හදිසි අනතුර 68..................................පසුදා උදෑසන අවදිවූ වී මුහුන සෝදාගත් මා ඇදුම් රාක්කය අසලට ගොස් කුමක් අදින්නේදැයි කල්පනා කලෙමි. මට දැන් පිරිමි සහ ගැහැනු ඇදුම් වර්ග දෙකම ඇත. මෙයින් ඕනෑම ඇදුමක් ඇදගැනීමට කිසිවෙකුගෙන් භාධාවක් නොමැත. පිරිමි කලිසම අතට ගත් මා එයදෙස බලා එය ඇඳගැනීමට සුදුසුදැයි කල්පනා කලෙමි. . අම්මගෙන් මේව ඉල්ලගත්තෙ ඇදගන්නනෙ.....කල්පනා කල මා එය ඇදගත්තෙමි..පිරිමි අදින ටී සර්ට් එකද ඇදගත් මා කාමරයෙන් එලියට ගියෙමි...මා ඇවිදින විට වෙනදා නොමැති අපහසුතාවයක් දැනෙන්ටවිය. ඝනකම රලු රෙදිවලින් මසා තිබුනු කලිසම නිසා මගේ නව ලිංග පෙදෙස ගොරෝසුවට මැදෙන්ට විය.....යට කලිසම නොමැතිව කලිසම ඇන්ද නිසා මෙය වී ඇතිබව තේරුනි. ...ඉස්සරත් මෙහෙම යටට අදින්නෙ නැතුව අදිනවනෙ......ඒ දවස්වල මේවගෙ අපහසුවක් දැනුනෙ නෑනෙ......මා කලිසම සකස්කරමින් කල්පනා කලෙමි......ඒ දවස්වල මට තිබුනෙ පුරුෂ ලිංගයක් හින්ද ඒකට මේවගෙ කලිසමක් තියා යකඩෙන් මැහුව කලිසමක් ඇන්දත් ගානක් නෑ......ඒත් දැන් මට හදල දීල තියෙන එක හරිම සිනිදුනෙ...මේ කලිසමේ රෙද්ද ගෑවුනත් අපහසුවක් දැනෙනව......ඒක හින්ද වෙන්න ඇති ගෑනු ලමයින්ට මහන යට කලිසම් ගොඩක් සිනිදු රෙදිවලින් මහන්නෙ.....කල්පනා කල මා......කාමරයට ගොස් කලිසම අයින් කලෙමි.......දැන් මේ ඝනකම යට කලිසන් මට හරියන්නෙ නෑ.......සිතූ මම යටට ඇදීමට කාන්තා යටකලිසමක් ගත්තෙමි.....මේව ඇදගෙන කලිසම් අදින්න ඕනෙ නෑ.....ගවුමක්ම ඇදගන්නව......කල්පනාකල මා....ඇදසිටි ටී සර්ට් එකද ගලවා ගවුමක් ඇදගත්තෙමි......පිරිමි ඇදුම් වල තිබුනු රලුබව නැතිවී ගවුමේ සිනිඳු රෙද්දෙන් ඇඟට සිනිදු බවක් දැනෙන්ට විය......එතකොට ඊයෙත් මම ඇදගෙන හිටියෙ මේවගේ කලිසමක්නෙ......ඊයෙ මේවගෙ දෙයක් දැනුනෙ නෑනෙ.....මා පුදුමයෙන් කල්පනාකලෙමි......ඊයේ මා ගවුම ඇදගෙන සිට කලිසමට මාරුවූ විට ගැහැනු යට කලිසම ඉවත් කිරීමට අමතක වූබව සිහිවිය......දැන් මට යටට ගැහැනු යට ඇදුම අදින්නෙ නැතුව පිරිමි අදින රලු කලිසම් අදින්න බෑ වගේ..දැන් බලන කොට කොල්ලන්ගෙ එක වගේ නෙවෙයි ගැහැනු ලමයින්ගෙ එක මල්පෙති වගේ සිනිදුයි වගේ......කල්පනා කරන්ට වුනිමි...මා නැවත ගැහැනු ලමයෙක් මෙන් සැරසී කාමරයෙන් එලියට ගියවිට.....මාදෙස අමුතු විදියට බැලූ අ ම්මා කටකොනකින් සිනාසෙන්ට විය......මොකද අම්මෙ.....මා ඇය සිනාසෙන දෙස බලා ඇසුවෙමි......මම මේ බැලුවෙ කොල්ලෙක් වගේ ඉන්න ඕනැ කිව්ව කෙල්ලට මොකදවුනේ කියල......ඇය පැවසුවාය
