හදිසි අනතුර 83........................ඔයාට දැන් පිරිමි කම එච්චරටම එපාවෙලාද?.......ඇසුවාය......මට හිතෙන්නෙ....ගැහැනු කමේ අගේ තේරෙනෙ කොල්ලෙක් වෙලා ඉදල ගැහැනුලමයෙක් උනාමයි......මා කීවෙමි........ඔයතරම් මොකක්ද ළමයො ඔය ගැහැනු කමේ තියෙන වටිනාකම.....ඇය ප්රශ්නකලාය.....අම්මට තේරෙන්නෙ නෑ අම්මෙ..... අම්මත් හිතන්නෙ පිරිමියෙක් වුනාම ඔක්කොම හරිකියල.....ඒත් මට දැන් හිතෙනව ගෑනු ලමයි කොයිතරම් සතුටෙන්ද ඉන්නෙ කියල......ඒ හින්ද මට ලැබුනු මේ ජීවිතේට මම ගොඩක් කැමතියි .....මා පැවසුවෙමි. ......හරි හරි ඒක ඔයාගෙ කැමැත්තනෙ පැවසූ අම්මා.....මට දැන් ගැටලුව තියෙන්නෙ ඔයා ගැහැණු ලමයෙක් බවට පත්වුනා කියල අපේ නෑදෑයන්ට කොහොමද කියන්නෙ කියල......අම්මා ප්රශ්නකාරීව පැවසුවාය..........ඉතින් ඇත්තම කියන්නකො......මා කීවෙමි. .....මට කියන්නනම් පුලුවන්......ඒත් උන් ඔයාට අපහාස නින්දා පීඩා කරයි කියන එකට තමා බය......අම්මා කීවාය.....එයාල ඕනැ එකක් කියාගත්තාවෙ......අම්මයි තාත්තයි මල්ලියි මාව ගැහැනු ළමයෙක් උනාට කැමතිනම් මට එච්චරයි ඕනැ......අනිත් අය මොනව කිව්වත් මට මොකද.....මා කීවෙමි......ඒකනම් ඇත්ත.....අම්මා කීවාය.
මා ගැහැණු ලමයෙක් බවට පරිවර්තනය වීම මුලදී මටද ගැටලුසහගත තත්වයක් උවද ක්‍රමයෙන් ඒ තත්වය අඩුවෙමින් පවතින බව මට වැටහී ගොස් ඇත. පිරිමි ජීවිතයට වඩා මෙම ගැහැනු ජීවිතය වඩා ප්‍රියජනක හා සතුටු දායක හැගීම් ඇතිවනබව තේරුම් ගොස් තිබුනි. මෙතරම් ගැහැනු ජීවිතයට ඇලුම් කරන මට කවුරු අපහාස කලත් මට ගැටලුවක් තිබේද.....මා දැන් කල යුත්තේ ගතකල පිරිමි ජීවිතය සම්පූරණයෙන් අමතක කර අංගසම්පූරණ ගැහැනියෙක් ලෙස ආකල්ප හා හැරීමේ රටාව වෙනස්කර ගැනීමටය.....මා කිසිම දිනක පිරිමියෙක් ලෙස ජීවත්වී නොමැති බවත් උපන්දා සිට ජීවත්වූවේ කෙල්ලෙක් ලෙසත් සිතීමට පුරුදුවීම මෙයට විසදුම ලෙස මට හැගීගොස් තිබුනි......මා නාට්ටිය පුහුනුවන දිනවල පිරිමි ලිංගයට කෙතරම් වෛරකලේද එය නැතිවී යනවානම් කෙතරම් සැහැල්ලුවක් දැනේවිද යන්නුවෙන් කොපමන වාරගනනක් කල්පනා කලේද...එදා ඇතිවූ..එම වෛරක්කාර හැගීම නිසාම පුරුෂ ලිංගය මට අහිමිවී ඇත....එදා කල්පනා කලා සේම පුරුෂ ලිංගය නොමැතිබවේ සැහැල්ලුව හොදින් දැනෙන්ට පටන්ගෙන ඇත. එදා පුරුෂ ලිංගය නිසා ඇතිවුනු අපහසුතා කිසිවක් නොමැත.....මා දැන් එයින් නිදහස්වූ ගැහැනුලමයෙකි......මාගෙන සම්පූරන විස්තර අම්මා පුන්චි අම්මාට පමනක් පවසා තිබුනු අතර ඇය එය රහසක් වසයෙන් තබා ගැනීමට පොරොන්දුවී තිබුනු නිසා ගැටලුවක් ඇති නොවුනි.
