Monday, July 31, 2017

හදිසි අනතුර 96.........................ඇයි දුවේ ඔයා තරම්ම ගැහැණු ළමයෙක් වෙන්න කැමති......මගේ සැකය තහවුකරමින් ඇසුවාය....මම කැමතිවුනාට අම්මල කැමති නෑනෙ.....මා අමනාපයෙන්මෙන් පැවසුවෙමි......අපේ කැමත්ත අකමැත්ත ගැන නෙවෙයි ඇහුවෙ......ඔයා ඕකට ඔයතරම් කැමති ඇයි කියල......ගැහැනු ළමයි පිරිමි ළමයින්ට වඩා හොඳයි ......මා කෙටියෙන් පිලිතුරු දුන්නෙමි.......ඔයා කොහොමද ඔහොම කියන්නෙ.....ඇය ඇසුවාය.......මම කොල්ලෙක් විදියට පිරිමි ඉස්කෝලෙකට ගියා ඊට පස්සෙ ගැහැණු ළමයෙක් විදියට ගැහැණු ඉස්කෝලෙකට යනව ....ඉතින් මම දන්නෙ නැද්ද අම්මේ ඒ දෙගොල්ලගෙ වෙනස......මා ඇයට පැහැදිලි කලෙමි. ......හරි හරි මට තේරෙනව......පැවසූ අම්මා......ඔයාට හිතෙන්නෙ නැද්ද ගැහැණු ළමයෙක් වුනාම ජීවිතය ටිකක් කරදරයි කියල......ඇසුවාය. මම හිතුව වගේ ඔය එන්නෙ අම්ම නියම මාර්තුකාවට. මෙයා හදන්නෙ ගැහැනු කමේ කරදර ගැන කියල ගැහැණුකම එපාකරවන්න.....කල්පනාකල මා......එහෙනම් ඔය ගැහැණු ළමයි ඉන්නෙ හොදට.......මා කීවෙමි.....ඉන්නව තමයි....ගැහැනු වෙලා උපන්න හින්ද.....ඇය ගැහැණු ජීවිතය ගැන කලකිරවීමේ ස්වරයෙන් පැවසුවාය.....ඇය මෙසේ පැවසූවිට මට යම්කිසි සිත්වේදනාවක් ඇතිවිය.....ඇයි අම්මෙ එහෙම කියන්නෙ...අම්මත් ගහැනියෙක් නේද.....අම්මට මොනවයින්ද අඩු......මා තරමක නෝක්කඩු හඬින් ඇසුවෙමි.......මොකුත් අඩුවක්නම් නෑ තමයි දුවේ....ඒත් ගැහැණු ළ්මයෙක් වුනාම පිරිමි ළමයි වගේ නෙවෙයිනෙ.....ගොඩක් පරිස්සම් වෙන්න ඕනැ.....තනියෙම ඉන්න බෑ .....තනියම කොහේවත් යන්න බෑ.....නිතරම සැකෙන් බියෙන් තමා ඉන්න වෙන්නෙ.....ඇය එසේ කියනවිට.....අනේ බොරුනොකිය ඉන්න අම්මෙ......අම්මට ඔය මොකුත් කරදර තියෙනවද....අම්මට කොහේ හරි යන්න හිතුනම තනියම කාර් එකේ නැගල යන්නෙ...මා ඇසුවෙමි..ඒ දවල්ටනෙ....රෑපානෙ කොහේවත් යන්න බෑනෙ......ඇය මගේ පැනයට පිලිතුරු දුන්නාය......රෑට තනියම කොහේ යන්නද අම්මෙ ගෙටවෙලා නිදා ගන්නව මිසක්.....අනිත් එක රෑට එහෙමෙහෙයන්නෙ හොරුනෙ......මා කීවෙමි......අනේ මන්ද ඔයාට මේව තේරෙන්නෙ නෑ.....පැවසූ අම්මා.....ඒ විතරක් නෙවෙයිනෙ දුවේ තව කරදර තියෙනවනෙ.....කීවාය.....අම්ම ඔය කියන්න හදන්නෙ ගැහැනුන්ට ළමයි හම්බවෙනව කියන එකනෙ.....අනේ අම්මෙ මට ඒක ගැන කියන්න එපා මාත් කවදහරි අම්ම කෙනෙක්වෙන්න කැමතියි......ඇය පැවසීමට හැදූ දෙය කුමක් උවත් මා එසේ කීවෙමි......ඒ විතරකුත් නෙවෙයිනෙ තවත් කරදර තියෙනවනෙ......ඇය කීවාය.....හරි හරි අම්මෙ ඒකත් මම දන්නව.....ඩොක්ට මට කියාදුන්න ගැහැණු අයට මාසෙකට සැරයක් වෙන දේ.....ඉතින් අනිත් ගැහැනු අයට ඒකට මුහුනදෙන්න පුලුවන්නම් මට බැරි මොකද......මා කීවෙමි.......ඔයා මේ ඔක්කොම දැනගෙනනෙ ගැහැනු ජීවිතයට මේතරම් ආශකරන්නෙ......හරි හරි ඒක ඉතින් ඔයාගෙ කැමැත්තනෙ.......හැබැයි පස්සෙ කියන්න එපා ගැහැනියෙක් උන එක කරදරයි කියල.....අවසාන වසයෙන් ඇය කීවාය......මම කවදාවත් එහෙම කියන්නෙ නෑ අම්මෙ.....මට දුක මාව පිරිමිළමයෙක් වෙලා උපන්න එකට.....ගැහැනු ළමයෙක් වෙලා උපන්නනම් මේ කරදර නෑනෙ......මා කීවෙමි.....ඔයා ගැහැනු ළම්යෙක් වෙලා උපන්නනම් මාත් ගොඩක් කැමතියි.....පැවසූ අම්මා......දිගු සුසුමක් පිටකර.......මම ගොඩක් ආශාවෙන් හිටියෙ ගැහැණු ළමයෙකුට.....ඒත් ඔයාල දෙන්නම පිරිමි ළමයි උනා....මට හිතෙනව තාත්තත් ගැහැනු ලමයින්ට ගොඩක් ආශාවෙන් හිටියෙ කියල.....ඒත් මොනව කරන්නද......ඇය දුක් මුසුව පැවසන්ට වූවාය......අම්මයි තාත්තයි මේතරම් ගැහැණු ළමයින්ට කැමැත්ත තියාගෙන ඇයි ඔයාල මාව ආයෙත් පිරිමි ළමයෙක් කරන්න හදන්නෙ......මා ප්‍රස්නකලෙමි.....ඒක වෙන කතාවක් දුවේ....පැවසූ ඇය සුසුමක් හෙලා... මගේ හිස පිරිමදිමින්ට වූවාය......මොකක්ද දන්නෙ නෑ මෙච්චර පුලුවන්කම තියෙද්දි අම්මලට මාව ගැහැනු ලමයෙක් කරන්න තියෙන බාධාව......සමහර විට සමාජයෙන් නෑදෑයන්ගෙන් එල්ලවෙන ගැටලු හින්ද වෙන්න ඇති......මා ඇයගේ උකුල මත හිසතබාගෙන කල්පනා කලෙමි.....මොකක්ද අම්මෙ ඒ.... පුතා දුවෙක් උනා කියල මිනිසු හිනාවෙයි කියලද..... ඇසුවෙමි......එයාල මොනව කිව්වම අපිට මොකද දුවේ.....ගැහැනු වෙලා උපදින්න හොදනම් ගැහැණු උනාම මොකදවෙන්නෙ.....තරහෙන් මෙන්...පැවසූ ඇය.... ඒක නෙවෙයි.හේතුව ....කීවාය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: