Tuesday, July 18, 2017

හදිසි අනතුර 79...............................උඹේ ඇස්පේන්නෙ නැද්ද බන්....පේන්නෙ නැත්නම් කන්ණාඩි දෙකක් දාගෙනවරෙන් මෙච්චර ලස්සන කෙල්ලෙකුට කොල්ලෙක්ද කියල අහන්නෙ. .......මට කොල්ලෙක් වගේ යයි පැවසූ ගැහැණු ළමයාට වෙනත් කෙනෙක් කීවාය. කොල්ලෙක් කිව්වෙ වෙන මොකුත් නිසා නෙවෙයි බන් කොන්ඩෙ කොල්ලෙක් වගේ කොටට කපල තියෙන හින්ද....ඇය පැහදිලි කරන විට මගේ සිතතුල තිබුනු බියගතිය තරමක් අඩුවන්ට විය. මොකද උඹ හිතුවද කොන්ඩෙ කොටට කපන්නෙ කොල්ලො විතරයි කියල...ඇය..එයට පිලිතුරු දුන්නාය.......එහෙනම් උඹෙත් හිතේ ඇති ඔයවිදියට කොන්ඩෙ කපාගන්න.....මේ මම බොහොම අමාරුවෙන් කොන්ඩෙ වවාගත්තෙ....ආයෙත් කපන්න නෙවෙයි....ඔවුන් දෙදෙනා කොන්ඩය ගැන වාද කරන අතර උදෑසන මගේ අතින් අල්ලාගත් තැනැත්තිය.....ඇයි තිලිනි ඔයා කොන්ඩෙ ඔය තරම් කොටට කැපුවෙ ඔයාගෙ ලස්සනත් එක්ක කොන්ඩෙ තිබුනනම් තවත් ලස්සනයිනෙ.....ඇසුවාය.....ඇය එසේ කියන විට මගේ අත් දෙකෙන්ම තදින් අල්ලාගත් තවත් තැනැත්තියක්.....ඔයා හරිම ලස්සනයි තිලිනි.....කීවාය. .....ඔන්න තිලිනි අදම ගෙදර ගිහින් දෙහිටිකක් කපා ගන්න.....මේකි හරිම කටවහ කාරි.....තවත් කෙනෙක් සිනාසෙමින් කීවාය......ඔවුන්ගේ මෙම හැසිරිමේ විලාසය නිසා මොවුන් ඇසුරු කිරීම එතරම් ගැටලුවක් නොවන බව මට වැටහෙන්ට විය......ඔය එන්නෙ අපේ ලොක්කි ඔයා තමයි පන්ති නායිකාව හරිම සැරයි පරිස්සන් වෙන්න......පන්තිය දෙසට පැමිනෙමින් සිටි සුදු උස ගැහැනු ලමයෙක් පෙන්වා මා අසල සිටි තැනැත්තියක් කීවාය.....බියත් ගවුරවයත් පෙරටු කරගත් මා ඇය දෙස බැලුවෙමි.....පොත් බෑගය ඇගේ මේසය මත තැබූ ඇය මා අසලට පැමිනියාය.......මොනවද උබල මෙයාව වටකරගෙන කරන්නෙ.....ඇය ඇසුවාය.....තොරතුරු ඇහුවනෙ.... පැවසූ ඔවුන්......මෙයා කොන්ඩෙ කොටට කපලනෙ දම්මි ඒකයි අපිට ප්‍රශ්නෙ ........ කීවාය.......ඔයාගෙ නම මොකක්ද කිව්වෙ..... දම්මි මගෙන් ඇසුවාය. ...තිලිනි කෞශල්‍යා මා බියෙන් මෙන් කීවෙමි......තිලිනිගෙ ගෙවල් පැත්තෙ කාක්කො එහෙම ඉන්නවද.....ඇය මගෙන් බලා පොරොත්තු නොවන ප්‍රස්නයක් ඇසුවාය......ට්කක් ඉන්නව.....මා කීවෙමි......ඒකනෙ....මෙයා කොන්ඩෙ කොටට කපල තියෙන්නෙ කාක්කො කොන්ඩෙ කූඩු හදයි කියන බයටනේ .....ඇය සිනාසෙමින් විහිලු සවරූපයෙන් කීවාය......අනිකුත් අයද ඇය සමග සිනාසෙන්ට විය.......බයවෙන්න එපා කෙල්ලෙ උන් ඔයාගෙ ඔලුවෙ කූඩුහදන්නෙ නෑ..කොන්ඩෙ දිගට වවන්න.....එතකොට ඔයා තවත් ලස්සන වෙයි....පැවසූ ඇය.....