Friday, July 28, 2017

හදිසි අනතුර 90................................ඇයි නිලන්ත කියන නමට කැමති නැද්ද.....ඔහු ඇසුවේය......අකමැතිබව මා හිසවනා පිලිතුරු දුන්නෙමි........ඔයා ආයෙත් පිරිමි ලමයෙක් උනාම ඒ නමනෙ පාවච්චිකරන්න වෙන්නෙ...ඔහු පැවසූවිට...මම ආශනෑ.....සෙමින් කීවෙමි......නමටද පිරිමිළමයෙක් වෙන්නද.....ඔහු ඇසුවේය.......පිරිමිළමයෙක් වෙන්න......මගේ පිලිතුරවිය.......එහෙනම් පිරිමි ළමයෙක් වගේ ඇදගෙන ඉන්නෙ......මගේ ඇදුම් දෙසබලා ඇසුවේය......අම්ම කිව්වෙ මේ විදියට ඇඳගෙන ඉන්න කියල......මා පැවසුවෙමි.......ඒ වුනාට ඔයා කැමති නෑ?.......පැවසූ ඔහු මා දෙස ගැටලුසහගත ලෙස බලාසිටිනු දක්නට ලැබුණි .......මා හිසවනා අසතුට ප්‍රකාශ කලෙමි.....ඒ කියන්නෙ ඔයා කැමති ගැහැණු ළමයෙක් විදියට දිගටම ඉන්න......මා හිසවනා ඔව් කීවෙමි......හරි මට තේරෙනව ඔයාගෙ ගැටලුව.......පැවසූ වෛද්‍යයවරයා .....නර්ස් මෙයාගෙ අම්මටයි තාත්තටයි එන්න කියන්න.....ලඟසිටි නර්ස් අක්කාට පැවසුවේය......දැන් හරි ඩොක්ට කියයි මම කොල්ලෙක්වෙන්න කැමති නෑ කිව්ව කියල......දැන් ඉතින් මට පිරිමි ලමයෙක් විදියට ඉන්න ඕනැවෙන්නෙ නෑ.....මා සතුටින් කල්පනාකලෙමි.......අම්මා සහ තාත්තා වෛද්‍යවරයා අසල වාඩිවිය......මිස්ට ජයවර්ධන ඇත්තටම ඔයාල කැමති මෙයා ආයෙත් පිරිමි ලමයෙක් බවට පත්කරන්නද.....ඔව් ඩොක්ට මෙයාගෙ නැතිවුන ඒ පිරිමි ජීවිතය ආයෙත් ලබාදෙන්නයි අපිට ඕනැ......තාත්තා බලාපොරොත්තු සහගත ලෙස පැවසුවේය......අම්ම මොකද කියන්නෙ.....ඔහු අම්මා දෙස බලා ඇසුවේය.....මටත් ඕනෙ ඒකම තමා ඩොක්ට......අම්මා කීවාය........ටික වෙලාවක් ඔහු අත තිබුනු මගේ වෛද්‍ය වාර්තා දෙස බලා කල්පනාකර......මේ සැත්කමට ඉස්සෙල්ල මෙයාගෙ සිත වෙනස්කරන්න වෙනව....නැතිනම්  මානසික ගැටලු ඇතිවෙන්න පුලුවන්...... කීවේය.....ඒ කිව්වෙ ඩොක්ට.....අම්මා ඇසුවාය......පුතා දැන් අවුරුද්දක විතර කාලයක් තිස්සෙ ගැහැණු ළමයෙක් විදියටනෙ ඉන්නෙ.....දැන් එයාගෙ හිත ඒ ජීවිතයට හුරුවෙලා තියෙන්නෙ.....ආයෙත් මෙයාගෙ සිත පිරිමි ළමයෙක් විදියට වෙනස්කරගත්තොත් අපිට පුලුවන් මේ සැත්කම සාර්ථක  විදියට කරන්න.....වෛද්යවරයා මෙසේ පැවසූවිට......මොනවද මන්ද මෙයා මේ කියන්නෙ....මට බෑ ආයෙත් කොල්ලෙක් විදියට මගේ හිත්වෙනස්කරගන්න......ඔහු දෙස බලා කල්පනා කලෙමි......අපි මෙයාව පිරිමි ලමයෙක් විදියට අන්දල ඒ විදියට සලකන්නම්......තාත්තා කීවේය.......ඒ වැඩේ හරියන්නෙ නෑ මිස්ට ජයවර්දන.....මම මෙයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට යොමුකරන්නම් එයාට පුලුවන් වෙයි මෙයාගෙ සිත වෙනස්කරන්න.....එයාගෙ වාර්තාවත් අරගෙන මාව මුනගැහෙන්න.......ඔහු මාව එම වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා ලිපියක් ලියමින්  පැවසුවේය.....ඔයාල මේ ඩොක්ට ගාවට යන්න බයවෙන්න එපා මේ දරුවට කිසිම මානසික ආබාධයක් නෑ......අපිට ඕනෙ මෙයාගෙ හිතේ තියෙන ගැහැණු ආකල්ප ඉවත් කරල ඉස්සර තිබුනු පිරිමි ආකල්ප හිතට දාන්න......අවසාන වසයෙන් පැවසුවේය.
              ඔයා මොකක්ද ඩොක්ට එක්ක කිව්වෙ.....කොල්ලෙක් වෙන්න කැමති නෑ කිව්වද.....තාත්තා නිවස බලා වාහනය පදවන අතරතුර ඇසුවේය.......මා කිසිවක් නොකියා නිස්සබ්දව සිටියෙමි......මන් කිව්ව දේ ඇහුනෙ නැද්ද තාත්තා හඬ වැඩිකර ඇසුවේය.......මොකක්ද පුතේ කිව්වෙ......අම්මා ද අසන්ටවූවාය......කැමති නෑ කිව්ව.....මා බියපත්ව වෙව්ලන හඩකින් පැවසුවෙමි......මම දැනගත්ත ඕක...... මෙයා තමයි ඔක්කොම කාල තියෙන්නෙ......ඔය පන්ඩිතකන් කියෙව්වෙ නැත්නම් අදම දිනයක් කතාකරගන්නවනෙ....දැන් පලයන්කො තව ඩොක්ටකෙනෙක් හොයාගෙන........තාත්තා මට සැරෙන් බනින්ටවූවේය.......කෑගහන්න එපා මංජු .....ඒ ඩොක්ට පුතාගෙ හිතවෙනස්කරල දෙයි......අම්මා කීවාය.......ඒ ඩොක්ට ගාවට ගියහමත් කොල්ලෙක් වෙන්න කැමති නෑ කියන්නෙ එහෙම නෑ......තාත්තා තර්ජන සවරූපයෙන් පැවසුවේය. කිසිවක් නොකියා නිස්සබ්දවූ මා...... අනේ මන්ද මෙයාල මට මොනව කරන්න හදනවද කියල. මටනම් බෑ ඔය එක එක ඩොක්ටස්ල කියන විදියට ආයෙත් පිරිමි ළමයෙක් විදියට හිත වෙනස්කරගන්න .... මා කල්පනා කලෙමි......දැන් කවද්ද මංජු ඒ ඩොක්ටගාවට යන්නෙ........ටික වෙලාවකට පසු අම්මා ඇසුවාය......හෙටම ගිහින් දිනයක් වෙන්කරගන්න ඕනැ......මේව තව කල්දදා හිටියොත් තවත් ගැටලුව උග්‍රවෙයි.......තාත්තා පවසන්ටවිය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: