ අර කාමරේ හිටිය කොල්ලටත් මොකක්හරි මේවගෙ වැඩක් කරන්න ගිහිල්ල වැරදුනාද දන්නෙ නෑ....ඒ ගෙන්නුව කෙල්ලව එයාට ආපහු යවාගන්න බැරිඋන හින්ද මොකක්හරි උනාද දන්නෙ නෑ....තවටිකක් හොයල බලල මේක අත්හදා බලන්න ඕනැ මම හිතාගත්ත....මම තවදුරටත් ඒ පුස්කොල පොත කියෙව්ව.....තව මන්ට්රයක් තිබුන ස්ත්‍රී පුරුශ වශීබදනය කියල....ඒකත් කරන හැටි තිබුන....ඒකෙ තිබුනෙ කෑම එකකට මතුරල තමන් කැමති කෙනාට දෙන එකක්....තව තිබුන රාජ වශී වගේ ඒව....මම තරුන කොල්ලෙක් හින්ද මගෙ හිත ගියෙ මුලින් කිව්ව මන්තරයට.....ඒක කලොත් මම ආසකරන කෙල්ලෙක් ගෙන්න ගන්න පුලුවන් වෙයි.....ඒත් මේක දැම්ම කරන්න හොදනෑ....මම ඒ වැඩේ ටිකක් කල්දැම්ම.....ඒ කාමරේ තවත් මේවගෙ පොත් ඇති ....හෙට බලන්න ඕනැ....ඒත් එහාට ගිය ගමන් ආච්චි දැනගන්නව....කොහොම දැනගන්නවද මන්ද.....ඒක හින්ද හුගක් පරිස්සම් වෙන්න ඕනැ. කෑම කාල නිදාගන්න යනකොට.....පුතේ පොඩ්ඩක් මගෙ කාමරේට වරෙන්....ආච්චි කිව්ව....මට උබත් එක්ක පොඩි කතාවක් තියෙනව කරන්න....දොර වැහුව ආච්චි කිව්ව....උබලගෙ සීය මේ පලාත හොල්ලගෙන හිටිය කෙනෙක් එයාට වැරද්දක් කලොත් පොඩි මන්තරයි මතුරන්නෙ.....එයා නැතිවෙලා දැන් අවුරුදු ගානක් උනත් එයාගෙ බලය තාම මේ වලව්වෙ තියනව.....එයා කැමති නෑ ...එයාගෙ ඒව කවුරුවත් අල්ලනවට.....සීය නැති උනාට පස්සෙ උබලගෙ තාත්ත එයාගෙ අදුරන කෙනෙකුට උඩ කාමරයක් දුන්න....ඒ ගෙදර හිටිය කොල්ල උබේ වයස ඇති....ඒක කොලුකමට මොකක් හරි කරල ඒ ගෙදර ප්රස්නවගයක් ඇතිවුනා......ඊට පස්සෙ සීය මට කිව්ව කාටවත් උඩ තට්ටුවට යන්න දෙන්න එපා කියල....එතකොට සීය හිටියෙ නෑනෙ ආච්චියෙ ඉතින් කොහොමද කියන්නෙ....මම ඇහුව.....උඹට ඒ පැහිච්ච කන් වැඩක් නෑනෙ කොහොම හරි කිව්වනෙ....ආච්චි කිව්ව....ඒ හින්ද උබ එහෙම ඔය උඩ තට්ටුවට ගිහින් වැඩ වරද්ද ගන්න එපා.....ආච්චි මට අවවාද කලා.
මම කාමරේට ගිහින් ආච්චි පැවසූදේවල් කල්පනාකලා. එතකොට සීය එක්කද ආච්චි නිතර කතාකරන්නෙ...මම උඩ තට්ටුවට ගිය ගමන් ආච්චිට කියන්නෙ සීයද....මට මේ ගැන ගැටලුවක් උනා.....දැන් බලනකොට උඩට යන එක භයානක වැඩක්..සීය මට මොකක් හරි අනතුරක් කරයිද දන්නෙ නෑ....මට බය හිතුන...මොකක් හරි කරල සීයව යාලුකරගත්තොත් වැඩේ හරි....මම එයාගෙ මුනුබුරානෙ ඒහින්ද උදව්කරයි.....මට හිතුන....මට අම්ම කියල තියෙනව පින්කරල මලගිය අයට පින්දුන්නම එයාල අපිට උදව්කරනව කියල. මමත් එහෙම කරල බලන්න ඕනැ.....එයාගෙ උදව් ගත්තොත් මට මේ මන්තර මතුරන හැටි අහගන්න පුලුවන් වෙයි.....ආච්චියෙ සීය වෙනුවෙන් දානයක් වත් දුන්නෙ නැද්ද....පහුවදා මම ආච්චිගෙන් ඇහුව....කොහේද බන් ඕව කරන්නෙ උබලගෙ තාත්තත් කොලඹට වෙලා ඉන්නව ...එයාට ඕව ඕනෙ නෑනෙ...ආච්චි කිව්ව....අපි සීය වෙනුවෙන් අද දවල්ට මොනව හරි පූජකරමුද.... මම කිව්ව....ඒකනම් හොද අදහස අද හවසට ගිලන්පස ටිකක් හදාගෙන පන්සලට යමු...ආච්චි කිව්ව....පන්සල තිබුනෙ කන්දක් උඩ...උඩට ගියහම අමුතු ලෝකෙකට ගියාවගේ දැනුන...නිස්කලන්ක පරිසරයක් තිබුනෙ.....මොකද උපාසක අම්මෙ .....ආච්චි දැක්ක ලොකු හාමුදුරුවො ඇහුව....අපි ලොකු හාමුදුරුවන්ට වැදල ආව කාරනාව කිව්ව.....හොදයි හොදයි විහරෙට ගිලන්පස පූජාව තියල එන්නකො...කිව්ව......අපි විහාරය වැදල ලොකු හාමුදුරුවන්ට ගිලන්පස පූජාකලා....අනතුරුව සීයට පින්දීල පැන් වැඩුව.....කාලෙකින් සීය වෙනුවෙන් මෙහෙමවත් පිනක් කලේ ..ලගදි සාන්ගීක දානයක් දෙන්න ඕනැ....ආච්චි කිව්ව....යන්තම් ඇති ආච්චි මම හින්ද පිනක් කරගන්නව....ඒකෙන් සීයත් පින් අරගෙන හොද තැනකට යයි...මට සතුටක් ඇතිවුනා.....
පහුවදා මම ආච්චිට හොරෙන් උඩට ගියා...පුතේ....මට කාගෙද ගොරෝසු කට හඩක් ඇහුන.....මම බයවෙලා වටපිට බැලුව....කවුරුවත් නෑ.....
(අත්භූත වලව්ව 7).................................හැමදාම එකවෙලාවට උඩට යන්න හොද නෑ....වෙලාව වෙනස්කරන්න ඕනැ..අද හවසට උත්සාහ කරන්න ඕනැ....මට හිතුන....කවුරු හරි මාගැන හොරෙන් බලාගෙන ඉන්නවද දන්නෙ නෑ....මට සැකයක් ඇතිවුනා...දවල්ට කෑම ගත්ත මම කාමරේට වෙලා ..හවසට උඩට යන සැලැස්ම ගැන කල්පනාකලා.....කොහොමහරි අනිත් කාමරේටත් යන්න ඕනැ...මම හිතාගත්ත.....මම හවස් වරුවෙ ආච්චි ගැන කල්පනාවෙන් හිටියෙ එයා කොහාටහරි යනකන් ඉදල උඩට යන්න....මම දැක්ක ආච්චි වත්ත උඩහයනව....මම ඉක්මනට උඩට නැග්ග.....මම ඇරල වැහුව දොර ගාවට ගිහින් ඒක ආයෙත් ඇරිය....ආයෙත් උඩින් චට පට සබ්ද ඇහුන හිමින් සැරේ උඩ බැලුව....කිරි වවුල්ලු කිහිප දෙනෙක් උඩ පියාබනව දැක්ක....දැන් බලා ගෙන යනකොට සත්තුන්ටනෙ මම නිතරම බයවෙන්නෙ.....මම හිමින් කාමරේට ඇතුල්වුනා.....මේසයක් පුටුවක් තිබුන...ඒ ලග පරන කබඩ් එකක් තිබුන...මේසෙ උඩ පරන පොත් වගයක් තිබුන.....ඒව පෙරලල බලන කොට හඩහන් බලන පොත්වගේ දැක්කෙ....සමහර පොත්වල වච්චන අමුතුයි කියල දැක්ක....මම කබඩ් එකේ පියන ඇරිය ...ඒකෙත් පොත් පුරවල...ඒ අතර පුස්කොල පොත් කීපෙකුත් තිබුන....ඒ වගෙම පුස්කොල පොතක් මේසෙ උඩත් තියෙනව දැක්ක....කබඩ් එක වැහුව මම පුස්කොල පොත අතට ගත්ත...එතකොටම ආච්චිගෙ කටහඬ ඇහුන හින්ද ඉක්මනට කාමරේ වහල එලියට ගියා...ඒ යනකොට පුස්කොල පොතත් අතේ තියාගෙන ගියේ.....උදේ වගේම මට ඇහුන තරප්පු පේලිය නගින අඩි ශබ්දෙ.....ඔහේගෙන් බේරෙන්න බැරි හින්දයි මම මේ එන්නෙ පුතා මෙහාට එන්නෙ නෑ....ආච්චි කියනව මට ඇහුන....දැනුත් කවුරුහරි මාගැන කියලවගේ....මම ආච්චිට මුවාවෙලා ඉදල හොරෙන්ම මගේ කාමරේට පැනගත්ත....ගෙනා පුස්කොල පොත කොට්ටෙ යටින් හන්ගලා දොර වහගත්ත...ටික වෙලාවයි ගියේ දොරට තට්ටු කරන හඩ ඇහුන...මම දොර ඇරිය....පුතා දැන් ඔයා උඩට ගියාද....ආච්චි මගෙන් ඇහුව....මම මෙතැන හිටියෙ...මම කිව්ව....අනේ මන්ද මේකට මොනව වෙලාද කියල...ආච්චි කාටද බනිමින් ආපහුගියා.....මම උඩට යනකොට කවුරු හරි කියනව....ගේ ඇතුලෙනම් කියන්න කෙනෙක් නෑ....පිට ඉදන් කවුරු හරි බලා ඉන්නවද දන්නෙ නෑ....කල්පනා කල මම ඇද උඩින් ඉදගෙන පුස්කොල පොත දිග ඇරිය.....වචන වෙන්කරල නැතුව එකදිගට ලියාගෙන ගිහින් හින්ද කියවන්න තරමක් අපහසු වුනා....සින්හල අකුරුවලින් අමුතු භාශාවකින් ලියල තිබුන හින්ද කිසිදෙයක් තේරුම් ගන්න බැරිවුනා....සමහර තැන් වල ඕම් රීන් කියල තිබුන හින්ද මට හිතුන මේක මන්තර පොතක් කියල....මේක සීයගෙ මන්තර පොතක් වෙන්න ඇති..මේවයෙන් මොනවද දන්නෙ නෑ කරන්න පුලුවන්......කල්පනා කල මම දිගටම කියවගෙන ගියා....ඒ මන්තර හැම එකක්ම යටින් දැන කරනු පිට නොදෙනු කියල ලියල තිබුන..........ස්ත්‍රී ලිංගික වශීය කියන මන්තරයක් හම්බවුන හින්ද මම ඒක ගැන උනන්දුවෙන් කියෙව්ව....මන්ත්රය අවසානයේ එය කරන ක්‍රමය ලියල තිබුන. තමා කැමති ස්ත්‍රී රුවක් හිතෙන් මවාගෙන හෝ රූපයක් ලග තබාගෙන විසි එක් වාරයක් මෙම මන්තරයෙන් වතුර වීදුරුවකට මතුරා බොන්න.....එම රුව අනවසය නම් පහත මන්තරයෙන් විසි එක් වර මතුරා වතුර බොනු.....නියමයිනෙ මේ මන්තරේ කලහම ඕනැ කෙල්ලෙක් වශී කරගන්න පුලුවන්නෙ...මේ මන්තරේ අර හිටිය කොල්ලට අහුවුනාද දන්නෙ නෑ.....එයා මේ මන්තරේ කරල කෙල්ලෙක්ව වශී කරගෙන කාමරේට එක්ක ගිහින් කරදර කරන්න ඇති..ඒ හින්ද ඒ ලමය. එල්ලිලා මැරෙන්න ඇති.....මම කල්පනා කලා.....ඒ එක්කම යටින් තිබුන පුරුෂ ලින්ගික වශීය කියල එකකුත්....මේක පිරිමින්ට විතරක් නෙවෙයි ගැහැනුන්ටත් තියෙනවනෙ....මට හිතුන....ගැනු කෙනෙක් මේක කලොත් කෙල්ලෙකුට හොද කොල්ලෙක් ලබාගන්න පුලුවන් වෙයි....මේක හොදයි මට ටිකක් අත් හදා බලන්න....මේක හින්ද මට කෙල්ලො වශී උනාට මේකොල්ලවගේ මමනම් ඒ ජරාවැඩ කරන්නෙ නෑ...ඇත්තද කියල බලන්න කරල ආපහු යන්න කරනව....එත කොට හරි.......කාගැන හිතාගෙනද මේක ඉස්සෙල්ලම කරන්නෙ....මම කල්පනා කලා....දවල් මේක කරන්න හොද නෑ ආච්චි බලයි මාගාව ඉන්න කෙල්ල කවුද කියල.........රෑවෙලා කරල බලනව....රෑට කලොත් ඒ කෙල්ල මෙහාට එන්නෙ කොහොමද.....කල්පනා කල මම මන්ත්රය නැවත කියෙව්ව....මේකෙ තියෙන්නෙ කෙල්ල මෙහාට එනව නෙවෙයි මෙතැන පහල වෙනව කියල....ඇත්ත කෙල්ලෙක් වෙන්න ඇති පහල වෙන්නෙ.....ඒ මැරිච්ච කෙල්ලත් ඒ කොල්ල කොහෙන් හරි ගෙන්නපු කෙල්ලෙක් වෙන්න ඇති..ඉතින් කවුරුවත් ඒ කෙල්ලව අඩුනන්නෙ කොහොමද .ඒත් ඒවගෙ වැඩනම් කරන එක මහ පව් වැඩක් .....මම කල්පනා කලා

Sunday, July 24, 2016


(අත්භූත වලව්ව 5).....................................දවල් කෑම ගත්ත මම වත්තෙ ටිකක් ඇවිදින්න ගියා..පීටර් මාමත් මාත් එක්ක එකතුවුනා...අව්ට පරිසරයෙ තිබුන සුන්දර බවත්...විටින්විට හමා එන සීතල සුලගත් නිසා....මෙසේ ඇවිදීමට මම බෙහෙවින් ඇලුම් කලා....අර කන්ද ට අපිට නගින්න පුලුවන්ද මාමෙ.....අපේ වත්තට එහා තුබුන ...ගල්කන්දක් පෙන්නල ඇහුව.....ඕකට යන්න ටිකක් අමාරුයි...ඔය කන්දට කියන්නෙ යකා බැන්ද ගල කියල....ඉස්සර ඔයකන්දෙ හේන් ගොවිතැන් කරල තියෙනව....බේබි මහත්තයගෙ තාත්තගෙ තාත්තගෙ මල්ලි කෙනෙක් ඒ කියන්නෙ බේබිමහත්තයගෙ පොඩි සීය....එයා එහෙ යකෙක් බැදගෙන හේන් කොටාගත්ත කියල ..ඉස්සර අය කියනව....ඔයකන්ද උඩ දේවාලයක් තියෙනව...මම දැකල තියෙනව...බේබි මහත්තයගෙ සීයත් ඒ දේවාලෙට යනව කියල යනව....පීටර් මාම කිව්ව...එතකොට සීයල මන්තර දන්නවද....යක්කු බැදගෙන වැඩ ගන්න මන්තර ඕනැ කියල දන්න හින්ද මම ඇහුව....ඔව් බේබි සීයල මන්තර දන්නව...එයාල නැතිවුනාම ඒ මන්තර මොකක් උනාද දන්නෙ නෑ....මෙහෙ ලොකු නෝනත් එච්චර ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි හින්ද ...ඒව ගැන දන්නෙ නෑ....බේබිගෙ තාත්ත ඉස්සර ඉදන්ම හිටියෙ කොලඹ හින්ද මේවගැන උනන්දුවක් දක්වල නෑ....අපාරාදෙ බේබි... මේ වටිනා මන්තර ගුරුකම් අභාවයට යනව.....පීටර් මාම කනගාටුවෙන් කිව්ව......එතකොට අපේ සීයත් හොදට මන්තර දන්න කෙනෙක්...මම කල්පනා කලා....ආච්චිගෙන් සීය ගැන විස්තර ටිකක් දැනගන්න ඕනැ...මට හිතුන....හවස මම ආච්චි ගාවට ගියා.....ආච්චිගෙ සීය මොකද කලේ....මම ඇහුව....එයා ඉතින් මොනව කරන්නද මේ වතුපිටි දේපොල ඕනැතරම් තියෙන්නෙ...ආච්චි කිව්ව...නෑ ආච්චි මම අහන්නෙ සීයගෙ විනෝදාන්සයක් විදියටවත් මොකුත් කලේ නැද්ද කියල......දැන් උබලට වගේ සෙල්ලන් කරන්න අරව මේව තිබුනෙ නෑනෙ....එයා ඉතින් විනෝදෙට වගේ කලේ මන්තර වැඩ තමා.....උබලගෙ තාත්තටත් ඒව උගන්නන්න හැදුව...එයාට ඒවයෙ උවමනාවක් තිබුනෙ නෑ.....ආච්චි කිව්ව...ඒ කලෙත් ආච්චිල මේ ගෙදර උඩතට්ටුවට ගියෙ නැද්ද...මම ඇහුව....මොකද නැත්තෙ බන් ඒ කාලෙ සීය ඔය උඩත්තට්ටුවෙ කාමරේක ඉදගෙන තමා...ඔය මන්තර වැඩ කලේ....එහෙනන් දැන් යන්නෙ නැත්තෙ?.....මම ඇහුව....ඒවයෙන් උබට වැඩක් නෑ....උබ පල්ලෙහාට වෙලා හිටහන්....ආච්චි ඒ ගැන කිසිවක් නොකියා.....මට සැරකලා.....මොකක් හරි මේකෙ රහසක් තියෙනව....හිතුන මම....සීය නැතිවුනාට පස්සෙ ...කවුරුත් ගියෙ නැද්ද...මම ඇහුව....කට්ටියකට උඩතට්ටුවෙ කාමරයක් දීල තිබුන එයාලට පොඩි ප්‍රස්නයක් වෙලා ගියා...ඒ මොකක්ද මම ඇහුව...ඒකෙන් උබට වැඩක් නෑ.....ආච්චි ආයෙත් මට සැරකලා.....සමහර විට ආච්චි කාටවත් උඩට යන්න දෙන්නෙ නැත්තෙ අර මැරුන ගැහැනු ලමයගෙ හොල්මන ඇති කියල හිතාගෙන වෙන්න ඇති....මම කල්පනා කලා....ආයෙත් උඩට ගිහින් බලන්න ඕනැ..මට හිතුනත් දැන් රෑවෙලා හින්ද යන්න බය හිතුන....ආයෙත් හෙට උදේ යනව ....මම හිතාගත්ත....මට රෑ නිදාගන්න කොටත් අර ගැහැනු ලමය මැරිල හිටිය හැටි මැවිල පෙනුන....උඩ තට්ටුවෙන් ඇහෙන දගලන සබ්දයි යටිගිරියෙන් කෑගහනව වගේ ඇහෙන සබ්දයි...අර කෙල්ල මැරිල හිටිය හැටි මතක් වෙනකොටයි....මම නිදාගත්තෙ සෑහෙන බයෙන්.......කීපවාරයක් බයවෙලා ඇහැරුනා....මගේ හිතට කොයිතරම් බයක් ආවත් ...උඩතට්ටුව පරීක්ශා කිරීමේ ආශාව අඩුවුනේ නෑ...හෙට උදේට ආයෙත් බලන්න ඕනැ....මම හිතාගත්ත......