......අම්මනෙ කිව්වෙ ඕනැ එකක් ඇදගන්න කියල .....මා කිව්වෙමි.......මම හිතුවෙ මේ තුන්මාසෙ දිගටම කොල්ලෙක් වගේ ඇදගෙන ඉදියි කියල......අම්මා සිනාසෙමින් කීවාය.......කිසිවක් නොකී මම නැවත කාමරයට යන්ට හැරුනෙමි.....දුව කෑම කාලම යන්න.....තාත්තත් තාම උදේට කෑම ගත්තෙ නෑ. එයත් එයි......අම්මා පැවසූ නිසා මා කෑම මේසය දෙසට ගියෙමි......කෑම මේසයට අසලට පැමිනි තාත්තා.......මා දෙස බලා ඔයා හරියට දැලබුවෙක් වගේනෙ......කීවේය......ඇයි එහෙම කිව්වෙ මංජු ....අම්මා ඇසුවාය......ඇයි දැලබුවනෙ.....සමනලයෙක් වෙන්නෙ........දැලබුව කැතට හිටියට සමනලයෙක් උනාම ලස්සනනෙ......දැන් මෙයත් සමනලයෙක් වෙලා.......තාත්තා පැහැදිලි කලේය.......ඒ වුනාට සමනලයට ආයෙත් දැලබුවෙක් වෙන්න බෑනෙ.....අම්මා කීවාය......ඒක තමා අපේ දුවටත් වෙලා තියෙන්නෙ.....ඒකනම් ඇත්ත කොල්ලෙක් වගේ ඉන්න ඕනැ කියල හිතුනට......එහෙම ඉන්න හිත දෙන්නෙ නෑ වගේ......අම්මා මා ඇද සිටි ගවුම දෙස බලා පැවසුවාය.
පිරිමියෙක් ලෙස ඇදගෙන සිටීමට අම්මාගෙන් එදා පිරිමි ඇදුම් ටික ඉල්ලාගත්තද ඒවා ඇදීමට හිත දුන්නේ නැත. මේ නිසා මා නිතර ගැහැනු ඇදුමෙන් සිටීමට උත්සාහ කලෙමි. මල්ලී සුලු නිවාඩුවකට ගෙදර එක්ක ආවේ මේ අතරය.......මා නැවත ගවුමෙන් සැරසී සිටිනු දුටු මල්ලී........අයිය ආයෙත් නාටියක් පුහුනු වෙනවද......අම්මාගෙන් ඇසුවේය.......මේ සැරේ එයාට ජීවිත නාට්ටිය රගපාන්න වෙන්නෙ ඔයවිදියට තමා......අම්මා පිලිතුරු දුන්නාය......මේ සැරේ ජීවිත කියල නාට්ටියක රගපානවද .......කුතුහලයට පත් මල්ලී අපෙන් ඇසුවේය. නෑ පුතේ අයියගෙ අක්සිඩන්ට් එකෙන් පස්සෙ එයාට අක්ක කෙනෙක් වෙන්න උනා......ඒ කොහොමද මල්ලී පුදුමට පත්වී ඇසුවේය.....අම්මා ඔහුට තේරුම් යනලෙස මට සිදුවූ දෙය පැහැදිලි කරදෙන්ට වූවාය.......එතකොට අයිය හැමදාම ඉන්නෙ අක්ක කෙනෙක් විදියටද......මල්ලී සතුටින් මෙන් මාදෙස බලා පැවසුවේය........අක්ක කෙනෙක් විදියට නෙවෙයි පොඩි පුතේ.....දැන් ඒ ඔයාගෙ අක්ක......අම්මා ඔහුට කීවාය....
No comments:
Post a Comment