හදිසි අනතුර 97..................................ඔයා ගැහැණු ළමයෙක් උන එක ගැන මගේ කිසිම අමනාපයක් නෑ දුවේ....එදා....ඔයා නාට්ටියකට හරි ගැහැණු ලමයෙක් විදියට රඟපානව කිව්වම මට සතුටක් දැනුන. මට ඕනැවුනා ඔයාව ඒවිදියට හරි ගැහැණු ළමයෙකුට අන්දල ලස්සන බලන්න. දුවෙක් නැති අඩුව පිරිමහගන්න ඔයා දිහා දුවෙක් විදියට බලන්න ආසකලා.....ඒ හින්ද තමයි ඒ නාට්ටිය පිටින් දාල ඔයාට කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න කිව්වෙ. ඔයාට ලස්සන ඇදුම් අරන්දුන්නෙ....ආභරන අරන්දුන්නෙ. මට ඒ දවස්වල හිතුනෙ මටත් දැන් දුවෙක් ඉන්නව කියල.....ඒත් තාත්ත කිව්ව ඔය වැඩේ හොදනෑ කියල.ඒ සැරේ මමයි කිව්වෙ ඔයා ගැහැණු චරිතයට ලැජ්ජයි ඒ ලැජ්ජව නැතිවෙන්නයි ගැහැණු චරිතයට හොදින් හුරුවෙන්නයි ඕනැ හින්ද.....ගැහැනු ළමයෙක් විදියට අන්දගෙන ඉන්නව කියල....ඒ සැරේ තමා තාත්ත කැමතිවුනේ......පස්සෙ තාත්ත කිව්ව නාට්ටියෙන් පස්සෙ ගවුන් අදින්න දෙන්න එපාකියල....එයා කිව්වෙ පිරිමි ලමයි ගැහැණු ළමයි වගේ අඳින්න පුරුදුවුනාම ඒක පුරුද්දකට යනව කියල.....තාත්ත ඒකට වචනෙකුත් කිව්ව.....ක්‍රොස් ඩ්‍රෙස්....කියල.....ක්‍රොස් ඩ්‍රෙස් අය කිව්වම අපේ සමජයේ පිලිකුලට විහිලුවට භාජනය වෙනව කිව්වම මට බය හිතුන.....ඒ හින්ද තමයි එදා මම ඔයාට ගැහැනු ඇදුම් අදින්න දෙන්නෙ නැතුව ඒව අයින්කලේ.....අම්මා පවසන්ට වූවාය....ඉතින් දැන් මම ක්‍රොස් ඩ්‍රෙස් කෙනෙක් නෙවෙයිනෙ මාත් දැන් ගැහැනු ලමයෙක් නෙ එතකොට ඇයි ඔයාල මාව ආයෙත් කොල්ලෙක් කරන්න හදන්නෙ.......මම ඇසුවෙමි....ඒකටත් හේතුවක් තිබුන.....අම්මා කීවාය.....තාත්ත හිතාගෙන ඉන්නෙ දොස්තරල ඔයාව ගැහැණු ලමයෙක් බවට පත්කලාට ඔයාට කවද හරි ගැහැණු ලමයෙක් වෙන එක කරදරයි කියල තේරුනාම....කොල්ලෙක් කරන්න පුලුවන් කම තිබිද්දිත් එහෙම කලේ නෑ කියල දොස් කියයි කියල......අම්මා මෙසේ පැවසූ විට.....මම කවදාවත් එහෙම කියන්නෙ නෑ අම්මෙ.....මට ආයෙත් කවදාවත් කොල්ලෙක් වෙන්න ඕනැ නෑ.....මා කීවෙමි......ඊයෙ ඩොක්ටත් කිව්වෙ ඕක තමා .......එයා තමා කිව්වෙ ඔයා කවදවත් පිරිමි ලමයෙක් වෙන්න කැමතිවෙන්නෙ නෑ කියල.....