හදිසි අනතුර 71.............................මා කිසිවක් නොකියා හිසවැනුවෙමි.....එතකොට ඔයා දැන් ගෑණු ලමයෙක්.....ඔහු ප්රස්නාර්තව ඇසුවේය.....මා කිසිත් නොකියා ඔහුදෙස බලාසිටිනවිට.......මම දන්නෙ නෑ මම දැන් ඔයාට මල්ලි කියන්නද නංගි කියන්නද කියල.....ඒත් මල්ලි මෙහෙදි ඔයාට මල්ලි කියල කතාකරන්නම්...ඔහු කනගාටුවෙන් මෙන් පැවසුවේය......තාත්ත කිව්ව උප්පැන්න සහතිකේ වෙනස් කලහම මාව ගෑණු ස්කෝලෙකට යවනව කියල......මා කීවෙමි......ඒක හොදයි දැන් ඔයාට මේ විදියට කොල්ලොත් එක්ක ඉන්න බෑනෙ.....පැවසූ ඔහු කොච්චර කාලයක් යයිද ....ඇසුවේය......මාස තුනක් විතර යයි කියල කිව්වෙ.....මා පැවසුවෙමි......ඔයා කිසිදේකට බයවෙන්න එපා මල්ලි මම ඔයාව මගේම නංගි කෙනෙක් විදියට බලාගන්නම්.....ඔහු පොරොන්දු විය......ඒක නෙවෙයි මල්ලි දැන් ඔයාට මොකද හිතෙන්නෙ මේ වෙච්ච දේ ගැන..ඇසූ ඔහු....ඔයාව කෙල්ලෙක් උන එක ගැන මටනම් හරිම දුකයි....... කීවේය.........මටනම් එච්චර දුකක් නෑ අයියෙ ...ඒත් මට තියෙන ගැටලුව මේ විදියට සමාජයට මුහුන දෙන්නෙ කොහොමද කියන එකයි....මා කීවෙමි....ඔයාව කෙල්ලෙක් උන එකට ඔයාට දුකක් කනගාටුවක් නැත්නම් ඒ ඇති....ඔයා කිව්ව වගේ සමාජයෙන් එල්ලවෙන ප්‍රස්න තමා තියෙන්නෙ.....පවසා සුලුවෙලාවක් කල්පනාකල ඔහු .....අපි කොහොම හරි ඒකත් විසද ගම්මු.....ඔහු අධිෂ්ඨානපූර්වකව පැවසුවේය. කොහොමත් ඔයා ගෑණු ස්කෝලෙට යනකොට ගොඩක් ප්‍රශ්නෙ විසදගන්න පුලුවන් වෙයි......ඔහු මගේ සිතට සුබ බලාපොරොත්තු ඇතිකරමින් පැවසුවේය. මා ගැහැනු ලමයෙකු බවට පත්වී ඇතිබව දැනගත් දින සිට තරංග අයියා මාව විශේෂයෙන් ආරක්ෂා කරන බව පෙනෙන්ට තිබුනි......පාසැලේදී මගේ සියලු වැඩ සොයා බැලූ අතර මගේ අධ්‍යාපනය කටයුතු වලටද සහයෝගය දැක්වන්ට විය.......ක්‍රමයෙන් ඔහු පිට කෙනෙක් නොව මගේම අයියා කෙනෙක් යන හැගීම ඇතිවිය ......අම්මේ අද කෑම පෙටියට ටිකක් වැඩියෙන් දාන්න තරංග අයියත් ඉන්නවනෙ......අම්මාට පැවසුවේ තරංග අයියාද මා සමග කෑම කෑමට පුරුදුවී ඇති නිසාය.....මා නිතර තරංග අයියාගැන අම්මා සමග පවසන විට දිනක්.......ඔයාගෙ දැන් කටේ තියෙන්නෙම තරංග අයිය ගැනමනෙ....එයා ආස්සරේ කරන්න එපා කියන්නෙ නෑ....ඒත් ඔයා මතක තියාගන්න ඔයා දැන් ඉස්සර වගේ කොල්ලෙක් නොවන වග......ඔයා දැන් ගෑනු ලමයෙක් ඒක දැනගෙන පරිස්සමින් ආස්සරේ කරන්න......අම්මා මට ගැහැනු ලමයෙකුට දෙන ආකාරයේ අවවාදයක් දෙන්ට වූවාය......ඒක මම දන්නව අම්මෙ එත් තරංග අයිය කියන්නෙ එහෙම නරක කොල්ලෙක් නෙවෙයි......මා කීවෙමි.
පාසැල් ගොස් මාස දෙකක් පමන ගතවිය......මේ කාලය තුල මා ගෙදරට වැඩිපුර ඇන්දේ ගැහැණු ඇදුම්ය.....ඉද හිට මා කොල්ලෙක් ලෙස සැරසී සිටිනවිට......මොකද අද කොල්ලෙක් වගේ....අම්මා ඇසුවාය.....තාම මට යන්න වෙලා තියෙන්නෙ පිරිමි ස්කෝලෙකටනෙ......මා පැවසූ විට....ආ ඒකත් ඇත්තනෙ......බැරිවෙලාවත් පිරිමි කම අමතක උනොත් එහෙම නේද......අම්මා සිනාසෙමින් පැවසුවාය......මා කිසිවක් නොකියා ඇය සමග සිනාසුනිමි.
පොඩි පුතේ ඔයාගෙ කොන්ඩෙ වැවිල නේද යමු කපාගෙන එන්න...නිවාඩුදිනවල ගෙදර පැමින සිටි මල්ලීට පැවසූ අම්මා.......කොන්ඩෙ වැවුනම මොකාදවගේ....කීවාය.....දැන් අක්කගෙ මටත් වැඩිය කොන්ඩෙ වැවිලනෙ.....එයාව අම්මට මොකාද වගේ පේනෙ නැද්ද......මල්ලී තරහෙන් මෙන් ඇසුවේය......පොඩි පුතේ එයා දැන් ගෑනු ලමයෙක් ....ගැහැනු ලමයෙක් උනාම කොන්ඩෙ දිගට වවන්න ඕනැ......ගෑනු ලමයින්ගෙ කොන්ඩෙ කොටවුනාම තමයි මොකාද වගේ පේන්නෙ.....අම්මා ඔහුට පැහැදිලි කලාය......මසකට වරක් අපේ කොන්ඩය කප්පන අම්මා මල්ලීගේ කොන්ඩය කැප්පුවා මිස මගේ කොන්ඩය කැපීමට උනන්දු නොවුනේ මා දන් ගැහැනු ලමයෙකු වී ඇති නිසා බව පැහැදිලිවිය......මොකද බන් උබට කොන්ඩෙ කපාගන්න සල්ලි නැද්ද.....මගේ වැවී ඇති කොන්ඩය දෙස බලා සමහර කොල්ලන් පවසන්ට විය.......නිලන්ත ඇයි ඔයා කොන්ඩෙ කපන්නෙ නැත්තෙ......මගේ කොන්ඩය වැවී වැඩි බව දුටු පන්ති බාර ගුරුතුමිය ඇසුවාය......අසනීපෙන් පස්සෙ කැපුවෙ නෑ ටීච.....හරි හරි කමක් නෑ සනීප වුනාම කපාගෙන එන්න.....මා කොන්ඩය නොකපන සත්‍ය හේතුව නොදන්නා ඇය කීවාය.......බලන්න අම්මෙ මගෙ කොන්ඩෙ කපාගෙන එන්න කියල ගුරුවරුත් කියනව......දිනක් මා අම්මාට කීවෙමි......තව වැඩිකල් ඔය ස්කෝලෙට යන්නෙ නෑනෙ දුව......මම ඔන්නම් ඔයාට ලිවුමක් ලියල දෙන්නම්කො කොන්ඩෙ නොකපන්න හේතුව ලියල.......ඒක ටීචට දෙන්න එතකොට හරි......ඇය කීවාය.....අපෝ මම කෙල්ලෙක් කියල එහෙම ලියන්න එපා.....බියට පත්වූ මා අම්මාට කීවෙමි......මම එච්චර මෝඩ නෑ දරුවෝ....පැවසූ ඇය......වෛද්‍ය උපදෙස් මත මාස තුනකට පමන කොන්ඩය කැපීම කල්දාන්න වුනා කියල ලියන්නම්......අම්මා කීවාය......දැම්ම ඕනැ වෙන එකක් නෑ බැරිම උනොත් කියන්නම්....තව ටික දවසයිනෙ ඔතැන ඉන්නෙ.....මා කීවෙමි. පිරිමි පාසැලට යන මේ දින කිහිපය තුල මගේ කොන්ඩය වැවීම කිසිවෙකුට ගැටලුවක් නොවේවායි මාගේ පැතුම විය.
No comments:
Post a Comment