(අත්භූත වලව්ව 4)......................................මම බයේ ගැහෙමින් මිදුලෙ ඉන්නකොට.....මොකද බබි මහත්තය බයවෙලාවගේ...මාව දැක්ක පීටර් මාම ඇහුව....නෑ මාමෙ මම නාගන්න යන්න හැදුවෙ.....පහල ඇලට යන්න..පීටර් මාම කටකොනකින් හිනාවෙලා කිව්ව....මම බොරු කිව්වත් පීටර් මාම දැනගත්ත මම මොකකට හරි බයවෙලා ඉන්න බව.....මම වත්ත පහලට ගියා...ඒ ඇලේ වතුර හරිම පිරිසිදුයි....කැලෑවෙ ගල් අතරින් ගලාඑන වතුර හින්ද ..ජැරා වෙන්න විදියක් නෑ....වතුරට බැස්සම සීතල දැනුනත් ටිකක් වෙලා යනකොට සනීපයක් දැනුන....නා ගෙන ගෙදර එනකොට දවල් කෑම ලෑස්තිකරල තිබුන....කෑම කාල කාමරයට ගිහින් කල්පනා කලේ උදේ සිද්දවුන සිද්දිය....කොහොමද ඒ පුටුව පැද්දුනේ.....මට හිතාගන්නත් බෑ....මේ කාමරවල දවල්ටත් බූතයො හොල්මන් කරනවද...මම කල්පනාකලා......දැන් ඒ කාමරේ දොරත් ඇරල. ඒක වහන්නෙ කොහොමද මම කල්පනා කලා.....එතෙන්ට යනවනම් ආච්චිට හොරෙන් යන්න ඕනැ. එහෙම ගියත් ආයෙත් අර බූතය හොල්මන් කරයිද දන්නෙ නෑ....අද යන්නෙ නෑ හෙට උදේට අදවගේ යනව....මම හිතාගත්ත....මම පහුවදා ආච්චිට හොරෙන් උඩට ගියා...දොර ඇරපු විදියටමයි තිබුනෙ....මම බයෙන් බයෙන් කාමරේට ලන්වුනා....හිමින් සැරේ කාමරේ ඇතුලට එබිකම් කලා....හාන්සිපුටුව නිසොල්මනේ තිබුන....අද නම් හොල්මන් කරන බූතය නෑවගේ....මගෙ බය ටිකක් අඩුවුනා...කාමරේ ඇතුලට අඩිය තිබ්බ විතරයි.....හාන්සි පුටුව උඩ නිදාගෙන හිටිය පූසෙක් මාව දැකල...ජනේලෙ කැඩුන තැ නකින් පැනල දිව්ව....ඒ පැන්න පාරට පුටුව හයියෙන් පැද්දෙන්න ගත්ත.......මම ඊයෙ හොල්මනක් කියල බයවෙලා තියෙන්නෙ මේකටනෙ.....මට මාගැනම ලැජ්ජ හිතුන.....ඒ කාමරේ වැහුව මම....අනිත් කාමරේ අරින්න...යතුර හෙව්ව.....යතුරු දෙකක් විතර කැරකෙව්වම එකකින් ඇරුන.....ඒකෙ දොරත් ටිකක් තදවෙලා තිබුන....දොර ඇරල බැලුව...පරන ඇදන් දෙකක් තිබුන....වහලෙ බාල්කෙක රෙද්දක් ගැටගහල තිබුන.....මේකෙද දන්නෙ නෑ අර කෙල්ල එල්ලුනෙ...මට පීටර් මාමගෙ කතාව මතක්වුනා....මම ඒක දිහා හොදට බැලුව.....ඒකෙල්ල එල්ලිලා ඉන්නව මගෙ මනසෙ මැවෙන්න ගත්ත....දිව දොට්ට ඇවිල්ල ..ඇස්දෙක බෝල ගෙඩිදෙකක් වගේ ලොකුවෙලා......බෙල්ල කඩාහැලිල......දනහිසටත් වඩා දිග කොන්ඩෙ ...පල්ලෙහාට කඩා වැටිල.....සුදුපාට අත්දිග බ්ලවුස් එකකුයි දනහිසට වඩා දිග සායක් ඇදන් ඉන්න බව මනසට දර්ශනය වුනා....ඇත්තටම මේ ගැහැනු ලමය මෙහෙමද එල්ලිලා හිටියෙ....මගේ මනස තුල මැවෙන ඒ දර්ශනය ගන කල්පනා කලා.....ඒ දිහා බලන්න බැරි හින්ද මම බිම බැලුව....ජැනේලෙ ගාව මේසයක් තිබුන .....ඒකෙ මකුනු දැලුයි දූවිල්ලයි පිරිල....මට එක පාරටම මනසට පෙනුන පිරිමි ලමයෙක් පුටුව උඩ ඉදගෙන පොතක් බලනව....මේ මොනවද මට හිතෙන්නෙ....මම කල්පනාකලා....මෙතැන වැඩිය ඉන්න හොදනෑ....මම හිමින් ....පහලට බැහැල...නාන්න යන විදියට එලියට ගියා.....මගදි පීටර් මාම හම්බවුනා...අර මැරුනෛ කිව්ව ගැහැනු ලමයගෙ හැඩරුව කොහොමද..මම ඇහුව....ඒ ලමය හරි ලස්සනයි මහත්තය කොන්ඩෙ එහෙම ගොඩක් දිගට තිබුන....ලස්සන සුදු කෙල්ලෙක්....පීටර් මාම කිව්ව...ඒවෙලාවෙ ඇදගෙන හිටියෙ මොනවගෙ ඇදුමක් ද...මම ඇහුව.....බේබි මහත්තය මගෙන් ප්රස්න කරන්නෙ පොලීසියෙ මහත්තුරු වාගෙනෙ....පීටර් මාම කිව්ව....නෑ මාමෙ මට ඒ ගැන ටිකක් දැනගන්න හිතුන....මම කිව්ව...එයා ඇදගෙන හිටියෙ සුදු හැට්ටෙකුයි ...සුදු සායකුයි... ..පීටර් මාම කිව්ව....පුදුම වැඩක්නෙ මට ඒ වෙලාවෙ හිතුනෙ ඒ කෙල්ල මේ කියන විදියට ඇදගෙන ඉන්නව කියලනෙ...මට පෙනුනෙ ඒ ගැහැනු ලමයගෙ සැබෑ සුවරූපෙද....මට පුදුමයක් ඇතිවුනා......එතකොට කොල්ලෙක් ව දැක්කෙ ...ඒ කාමරේ හිටිය කොල්ල වෙන්න ඇති.....මේ ඔක්කොම මගෙ මනසට පෙනුනෙ කොහොමද....මම උපදින්නත් ඉස්සෙල්ලනෙ මෙයාල මෙහෙ ඉදල තියෙන්නෙ.....මම මනසින් වගේ දැක්කෙ එයාලගෙ අවතාරද....මට යම්කිසි චකිතයක් ඇතිවුනා.....

Saturday, July 23, 2016



(අත්භූත වලව්ව 3).......................................පීටර් මාමා කිව්ව කතාව හින්ද මගේ හිතට බයක් ඇතිවුනා....ඒ මැරුන කෙල්ලගෙ අවතාරයද දන්නෙ නෑ උඩ හොල්මන් කරන්නෙ.....මට හිතුන.....කොයි එකටත් රෑට නිදාගන්න කොට කල්පනාවෙන් ඉන්න ඕනැ.....රෑ දහය විතර වෙනකොට තමයි....සබ්ද වැඩියෙන් එන්නෙ කියල තේරුනේ.....ඇත්තටම මේ එන සබ්දෙ මොකක්ද....මේක අවතාරයක් කියල හිතා හිටියට අව්තාරයක් නොවෙන්නත් පුලුවන්....හොදම වැඩේ තමයි. සබ්ද එන වෙලාවට ගිහින් බලන එක.....ඒත් ආච්චි කියල තියෙනව උඩට යන්න එපා කියල....දැන් ආච්චි කාමරේ නිදි ඇති....මාගාව තිබුන විදුලි පන්දම අරගෙන ....කාමරෙන් එලියට ගියා....ආච්චිගෙ කාමරේ ගාවට ගියා....ආච්චිගෙ කාමරේ වහල තිබුනට ආච්චි කා එක්කද කතාකරනව ඇහුන...මම දොරගාව ඉදන් ආච්චි කතා කරන ඒව අහගෙන හිටිය....ඔයා බය වෙන්න එපා ඒ ලමය මෙහෙ නවතින්න ආවට එයාට උඩ තට්ටුවට යන්න දෙන්නෙ නෑ....ආච්චි කියනව ඇහුන....අනිත් එක්කෙනා කතාකරන හඩ මට නෑහුනත් ආච්චි කතාකරන හඩ ඇහුන.....හරි මම හෙට ඒ පුතාව හොදට බයකරන්නම් කො එතකොට උඩට යන්නෙ නෑ....ආච්චි ආයෙත් කියනව ඇහුන....ආච්චි මම ගැන කතාකරන බව තේරුනා....ආච්චි තනියම කියවනවද....මට සැක හිතුන......උඩ තට්ටුවෙ මොකක් හරි වටින දෙයක් ඇති ඒකයි ආච්චි මට එහාට යන්න දෙන්නෙ නැත්තෙ....මම කල්පනාකලා....කොයි එකටත් අද උඩට යන්න හොද නෑ හෙට දවල්ට යනව....හිතාගත්ත මම මගෙ කාමරේට ගිහින් දොර වහගත්ත.....ඇදේ ඇලවෙලා ටික වෙලාවයි ගියේ....කවුද කලු මිනිහෙක් ඇවිත් මගෙ බෙල්ල තද කරල අල්ල ගත්ත බව තේරුනා.....තෝ උඩ තට්ටුවට එහෙම යන්නෙ නෑ ගියොත් තොගෙ බෙල්ල මිරිකනව....මම බයවෙලා කෑගහගෙන නැගිට්ට....වටපිට බලනනකොට කවුරුවත් හිටියෙ නෑ....හීනයක් දැකල තියෙන්නෙ කියල මට තෙරුනා....හැම තිස්සෙම හිතේ බයෙන් ඉන්න කොට ඔහොම දේවල් පේනව...මට හිතුන...මම නැවත නිදාගත්ත. ඒත් උඩිනෙන සබ්ද හින්ද විටින් විට ඇහැරුනා.....හෙටනම් කොහොමහරි උඩට ගිහින් බලනව......උදෙන් ඇහැරුනු මගෙ සැලසුම උනේ ආච්චිට හොරෙන් සොල්දරයට නැගගන්න.....මම ගේ ඇතුලෙ ඉන්නකොට ආච්චි මාගැන ඇහැගහගෙන ඉන්නබව තේරුන හින්ද ඒ කටයුත්ත ටිකක් අමාරුවුනා....මම ගෙයින් එලියට බැහැල පිටින් උඩට යන තැනක් තියෙනවද කියල පරීක්ශාකලා...ඒත් එහෙම තැනක් හමුවුනේ නෑ...දැන් කරන්න තියෙන හොදම වැඩේ....ආච්ච්ට හොරෙන් ගෙට ඇතුලුවෙන එක....මම ඒකට සැලසුමක් හැදුව.....ආච්චි මම ඇලට යනව නාගන්න....මගේ නාන ඇදුම් අරගෙන එලියට ගියා....පරිස්සමෙන් ඇලේ නාපන්....කිව්ව ආච්චි....ගේ ඇතුලට යනව දැක්ක.....මම ටිකක් එහාට ගිහින් පදුරකට මුවාවෙලා ඉදල ආපහු ආව.....ආච්චි පේන්න හිටියෙ නෑ මම හිමින් සැරේ ගේ ඇතුලට ගියා......හිමින් සොල්දරේට නැග්ග.......මකුලු දැල් පිරිල තිබුන ඒව කැඩිල මගෙ ඇග පුරාම පැටලුනා....උඩට නැග්ග ...දූවිල්ල පිරිලතිබුන..ඒවගෙම තමා වවුල් ගද.....කාමර කීපයක් තිබුන ඒව වහල තිබුනෙ.....දොරවල් කාලෙකින් ඇරල නොතිබුන හින්ද මකුලු දැල් වලිනුයි දූවිලිවලිනුයි වැහිල තිබුන.....මම කොරිඩෝ එක දිගේ ගියා.....කාමර වල දොරවල් අරින්න හිත තිබුනත් ඇතුලෙ මොක්කු ඇත්ද කියල බය හිතුන....කොයි කාමරේද දන්නෙ නෑ අර කෙල්ල එල්ලිලා හිටියෙ...පීටර් මාමගෙ කතාව සිහිවුනා.....ඒ කාමරේ නම් සුවර් එකටම ඒ කෙල්ලගෙ හොල්මන ඇති...මට බයක් දැනුන. ඒත් දැන් දවල් හින්ද හොල්මන් නැතුව ඇති ...මට හිතුන..කාමර ඇතුල බලන්න දොරවල් වල යතුරු කවුලුවක් වත් තියෙනවද කියල බැලුව...යතුරු කවුලු තිබුනත් ඒවයෙන් ඇතුල පෙනුනෙ නෑ . එක දොරක යතුරු කැරැල්ලක් තිබුන....මේ යතුරු වලින් දොරවල් අරින්න පුලුවන් ඇති...හිතුනු මම....ඒ යතුරු කැරැල්ල දාල තිබුන දොරේ යතුර කැරකෙව්ව...යතුර කරකවල දොර තල්ලු කලා..ඒත් ඇරුනෙ නෑ ඇගේ වීරිය දාල හයියෙන් තල්ලුකලා එක පාරට දොර ඇරුන. කාමරේ ඇතුලෙන් දඩාස් ගාල සබ්දයක් ඇහුන...ඒකෙ ඇතුලෙ තිබුන පැද්දෙන හාන්සිපුටුවක් ...ඒක එක පාරටම හයියෙන් පැද්දෙන්න ගත්ත.....මට මෙලෝ සියක් නැතිවුනා....මම දිව්ව පාර ...මිදුලටම දුවල තමා නැවතුනේ.....

Friday, July 22, 2016



(අත්භූත වලව්ව 2).....................ආච්චි මගාවට ආව. මොකද ඔතෙන්ටවෙලා ඉන්නෙ උඩට එහෙම යනව නෙවෙයි.....ආච්චි කිව්ව...ඇයි ආච්චි මම උඩතට්ටුවට යනවට මේ තරම් අකමැති...මගෙ ගැටලුව තවත් වැඩිවුනා.....ඊයෙ රෑ නින්ද ගියාද පුතේ ....මේ කලවැද්දො උඩතට්ටුවෙ දගලනකොට පුතාට නින්ද යන්නෙත් නැතිවෙන්න ඇති...අපිටනම් ඕක හොදට පුරුදුයි.....ආච්චි කිව්ව.....ආච්චිගෙ මේ කතාව ඇහුවට පස්සෙයි මගෙ ඇගට ලේටිකක් ඉනුවෙ. මම හිතාගෙන හිටියෙ උඩතට්ටුවෙ හොල්මන් තියනව කියල....කොහොම හරි ආච්චිට හොරෙන් උඩට යන්න ඕනැ..මම හිතාගත්ත...දැන්නම් බෑ....ආච්චි ඉන්නව.....මම උදේ කෑමකාල වත්තෙ අවිදින්න ගියා.....ලස්සන පරිසරය හින්ද වටපිටව්ව බලමින් ඇවිද්ද....උඩු රැවුල ගනව වවාගත්ත කෙට්ටු උස මැදිවියේ කෙනෙක් මාගාවට ආව....ආ මේ බේබි මහත්තයනෙ මම බැලුව කවුද කියල ...කාලෙකින් දැක්ක හින්ද අදුනගන්නත් බැරිවුනා.....කවද්ද බේබි ආවෙ....එයා ඇහුව. ඊයෙ හවස...මම කිව්ව.....සර් ල මැඩම්ල ආවද...එයා ඇහුව...නෑ මම තනියම ආවෙ....තව කවුරු හරි යාලුවෙක් එක්ක ආවනම් හරිනෙ....එයා කිව්ව.....ඇයි එහෙම ඇහුවෙ....මම ඇහුව...නෑ මම කිව්වෙ මහත්තය පාලුවෙන් ඉන්න හින්ද....මෙයා කිව්ව.....මමට පාලුවක් නෑ අන්කල්....මම කිව්ව....ඒකට කමක් නෑ ටිකක් කල්පනාවෙන් ඉන්න....ඔය ගේ ඇතුලෙ සබ්ද ආවට ගනන් ගන්න එපා නෑහුනාවගේ ඉන්න....පීටර්මාම කිව්ව.... එයා තමයි වත්ත මුරකරන පීටර් මාම .එයත් හිටියෙ අච්චිගෙ ගේ ලග කාමරේක....ආච්චි කිව්වෙ ඒ සබ්ද එන්නෙ කලවැද්දො දගලන හින්ද කියල ඒත් මෙයා කියනව සබ්ද ආවට ගනන් ගන්න එපා කියල....ඇත්තටම මේ ගෙදර හොල්මන් තියෙනවද.....තාත්ත මම මෙහෙ එනවට අකමැති වුනේ ඒ හින්දද....මම නැවත ගේ ඇතුලට ගිහින් කල්පනා කලා. සමහර විට පීටර් මාම කියන්නත් ඇත්තෙ කලවැද්දො සබ්ද කරන හින්ද ගනන් ගන්න එපා කියල.....මට හිතුන...මට උඩ තට්ටුවට යන්න හිතුනත් ආච්චිට අහුවෙයි කියල බය හිතුන....මම දැක්ක පීටර් මාම එයාගෙ කාමරේට යනව...මම එයාව හම්බවෙන්න ගියා....පීටර් මාමෙ මේ ගෙදර උඩතට්ටුවෙ කලවැද්දො ඉන්නවද මම ඇහුව....උනුත් එක්කෙක් දෙන්නෙක් ඇති...අපි කවුරුවත් උඩට යන්නෙ නැති හින්ද දන්නෙ නෑ....එයා කිව්ව....ඇයි උඩට කවුරුවත් යන්නෙ නැත්තෙ.....මම ඇහුව. පොඩි සිද්දියක් උනා බේබි ..ඊට පස්සෙ කවුරුවත් උඩට ගියෙ නෑ....ඒ මොකක්ද මම ඇහුව....ඕව කියල බේබිව බයගන්වන්න ඕනැනෑ.....මාම කිව්ව...මම බයවෙන්නෙ පොඩි එකෙක් නෙවෙයිනෙ මාමෙ...කියන්නකො....මම ඇහුව......දැන් අව්රුදු ගානකට ඉස්සෙල්ල...එතකොට බාබිගෙ තාත්ත බැදල හිටියෙනෑ. ඒ උඩතට්ටුවෙ බේබිගෙ තාත්තගෙ යාලුවෙක්වෙන පව්ලක් නැවතිලා හිටිය....එහෙ හිටියෙ නෝනයි මහත්තයයි අවුරුදු දාසයක විතර එයාලගෙ පුතයි විතරයි....මාස කීපයක් එයාල හිටිය.....දවසක් පුතාට ගෙදර ඉන්න කියල එයාල කොහේද ගිහින් තියෙනව. එයාල එනකොට ගැහැනු ලමයෙක් බාල්කෙක එල්ලිලා මැරිල....පුතත් ආගිය අතක් නෑ.....මේ මැරිච්ච ගැහැනු ලමය කාගෙ කවුද කියල දන්නෙත් නෑ....අපි හිතන්නෙ මේ කොල්ල ගැහැනු ලමයෙක් එක්ක ඇවිත් මොකක් හරි නරක වැඩක් කලාට පස්සෙ කෙල්ල ලැජ්ජාවට එල්ලිලා කියල...ඊට පස්සෙ කොල්ලත් බයට ගෙදරින් පැනල ගිහින්කියල....එදා ඉදන් කොල්ල ගැන ආරන්චියකුත් නෑ..මැරුන කෙල්ල කාගෙ කවුද කියල දන්නෙත් නෑ...මේක ලොකු අභිරහසක් උනා....ඊට පස්සෙ කවුරුවත් ඔය සොල්දරේට ගියෙ නෑ......පීටර් මාම කිව්ව.
(අත්භූත වලව්ව 1).............................පුතේ ඔයා ආච්චිගෙ ගෙදර ගියාට කමක් නෑ....පරිස්සමින් ඉන්න...මම පාසැල් නිවාඩුවට ආච්චිගෙ ගෙදර යන්න ඕනැ කිව්ව හින්ද අම්ම කිව්ව....ආච්චි ජීවත්වුනේ නෙලුව කියන ගමේ ..එහෙ තියන සුන්දර පරිසරයට ආස කල හින්ද මට ඕනැවුනා ටිකදවසක් එහෙ නැවතිල නිවාඩුවක් අරන් එන්න.....මොකටද එහෙ යන්නෙ එහෙපොඩි කෙනෙකුට ජීවත්වෙන්න හොද තැනක් නෙවෙයි.....මම එහෙයනව කියල දැනගත්තා තාත්ත මට බැන්න....පුතා දැන් පොඩිලමයෙක් නෙවෙයිනෙ හෙට අනිද්ද විශ්වවිද්‍යාලයෙ යන්න ඉන්න ලමයෙක්...අම්ම මා පැත්තට කතා කලා.....මම මේක කියන්නෙ හේතුවක් ඇතුව....ඒ ගෙදර ලමයෙකුට තියා ලොකු කෙනෙකුටවත් ඉන්න බෑ....තාත්ත කිව්ව....මොකක්ද වෙලා තියෙන්නෙ එහෙනම් ඔයාගෙ අම්ම හොද අගේට එහාට වෙලා තනියම ඉන්නෙ......අම්ම කිව්ව....මේ නෝනා....අම්ම වෙනයි මේ පොඩිදරුවො වෙනයි.....ඒක හරි කතාවක් නෙ.... අම්ම එහෙ තනියම තියන්න හොදයි.....ඔහේලට තේරෙන්නෙ නෑ ඒ ගෙදර හොල්මන් වගේ අද්භූත දේවල් සිද්දවෙනව ඒකයි යන්න එපා කියන්නෙ..තාත්ත කිව්ව....මොන හොල්මන්ද අපි කී දවසක් එහෙ ගිහින් හිටියද.....මම නම් දැක්ක හොල්මනක් නෑ...නිකන් අපරාදෙ ඔය හොල්මන් කතා පොඩිඅයගෙ ඔලුවට දාන්න එපා..ඔය අම්මත් අගේට ඉන්නෙ.....අම්ම කිව්ව.....හරි හරි අම්මයි පුතයි ඕනැ දෙයක් කරගන්නව....තාත්ත කිව්ව.... .මේ හින්ද මට ආච්චිගෙ ගෙදර යන්න පුලුවන්වුනා.....ඒ නිවස පරන වලව්වක් වගේ විශාල ගෙයක් වුනා....තට්ටු දෙකක් තියනව කියල දැකගන්න පුලුවන්වෙන්නෙ ගේ ඇතුලට ගියහමයි......තරමක උස් බිමක පිහිටා තිබුනු ගේ වටේට සුන්දර කදුවලලක් පිහිටා තිබුන.....මේ ගේ පිහිටා තිබුනේ තේ වත්තක් මැද්දෙ හින්ද අනිත් ගෙවල් වලින් වෙන්වෙලා පාලු ස්වභාවයක් ගත්ත...ගෙයි ඇති පුරාන බව නිසා අත්භූත පාලුබවක් දැනුන.....ආච්චි එක්ක මෙහෙ හිටියෙ කුස්සියෙ උයන මැදිවියේ ගැහැනු කෙනෙක්...වත්තෙ මුර කාරයත් කාමරේක නිදා ගත්ත.....මම එහාට ගියාම ආච්චි මට කිව්වෙ....උඩ තට්ටුවට යන්න එපා කියල....මම දන්නව උඩ තට්ටුවෙ කාමර කීපයක් තියෙනව කියල...ඒත් ඇයි ආච්චි කිව්වෙ එහාට යන්න එපා කියල...මට ගැටලුවක් ඇතිවුනා.....මම ආච්චිගෙන් ඇහුව ඇයි එහාට යන්න එපා කියන්නෙ කියල....උබට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නෑනෙ...යන්න එපා.....ආච්චි කිව්වෙ එච්චරයි......මට දුන්නෙ පල්ලෙහා තිබුනු කාමරයක්...ඒකෙ මකුනුදැල් කඩල සුද්ද කරල ගන්න සෑහෙන්න වෙලාවක් ගියා.....එදා රෑ නිදාගත්තෙ ඒ කාමරේ තනියම...රෑ මට ඇහුන උඩ තට්ටුවෙන් විශාල සබ්ද කීපයක් ....සමහර වෙලාවට සොල්දරේ උඩ කව්ද කට්ටියක් දුවනව වගේ ඇහුන.....අමුතු කටහඩවල් ඇහෙන්න ගත්ත.....තාත්ත කිව්ව එක ඇත්ත තමයි මේ ගේ හොල්මන් ගෙයක්....මම රෙද්ද ඔලුවෙ හිටන් වහගෙන නිදා ගත්ත......සැරෙන් සැරේ සබ්ද එන හින්ද වැඩිය නින්ද ගියෙත් නෑ...ආච්චිට කතා කරන්න එලියට යන්නත් බයයි...අම්මෝ මෙහෙම ඉන්න බෑ හෙට උදෙම්ම ආපහු යනව....මම හිතා ගත්ත.....උදේ එලිවුනාට පස්සෙ නැගිට්ට මම....ගෙදර යන්න ලෑස්තිවෙන්න හිතාගෙන ..ආච්චි ගාවට ගියා....මම ගෙදර යන්න කියල ආච්චියෙ..මම කිව්ව....ආව ගමන් ඇයි ඉක්මනටම යන්නෙ ටික දවසක් මෙහෙ ඉදලම පලයන්කො.....උබල ඉතින් වැඩිපුර මෙහෙ එන එකක් යෑ.....ආච්චි කිව්ව.....ඊයෙ රෑ ඇහුන සබ්ද ගැන ආච්චිට කියන්න හිතුනත් ආච්චිත් බයවෙයි කියල මොකුත් කිව්වෙ නෑ....අනේ බන් උබ ගියොත් මටත් පාලුයි ඔය තියෙන එකක් කාල ටික දවසක් හිටහන්....ආච්චි මට ඉන්න බලකලා.....මොනව කරන්නද අද රෑටත් ඉදල බලනව....මම කල්පනා කලා....මොකද දන්නෙ නෑ ආච්චි කිව්වෙ උඩ තට්ටුවට යන්න එපා කියල....ආචිට හොරෙන් ගිහින් බලන්න ඕනැ....ඒත් බය හිතුන අර රෑ හොල්මන් කල හොල්මන් තියෙන්නෙ උඩතට්ටුවෙද දන්නෙ නෑ....මේ දවල් මොන හොල්මන්ද...හොල්මන් තියෙන්නෙ රෑටනෙ යනව බලන්න.....මම උඩට යන තරප්පු පේලිය ලගට වෙලා කල්පනා කලා...ඒ තරප්පු පෙල හදල තිබුනෙ ලීවලින්...සොල්දරේත් ලීවලින් හදල තිබුන හින්ද හොල්මන් වලට හොදට සබ්ද කරන්න පුලුවන් කියල මට හිතුන......මම මෙතැන කල්පනා කරමින් ඉන්න කොට ...

Thursday, July 21, 2016

(ජීවිතය සුන්දරයි 88)..අවසන් කොටස..........................පෝය නිවාඩුවක් එක්ක තිබුන දිග සති අන්තයක් අල්ලගෙන අපි අනුරාදපුරේ ගියා...තාත්ත ගෙදර නැවතුනත් අම්ම අපිත් එක්ක යන්න සූදානම් උනා.....අපේ හැම ගමනකටම නෙලුම් එක්ක යන එක පුරුද්දක් උනා....නෙලුම් දැන් වැඩකාරියෙකුට වඩා මගේ සහෝදරියෙක් වගේ මගේ ලගින්ම ඉන්නව....උදෙම්ම ගිය ගමන දවල් වෙනකොට අනුරාදපුරේට ළඟා වුනා......ශ්‍රී මහා බෝදීන්වහන්සේ රුවන් වැලි මහාසෑය වන්දනා කරගත්ත අපි කෑම කන්නත් එක්ක මම වැඩකල හෝටලේට ගියා...හෝටලේ ඒතරම් වෙනසක් වෙලා නෑ කියල පෙනුන...එහෙත් ඉස්සර හිටිය පිරිමි ලමයි හිටියෙ නෑ....ජෝන් මාම ඉන්නවද මුදලාලි...කෑම කාල ඉවරවුනාට පස්සෙ මම මුදලාලිගෙන් ඇහුව....අසනීපයි කියල අද ආවෙ නෑනෙ නෝන....එයාගෙ ගෝලය තමා අද ඉව්වෙ.....ජෝන් බාස්වුන්නැහෙව අදුනනවද....ඔව් මුදලාලි....කිව්ව මම මගේ අතේ සූදානම් කරගෙන හිටිය රුපියල් ලක්ශයක පමන මුදලක් මුදලාලිට දීල ....මුදලාලි එදා මට ඉගැන්නුව පලවෙනි පාඩම වන ගනන්කරල ගන්න මුදලාලි කිව්ව....මෙච්චර සල්ලි මට දුන්නෙ මොකටද නෝන....මුදලාලි පුදුමෙන් ඇහුව....මුදලාලි මට ලොකු වුදව්වක් කලා....මුදලාලිට මාව මතක නැතිවුනාට මට ඒ වුදව්ව මතකයි.....මම ඉතින් කාටත් උදව් කරනව තමා ඒවුනාට නෝනට කල උදව්වනම් මට මතක නෑ....නෝනට වැරදිලාද කොහේද....ඔහු කිව්ව....මට වැරදිලා නැහැ....මට හොදට මතකයි..මම කිව්ව..අනේ මම දන්නෙ නෑ නෝන.... කල වුදව් මතක තියාගෙන මේවගෙ දේවල් කරන අය වෙන ඉන්නවද කියල..කිව්ව මුදලාලි....ජෝන් බාස්වුන්නැහැ හම්බවෙන්න ඕනැනම් ගෙදරට යන්න වෙනව...මුදලාලි කිව්ව.නෝනල ගේ දන්නවද මුදලාලි තවදුරටත් ඇහුව.....යන්තන් මතකයි හරියට මතක නෑ....මම කිව්ව....මුදලාලි කඩේ ලමයෙකුට බයිසිකලයක් දීල අපිට පාර පෙන්වන්න කිව්ව....අපි ජෝන් මාමගෙ ගෙදර යනකොට පුටුවක්උඩ වාඩිවෙලා. ඉස්සරහ හිටිය....... ඔහු අපිව දැකල පුටුවෙන් නැගිටල හොදට බැලුව....ඔහු අසලට ගිය මම ජෝන් මාම අසනීපෙන් කියල ආරන්චි වුනා ඒකයි මෙහාට හොයාගෙන ආවෙ...මම කිව්ව....නෝන කවුද. මගෙන් ඇහුව...අදුනන්න බෑ නේද....මම ඇහුව.....මට හරියට මතක නෑ නෝන....ජෝන් මාම කිව්ව. මාමට මතකද මීට කාලෙකට ඉස්සෙල්ල. මාම ගාව වැඩකල හසිත.......ඔව් මට හොදට මතකයි..ඒ ලමය හරිම හොද ලමයෙක් මට තාම හම්බවුනේ නෑ ඒවගෙ හොද ගෝලයෙක්....මේ නෝන එයාගෙ නෑයෙක් ද?.....මගෙන් ඇහුව....එයා තමයි මම...අම්මට නෑහෙන්න කිව්ව.....මට විස්වාසකරන්න බෑනෙ....නෝන කොල්ලෙක් විදියටනෙ එහෙ වැඩකලේ.....මම කීයටවත් හිතුවෙනෑනෙ හසිත කියන්නෙ ගැහැනුලමයෙක් කියල....හැබැයි කෙල්ලෙක් වගේ ඇදගෙන පෝයට පන්සල් යනකොට ටිකක් සැක හිතුන...ඒත් විස්වාස කලේ නෑ.....එක අතකට නෝන එහෙම හිටිය එකත් හරි නැත්නම් ලොකු ගැටලු ඇතිවෙන්න තිබුන....මාම කිව්ව....බබෙක් බලාගන්න තියෙනව කියල නේද ගියේ...මගෙන් ඇහුව....මේ ඉන්නෙ ඒ බබා තමා.....ඒ බබාගෙ තාත්තව තමා මම කසාද බැන්දෙ.....මේ චූටි දුව තමා මට හම්බවෙච්ච බබා....මම හදුන්වලා දුන්න....නෝනට ලොකු වාසනාවක් පෑදිලා තියෙනව....මාම සතුටින් කිව්ව......මගෙ ඇගට හරි නෑ වගේ හින්ද වැඩට ගියෙ නෑ....මාම කිව්ව.....මාම කැමතිනම් අපේ නුවර එලියෙ හෝටලේ කෝකියෙක් විදියට වැඩකරන්න පුලුවන්නෙ....මම හොද පඩියක් දෙන්නම්....මහත්තය කිව්ව....අනේ එච්චර දුර යන්නෙ කොහොමද මහත්තය....නෝනත් තනියමනෙ....ඉතින් එයත් එක්ක එන්න මම ඔයාලට වෙනම කාමරයක් .දෙන්නම්......මහත්තය කිව්ව.....ටිකක් වෙලා කල්පනාකල මාම අපේ නෝන ගමනක් ගිහින් එයත් එක්ක කතාකරල දන්වන්නම්.....ජෝන් මාම කිව්ව....මාම බයවෙන්න එපා අපි ඕනැ උදව්වක් මාම වෙනුවෙන් කරන්නම්...මම කිව්ව.....මාම සතුටින් සිනාසුනා......
අපි ගෙදර ගියාට පස්සෙ ජෝන් මාමගෙන් පනිවිඩයක් ආව මහත්තය කිව්ව දේට කැමතියි කියල.....ඒ හින්ද අපි ඒදෙන්නව හෝටලේ රැකියාව දුන්න.....හෝටලේ සේවකයො ඉන්න හින්ද ජෝන් මාමට ඒතරම් මහන්සිවෙන්න ඕනැ නැති හින්ද ජෝන්මාම සතුටින් ඉන්නව කියල මට තේරුනා.....