එයා කිව්වෙ ඔයාව බලෙන් පිරිමි ළමයෙක් බවට පත්කලොත් ඔයාගෙ මානසික තත්වය විකෘති වෙන්න ඉඩතියෙයි කියල.....ඒකට තාත්ත ගොඩක් බයවුනා....ඒසැරේ තමයි එයා මට කිව්වෙ ඔයාට ඕනැ විදියට ඇදගෙන ඉන්න ඉඩදෙන්න කියල. ....ඒ හින්ද මම ඔයාට මේ මොනවත් නොකිය.....අද උදේ ගැහැනු ඇදුනුයි පිරිමි ඇදුමකුයි තියෙල .....කැමති එකක් ඇදගන්න කියල මොකුත් නොකිය හිටියෙ.....ඇය සිනාසෙමින් කීවාය. ....මට දැන් තේරෙනව දුවේ ඔයා ගැහැනු ලමයෙක් වෙන්න කොයිතරම් කැමතිද කියල.....ඔයා ඒකට කැමතිනම් මාත් කැමතියි ඔයාව ලස්සන දුවෙක් විදියට හදාගන්න......ආයෙත් ඔයා පිරිමි ලමයෙක් විදියට අදින්න ඕනැ නෑ.....ඇය මගේ මුහුන සිපගෙන පැවසුවාය.....මටත් ඕනෙ නෑ අම්මෙ ආයෙත් පිරිමි ලමයෙක් වෙන්න මා සතුටින් ප්‍රකාශ කලෙමි.
මට දුවගෙන් අහන්න ඕනැ දුවට ගැහැනු ලමයෙක් වෙන්න ඕනැ කියන අදහස කවද ඉදන්ද ඇතිවුනේ කියල.........අම්මා හිතන්නෙ නාට්ටියට ගැහැනු ඇදුම් අදින්න පටන්ගත්තට පස්සෙ කියලද......මා ඇසුවෙමි.....ටිකක් කල්පනාකල අම්මා......තාත්ත කිව්ව හැටියට ඔයා ගවුන් අදින්න පටන් ගත්තට පස්සෙ කියල මට හිතෙන්නෙ......තාත්ත කිව්වනෙ කොල්ලො ගවුන් අදින්න පුරුදු වුනොත් ඒ පුරුද්ද අතහැරගන්න බැරුව ක්රොස්ඩ්රෙසර් කෙනෙක් වෙනව කියල.....අම්මා පිලිතුරුදුන්නාය.....අම්මට වැරදිලා......මා එසේ පැවසූ විට විශ්මිත ලෙස මාදෙස බැලූ ඇය.....ඇයි ඒක වෙන්න බැරිද....ඇසුවාය....එක නෙවෙයිනෙ අම්මෙ......මා පැවසුවෙමි......එහෙම වෙන්න බැරි මොකද..... ඔයාට නාට්ටියෙන් පස්සෙනෙ ගැහැණු ඇදුම් අදින්න ඕනැවුනේ......මම ගවුන් ටික හැංගුවත් මම දන්නව ඔයා ඒ ටික හොයල තියෙනව කියල...මම දැනගත්ත ඔයා ඒදවස්වල මල්ලිත් එක්ක එහෙම වලිදාගත්තෙත්ගවුන් අදින්න දුන්නෙ නෑ කියල කේන්තියට කියල.....මීට ඉස්සෙල්ල ඔයාට එහෙම ගවුන් අදින්න ඕනැ කමක් තිබුනෙ නෑනෙ.....අම්මා එසේ පැවසූ විට.......අම්මල ඔහොම හිතාගෙන හිටියට ඇත්ත ඕක නෙවෙයි අම්මෙ.....මා නැවත පැවසුවෙමි...එහෙනම් ඇත්තටම මොකද වුනේ කියල කියන්නකො....අම්මා කීවාය.
No comments:
Post a Comment