Monday, July 10, 2017

හදිසි අනතුර 56...........................ගෙදරින් පැන යාමට තීරනය කලත් එසේ කලහොත් මට කුමක් වේදැයි කල්පනා කලෙමි.....මම කොහේ කියල යන්නද...... අපි වගේ පොඩි අය කාට හරි අහුවුනොත් කන්න දෙන්නෙත් නැතුව වැඩගනියි......මට බියක් දැනුනි. මා මිදුලේ තිබුනු සිමෙන්ති බන්කුවේ වාඩිවි මගේ අනාගතය ගැන කල්පනා කරමින් සිටියෙමි. බ්ත්තියට හේත්තුකර තිබුනු මල්ලිගේ බයිසිකලය ඇසගැටුනු මා....මටත් මෙවැනි බයිසිකලයක් ඇත්නම්.. මෙහෙම කල්පනා කරකර ඔලුව නරක්කර ගන්නෙ නැතුව ඒකවත් පදිනවනෙ.....කල්පනා කලෙමි. ...එම බයිසකලය ඇල්ලීමටවත් තහනම් කර ඇති මා එය පදින්නේ කෙසේද.....මා නොදැනුවත්වම මගේ ඇස්දෙකෙන් කදුලු වැටුනි......මම මේ බැලුවෙ පුතා කොහේද කියල.....අම්මාගේ කටහඩ ඇසුනු බැවින් මල්ලිගේ බයිසිකලය දෙස කදුලුපිරි දෑසින් බලමින් සිටි මා ඇයදෙස බැලුවෙමි......ඇයි පුතේ  ඇස්දෙක රතුවෙලා......ඇය ඇසුවාය.....මොකෙක්ද සතතෙක් ගියා..... පැවසූ මා එකවරම නැගිට නාන කාමරය තුලට ගොස් ඇස්දෙක සෝදාගත්තෙමි.....
              තාත්තට කියල පුතාටත් බයිසිකලයක් අරන්දෙන්නද .....ටික වෙලාවකින් අම්මා ඇසුවාය.....මට මොකුත් ඕනෙ නෑඅම්මෙ ඒ සල්ලිවලින් මල්ලිට මොනවහරි අරන්දෙන්න...... ඇය ඇසූ දෙය ගනනකට නොගත් මා එසේ පවසා කාමරයට ගියෙමි.......දැන් කරන්න තියෙන්නෙ තරංග අයිය කිව්ව විදියට හොඳට වැඩකරල විභාග පාස්වෙන එකයි.......ඊට පස්සෙ මෙයාල මල්ලිට වගේ මටත් සලකයිනෙ.....මා කාමරයට ගොස් පාඩම් කිරීමට පටන්ගත්තෙමි.
                දවස් දෙකක් පමන ගතවිය . මා පාසැල අවසන්වී ගෙදර පැමිනි විට අලුත්ම බයිසිකලයක් සාලයේ තිබෙනු දුටු මා ඒ දෙස හොදින් බැලුවෙමි.....එය මල්ලිගේ බයිසිකලයට වඩා ලොකුවූ අතර ස්පෝර්ට් වර්ගයේ එකක් විය......මල්ලිට තව බයිසිකලයක් අරන්දීල වගේ......මට කොහේද එහෙම වාසනාවක් මා එය අසලට නොගොස් කාමරයට ගොස් ඇදුම් මාරුකරගත්තෙමි......පුතේ තාත්ත ඔයාටත් බයිසිකලයක් එවල තිබුන.....ස්කෝලෙ ගිහින් ආපුවහම දෙන්න කියල......පුතා ඒක දැක්කද.....මා කෑම ගන්නා අතරතුර අම්මා කීවාය...නෑ අම්මෙ..... එය නොදුටු බව හැඟවූ මා........අම්මට වැරදිලා..... ඒකත් මල්ලිට වෙන්න ඇති අම්මෙ...... මා කීවෙමි......නෑ පුතේ ඔයාට.....අම්මා කීවාය......වෙන්න බෑ අම්මෙ .....ඕව අරන්දෙන්න තරම් මම මොනවද කරල තියෙන්නෙ.....මා ඇසුවෙමි.......නෑ පුතේ ඔයාට තමයි......ඇය නැවත කීවාය.....වෙන්න බෑ අම්මෙ.....හවසට තාත්ත අපුවහම අම්ම අහන්න......මා කීවෙමි.
                 අම්මා කෙසේ කීවද මා එම බයිසිකලයට අතවත් නොතිබ්බෙමි..........සවස තාත්තා පැමිනි පසු මා පැවසූ දේවල් අම්මා තාත්තාට කීවාය.......ඕක ගත්තෙ පුතාට මල්ලිට එකක් තියෙනවනෙ.....තාත්තා කියනු ඇසුනි.....මම විභාගෙ පාස්වුනේ නෑනෙ .......මා සෙමින් කීවෙමි.....විභාගෙ පාස්වෙන්න ඕනැ නෑ.....අම්ම කිව්වෙ ඔයාටත් එකක් අරන්දෙන්න කියල......තාත්තා කීවේය.  තාත්තාට විරුද්ධව කිසිවක් නොකී මා නිශ්සබ්දව සිටියෙමි.
                අම්මාට  සාමාන්‍යයෙන් මගේ හැගීම් තේරුම් ගැනීමට හැකියාව තිබෙන බව කලක සිට දැනගෙන සිටි මට මගේ සිතේ තිබුනු ආසාව ඉවෙන්මෙන් තේරුම් ගත් ඇය තාත්තා ලවා මටද බයිසිකලයක් මිලදීගෙන ඇතිබව වටහාගත්තෙමි. මා එය පිලිනොගතහොත් ඇගේ සිතට දුකක් ඇතිවේයයි මගේ හැගීම විය......පසුදින පාසැල අවසන්ව ගෙදර පැමිනි මා එය පරීක්සාකර බලා පැදීමට පටන්ගත්තෙමි......
                 දිනපතා ටිකවේලාවක් පාඩම් කරන මා පැයක පමන කාලයක් බයිසිකලය පැදීමට පටන්ගත්තෙමි.......දින කිහිපයක් වත්ත තුල පැද්ද මට එය පාරට ගෙන පැදීමට ආශාවක් ඇතිවිය.අම්මාට මේබව  පැවසුවෙමි. අපේ නිවස ඉදිරිපිට පාරේ එතරම් වාහන නොයන බැවින් එයට අම්මාගේ අවසරය ලැබුනි......දිනපතා පාරට ගෙනයන එය පාරේ පැදීම විනෝදාන්සයක් විය......පුතේ පාරට ගියාට කමක් නෑ ඕක පැදගෙන වෙන කොහේවත් යනව එහෙම නෙවෙයි......අම්මා එසේ පැවසුවේ මා ඈතට යාවි යන සැකයෙනි.......බයිසිකලය ලැබීමෙන් පසු මගේ සිතතුල තිබුනු කලකිරීම තනිකම වැනි අසහනකාරී තත්වය ක්‍රමයෙන් අඩුවනබව තේරුනි......
    Transgender body swap ගේ ඡායාරූපය

No comments: