හදිසි අනතුර 62..............................මගේ සියලුම පිරිමි ඇදුම්, අම්මා ගෙදරට යවා තිබුනු බැවින් තාත්තා පැමිනි විට ගැහැනු ඇදුම් ඇඳ සිටීමට අකමැති බවත් පිරිමි ඇදුම් කිහිපයක් ගෙනදෙන ලෙසත් තාත්තාට ඇවිටිලි කලෙමි......පුතාට දැන් ඒ ඇදුම් වැඩක් නෑනෙ පුතේ ඔයා දැන් ගැහැනු ලමයෙක්....ඔයා ඒ දවස්වලත් කිසිම ගැටලුවක් නැතුව ගවුන් ඇදගෙන එහෙමෙහෙ ගියානෙ...කොල්ලෙක් වුනත්..ඔයාට කෙල්ලෙක් වගේ ඉන්න එක ඒතරම් දෙයක් නෙවෙයි කියල මට එදා තමා තේරුනේ......දැන් ඔයා කෙල්ලෙක් වෙලා ඉන්න එකේ එදාට වඩා හොදට ගැහැණු ලමයෙක් වගේ ඉන්න පුලුවන්නෙ......තාත්තාට පැවසුවද එය ඉටු නොවූබැවින් දිගටම ගැහැනු ඇදුම් ඇදගෙන සිටීමට සිදුවිය. ගෙදර ගියවිට මා ඇන්ද පිරිමි ඇදුම් තිබෙන බැවින් ගෙදර ගිය පසු නැවත පිරිමි ඇදුම් ඇදීමට තීරනය කලෙමි......මට දැන් පුරුෂ ලිංගයක් නෑ කියල කවුරුවත් දන්නෙ නෑනෙ ...ඒ හින්ද ගැටලුවක් නැතුව කොල්ලෙක්වගේ ඉන්න පුලුවන් .....මා කල්පනා කලෙමි.
දිනෙන් දින මාව සුව අතට හැරෙන්ට විය. ඇවිදින විට තිබුනු වේදනාව අඩුවී තිබුණි .....එහෙත් ඩයලේට් කිරීම දිගටම සිදුකරන ලෙස වෛද්යවරයා පැවසුවේය.....මා ගවුන් ඇදීමට අකමැති බව අම්මා වෛද්‍යවරයා සමග පැවසුවාය.....කවද ගවුන් ඇදලද නේද...මගෙන් .ඇසූ ඔහු.....මෙයා එකපාරට ගැහැනු ලමයෙක් බවට පත්වුනාට මනසින් ගැහැනු ලමයෙක් වෙලා නෑ.....අපි මෙයාගෙ මනස වෙනස්කරන්න ඕනැ.......මෙයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගිහින් සාකච්චා කරන්න......ඔහු අම්මාට පැවසුවේය......දැන් මෙයාගෙ තත්වෙ හොද හින්ද හෙටවෙනකොට ගෙදර එක්ක යන්න පුලුවන් වෙයි......ඊට පස්සෙ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා මනස හදන්න උත්සාහ ගන්න......ඔහු තව දුරටත් කීවේය......ඩොක්ට මෙයා දැන් මාස කීපයකට ඉස්සෙල්ල ස්කෝලෙ නාට්ටියකට ගැහැනු ලමයෙකුගෙ චරිතය රග පෑව......ඒ දවස් වල කාටවත් හිතාගන්න බැරිවුනා මෙයා පිරිමි ලමයෙක්ද කියල.......අම්මා ඔහුට කීවාය......එහෙනම් ගෑනු ලමයෙක් විදියට ඉන්න හොද පලපුරුද්දක් තියෙනවනෙ......ඒ පුරුද්ද ආයෙත් මතක් කරගෙන ජීවිත නාට්ට්යෙත් ගැහැනු ලමයෙක් විදියට රඟපාන්න .....වෛද්යවරයා සිනාසෙමින් පවසන්ට විය......
හෙට ඔයාගෙ ටිකට් කපනව කිව්වනෙ.......දැන් ඔයාට හොද හින්ද මම ලග ඉන්නත් ඕනැ නෑනෙ.....ඔයාට ගෙදර යන්න ඇදුන් ගේන්නත් ඕනැනෙ......ඒ හින්ද තාත්ත ආවහම මම යන්නම්.....හෙට එන්නම්......අම්මා කීවාය.......එනකොට පිරිමි ඇදුම් අරන් එන්න අම්මෙ මේ විදියට ගෑණු ඇදුම් ඇදගෙන මට ගෙදර යන්න බෑ.....මා කීවෙමි...... හරි හරි මම අරන් එන්නම්කො.....ඇය පොරොන්දුවූවාය . තාත්තා පැමිනි පසු අම්මා ගෙදර ගියාය.......මා රෝහලේ තනිවුනෙමි.......ඇද අසල සිටි අක්කාද ගෙදර ගිය නිසා මට කතා කිරීමට කෙනෙක් නොමැතිවිය.....මා වාට්ටුව තුල සෙමින් සෙමින් ගමන්කරමින් සිටිනවිට මගේ අම්මාගෙ වයසේ සිටි නැන්දා කෙනෙක් මට කතාකලාය......මා ඇය අසලට ගියෙමි......දුවට දැන් හොදද ....ඇය ඇසුවාය......හෙට ටිකෙට් කපනව කිව්ව.....මා පැවසුවෙමි......මොකද අමාරුව තිබුනෙ......බයිසිකල් පැදල ලයිට් කනුවක හැප්පිලා ඉකිලිය තුවාලවුනා...... එදා අම්මා පැවසූ දේ ඇයට කීවෙමි.......කොල්ලො වගේ නෙවෙයි ගෑනු ලමයෙක් උනාම පරිස්සම්වෙන්න ඕනැ.......පැවසූ ඇය ....ඔයා හරිම ලස්සනයි දුවේ.......අයි ඔයා කොන්ඩෙ කොටට කැපුවෙ.....ඇසුවාය........කොල්ලෙක් උනාම කොන්ඩෙ කොටට කපන්නෙ නැතුව දිගට වවන්න පුලුවන්යෑ.......ඇයට හිතින් උත්තර දුන් මා ......මා කොල්ලෙක් වී සිටි බවක් නොදන්නා ඇයට........මට කපන්න හිතුන ඇන්ටි......යනුවෙන් පැවසුවෙමි.......ඔයාට හිතුනෙ නැද්ද කොන්ඩෙ කැපුවාම කැත වෙනව කියල......ඇය නැවත ඇසුවාය.......කොල්ලො කොහොමත් කෙල්ලො වගේ ලස්සන නෑනෙ.......සිතූ මා.....ආයෙත් වවන්න ඕනැ ඇන්ටි.......කීවෙමි.......දැන් මා ගැහැනු ලමයෙක් බවට පත්වී ඇතිනිසා අම්මා මගේ කොන්ඩය නැවත නොකපන බව නම් මට විස්වාසයි......මා සිතුවෙමි........ඒක හොදයි.......කොන්ඩෙත් තිබුනනම් පුදුම ලස්සනක්නෙ ඔයාට තියෙන්නෙ.......ඇය නැවත මගේ ලස්සන ගැන කතාකරන්ට වූවාය......ඇයි දුවේ ඔයා කන්විදගෙනත් නැත්තෙ ... කලින් අක්කා මෙන් ඇසූ ඇය....ඔයා කොල්ලෙක් වගේ ඉන්න ආසද .....ඇසුවාය.......මම කොහොමත් කොල්ලෙක්නෙ නොකියා.....නෑ....යනුවෙන් ලැජ්ජා සහගතව කීවෙමි......ඔයා කිව්වෙ නැතිවුනාට හිතින් කොල්ලෙක් වගේ වෙන්න ආසයිනේද......ඔයා කොන්ඩෙත් කොටට කපාගෙන කන්විදින්නෙත් නැතුව කොල්ලො වගේ බයිසිකල් පදිනකොට මට එහෙම හිතෙනව......ඇය කීවාය.......ඔයා වගේ ලස්සන ගැහැනු ලමයෙක් කොල්ලො වගේ වෙන්න හදන්න එපා දුවේ.......ලස්සන කෙල්ලෙක් වෙලා උපදිනව කියන්නෙ ලොකු පිනක් ඒ පිනට පයින්ගහන්න එපා දුවේ......ඇය උපදෙස් දුන්නාය......
No comments:
Post a Comment