මාස කිහිපයක් ගත්වූ පසු සැත්කමට භාජනය කර තිබුනු පෙදෙස සම්පූර්ණ වසයෙන් සුවවී තිබුණි. පෙර තිබුනු ඉදුමුනු සවභාවය සම්පූර්නයෙන් අඩුවීගොස් තිබුනු නිසා පූර්ණවසයෙන් ස්ත්‍රී ලිංගයක සවරූපය ගෙන ඇතිබව මාව පරීක්ෂාකල වෛද්‍යවරයා පවසන්ට විය.....එනමුත් හෝමෝන් ප්‍රතිකාර නිතරම ලබාගැනීමට සිදුවිය. දිනක් තරංග අයියා අහම්බෙන් මෙන් මුණගැසීමට හැකිවූවේ මේ අතරය. එදින පාසැල අසලදී තරංග අයියාට මාව හදුනා ගැනීමට නොහැකිවී ඇතිබව මට තේරුනි....... තරංග අයියේ යනුවෙන් ඔහු අමතන විට ඔහු මා දෙස අමුතු ආකාරයකට බලා සිටීම ඔහුට මාව හදුනා නොගැනීමේ ඉගියක් විය.......අයියට මාව අදුනන්න බැරිද.....මා ඇසූවිට ඔහු කල්පනා කරන්ට විය......අයියට මතකද නිලන්ත මල්ලි.....මා ඔහුට මතක් කලෙමි......මේ නිලන්ත මල්ලිද.....අසා පුදුමයෙන් මා දෙස බලා ......සොරි...... මල්ලි නෙවෙයි නංගි .....කීවේය.......අනේ නංගී ඔයා දැන් කොච්චර ලස්සන නංගි කෙනෙක් වෙලාද......පුදුමයෙන් ඇසූ ඔහු......කොහොමද අලුත් ජීවිතේ.....ඇසුවේය.......වරදක් නෑ අයියෙ ඉස්සරට වඩානම් ගොඩක් හොදයි.....පන්තියෙ ඉන්න කෙල්ලො ටිකත් හරිම හොදයි .....මා මෙසේ පවසනවිට...... නංගිට හොඳක් වෙනවනම් මටත් හරි සතුටුයි නංගියෙ......ඔහු සතුටින් කීවේය.
සිංහල අවුරුදු නිවාඩුවෙන් පසු මා නැටුම් ඉගෙනීම සඳහා ගුරුවරියගේ පන්තියට සහබාගී වීමට අවස්තාව ලැබුණි. අනිකුත් ගැහැනු ලමුන්ට වඩා මගේ දක්ෂතා පෙන්වීමට හැකිවීම වීම නිසා ගුරුවරියගේ සිත දිනාගැනීමට හැකිවිය......මා නාට්ටිය කන්ඩායමේ නායිකාව කිරීම මට ලැබුනු භාග්‍යක් ලෙස සැලකුවෙමි.....සියලු උත්සව සදහා මගේ නර්තනයක් අනිවාර්ය වීම නිසා මාව පෑසැල තුල ජනප්‍රිය චරිතයක් විය.....මේ ලෙසම ඉගෙනීමේ කටයුතූද සාර්ථක ලෙස ඉටුකිරීම නිසා සියලු දෙනාගේම ආදරය දිනාගැනීමට හැකිවිය. වසර අවසාන විභාගයේ පන්තියේ දවෙන ස්තානය ගැනීමට හැකිවීම මගේ තවත් ජයග්රහනයක් විය.
මගේ මීලග පරිවර්තනය සිදුවූවේ දහයේ වසරට ගොස් ටික දිනකදීය........
No comments:
Post a Comment