හදිසි අනතුර 95.........................ඇදුම් රාක්කයේ ..මා මීට පෙර ඇදසිටි ගැහැණු ඇදුම් තබා වෙනත් පැත්තකින් මා මේදිනවල ඇදසිටි පිරිමි ඇදුම් තබා තිබුණි. මොකද දන්නෙ නෑ ගැහැණු ඇදුම්ටික මෙතැන තිබ්බෙ.....කල්පනාකල මා....සමහර විට අයින්කරන්න කියල අරගෙන අම්මට අමතකවෙලා මෙතනින් තියල ගියාද දන්නෙ නෑ....මේව තියෙන්න ඇත්තෙ අල්මාරිය ඇතුලෙ....මා අල්මාරිය දෙස බැලුවෙමි....මෙතෙක් කල් නොතිබුනු එහි යතුර යතුරු කටේ එල්ලෙමින් තිබුණි ......සුවර් එකටම අම්මට අමතක වෙලා .....මා අල්මාරිය ඇර බැලුවේ එහි තවත් ඇදුම් තිබේදයි දැනගැනීම සදහාය.....අනිකුත් ගැහැණු ඇදුම් එහි තිබෙනු දුටුවෙමි .....දැන් මොකද කරන්නෙ ගවුමක් ඇදගන්නවද.....මේ දවස්ටි ටිකේ ඇන්දවගේ පිරිමි ඇදුම ඇදගන්නවද..... කල්පනා කලෙමි......පිරිමි ඇදුම් අදිනවට වඩා මට ඕනෙ ගැහැනු ඇදුම් ඇදගන්න. ඒත් අම්මට අමතක වෙලා දාල ගිහින්නම් මට හොදටම බැනුම් අහන්න වෙනව.....බියටත් සැකයටත් පත්වූ මා පිරිමි ඇදුමක් ඇදගැනීමට එතැන තිබුනු කලිසම අතට ගත්තෙමි.....එහෙත් එතැන තබා තිබුනේ එක් කලිසමක් සහ කමිසයක් පමනි. .....මේ දෙක විතරයි තියෙන්නෙ එතකොට අනිත් ඒව......මගේ සිතට නැවත ගැටලුවක් ඇතිවිය.....කොයි එකටත් අම්මගෙන් අහන්න ඕනැ .....මා යටසාය පිටින්ම අම්මා සොයාගෙන ගියෙමි.....මොකද මේ තාම යට ඇදුම් පිටින් ඇදුම් මාරුකරගත්තෙ නැද්ද......පපුවත් එලියට දාගෙන ගැහැණු ලමයෙක් උනාම ඔහොමද.....තවමත් මෝදුවෙමින් පවතින මගේ පියයුරු දෙසබලා ඇය පැවසුවාය.....රාක්කෙ ගැහැණු ඇදුම්නෙ අම්මෙ තියෙන්නෙ....මා කීවෙමි......ඇයි කලිසමකුයි සර්ට් එකකුයි තිබුනෙ නැද්ද......ඇසූ ඇය...... ඒ රාක්කෙ තියන ඔයාට ඕනැ ඇදුමක් ඇදගන්න දුවේ......කීවාය.....අම්මා එසේ පැවසූ විට.....අම්ම දැන් මගෙ ගැහැනු ඇදුම් ඇදීමේ තහනම ඉවත්කරල වගේ.....ඒ හින්ද එයා හිතාමතාමයි මගෙ ඇදුම් රාක්කෙ උඩින් ගැහැනු ඇදුම් තියෙල තියෙන්නෙ......බිය පහවූ මගේ සිතට දැඩි සතුටක් ඇතිවිය......කාමරයට ගිය මා ......ඇදගැනීමට ගවුමක් තෝරාගැනීමට පටන්ගත්තෙමි.....ගවුන් කිහිපයක් තිබුනු අතර අද දින ඇදීම සදහා සිතට සරිලන ගවුමක් තෝරා ගැනීම තරමක් අපහසුවිය.....පිරිමි ඇදුම් අදින කොටනම් මේවගෙ තෝර තෝර ඉන්න ඕනෙ නෑ .....ඔය මොකක් හරි අහුවුන එකක් ඇන්දගත්තම ඒ ඇති......ඒත් ගැහැනු ඇදුම් අදිනකොට ඊටවඩා සැලකිල්ලෙන් ලස්සනට අදින්න ඕනැ හින්ද ටිකක් වෙලායනව......ගවුමක් තෝරාගත් මා එයට සරිලන යට සායද උඩට කාන්තා වෙස්ට් එකද ඇදගත් මා කාන්තා යට කලිසමද ඇදගත්තෙමි......අනේ අද තමා දවස් ගානකින් හිතට හරියන ඇදුමක් ඇදගත්තෙ.....කැඩපතින් ගවුමේ හැඩබලමින් කල්පනා කලෙමි......මේ කත් කොච්චර කාලෙකටද දන්නෙ නෑ ...මට හිතෙන්නෙ ඔපරේසන් එක කිට්ටු වෙනකොට මට ආයෙත් කොල්ලෙක් වගේ අදින්න සිද්දවෙයි......එහෙම නැත්නම් මට ගවුන් අදින්න දුන්නෙ මාව ගැහැනු ළමයෙක් බවට පත්කල සැත්කමෙන් පස්සෙ වගේ.....ඒ ඔපරේසන් එකෙන් පස්සෙම පිරිමි ඇදුම් අන්දයිද දන්නෙ නෑ.....මා සැකමුසුව කල්පනා කරමින් දහවල් ආහාර ගැනීම සදහා ගියෙමි.....මා නැවත ගැහැනු ලමයෙකු ලෙස හැද පැලද සිටීම නිසාදෝ.....අම්මා මා දෙස බලා සිනා සුනාය......වෙනදා නොමැති එම සිනාවේ යම්කිසි අව්‍යාජ බවක් ඇතිබව තේරුනි.
මා කෑම ගෙන කාමරයට ගොස් ස්වල්ප වෙලාවක් ඇදේ ඇලවී සිටියෙමි......දුව තිලිනී.....පොඩ්ඩක් මෙහෙ එන්න.....අම්මා කතාකරන හඩ ඇසුනි......අම්මා මට කතාකරන විලාසයේ වෙනදා නොමැති යම්කිසි ආදරනීය බවක් ඇතිබව තේරුනි. මොකටද දන්නෙ නෑ අම්ම මේ එන්න හදන්නෙ.....අම්මාගේ කපටි අදහස් ගැන හොදින් දැනගෙන සිටි මට.....බලෙන් බැරි හින්ද ආදරෙන් සලකල මාව කොල්ලෙක් කරන්නද දන්නෙ නෑ හදන්නෙ.....ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනැ.....හිතාගත් මා ඇය සමීපයට ගියෙමි.......ඇය සාලයේ පුටු සැටියේ වාඩිවී සිටි අතර මට ඇය අසලින් වාඩිවෙන ලෙස පැවසුවාය.....මා වාඩිවූ පසු මාව තුරුලට ගත් ඇය මගේ හිස අතගාමින්......මට දුවත් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනැ......මම හිතුව හරි අම්ම එන්න හදන්නෙ හොදකටනම් නෙවෙයි.....කල්පනාකල මා ඇයට තුරුලුවී නිශ්සබ්දව සිටියෙමි...
No comments:
Post a Comment