දින කිහිපයකට පසුව මගේ නව උපැන්න සහතිකය තැපෑලෙන් ගෙදරටම ලැබී තිබුනු බව පාසැල අවසන්වී ගෙදර පැමිනි විට අම්මා සතුටින් පැවසුවාය.....ඔන්න දුවේ ඔයාට ආයෙත් කොල්ලෙක් විදියට ඔය ස්කෝලෙට යන්න ඕනැනෑ.....ඇය මට උප්පැන්න සහතිකය පෙන්වමින් ....පැවසුවාය.....මා එය අතට ගෙන බැලුවෙමි.....මගේ නම තිලිනි කෞශල්‍යා යනුවෙන් වෙනස්වී තිබුනි......ලිංගය ගැහැනු යනුවෙන් වෙනස්කර තිබුනි......මා දැන් ගතින් පමනක් නොව නීතියෙන්ද ගැහැණු ලමයෙක් බව පිලිගෙන ඇති බව වටහාගත්තෙමි.......සවස ගෙදර පැමිණි තාත්තා.......මම ගැහැණු ස්කෝලෙ මැඩම් එක්ක කතාකලා .....එයා කිව්ව සදුද එක්ක එන්න කියල....මට තේරුනා ඒ මැඩම් කරුනාවන්ත කෙනෙක් කියල.....ඉතින් මම මෙයාගැන ඇත්තම කිව්ව.....එයා කිව්ව ඒකට ප්‍රශ්නයක් නෑ......මේ බව කිසි කෙනෙකුට නොකිය රහසක් වසයෙන් තියාගෙන හොදින් දුවව බලාගන්නම් කියල......එතකොට මංජු සදුද මෙයාව ස්කෝලෙට දානවනම් ගැහැණු ලමයි අදින සුදු යුනිපොර්ම් ගවුම මහගන්න වෙනව නේද..අම්මා ඇසුවාය......අද සදුද හින්ද..මේ සුමානෙ තව දවස් තියෙනව....ඉතින් මහගන්න වෙලා තියෙනවනෙ......තාත්තා කීවේය.....එහෙනම් දුවේ හෙටම ගවුම මහන්න දෙමු......මා දෙස බැලූ අම්මා කීවාය.......ඒ ස්කෝලෙ ගැහැනු ඇදුමට ටයි එකක් තියෙනව ඒ හින්ද ටයිදාන විදියට මහගන්න වෙනව......ඇය තවදුරටත් පැවසුවාය.......හෙට මම මේ ස්කෝලෙට යනවද අම්මෙ.....මා ඇසුවෙමි......දවසක් වත් ස්කෝලෙ පාඩුකරගන්න එපා මේ ගියා වගේ මේ සුමානෙත් ඒකටම යන්න......තාත්තා පැවසුවේය....
තාත්තා පැවසූ පරිදි මා පසුදින කොල්ලෙක් මෙන් පාසැලට ගියෙමි.....මේ සුමානෙ විතරයිනෙ මට මේ විදියට කොල්ලෙක් වගේ එන්න වෙන්න......මේ දගකාර කොල්ලොත් එක්ක ඉන්නවෙන්නෙත් මේදවස් ටිකේ විතරනෙ.......කල්පනා කරමින්.....විවේක කාලයේදී තරංග අයියා හමුවුනෙමි.....අයියෙ මට මේ සුමානෙ විතරයි මේ ස්කෝලෙට එන්න වෙන්නෙ.....ඔහුට කීවෙමි......ඒ මොකද මල්ලි....ඔහු ඇසුවේය.....මගේ අලුත් උප්පැන්න සහතිකේ ආවනෙ.....ලබන සුමානෙ ගෑනු ස්කෝලෙට දානව කිව්ව......මා කීවෙමි....මට ගොඩක් සන්තෝසයි මල්ලි......මම ඔයාට සුබපතනව.....බෙහෙවින් සතුටුවූ අයියා පවසන්ට විය.......මම මගේම මල්ලි වගේම නංගි වගේ ආදරේ කල ඔයා මෙහෙන් යනකොට මගේ හිතට දුකයි.....ඒත් මල්ලි ඔයාගෙ අලුත් ජීවිතේ ආරම්භකරන්න ඕනැනෙ......ඔයා මෙහෙන් ගියත් මම ඔයාට මගේම නන්ගිටවගේම සලකනව.....ඔහු පවසන්ට විය......මට අහන්න බැරි වුනානෙ ඔයාගෙ අලුත් නම මොකක්ද කියල.........තිලිනි කෞශල්‍යා ......මා කීවෙමි.......ෂා.... ලස්සන නමක්නේ.....කවුද ඕක දැම්මෙ....... ඔහු ඇසුවේය.....අම්ම තමා දැම්මෙ... මාව ගෑනු ලමයෙක් වීම එයාට ලැබුනු තෑග්ගක් හින්ද තිලිනි කියල දැම්මලු.....ගැහැනු ලමයෙක් වීම මගේ කුසලයක් හින්ද කෞශල්‍යා කියල දැම්මලු..මා කීවිට....එහෙනම් අම්මත් කැමතියි ඔයා කෙල්ලෙක් උනාට......ඔහු ඇසුවේය.......අම්ම විතරක් නෙවෙයි තාත්තත් කැමතියි මල්ලිත් කැමතියි......මා පැවසූවිට.....ඔයත් කැමතියි......ඔහු සිනාසෙමින් කීවේය......මාද සිනාසුනෙමි.......ඔයා සුදු ගවුම ඇදගෙන ස්කෝලෙ යනකොට ලස්සනට හිටීවි....මට බලන්නත් ආශයි......ඔහු කීවේය......පුලුවන් වෙලාවක ඒ ස්කෝලෙ පැත්තෙ එන්නකො......මා කීවෙමි.....
No comments:
Post a Comment