දුවට අවුරුදු එකහමාරක් විතර වෙනකොට මට තවත් දරුවෙක් හම්බවෙන්න ලකුනු පහල වුනා....සදුනිට මම හින්ද හරි කරදරයක් නේද....මහත්තය ඇහුව....එහෙම හිතන්න එපා මහත්තය.....එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මහත්තය කැමති තරමක් බබාල මම හදල දෙන්නම්...මට ඒක සතුටක් මහත්තය මම කිව්ව.....ඔයා කොල්ලෙක් වෙලා උපන්න හින්දද මගෙ කෙල්ලෙ ගැහැනු කමට මේ ත්රම් කැමති...මහත්තය මගේ මුහුන සිපගනිමින් ඇහුව.....අනේ මන්ද මම ගැහැනු කමට ගොඩක් කැමතියි...මම පිලිතුරුදුන්න......මගෙ දෙවෙනි බබා පුතෙක් උනා..එයත් ලැබුනෙ සාමාන්ය විදියට හින්ද. දරුවෙක් ලැබෙනකොට විදින්න ලැබෙන වේදනාව සතුටින් විදගන්න පුලුවන් උනා.....මෙගේ කුසෙන් බිහිවුන දරුවො දෙන්නෙක් හිටියත් ලොකු පුතාට තියෙන ආදරේ පොඩ්ඩක් වත් අඩුකලේ නෑ ...එයාට මම එයාගෙ අම්ම නෙවෙයි කියල හැගෙන විදියට කටයුතු කලේ නෑ....මගෙ පුතේ ඔයා තමයි මට ඉස්සෙල්ලම හම්බවුනේ...ඒ හින්ද මගෙ පුතාට තමා මම ගොඩක්ම ආදරේ.....මම එයාට නිතර කිව්ව.....පුතා කවදාවත් එයාගෙ මල්ලි නන්ගි එක්ක රන්ඩුවෙනව දැක්කෙ නෑ...එයා ඒ දෙන්නට ආදරෙයි කියල අපිට තේරුනා......
ගැහැනියෙක් වෙනව කියන්නෙ අවාසනාවක්.... වැඩක් නැති කරදරකාරී ජීවිතයක් කියල හුගදෙනෙක් පිලිගත්තත් ඒ පිලිගැනීම වැරදියි කියල මම තේරුම් ගත්තෙ මම නියම කෙල්ලෙක් උනාට පස්සෙ....ඒ හින්ද කවදාවත් ආයෙත් පිරිමියෙක් වෙන්න හිතන්නෙ නෑ...මම හැමදාම ප්‍රාර්තනා කරන්නෙ මෙවැනි ගුනයහපත් ගැහැනියෙක් වෙන්න.............සමාප්තයි............
(ජීවිතය සුන්දරයි 87)...............................මම අයියගෙ නොම්මරේ හොයාගෙන එයාට කෝල් කලා....අයියෙ මම සදුනි නන්ගි කතාකරන්නෙ.....මම කිව්ව....සදුනි නන්ගි ඒ කවුද....අයිය ඇහුව.....ඇයි අයියෙ මතක නැද්ද.... ඔයාගෙ මාමගෙ ගෙදර....මම කිව්ව ....ඒ නන්ගිගෙ නම සදුනි නෙවෙයි.....වරුනි....අයිය කිව්ව. වරුනි කියන්නෙ මගෙ අක්කගෙනම. ඒ ..වරුනි අක්කගෙ නන්ගි කතාකරන්නෙ....මම කිව්ව. වරුනි අක්කට නන්ගිල හිටියෙ නෑ.....එහෙ හිටියෙ හසිත මල්ලි....අයිය කිව්ව....මට තේරුනා අයියට මාව සදුනි විදියට මතකය වෙනස්වෙලා නෑ කියල....ඒ හසිත මල්ලි තමා කතා කරන්නෙ...මම කිව්ව...ඔව් අම්ම කිව්ව දැන් මල්ලි කෙල්ලෙක් විදියට. සල්ලිකාර පවුලකට එකතුවෙලා ජීවත්වෙනව කියල...අයිය කිව්ව......ඒක දිග කතාවක් අයියෙ..මම අයියව හම්බවෙලාම කියන්නම්....මම කිව්ව......අයිය එන්නකො අපේ ගෙදර...මම අයියට ආරාධනා කලා.....මම වැඩ ඇරිල ගෙදර එනකොට අයිය ඇවිත් හිටිය.....මට අයියට මගෙ විස්තරේ කියන්න කවුරුවත් නැති තැනකට එක්ක ගියා....අයිය හිතාගෙන හිටියෙ මම තාමත් කෙල්ලෙක් විදියට ඇදගෙන ඉන්නෙ කියල....මගෙ විස්තරේ කිව්වට පස්සෙ තමයි එයා පිලිගත්තෙ...දැන් බලාගෙන යනකොට පුදුමාකාර වැඩ කරන්න පුලුවන් යෝගීවරුනෙ ඉන්දියාවෙ ඉන්නෙ...අයිය කිව්ව....... මගේ ඇත්ත විස්තරේ දන්නෙ අයියයි මහත්තයයි...මමයි විතරයි.....මට කෙල්ලෙක් වෙන්න උදව් කල දෙන්නම මාව කෙල්ලෙක් වුන හැටි මතක තියෙනව...අනිත් කවුරුවත් ඒක දන්නෙ නෑ.....මම දන්නව කවදාවත් මේ දෙන්න මේක කාටවත් කියන්නෙ නෑ කියල. කිව්වත් කවුරුවත් විස්වාස ගන්න එකකුත් නෑ.....මට හිතුන.....දැන් අයිය මොකද කරන්නෙ....මම ඇහුව. ජොබ් දෙක තුනකට දැම්ම තාම නෑ....අයිය කිව්ව....වෙන කොහේවත් යන්න ඕනැ නෑනෙ අයියෙ. මහත්තයගෙ කොම්පැනියට ජොයින්ට් උනානම් හරිනෙ...මම ඒකෙ අද්යක්සකෙනෙක්....තාත්ත ගෙනරල් මනේජ....ඉතින් අව්ලක් නෑනෙ....තමන්ගෙ තැන්වල වැඩකරන්න ගියාම ප්‍රශ්න වැඩියි නන්ගි....මම වෙන එකක් හොයාගන්නම්..අයිය කිව්ව...බය වෙන්න එපා මල්ලි මහ්ත්තය හරි හොදයි....මම ඔයාගැන මහත්තයට කියලත් තියෙනව...ඔයා කරපු වුදව්හිටන් කියල තියෙනව....අයිය අමාරුවෙන් එකතු කරගත්ත කිව්ව රුපියල් දාහ අරගෙන .ගෙදරින් දොට්ට බැහැපු මට අයියව අමතක වෙන්නෙ නෑ අයියෙ...මම කිව්ව.....ඔයාට ඔච්චර හතුරුකන් කරපු අක්කටත් ඔයා සැලකුව නේද....මට ඔහොමදෙයක් කලානම් සලකනව නෙවෙයි මූනවත් බලන්නෙ නෑ....එයාටත් ලැජ්ජ නෑනෙ ඔයාගෙන් උදව්ගන්න.....අයිය තරහෙන් කිව්ව....මට මොනව කලත් ඒ මගෙ අක්කනෙ අයියෙ....එයා හින්දනෙ මට මේ ඔක්කොම හම්බවුනේ......මම කිව්ව...ඒක නෙවෙයි නංගි මට නංගිගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතෙනව ඒත් ඕනැනෑ....අයිය කිව්ව....අහන්න අයියෙ ඕනැදෙයක් අහන්න.....මම කිව්ව. නංගි කෙල්ලෙක් උනාට පස්සෙ ගැහැනු ජීවිතේ ඉස්සර තිබුන පිරිමි ජීවිතේට වඩා කරදරයි කියල හිතෙන්නෙ නැද්ද....අයිය ඇහුව.....අපෝ නෑ අයියෙ මට කවදාවත් එහෙම හිතන්නෙ නෑ...ගැහැනු කෙනෙක් උනාම පොඩිපොඩි කරදර එනව තමයි. ඒත් මේ ජීවිතේ හරිම සුන්දරයි අයියෙ. මට අම්ම කෙනෙක් වෙන්න ලැබුනු එකම කොයිතරම් වාසනාවක් ද කියල දැන් හිතෙනව....ඒ කියන්නෙ පොඩි කනගාටුවක්වත් නෑ...අයිය ඇහුව...අයියෝ නෑ.... කිව්ව මම .......ඉස්සර ඉදන් මම ප්‍රාර්ථනා කලදේ ලැබුන කියල ගොඩක් සතුටුවෙනව...තවදුරටත් කිව්ව.
මම අයිය ගැන විස්තර මහත්තයට කිව්ව....සමහරු කැමති නෑනෙ තමන්ගෙ නෑදෑයො ගාව වැඩකරන්න....කමක් නෑ මම එයාට හොද තැනක් හොයල දෙන්නම්....මගෙ යාලුවන්ගෙ සොම්පැනි තියනවනෙ කතා කාරල බලන්නම්....ඇමති කෙනෙක්ව අල්ල ගත්තනම් රජයෙ එකකට හරි යන්න පුලුවන් වෙයි...බලමු...මහත්තය කිව්ව....වැඩිකල් ගියෙ නෑ . අයියට විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලැබුන....අයිය මහත්තයට ස්තූති කලා ඒක හදල දුන්නට.....මාත් එක්ක අපේ පවුලෙ හැමෝටම හරිගියේ මාව කෙල්ලෙක් උන හින්ද නේද මට හිතුන.....ඒ අතින් බලන කොට ගැහැනුකම කියන්නෙ කොයිතරම් වටිනා ජීවිතයක්ද....මම කල්පනා කලා....මේ අතරෙ මට වුදව්කල තවත් අය කල්පනා වුනා.....එයාල අනුරාද පුරේ මුදලාලියි ජෝන් මාමයි...මට එයාලටත් පුලුවන් උදව්වක් කරන්න හිතුන...එයාල හම්බවුනොත් හොදයි...ඒත් එයාල දැන් මාව අදුන ගනීද.මට ගැටලුවක් ඇතිවුනා ....මොනව උනත් මම එයාලවත් හම්බවෙන්න යනව...මම හිතාගත්ත....අපි අනුරාධපුරේ වන්දනා ගමනක් සැලසුම් කලේ ජෝන් මාම මුනගැසෙන්නත් බලාගෙන........

(ජීවිතය සුන්දරයි 86)................................දුවගෙ වයස අවුරුද්දක් විතර උනා. මේ වෙනකොට පුතා පාසැල් යන්න පටන්ගත්ත. එයාව දැම්මෙ ජාත්‍යාන්තර පාසැලකට. මගෙ තාත්ත පුතාව පාසැල් ගෙනියන්න බාරගත්ත හින්ද ...මට යම් අස්වැසිල්ලක් උනා.....සදුනි ඔයත් එක්ක මට වැදගත් දෙයක් ගැන කතාකරන්න ඕනැ....දවසක් මහත්තය කිව්ව....ඉතින් කියන්නකො...මම කිව්ව....මෙතැන ඉදගෙන කියන්න බෑ....නිදාගන්න ගියාම කතාකරමු....දුව හම්බවෙන්න ඉස්සෙල්ල මායි පුතයි මහත්තයයි නිදාගත්තෙ එකම ඇදේ. දුව හම්බවුනාට පස්සෙ දුව මගෙ තුරුල්ලෙ ඉන්න හින්ද....පුතා අනිත් ඇදේ නිදාගන්න පුරුදුවුනා..එයා අනිත් ඇදට ගියේ එයාගෙම කැමැත්තෙන් බව අපිට තේරුනා....ඒත් එයාට නින්දයනකන් මම පුතාව තුරුලුකරගෙන හිටිය........මගෙ අම්මල ආවට පස්සෙ එයා අම්මගාවත් නිදාගත්ත....මගෙ අමයි තාත්තයි පුතාට ගොඩක් ආදරේ හින්ද පුතා එයාලට වැඩිපුර එකතුවුනා කියල මට තේරුනා.....ඔයා කියන්න ඕනැ කිව්ව වැදගත් කතාව කියන්නකො....මහත්තය ගාව ඇලවුන මම කිව්ව....සදුනි ඔයා දැන් චූටි දුවෙකුගෙ අම්ම කෙනෙක්....මහත්තය කිව්ව...එතකොට පුතාගෙ අම්ම නෙවෙයිද....මම ඇහුව....අමතක උනානෙ පුතාගෙත් අම්ම තමා.....මහත්තය මගෙ හිස අතගාමින් පැවසුව..ඉතින් කතාව කියන්නකො...මම කිව්ව.....ඔන්න එකමත්තෙක කාලෙක.....මහත්තය කියනවිට....රජ කතාවක් කියන්නද මෙච්චර උවමනාවෙන් පටන්ගත්තෙ...මම ඇහුව.....මේ කත් එක්තරා රජකතාවක් තමයි....පෙරදිග එකක්ද අපර දිග එකක්ද මම සිනාසෙමින් ඇහුව....ඒ කොහේවත් නෙවෙයි අපේ ගෙදර එකක්......මහත්තය කිව්ව..අපේ ගෙදර ඉන්න කෙනෙක් රජිනියක් වෙන කතාවක්......අනේ මන්ද වැල්වටාරම් නැතුව කියන්නකො කවුද ඒ රැජිනි.....මම ඇහුව.....රජින ගැන කියන්න ඉස්සෙල්ල මගෙ කතාව කියන්නම්කො....කිව්ව මහත්තය....සදුනි දන්නවනෙ මගෙ වියාපාර කීපයක් තියෙනව කියල....ඒ වුනාට ඔයා ඒ එකක් ගැනවත් දන්නෙ නෑනෙ....හදිස්සියෙ මට අස්නීපයක් හැදුන....වෙන මොකක් හරි ගැටලුවක් උනා.....මගේ වියාපාර ගැන ඔයා දැනගන්න ඕනැනෙ....දැන් දුවටත් අවුරුද්දක් විතර වෙනව....පුතයි දුවයි බලාගන්න ඔයාගෙ අම්මයි නෙලුනුයි ඉන්නවනෙ...මම ඔයාව අපේ වැඩපලට එක්ක යනව....ඔයා ඒ හැමදෙයක්ම දැනගන්න ඕනැ. මම ඔයාට අද්යක්සක තනතුර දෙනව....ඔයා ඒක බාරගන්න ඕනැ....ඔයාගෙ තාත්තටත් දැන් හොදයිනෙ......තාත්ත කැමතිනම් එයාට මැනේජ තනතුරක් දීල අපේ වැඩවලට සම්භන්ද කරගන්න හිතාගෙන ඉන්නෙ.....අනේ මහත්තය මම ඔය වියාපාර ගැන මොකුත් දන්නෙ නෑ....මහත්තය එහෙම කියනවිට බියට පත්වුන මම කිව්ව....ඔයා බයවෙන්න එපා කරන්න ඕනැ ඔක්කොම මම කියාදෙන්නම්......ඔයාට හොද බුද්දියක් තියෙන හින්ද මේවැඩ අල්ලගන්න එක අමාරු වෙන්නෙ නෑ.....මට පිටරටකට ගියත් ඔයා වැඩපල බලාගන්නවනම් මට බය නෑ....මහත්තය කිව්ව......කවද්ද මම එන්න ඕනැ...මම ඇහුව....හෙට ඉදන් උනත් කමක් නෑ.....මහත්තය කිව්ව.....අනිද්ද බ්‍රහස්පතින්දා එදාට හොදයි ...හෙට බෝධි පූජාවක් කරල බාරයක් වෙලා එන්නම්..ඉස්සල්ලම වැඩකට අතගහන හින්ද.......මම කිව්ව...අම්මෝ කෙල්ල බයවෙලා තියෙන තරමක්...ඔච්චර බයවෙන්න එපා මම ලග ඉන්නවනෙ......මගෙ මහත්තය ලග ඉන්නකන් මම මොකටවත් බයනෑ මහත්තය....කිව්ව මම එයාගෙ පපුවට මුහුන තදකර ගත්ත......තාත්තට මේ කතාව කිව්වම අපි එක්ක වැඩකරන්න තාත්තත් කැමතිවුනා......කම්මැලි කමට ඉන්න එකේ ඒකත් හොදයි..තාත්ත කිව්ව...අපි බ්‍රහස්පතින්දා වැඩ පටන්ගත්ත මහත්තය අපිව වැඩපලේ ඉහල නිලධාරීන්ට හදුන්වලා දුන්න.. ..මටත් තාත්තටත් වෙනවෙනම කාමර දෙකක් වෙන්කරල දුන්න.....වැඩ පලේ කෙරෙන්න ඕනැ දේවල් මහත්තය අපිට කියල දුන්න......සමහර දේවල් මට වැරදුනාම මහත්තය මගෙ හිසට හිමින් ටොක්කක් අනින්න පුරුද්දක් උනා....මමත් මහත්තයගෙන් හිමින් ටොක්කක් ඇන ගන්න ඕනැවට බොරුවටත් වරද්දනව.....මේ අතර මගෙ නැන්දගෙ පුතා උපාධිය අරගෙන කැම්පස් එකෙන් පිටවුනා කියල ආරන්චිවුනා.....එයා මට හුගක් උදව් කල කෙනෙක් මමත් අයියට උදව්වක් කරන්න ඕනැ.....මම හිතාගත්ත.
(ජීවිතය සුන්දරයි 85)..............................මම අක්කව හම්බවෙන්න යනබව අම්මට කිව්ව....මම නම් ඕකිව බලන්නවත් කැමතිනෑ....ඔයා දන්නෙ නෑනෙ එදා ඔයාට විරුද්දව අපිට කොච්චර ඒව කිව්වද කියල...අපිත් ඒව පිලිගත්ත...ඒකට අපිත් වැරදියි....ලමයෙකුගෙ අතින් මොකක් හරි වැරද්දක් උනාම හොයල බලන්නෙ නැතුව එකපාරටම දොස් කියන එක.......අම්ම කිව්ව...තාත්ත මොකද කියන්නෙ....මම තාත්තගෙන් ඇහුව....අනේ මම දන්නෙ නෑ දුවට කැමති දෙයක් කරන්න...තාත්ත කිව්ව....එයා මට මොන වැරැද්දක් කලත් එයා මගෙ අක්කනෙ .....එක අතකින් මට මේ හැමදෙයක්ම ලැබුනෙ අක්ක මට කල වැඩේ හින්දනෙ....මම කිව්ව...අපිනම් එන්නෙ නෑ ඔයාල යන්න....අන්තිමේදී තාත්ත කිව්ව....ඉරිද දවසෙ මමයි මහත්තයයි දරුවො දෙන්නයි ඇබිලි පිටියෙ යන්න පිටත් උනා. බබාල බලාගන්න නෙලුම් එක්ක ගියා....අනේ දුවේ චූටි දුව පරිස්සම් කරගන්න.....චූටි දුවගෙ මුහුන ඉබ්බ අම්ම කිව්ව...ඇයි ආච්චි අම්මෙ චූටි දුව විතරද පරිස්සම් කරගන්න ඕනැ...මාව ඕනෙ නැද්ද ...පුතා ඇහුව.....පුතත් ඕනෙ මගෙ පුතේ....කිව්ව අම්ම පුතාගෙත් මුහුන සිපගත්ත.....අපි පුතාටත් ආදරෙයි නෙ පුතේ...මමත් පුතාට කිව්ව.....පුතා සන්තෝසෙන් මහත්තය එක්ක ඉස්සරහ ආසනේට නැග්ග.....උදෙන්ම පිටත් වුන අපි ඇඹිලිපිටිය ට යනකොට දවල් උනා...මහත්තය අපිව දවල් කෑමට හෝටලේකට එක්ක ගියා....කෑම ගත්ත අපි.....අක්ක ඉන්නව කිව්ව ඉසව්ව හොයාගෙන යන්න පිටත්වුනා....කලෑවෙන් වටවුන ඒ පාර දුස්කර මාර්ගයක් උනා...අපි ගිය වාහනේ නවීන පන්නයේ ජීප් රතයක් හින්ද එතරම් ගැටලුවක් උනේ නෑ....පොඩි වාහනේක ආවනම් ලෝක අමාරුවෙ වැටෙනව නේද සදුනි.....පාරෙ වලවල් දැක්ක මහත්තය කිව්ව...අපි අමාරුවෙන් අක්ක හොයාගත්ත....ඇය හිටියෙ පොඩි මඩුවක් වගේ තැනක....මාදිහා බැලුව අක්ක කීප සැරයක් මාදිහා හොදින් බලා....මේ අපේ සදුනි නන්ගි නේද.....ඇහුව.....මට අක්කට උනදේ අරන්චි වුනා ඒකයි ආවෙ....මම කිව්ව. ....මම හිතාගෙන හිටියෙ අදුරන එක්කෙනෙක් එනව කියල...නන්ගි එනව කියල දන්නෙ නෑ....අක්ක කිව්ව...කොහෙද අක්කගෙ ගේ තියෙන්නෙ....මම ඇහුව....මෙහෙතමයි....කුඩා පල්පතක් වැනි නිවස පෙන්වා ලැජ්ජාවෙන් කිව්ව...අයිය කෝ අක්කෙ ගෙට යනගමන් ...ඇහුව.....එයා වැඩකට ගිහින් එනකොට රෑවෙයි....අපි ආවකියල දන්වන්න විදියක් නැද්ද....මහත්තය ඇහුව...කෝල් එකක් දීල බලන්නම්....කිව්ව අක්ක කෝල් එකක් ගත්ත....ගන්නෙ නෑ වැඩ ඇති....අක්ක කිව්ව...එයා එහෙ මොකද කලේ.....මම ඇහුව...බස් එකක් එලෙව්ව ....පොඩි ගැටලුවක් වෙලා මෙහෙ ආව.....අක්ක කිව්ව.....අපි කතා කරමින් සටිනවිට කවුද තරුනයෙක් අපි ආව වාහනය දෙස බලමින් ගේ දෙසට එනව දැක්ක....මෙයාව දැක්ක අක්ක...තාරුක අපේ නංගි ඇවිත්....අක්ක ඒ තරුනයට කිව්ව....අපිව දැකල නැති එයා අපිත් එක්ක හිනාවුනා....මේ ඉන්නෙ මම බැදපු කෙනා තාරුක....එයාව අපිට හදුන්වලා දුන්න.....අපි සෑහෙන වෙලාවක් අපේ විස්තර කතා කරමින් හිටිය.......අක්ක මෙහෙ ඉන්නෙ නැතුව එහෙ ඉන්නපුලුවන්නෙ. අම්මයි තාත්තයි දැන් ඉන්නෙ අපේ ගෙදරනෙ.....මම කිව්ව. ...ඒ උනාට එයාල අපිට එහෙ ඉන්න දෙන එකක් නෑ...අක්ක කිව්ව....එගෙ ගේ ඉඩම අක්කට ලියල දුන්නාම හරිනෙ...මම කිව්ව....එයාල මට ලියයිද.....ඒක මම කරවල දෙන්නම් මම පොරොන්දුවුනා....මල්ලි කැමතිනම් මම මල්ලිට බස් එකක් අරන්දෙන්නම් එතකොට ගැටලුවක් නෑනෙ...මහත්තය කිව්ව....අයිය මොකුත් නොකියා සිනාසෙනව දැක්ක.....අපි එයාලෙගෙන් සමුගෙන එනකොට ....ඔයාගෙ අක්ක.හරිම අසරන වෙලා නේද සදුනි....ඔයාට කල වෙනස්කම් වල විපාක තමා ඔය විදින්නෙ..මහත්තය කිව්ව....ඒ වුනාට මට හරි ගියෙ අක්ක හින්දනෙ...මම සිනාසෙමින් කිව්ව....ඔයාට විතරක් නෙවෙයි මටත් හරිගියෙ ඔයාගෙ අක්ක හින්දනෙ....මහත්තය කිව්ව. අපි ගෙදර ඇවිත් අක්කගෙ අසරන තත්වය කිව්ව...තාත්ත...තරහෙන් හිටියත් අම්මගෙ හිත උනුවුන බව තේරුනා......අපි ඕව අමතක කරල ලොකු දුවට ගෙදර එන්න කියමු. අපි එයාට ඒ ගේයි ඉඩමයි ලියල දෙමු.....ඒකනම් ලොකු දෙයක් අම්මෙ...අම්මලට පින්සිද්දවෙනව.....මම කිව්ව....
අපි අක්කලව ගෙදර එක්ක ආව....මහත්තය අයියට අලුත්මබස් එකක් අරන් දීල....මහත්තයගෙ වැඩ පලේ සේවකයන් ගෙනියන රැකියාව එයාට දුන්න.....තාත්තගෙ ගේ පරාන බුක්තිය ඇතුව අක්කගෙ නමට ලියල දුන....අක්ක ඉස්සර මට කල වෙනස්කම් ගැන පස්චත්තාප වෙනව කියල මට තේරුනා....ඔය පරන දේවල් හිතෙන් අයින් කරන්න අක්කෙ....මම නිතරම කිව්ව.....
(ජීවිතය සුන්දරයි 84).................................අම්මවයි තාත්තවයි අපේ ගෙදර නවත්තගෙන සලකන්න හැකිවුන එක මගේ පිනක් කියල මට හිතුන. එහෙත් තාත්තට ඕනැ වුනේ නැවත ගෙදර යන්න.....දැන් තාත්තට එහෙයන්න ඕනැනෑනෙ....අපි ඔයාලට කිසිම අඩුවක් කරන්නෙ නෑනෙ...මහත්තය පැවසූ හින්ද තාත්ත ඒ අදහස අතහැර ගත්ත..මේහින්ද අම්ම තාත්ත අපි අතර ඉන්න එක අපිටද සහනයක් උනා.....පුතත් මගෙ අම්ම තාත්ත එක්ක යහලු වීමනිසා මටද යම් අස්වැසිල්ලක් උනා....සදුනි ඔයා කැමතිද දිගටම ඉගෙනගන්න...දවසක් මහත්තය මගෙන් ඇහුව.....අනේ මන්ද මහත්තය ...මම උත්තරයක් දුන්නෙ නෑ....ඔයාට දැන් එච්චර ගැටලුවක් නෑ නෙ ඒ හින්ද ඉගෙනගන්න පුලුවන්....මහත්තය තවදුරටත් කිව්ව....මහත්තය කියන හින්ද මම පුද්ගලික පාසැලකට ඇතුල්වෙලා උසස් පෙල හැදෑරුවා....මේ අතර මහත්තයගෙ අක්කට බබෙක් හම්බවෙන්න ඉන්නව කියල ආරන්චිවුනා....ඒ හින්ද අක්ක හුගක් සතුටින් හිටියෙ....නන්ගි ඔයත් එක්කෙනෙක් හදාගන්න....අක්ක බබෙක් ගැන මගේ හිතට දැම්ම....විභාගෙ ඉවරවෙලා බලනව මම කිව්ව....මගෙ විභාගෙට ඉස්සෙල්ල අක්කට දුවෙක් හම්බවුනා....අම්ම කෙනෙක් හිටියෙ නැති අක්කට මගෙ අම්ම එයාට හුගක් වුදව්කලා. මගෙ විභාග ප්‍රතිඵල ආවම මම හොදට පාස්වෙලා තිබුන....ඒ දව්ස් වෙනකොට මගෙත් යම්කිසි වෙනසක් දැනෙන්න ගත්ත....මහත්තය ආයෙත් තාත්ත කෙනෙක් වෙන්න එනව කියල හිතෙනව....ඒ කොහොමද කියන්නෙ..මහත්තය ඇහුව....මට ගියමාසෙ මාසෙ උනෙත් නෑ...මොකක් හරි වෙනසක් තියනව කියල තේරෙනව...මම කිව්ව...අපි ඩොක්ට කෙනෙක් හම්බවෙලා පරීක්ශා කරවගත්ත...මිසිස් සදුනි ඔයා අම්මකෙනෙක් වෙලා...ඩොක්ට කිව්වම අපිදෙන්න ගොඩක් සතුටුවුනා....එදා ඉදන් මාව බලා ගත්තෙ මගෙ අම්ම....කොල්ලෙක් විදියට උපන්න මට මේ විදියට අම්ම කෙනෙක් වෙන්න පුලුවන් වෙයි කියල හීනෙකින්වත් හිතුනද....මම සතුටින් කල්පනා කලා....මට බබා හබවෙන්න හිටිය හින්ද වැඩිදුර ඉගෙනීම නැවැත්තුව....බබා හම්බවෙන්න හිටියට කමක් නෑ ....ඔයා චාටට් එකවුන්ට් කරන්න...මහත්තය කිව්ව....මම කැමති නෑ මහත්තය මම කැමති බබාලට හොද අම්ම කෙනෙක් වෙලා ..මහත්තයට හොද බිරිදක් වෙන්න.....අපිට වෙන ගැටලු නැනෙ මහත්තය .....මටත් පුලුවන්නම් හොද අම්මකෙනෙක් බිරිදක් වෙන්න ඒක නේද මහත්තය අපේ ගෙදර තියෙන්න ඕනැ සුදරත්වය සතුට...මම මෙහෙම කිව්වම මහත්තය මාව ආදරයෙන් සිපගෙන ඔයාගෙ කැමැත්තක් කරන්න කෙල්ලෙ කිව්ව....මම දැන් කෙල්ලෙක් නෙවෙයි අම්මෙක්....මම කිව්ව.....මගෙ බබාට අම්මෙක් උනත් ඔයා මටතාමත් කෙල්ලෙක් සදුනි.....මහත්තය මාව තවදුරටත් සිපගත්ත......සමහර දවස්වලට මට වමනෙ ගියා...ඇගට අපහසු දැනුන....දැන්වත් තේරෙනවද ගැහැනියෙක් උනාම විදින්න වෙන කරදර...මහත්තය විහිලුවට මට කිව්ව....කොච්චර කරදර වුනත් අම්ම කෙනෙක් වෙනව කියන්නෙ කොයිතරම් උතුම් දෙයක්ද මහත්තය.....මම කිව්ව....සමහර දවස්වලට අක්ක දුවත් එක්ක අපේ ගෙදර එනව ඒ ආවම දවස් කීපයක් ඉන්නව.....ඒ දවස්වලට අපි ඉන්නෙ හුගක් සතුටින් ....පුතත් හුගක් කැමතිවෙලා ඉන්නෙ එයාගෙ නන්ගිට. මගේ කුස ලොකුවෙනකොට අපසුතාව තවත් වැඩිවුනා...ඒත් ඒක අපහසුවක් කියල මට තේරුනේ නෑ ..මහත්තය මට තවත්වත් ආදරේ කරනබව තේරුනා....මට හම්බවෙන්න ඉන්නෙ දුවෙක් කියල පරීක්ෂනවලින් දැනගත්ත. පුතෙක් ඉන්න අපිට දුවෙක් කිව්වම මහත්තය තවත් සතුටු උනා....මගේ දුව හම්බවෙන දවස ලන්වුනා.ඒකට මාව අතුල්කලේ පුද්ගලික රෝහලකට......මට දුව හම්බවුනේ සාමාන්ය විදියට..එදා මට තදබල වේදනාවක් දැනුන....මම හයියෙන් කෑගැහුව....දුවගෙ මුහුන දැක්කම ඒ වේදනාව නැතිවුනා.....මම කවදාවත් බලාපොරොත්තු නොවුන තවත් අත්දකීමක් ලබාගත්ත....ඒ වින්ද වේදනාව සුන්දර වේදනාවක් බව තේරුනේ චූටි දුව මගේ පියයුරුවලින් කිරි උරා බොනවිටයි....අපේ පුතා නංගියෙක් හම්බවුනා කිව්වම සතුටුවුනා....පුතා දැන් පාසැල් යන .හින්ද එයාට හින්දට තේරෙනව.....
දුවේ අපි දුවට මගෙ ගේ ලියල දෙන්න හිතාගෙන ඉන්නෙ....දවසක් තාත්ත මට කිව්ව....මට එපා තාත්තෙ ...ඒව අක්කට දෙන්න...මම කිව්ව...මතක් කරන්න එපා...ඒකිට මගෙ මොකුත් දෙන්නෙ නෑ.....අම්මත් කිව්ව...පවුනෙ අම්මෙ අක්කනෙ...මම කිව්ව....ඔයාව පන්නන කොට එයාට ඔය පව්පින් මතක් උනේ නෑනෙ. අම්ම කිව්ව....කොහේද අම්මෙ අක්ක ඉන්නෙ....ඇබිලිපිටියෙද කොහේද කියල කෝල් කලේ..මම මොකුත් ඇහුවෙනෑ ...අම්ම කිසිවක් ගනනකට නොගෙන කිව්ව.....අක්කගෙ නොම්මරේ දෙන්නකො මම කතා කරල බලන්න....මම කිව්ව....සදුනිටත් ලැජ්ජ නෑ....කිව්ව අම්ම මට තාත්තගෙ පෝන් එකදුන්න හොයාගන්න....කතා කල දිනේ හොයගත්ත මම අක්කට කතා කලා.....මම යහලුවෙක් කියල අක්කට කියල .එයාල ඉන්න තැන හොයාගත්ත.....මම මහත්තයට අක්ක ගැනකිව්ව....මහත්තය අක්කව හම්බවෙන්න කැමතිවුනා.....