හදිසි අනතුර 78....................................ඊට ඉස්සෙල්ල අපේ පාසැලේ ටයි එක දෙන්න ගැටගහගන්න......මුල් ගුරුතුමිය ඇයට පැවසුවාය.......ටයි එකට මුදල් ගෙවා ලබාගත් තාත්තා එය ගැටගැසීමට උත්සාහකරනවිට කෝදෙන්න මිස්ට මම ගැටගහන්නම්.....අනුශා මිස් ටයිඑක ගවුමේ කොලරයේ ගැටගසන අතරතුර.....ඔයාට ගැටගහගන්න තේරෙන්නෙ නැද්ද.... ඇසුවාය......මම ගිය ස්කෝලෙ ටයි නෑනෙ මිස්.... මා කීවෙමි. ටයි එක ගැටගසා ගවුමට සරිලනසේ සැකසූ ඇය මාව නවයේ පන්තිය දෙසට එක්ක ගියාය..එහෙනම් මම යන්නම් දුවේ දවල්ට එක්ක යන්න එන්නම්..පැවසූ තාත්තා ගෙදර යෑමට පිටත්විය...නවය පන්තිය පිහිටා තිබුනේ තට්ටු දෙකක ගොඩ නැගිල්ලක ඉහල මාලයේ බව දුටුවෙමි.....හොද වෙලාවට ඉන්ද්‍රානි මිස් පන්තියෙම ඉන්නව......පැවසූ ඇය මාව ගුරුතුමිය අසලට එක්ක ගොස් බාරදුන්නාය.......ඔයාගෙ නම මොකක්ද ......ඇය මගෙන් ඇසුවාය. .....තිලිනි කෞශල්‍යා .....මා කීවෙමි.....මෙන්න ඔයාලට අලුත් යාලුවෙක් ඇවිල්ල.....නම තිලිනි.....තිලිනිට වාඩිවෙන්න ස්ථානයක් සකස්කරල දෙන්න......ඇය එසේ පවසනවාත් සමගම කිහිප දෙනෙක් නැගිටිනු දුටුවෙමි.....ඔයාල ඔක්කොම යන්න එපා හතරදෙනෙක් ගිහින් පුටුවකුයි ඩෙස් එකකුයි ගේන්න......මිස් කීවාය......ඔවුන් ගොස් එනතුරු මට සිටගෙන සිටීමට සිදුවිය......ඔයා කොහේ ඉදන්ද එන්නෙ ....ඒ අතරතුර ගුරුතුමිය ඇසුවාය....මා ගෙදර තිබෙන ස්ථානය පැවසූවිට මේ ලගනෙ ඇය කීවාය.. සිසුවියන් එකතුවී මට වාඩිවීමට ස්ථානයක් සකස්කර දුන් විට මා එහි වාඩිවුනෙමි.......මාගේ ඇතුලු කර ගැනීමේ කටයුතු ප්‍රමාද වූබැවින් මෙය අවසාන කාලපරිච්චේදය විය. මේ නිසා කිසිවෙකුට මා සමග කතාකිරීමට නොහැකිවූ බව මට තේරුනි.
පාසැල ඇරුනු විට තාත්තා මා එනතුරු සිටින බව දුටුවෙමි.....මා ඔහුගේ වාහනයට ගොඩවුනිමි.....කොහොමද පන්තිය හොදද....තාත්තා ඇසුවේය. ......වරදක් නෑ වගේ......මා පිලිතුරු දුන්නෙමි......ගෙදර ගිය විට අම්මාද පාසැලේ විස්තර අසන්ට වූවාය.......තාම කොහොමද කියල දන්නෙ නෑ අම්මෙ....අපේ පංතිභාර මිස්නම් කරුණාවන්ත පාටයි.....එයාට වැඩි වයසත් නෑ වගේ.....මා කීවෙමි.
පසුදින උදෑසන මාව එක්ක ගියේ අම්මාය. පලමුදින මාව පාසැලට ඇතුලත් කල යුතුනිසා තාත්තා සමග පැමිනියත් මින්පසු අම්මා පැමිනෙන බව පැවසුවාය.......උදෑසන පාසැලට ගිය මට සැමතැනම දක්නට ලැබුනේ සුදු පැහැති ගවුම් ඇදගෙන කිරි කොක්කු රෑන මෙන් එහෙමෙහෙ ඇවිදින ගැහැනු ලමුන්ය......කුඩා නංගිලා දුවපැන සෙල්ලම් කරන අයුරුද දුටුවෙමි....මෙතෙක් කලක් නොදුටු මෙම දර්ශනය මගේ සිත්ගත් දසුනක් විය.....මා ඔව්න් දෙස බලමින් පන්තිය සොයාගෙන යනවිට කොහේද සිට පැමිනි ගැහැනු ළමයෙක් මගේ අත අල්ලා ගත්තාය.......ඔයා අලුතෙන් ආවහින්ද පන්තිය හොයාගන්න අමාරුවෙයි කියල මම ඔයා ගාවට ආවෙ.....ඇය කීවාය......ඒ සමගම තවත් ගැහැනු ලමයෙක් මගේ අනිත් අතින් අල්ලා ගත්තාය......ඔයාගෙ නම මොකක්ද කිව්වෙ..ඇය ඇසුවාය ....තිලිනි කෞශල්‍යා... මා කීවෙමි.......ඔවුන් දෙදෙනා මගේ අත්වලින් අල්ලාගෙනම පන්තිය දක්වාම පැමිනෙන්ට විය...කොලන්ගේ අත්මෙන් නොව ඔවුන්ගේ අත්වල සිනිදු බවත් සිසිල් බවත් මට දැනෙන්ට විය......පන්තියට ගිය මා මගේ ඩෙස් එකෙහි පොත් බෑගය තැබුවෙමි.......මා සමග පැමිනි ලමුන් දෙදෙනාද ඔවුන්ගේ ස්තානවලට ගොස් පොත් බෑග තබන අයුරු දුටුවෙමි......මේ කෙල්ලො මොනවගේද දන්නෙ නෑ......කොල්ලන්ට වඩා හපන්ද දන්නෙ නෑ..... ටිකක් මගහැරල ඉන්න ඕනැ......සිතනවාත් සමගම ගැහැනු ලමයෙක් මගේ කරට අත දැම්මාය තවත් කිහිප දෙනෙක් මාව වටකර ගන්ට විය....මුන් ටික එකතුවෙලා මට මොනව කරයිද මන්ද.....පරන ස්කෝලෙ කොල්ලොටික හොදයි වගේ.....මට බියක් ඇතිවිය. ....උබ කොල්ලෙක්ද බන්...... එක් අයෙක් ඇසුවාය.....මම කොල්ලෙක් වෙලා හිටිය කියල මුන්ටිකට ආරන්චිවෙලා වගේ......ඒක තමා මුන්ටික මාව වටකර ගත්තෙ.....දැන් මොකද කරන්නෙ.....මට දැඩි බියක් දැනෙන්ට විය .....
No comments:
Post a Comment