හදිසි අනතුර 85.........................................................................................................දැන් මෙයා ගැහැණු ජීවිතය ලැබිල වැඩි කාලයක් නැතිහින්ද. ආයෙත් පිරිමි ජීවිතයට අවතීරනය වෙන්න ලේසියිකියල මටත් හිතෙනව.....ඒත් මේ දරුවගේ මානසික තත්වය ගැන තවටිකක් බලන්න ඕනැ....ඒ හින්ද කලබල නොවී...මේ දරුවත් එක්ක කතාකරල තීරනයක් ගන්න.......මා නොහිතූ ලෙස වෛද්‍යවරයා එසේ පැවසීම මගේ සිතතුල යම් සැනසීමක් ඇතිවිය......එතකන් මේ හෝමෝන් ප්‍රතිකාර දිගටම ගන්න......තව සතියකින් ඔයාල ගන්න තීරනය මට කියන්න......ඔහු තවදුරටත් පැවසුවේය.
මොකක්ද අම්මෙ ඔයාල මට මේ කරන්න හදන්නෙ......වාහනයේ ගෙදර පැමිණෙන අතරතුර මා ඇසුවෙමි.......එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඩොක්ටස්ලට වෙන කරන්න දෙයක් තිබුනෙ නැති හින්දනෙ ඔයාව ගැහැණු ළමයෙක් බවට පත්කලේ......දැන් ඒක නිවැරදි කරගන්න පුලුවන්කම තියෙනවනම් ඒක ලොකුදෙයක්නෙ පුතේ. එකට සල්ලි ටිකක් වියදම් වෙයි . කොච්චර වියදම් ගියත් ඔයාගෙ නැතිවී ගිය ඒ ජීවිතය ආයෙත් ලබල දෙන්න පුලුවන්නම් ඒක ලොකුදෙයක්......තාත්තා හැගීම්බරව ප්‍රකාශකරන්ට විය.......මට මොකුත් නැතිවුනේ නෑ තාත්තෙ...මට මේ ඉන්නවිදිය හොදයි......මා පැවසුවෙමි.......ඔයා තාම පොඩියි....ඔයාට මේ ගැන වැඩිය බරපතල කමක් තේරෙන්නෙ නෑ.....ඔයාට තිබුනු පරන ජීවිතය ආයෙත් ලබාගන්න පුලුවන්නම් ඒක තමා කලයුතු හොදම දේ......තාත්තා දැඩි සවරූපයෙන් පැවසීම........මගේ සිතට දැඩි දුකක් ඇතිවිය.....මා මින්පසු කිසිවක් නොපැවසුවේ තාත්තා සමග තර්ක කිරීමට යෑම එතරම් සුබදායක දෙයක් නොවනබව හැගීගිය නිසාය....
මා කිසිම කතාවක් නැතුව ගෙදර ගියෙමි...කොහේද යන කොල්ලෙකුගේ පිරිමි ලිංගයක් බද්දකරල...තාත්ත හදන්නෙ මාව ආයෙත් පිරිමිලමයෙක් බවට පත්කරන්න....ඒදවස්වල මට තිබුන එකටත් වෛර කල මම මේ වෙනකොල්ලෙකුගෙ එකක් බද්ද කරගෙන ඒක තියාගෙන ඉන්න පුලුවන්ද......තිබුන එක නැතිවුනාට පස්සෙ කෙල්ලෙක් වෙලා සැහැල්ලුවෙන් ඉන්න මට පුලුවන්ද වෙන කොල්ලෙකුගෙ එකක් ආපහු එල්ලගෙන ඉන්න.....මට එපා ආයෙත් පිරිමි ලිංගයක් ......මා කාමරයට ගොස් කල්පනා කලෙමි.....
මොකද දුවේ අද මුහුන එල්ලගෙන වගේ......පසුදින උදෑසන මා කනගාටුවෙන් යුතුව සිටිනවිට අම්මා ඇසුවාය......වැඩිකල් යන්න ඉස්සෙල්ල මට ආයෙත් මේවගෙ සුදු ගවුමක් ඇදගෙන ගෑනු ඉස්කෝලෙට යන්න බැරිවෙනවනෙ......මා කනගාටුවෙන් යුතුව පැවසුවෙමි.........අනේ මන්ද දුවේ තාත්තට ඕනැකම තියෙන්නෙ ඔයාව ආයෙත් කොල්ලෙක් කරන්න......එක අතකට බලනකොට තාත්ත කියන එකෙත් ඇත්තක් තියෙනව......අම්මා කීවාය.....ඒ මොකක්ද ඒකෙ තියෙන ඇත්ත මා ඇසුවෙමි.....ඔයා තාම පොඩිනෙ.....පොඩි කමට එක එක දේවල් හිතෙනව. ඔයාට කවද හරි හිතුනොත් ගැහැනියෙක් උනේ අපරාදෙ කියල.....ඇය පිලිතුරු දුන්නාය......අම්ම හිතනවද මට එහෙම හිතෙයි කියල.......මා ඇසුවෙමි. ......දැන් හිතෙන දේවල් නෙවෙයිනෙ දුවේ එදාට හිතෙන්නෙ.......අම්මා තාත්තාගේ අදහස අනුමත කරමින් පැවසුවාය........මට කවදාවත් එහෙම හිතෙන්නෙ නෑ අම්මේ.....මා දැඩිලෙස කියා සිටියත් ඇය මා කියන දෙය පිලිගැනීමට අකමැතිවිය.
මා වෙනදා මෙන් පාසැල් ගියත් වෙනදා මෙන් සතුටින් නොසිටීම යෙහෙලියන්ට ගැටලුවක් විය......තාත්තාගේ අදහස සහ මට සිදුවීමට යන සිද්ධිය මොවුනට පවසන්නේ කෙසේද යනගැටලුවට මැදිවුනෙමි......තාත්ත කිව්ව මාව මේ ස්කෝලෙන් අස්කරල වෙන ඉස්කෝලෙකට දානව කියල......මට ඔයාල දාල යන්න බෑ ඒකයි......අවසානයේ මා ඔවුනට පැවසුවෙමි.....ඔයා යනවට අපිටත් දුකයි......ඔයා අපිත් එක්ක එකතුවෙලා වැඩිකල් නොගියත් ඔයා අපිට ගොඩක් ලන්වුනා......ඔවුන් මාව තුරුලුකරගෙන කනගාටුව ප්‍රකාශකරන්ට විය.......ආයෙත් මාව කොල්ලෙක් උනොත් මේවගේ ගැහැනු ලමයින් එක්ක තුරුලුවෙලා ඉන්නෙ කොහොමද..මට ආයෙත් සිද්දවෙන්නෙ කොල්ලන්ගෙ තියෙන දඩබර කම්වලට මුහුනදෙන්න........මට බෑ ආයෙත් කොල්ලෙක් වෙන්න මම කොහොම හරි තාත්තගෙ අදහස වෙනස්කරනව..... සිතාගත්තෙමි.....
මට බෑ අම්මෙ ආයෙත් කොල්ලෙක් වෙන්න ....ගෙදර පැමිනි මා අම්මාට දැඩිලෙස කියා සිටියෙමි......මේ ඔයා වැඩකරන්න ඕනැ තාත්ත කියන විදියට මිසක් ඔයාට ඕනැ විදියට නෙවෙයි......මට පුලුවන් කම තියෙනවනම් ඔයාට ආයෙත් පිරිමි ඇදුම් අන්දවනව ඒත් ඔයා දැන් යන්නෙ ගැහැනු ඉස්කෝලෙකට හින්ද එහෙම කරන්නත් බෑ......අම්මා ඉතා තදබල ලෙස කියා සිටියාය.....
No comments:
Post a Comment