හදිසි අනතුර 93.................................ඇයි නංගි ඔයා පිරිමි ඇදුම් ඇදගෙන පිරිමි ළමයෙක් වෙන්න හදන්නෙ.....ඔයා කොච්චර ලස්සන ගැහැණු ළමයෙක්ද.....පැවසූ ඇය...අනේ මටත් ඔයාවගේ ලස්සන ගැහැණු ළමයෙක් වෙලා උපදින්න තිබුනනම්......එහෙනම් මම කවදාවත් පිරිමි ඇදුම් අදින්නෙ නෑ. පිරිමියෙක් වෙන්න හිතන්නෙවත් නෑ........පැවසුවාය..... ඉතින් අක්ක දැන් ලස්සන ගැහැණු ළමයෙක්නෙ......මා කීවෙමි......ඒ වුනාට ගැහැණු ලමයෙක් වෙලා උපදින්න බැරිවුන එකටයි මගෙ හිතට අමාරුව.....දැන් හරි ගැහැණු ලමයෙක් වෙන්න පුලුවන්වුන එක ලොකුදෙයක් නේද අක්කෙ......මා ඇසූවිට ඒක ඇත්ත ඇය කීවාය. අක්කගෙ කටහඬ මාරුකරගන්න බැරිද......ඇයගේ පිරිමි කටහඬ නිසා ගැහැණු කමට අඩුවක් බව තේරුනු මා ඇසුවෙමි.....ඔපරේසන් එකක් තියෙනව කිව්ව මුල් එක කරගෙන ඒක කරගන්නව.....ඇය කීවාය......ඇය දැන් ගැහැණු ළමයෙකු මෙන් සිටියද ඇයද මා මෙන්ම පිරිමි ළමයෙකු ලෙස උපත්තිය ලබා ඇත.....දැන් ඇයගේ සිරුර තුල හොදින් ගැහැණු ස්වරූපය තිබුනත් කටහඬ එම සිරුරට නොගැලපෙන සේ ඇති නිසා යම් විකුර්ති ස්වභාවයක් ගෙන ඇත.......මට ආයෙක් කොල්ලෙක් වෙන්න බැරිවුනොත්.......මෙයා වගේ ලොකුවෙනකොට මගෙත් කටහඬත් පිරිමියෙක් වගේ වෙයිද.....මගේ සිත තුල ගැටලුවක් මතුවිය....අක්ක පොඩි කාලෙ ඉදම්මද ඔහොම ඉන්නෙ මා ඇසුවෙමි......පොඩිකාලෙ ඉදම්ම කෙල්ලෙක් වෙන්න ආශාව තිබුන........ඒත් මම මේ විදියට ඉන්න පටන් ගත්තෙ.....දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ල ඉදන්.......හෝමෝන් අරගෙන ඇග මේවිදියට හදාගත්තට.... ඒ වෙනකොට මගේ කටහඬ ගොරෝසුවෙලා තිබුන හින්ද ඒක වෙනස් වෙන්නෙ නෑ කිව්ව.....ලගදි ඔපෙරේශන් එක කරල පිරිමි එක අයින් කලාට පස්සෙ නියම ගැහැනියෙක් වගේ ඉන්න පුලුවන් වෙයි.....ඒත් ඊටපස්සෙ තියෙන ගැටලුව තමයි ....මගේ කටහඩයි රැවුල වැවෙන එක.......ඇය කීවාය......මගෙත් එහෙනම් රවුල වැවෙයිද දන්නෙ නෑ.....කල්පනාකල මා......හෝමෝන් වලට රැවුල වැවෙන එක නවතින්නෙ නැද්ද ....ඇසුවෙමි.....ඒවෙනකොට මගෙ රැවුල වැවිලනෙ නංගි තිබුනෙ......හෝමෝන් ගන්නකොට වැවෙන එක අඩුවුනා මිසක් නැවතුනේ නෑ......ඇය දුකෙන් මෙන් කීවාය.....මගෙ තාම රැවුල වැවිල නැතිහින්ද මෙයාල මාව කොල්ලෙක් කලේ නැත්නම් රැවුල වැවෙන එකක් නෑ...... කල්පනා කලෙමි. ........ඔයත් කොල්ලෙක් වෙන්න හෝමෝන් ගන්නවද.....ඇය ඇසුවාය........මට කොල්ලෙක්වෙන්න ඕනෙ නෑ අක්කෙ.....මා පිලිතුරුදුන්නෙමි.......එහෙනම් කොල්ලෙක් වගේ ඇදගෙන ඩොක්ට හම්බවෙන්න ආවෙ.....ඇය ඇසුවාය.....අම්මනෙ මට මේවිදියට අදින්න කිව්වෙ.....පැවසුවෙමි. ..........කවුරු කිව්වත් ඔයා පිරිමිලමයෙක් නම්වෙන්න එපා නංගි ......ගැහැනු ජීවිතය පිරිමි ජීවිතයට වඩා හරිම සුන්දරයි..පිරිමි ළමයෙක් වෙලා ඒ සුන්දරබව නැතිකරගන්න එපා ....ඇය තවදුරටත් කීවාය. ගැහැනු කමේ සුන්දරත්වය වටහාගෙන සිටිමට ඇය පැවසූ දෙය සත්‍යයක් ලෙස වැටහුනි.......
වෛද්‍යවරයා ගේ කාමරයේ දොර විවුර්ත වනුදුටු මා ඒදෙස බැලුවෙමි.......අම්මා මට අඩගසනු දුටු මා කාමරය තුලට ගියෙමි......පුතා දැන් අම්ම කියන විදියට ඉන්න .....පුතාට කිසි ගැටලුවක් වෙන්නෙ නෑ.......මා දෙස බලා පැවසූ වෛද්‍යවරයා ....එහෙනම් මිස්ට ජයවර්දන මේ රිපෝට් එක ඒ ඩොක්ටට දෙන්න.....මම කිව්ව විදියට කරන්න......අවසානයේ වෛද්‍යවරයා පැවසුවේය........අපි එලියට යනවිට මා සමග කතාකල අක්කා සහ අම්මා.....වෛද්‍යවරයා හමුවීමට ඇතුලට යනු දුටුවෙමි.
ඩොක්ටගෙ තීන්දුව මොකක්ද දන්නෙ නෑ.....මම අකමැතිවුනාට කොල්ලෙක් බවට පත්කරන්න කිව්වද දන්නෙ නැ.....මා කල්පනා කරමින් වාහනය දෙසට ගියෙමි......අම්මා සහ තාත්තා මේ සම්භන්ධව කිසිවක් කතා නොකිරීම මට මහත් ගැටලුවක් විය....ඔවුන් මට දොස් කියාවි යන බිය නිසා කිසිවක් ඇසීමට බියවුනෙමි.......දැන් මේක දැනගන්න වෙන්නෙ අනිත් ඩොක්ට හමුවුනාම තමයි......මා ගෙදර යන අතරතුර කල්පනා කලෙමි.....වෛද්යවරයා මගෙන් පැයක වඩා කාලයකුත් අම්මාගෙන් සහ තාත්තාගෙන් පැයකට ආසන්න කාලයකුත් ප්‍රශ්න කල බැවින් අපි ගෙදර යනවිට රෑවී තිබුනි......හෝටලයකින් කෑම ගත් අපි කෙලින්ම නිවසට ගියෙමු.......
කාමරයට ගොස් ඇදුම් මාරුකරගත් මා ඇදේ ඇලවී කල්පනා කලේ වෛද්‍යවරයාගේ තීන්දුව සම්භන්දවය......මාව ඩොක්ටගාවට කවද එක්ක යයිද දන්නෙ නෑ....ඒ ඩොක්ට මාව කොල්ලෙක් කරන්න හැදුවොත් මම බෑ කියල කෑගහල හරි කියනව.....මා සිතාගත්තෙමි. පසුදින ඉරිදා දිනයක් බැවින් එදින දහම් පාසැල් දිනයකි......මා ගැහැනු ලමයෙකු බවට පත්වී ගැහැනු පාසැලට ඇතුලත් කල සතියෙ සිට නැවත දහම් පාසැල් ගමන ආරම්භ කලෙමි......එය මුලින් ගිය දහම් පාසැල නොවුනු අතර නිවසට තරමක දුරින් පිහිටි දහම් පාසැලක් විය.
No comments:
Post a Comment