හදිසි අනතුර 88..................................උදැසන අවදිවූ මා වෙනදිනවලට වඩා ඉක්මනින් පාසැල් ගවුම ඇදගත්තේ ගැහැනු ලමයෙකු ලෙස සිටීමට තිබුනු දැඩි ආශාව නිසාය.... මොකද අද ඉක්මනටම ලෑස්තිවෙලා.....උදෙම්ම යන්නද හදන්නෙ......අම්මා ඇසුවාය......නෑ අම්මෙ නිකන් ඇදගත්ත.....මා පැවසූ විට අම්මා කටකොනකින් සිනාසෙනු දුටුවෙමි......එහෙත් ඇය කිසිවක් නොකීවාය.....
මොකද තිලිනි ඔයාගෙ කන්දෙක පාලුවෙලා.......යෙහෙලියක් මගේ කන්පෙති දෙස බලා පවසන විට ඊයේ සවස අම්මා මගේ කරාබු දෙක ගලවා ගත්බව මතක් විය......හානේ ඊයෙ ඒව හෝදන්න ගැලෙව්ව දාගන්න බැරිවුනානෙ....මට හදිස්සියේ මතක් වූවාසේ පැවසුවෙමි.......අම්මයි තාත්තයි කරන වැඩවලට මම තමයි විදවන්නෙ .......මා දුක්බරව කල්පනා කලෙමි.....මට මේ ගැහැනු ලමයෙකුගෙ ගවුමක් ඉල්ල ගත්තොත් ගෙදර ගිහින් අම්මට හොරෙන් ඇදගෙන ඉන්න පුලුවන්....ඒත් කොහොමද මම ඉල්ලන්නෙ......මෙයාල ඔක්කොමල්ල දන්නව අපේ තාත්තට හුගක් සල්ලි තියෙනව කියල. මොකක් හරි උප්පැර වැට්ටියක් කරල ගවුමක් ඉල්ල ගන්න ඕනැ......වෙනුරි හොද කෙල්ල...එයාගේ ඇගේ ප්රමානයත් මගේ වගේ.....එයාගෙන් ගවුමක් ඉල්ලගන්න ඕනැ සිතුනු මා......වෙනුරි ඔයා රෑට අදින්නෙ නයිට් ගවුමද එහෙම නැත්නම් පිජාම කලිසමයි බ්ලවුස් එකයිද.......ඇසුවෙමි......මම අදින්නෙ නයිටිය.....ඇයි එහෙම ඇහුවෙ තිලිනි......ඇය ඇසුවාය......අම්ම මට නයිට් ගවුන් අදින්න දෙන්නෙ නෑනෙ.....පිජාම කලිසම තමා අදින්නෙ.......මම හරි ආසයි අනේ නයිට් ගවුමක් ඇදල බලන්න.......මා කීවෙමි......අම්මට කියන්නකො ගවුමක් ගෙනත් දෙන්න කියල.....ඇය කීවාය.......අම්මට කිව්වට අහන්නෙ නෑ අනේ.....අරවම තමා අදින්න කියන්නෙ......මා පැවසුවෙමි.......ඔයා ඔච්චරටම ආසනම් මම මගෙ ගවුමක් ගෙනත් දෙන්නම්......ඇය එසේ පැවසූවිට මගේ උත්සාහය පලදරා ඇතිබව තේරුනු මට සතුටේ නිමාවක් නොමැතිවිය.......අනේ කෙල්ලෙ ඔයාට පින්සිද්ද වෙනව ගෙනත් දෙන්නකො......මා කීවෙමි. ඒත් වෙනුරි ඔයාගෙ ගවුන් මට දුන්නම ඔයාට......මා ප්රශ්නකලෙමි......මට තව ගවුන් තියෙනව අනේ......ඇය ගනනකට නොගෙන කීවාය......
ගෙදර ගිය මට අදින්න ලබුනේ කොල්ලො අදින ඇදුම් පමනි.....මා ඒවා ඇද සිටියේ ඇදීමට වුවමනාවට පමනක් නිසා මිස කිසිම කැමැත්ත්කින් නොව. ....හෙට වෙනුරි ගවුමක් ගෙනාවොත් රෑට හරි ඇදගෙන ඉන්න පුලුවන් .....මා කල්පනාකලෙමි.......හෙටනම් මම ඉස්කෝලෙ යනකොට කරාබු දෙක දාගෙන යන්න ඕනෙ අම්මෙ......කනේ කරාබු නැතිවුනාම එක එක ඒව අහනව.....මා අම්මාට කීවෙමි......ඉස්කෝලෙට විතරයි.....ගෙදර ආවහම ගලවන්න ඕනැ.....අම්මා කීවාය......
තිලිනි මම ඔයාට ගවුමක් ගෙනාව.....ගෙදර ගිහින් ඇදල බලන්න.....පැවසූ වෙනුරි පාර්සල් කර රැගෙනවිත් තිබුනු ඇදුම් පාර්සලය මගේ බෑගයට දැමුවාය.....මා ඇයට ස්තූති කරමින් එය බාරගත්තෙමි.......දැන් ඉතින් මේක අම්මට හොරෙන් තියාගන්න ඕනැ මා......කල්පනා කලෙමි. ගෙදර ගිය මා පලමුවෙන්ම ඇදුම් පාර්සලය පොත් කබඩයේ සගවා තැබුවෙමි. දැන් ඉතින් රෑට මේක ඇදගෙන නිදාගන්න පුලුවන් මා සිතුවෙමි.......මාව දැන් කෙල්ලෙක් වෙලත් නීතියෙනුත් කෙල්ලෙක් කියල පිලි අරගෙන තියෙද්දිත් මට මොකද මේ වුනේ......ඇයි මට ගැහැනු ලමයෙක් විදියට ඉන්න නිදහස නැත්තෙ. මාව කෙල්ලෙක් වෙලාම උපන්නනම් මේ කිසිම කරදයක් නෑනෙ......මාව පිරිමි ළ්මයෙකු ලෙස ඉපදීම ගැන කනගාටුවෙන් කල්පනා කලෙමි......මොකක් හරි වාසනාවකට මාව කෙල්ලෙක් බවට පත්වුනත් මගේම අවාසනාවට ඒ ගැහැනු කම ආරක්ෂා කරගන්න බැරිවුනානෙ......මා තවදුරටත් දුක්බරව කල්පනා කලෙමි.......
දිවා කල පිරිමි ඇදුමෙන් සිටි මා රාත්රී කාමරයට ගියේ වෙනුරි දුන් ගවුම ඇදගෙන නින්දට යෑමේ බලාපොරොත්තු ඇතිවය......දොර වසා අගුලු දමා ගත්මා.......ඇදගෙන සිටි පිරිමි ඇදුම් ගලවා.......වෙනුරි දුන් ඇදුම දිගහැර බැලුවෙමි.......හොදින් සෝදා නවා තිබුනු එය අත් වලට සහ කරට මල්හැඩ දමා මසා තිබුනු නයිට් ගවුමකි.......මා එය ඇදගත්තෙමි මගේ සිරුරට ගැලපෙන එය ඇදගත්විට නැවත ගතට සැහැල්ලු බව දැනෙන්ට විය........මා සතුටින් ඇදේ දිගාවුනෙමි........
No comments:
Post a Comment