මගේ පිට අතගාමින් මේ පන්තියෙ කවුරුත් එකාවගේ ඉන්නෙ කොච්චර විහිලු කරගත්තත් කවුරුවත් තරහ වෙන්නෙ නෑ....තරහ උනත් එහෙම ඉන්න දෙන්නෙත් නෑ.....කීවාය.....වෙනුරි... ඔයා නේද මේ තිලිනි ගාව ඉන්නෙ මෙයා මේ පන්තියට අලුත් හින්ද හැමදෙයක්ම කියාදෙන්න ඕනෑ.....මා අසල සිටින වෙනුරිට පැවසුවාය.....හරි දම්මි මම බලාගන්නම්....ඇය පැවසුවාය....එහෙනම් ඔයාට බාරයි පැවසූ ඇය පන්තිය ඉදිරියට ගියාය.......මෙයාට අපි දම්මි කියල කතාකලාට මෙයාගෙ නම දමයන්ති......හරිම හොද කෙල්ල......ඒකනෙ අපි හැමෝම එයාට ආදරේ......වෙනුරි පැවසුවාය......ඒ වුනාට එයා සැරයිලු නේද....මා ඇසුවෙමි.......අනේ නෑ එයා හරිම කරුනාවන්තයි......කවුද ඔයාට ඒ බොරුව කිව්වෙ.....ඔයාව බය කරන්න එහෙම කියන්න ඇති.....මේ පන්තියෙ කෙල්ලො ඕවගෙ ගිනිගෙඩි දෙනව ඔයා අහුවෙන්න එපා......ඒවුනාට වැරද්දක් කලොත් දම්මි අපිට සැරවෙනව ඒක ඒ වෙලාවට විතරයි.....ඇය තව දුරටත් කීවාය.
                   පන්ති ආරම්භවිය.....දැන් තියෙන්නෙ බුද්ධ ධර්මය .....ඒටීච අපිට මයිත්‍රීය කරන හැටි ඉගැන්නුවට ඒ ටීචට නැත්තෙත් ඒකමයි .පොඩ්ඩ බැරි වෙනකොට තදවෙනව.......අපිට ගාථාවක්  පාඩම් කරගෙන එන්න කිව්ව දැන් ආවගමන් පාඩම් ගන්නව.....ඇය කීවාය......දර්මය ඉගැන්වීමට පැමිනියේ තරමක් මහත වයස වැඩි ගුරුවරියෙකි.....වෙනුරි පැවසූ දෙය සත්ය කරමින් ගාථාවපාඩම් ගන්ට විය.......ඔය ලමය මම මීට ඉස්සෙල්ල දැකල නෑ ඇය මා දෙසහෙස බලා ඇසුවාය. ඊයෙ ආවෙ ටීච..... දමයන්ති කියනු ඇසුනි.....නම මොකක්ද මගෙන් ඇසූ විට මා නම පැවසුවෙමි.....හොදයි ඔය ලමය කියන්න ධම්ම  පදයේ පලවෙනි ගාථාව ....පැවසුවාය. ..... හොදවෙලාවට මොනෝපුබග්ගමා ගාථාව මට මතකtතිබුනෙ..... කල්පනා කල මා..මා එය ශබ්දනගා කීවෙමි..........බොහොම හොදයි. .....ඇය පැවසුවාය.....පාඩම් නොමති අයට නොසෑහෙන්න බනින විට වෙනුරි පැවසූ දේ සත්‍යය  බව මටද සිතුනි.....
              මීලගට තියෙන්නෙ ඉංග්‍රීසි ඒ ටීචනම් හරිම හොදයි ......වෙනුරි කීවාය. ......සුද්දියක් මෙන් ලස්සන එම ගුරුතුමිය පාඩම් කියාදෙන ආකාරය ඉතා සිත් ගන්නා සුලුවිය...මට මෙතෙක් කලක් නීරසව තිබුනු එම විෂය මෙතරම් සරල දැයි ඇය ට කන්දෙන විට මට සිතුනි.
               විවේක කාලය පැමිනි විට මා වෙනදා ගෙන එන කෑම පෙට්ටිය අද ගෙන ආවේ නැත....උදෑසන අම්මා කෑම පිලියෙල කර දීමට සූදානම් වුවත් මෙහි තත්වය කුමක් දැයි නොදන්නා මා එය ප්‍රතික්ෂේප  කලෙමි......
  Transgender body swap ගේ ඡායාරූපය

No comments: