Saturday, July 29, 2017

හදිසි අනතුර 92...................................අම්ම කිව්වෙ මේවිදියට අඳින්න කියල......එතකොට ඔයා ආශ ගැහැණු ලමයෙක් වගේ ඉන්න......ඔව් .....මා කීවෙමි. පුතාට හිතෙන්නෙ නැද්ද ගැහැණු ළමයෙක් වුනාම කරදරයි කියල.....ඔහු ප්‍රස්නකලේය .... මෙච්චෙර කල් හිටියනෙ ප්‍රශ්නයක් උනේ නෑ.....මා පිලිතුරු දුන්නෙමි.......ඔයා තාම පොඩි හින්ද මේව තෙරෙන්නෙ නෑ.....ඔයා දන්නවනෙ පිරිමි ළමයෙකුට තියෙන නිදහස ගැහැණු ලමයෙකුට නෑ කියල......පැවසූ ඔහු පිරිමියෙකුට තිබෙන නිදහස සම්බන්ධව කතාකරන්ට විය.....ඉන් අනතුරුව ගැහැණු ළමයින්ට ඇතිවෙන මාසික කරදරය විස්තර කිරීමට පටන්ගත් අතර දරුවන් ලැබෙන විට අම්මා කෙනෙක් වසයෙන් විදීමට සිදුවන වේදනා සම්බන්ධව ද විස්තරකරන්ට විය.....මා කිසිවක් නොපවසා ඔහු විස්තරකරන සියල්ල අසා සිටියෙමි.....දැන් පුතාට හිතෙන්නෙ මොකක්ද ගැහැණු ළ්මයෙක් වෙන එකද හොද පිරිමි ළමයෙක් වෙන එකද......අවසානයේදී මගෙන් ඇසුවේය......ඔය මොනව වුනත් මමනම් කැමති ගැහැනු ලමයෙක් වෙන්න.....මා කීවෙමි......අවස්ථාව  තියෙද්දිත් පිරිමිකම අයින්කරන එක අපරාදෙනෙ.....ඔහු නැවත වරක් කීවේය......කමක් නෑ....මම පිරිමිකම ගැන කල්පනාකරන්නෙ නෑ......මා ස්ථීර ලෙස කියාසිටියෙමි.   පුතා ඉස්සරත් ගැහැනු ලමයෙක් වෙන්න ආශාවෙන් හිටියද......ඔහු මගේ අනතුරට පෙර ජීවිතය ගැන අසන්ට පටන්ගත්තේය......ඒ දිනවලද ගැහැනු ලමයෙකුබවට පත්වීමට කැමැත්තෙන් සිටිබව මා පැවසුවෙමි.....එහෙනම් ඔයාට ලොකු චාන්ස් එකක් අනතුරෙන් පස්සෙවුනේ නේද.....ඔහු සිනාසෙමින් පැවසුවේය......දැන් බැරිවෙලාවත් බලෙන් හරි ඔයාව පිරිමිලමයෙක් බවට පත්කලොත් ටික කලයක් ගිහින් හරි කැමතිවෙනවද......මට බෑ ඩොක්ට......මම පිරිමි එක එල්ලගෙන ඉන්න ආසම නෑ....කී මම....... මට හිතෙනව මගෙ ගැහැනු ජීවිතය නැතිවුන දුකටම මාව මැරිල යයි කියෙල.......මගේ සිතට දැනුනු දුක්බර වේදනාව නිසා හැඩුම්බරව පිලිතුරු දුන්නෙමි.....හරි හරි අපි මේකට මොකක් හරි කරමු......පැවසූ වෛද්‍යවරයා දැන් ඔයා එලියට ගිහින් අම්මටයි තාත්තටයි එන්න කියන්න......මට එයාල එක්ක මේ ගැන කතාකරන්න ඕනැ.....එතකන් ඔයා එලියට වෙලා ඉන්න....ඔහු පැවසූ විට කාමරයෙන් පිටතට පැමිනි මා .....අම්මට සහ තාත්තාට ඇතුලට යනලෙස පැවසුවෙමි......එලියේ අසුනකින් වාඩිවූ මා ඔවුන් පිතතට පැමිනෙන තුරු බලා සිටියෙමි......ටික වෙලාවක් බලා සිටියද ඔවුන් පැමිනෙන වගක් නොපෙනුනි......මගෙන් එක එක ඒව ඇහුව වගේ එයාලගෙනුත් අහනව වගේ මට හිතුනි.......මාව කොල්ලෙක් බවට පත්කිරීමට තාත්තා උපරිම උත්සාහය දරන බව දන්නා මට කෙසේ හෝ වෛද්යවරයාගේ සිත වෙනස්කර ඔහුට අවස්ය ආකාරයට වෛද්‍ය වාර්තාව සූදානම් කරගනීදැයි සැකය මගේ සිතතුල මතුවන්ට විය......එහෙම නැත්නම් ඩොක්ට මම කිව්ව දේවල් තේරුම් අරගෙන වාර්තාව ලිව්වොත් මම දන්නව මාම ආයෙත් පිරිමිළමයෙක් වෙන්න කැමතියි කියල ලියන්නෙ නෑ කියල......මා පුටුව මත වාඩිවී ...කල්පනා කලෙමි........ටික වේලාවකින් ගැහැණු කෙනෙක් මා අසලින් වාඩිවූ අතර ඇයසමග පැමිනි අවුරුදු දහ අටක් පමන වයස ඇති අක්කා කෙනෙක්ද ඇයට තරමක් දුරින් වාඩිවූවාය.......ඔයත් ඩොක්ට හම්බවෙන්නද.....කාන්තාව මගෙන් ඇසුවාය.....මා ඔව් යනුවෙන් පිලිතුරු දුන්නෙමි....තනියෙමද ආවෙ .....මා දෙස පුදුමයෙන් මෙන් බැලූ ඇය ඇසුවාය.......අම්මයි තාත්තයි ඩොක්ටගාව මට ටිකක් මෙතැන ඉන්න කිව්ව...මා කීවෙමි...කාටද ගැටලුව....ඇය ඇසුවාය.....මට....මා කීවෙමි.....ඇත්තද.....කී ඇය.....දැන් තමයි අපිටත් වෙලාව දීල තියෙන්නෙ......පැවසූ ඇය.....දුව මෙයාල ආවහම අපිට යන්න පුලුවන් .....ඇගේ දියනියට පවසනු ඇසුනි.......එහෙනම් වැඩිවෙලා යන එකක් නෑ.....එම දියනිය පිරිමි කටහඩින් පැවසූ නිසා පුදුමයට පත්වූ මා ඇය දෙස හොදින් බැලුවෙමි......මෙයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද......මෙයාගෙ ඇඟදිහා බැලුවමනම් කොල්ලෙක් කියල කියන්නම බෑ ලස්සන අක්ක කෙනෙක් ඒත් කටහඬ පිරිමියෙක් වගේම ගොරෝසුයි......මා ඇයදෙස බලා කල්පනා කලෙමි.......මා ඇය දෙස බලාසිටිනු දුටු ඇගේ අම්මා.....පුතත් පිරිමි ලමයෙක් වෙන්න හිතාගෙනද මෙහාට ආවෙ.....ඇසුවාය.....නෑ ..යනුවෙන් පැවසූ මා මම ගැහැනු ළමයෙක් ....කීවෙමි. .. සොරි. යනුවෙන් මගෙන් සමාවගත් ඇය........මට හිතුනෙ ඔයා පිරිමි ලමයෙක් වගේ ඇදගෙන ඉන්න හින්ද පිරිමි ළමයෙක් වෙන්න හිතාගෙන වෛද්‍ය  සතිකයක් ගන්නද ආවෙ කියල....අපේ දුවට දැන් තියෙන්නෙ ගැහැනු කම සම්පූරන කරගන්න ඔපරේසන් එක කරව ගන්න එක විතරයි.......ඒකටත් මානසිකත්වය බලනවනෙ....ඒහින්ද වෛද්‍ය සහතිකය ගන්න ආවෙ.....ඇය පැවසුවාය........එතකොට මෙයත් පිරිමි ලමයෙක් වෙලා ඉදල ගැහැනුලමයෙක් කරවගෙන.....කල්පනාකල මා දැන් බලනකොට ගැහැනු ලමයි බවට පත්වුන පිරිමි ලමයි මම විතරක් නෙවෙයිනෙ අපේරටේ ඉන්නෙ......මා පුදුමයෙන් කල්පනාකලෙමි......  ඇයි ඔයා පිරිමිලමයෙක් වෙන්න හදන්නෙ....... ටික වෙලාවකින් මා අසලට පැමිනි අක්කා පිරිමි කටහඩෙන් මගෙන් ඇසූ ඇය........මෙච්චර ලස්සන ගැහැනු ලමයෙක් වෙලා ඉන්න ඔයා ඇයි අනේ කැත පිරිමිලමයෙක් වෙන්න හදන්නෙ.......ඇයද ඇගේ අම්මා මෙන් මාගැන වරදවා තේරුම් ගෙන ඇතිබව අවභෝධ කරගත් මා .....එහෙම එකක් නෑ යනුවෙන් කීවෙමි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: