Friday, July 28, 2017

හදිසි අනතුර 91...........................මාව අයෙත් කොල්ලෙක් බවට පත්කලොත් මට හැමදාම අදින්නවෙනෙ මේ ජරා පිරිමි ඇදුම්නෙ......ගෙදරගොස් ඇදුම් මාරුකරන අතරතුර කල්පනාකල මා.....මේ අතින් බලනකොට ගැහැනු ඇදුම් කොච්චර ඇගට සනිපද. ඒව ඇදගෙන ඉන්නකොට කොයිතරම් ලස්සනද සුන්දරද......මම ඉස්කෝලෙදි ආස්සරේ කරන ඒ ආදරනීය කෙල්ලො ටිකත් මට නැතුවයනව......මා තවදුරටත් කල්පනාකලෙමි.
                   අද හවස ඔයාව ඩොක්ටගාවට එක්ක යන්න තාත්ත එනව කිව්ව.....පසුදින මා ගෙදර පැමිණිවිට අම්මා පැවසුවාය.....අද එහෙම ඩොක්ට එක්ක කියන්න එපා ඔයා කොල්ලෙක් වෙන්න කැමති නෑ කියල.....දැක්කනෙ ඊයෙ තාත්ත ඔයාට බැන්න......අදත් ඒ වැරැද්ද කලොත් ඔයාට හොදටම බැනුම් අහන්න වෙයි. ......අම්මා මාව බියට පත්කරමින් පවසන්ටවූවාය......සවස මට වෛද්‍යවරයා හමුවීමට
සිදුවූවේ ඊයේ මෙන් පිරිමි ලමයෙකු මෙන් ඇද පැලදගෙනය.
                     තාත්තා වෛද්‍යවරයාට මගේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත්කලේය......එය ටිකවෙලාවක් කියවූ ඔහු......දැන් කොච්චර කල් වෙනවද මේ පුතාව ගැහැණු ලමයෙක් බවට පත්වෙන ඔපරේසන් එක කරල......ඇසුවේය......දැන් අවුරුද්දක් විතරවෙනව......තාත්තා පැවසුවේය......දැන් ඔයාල හදන්නෙ මෙයාව නැවත පිරිමි ලමයෙක් බවට පත්කරන්න......ප්‍රස්නාර්ථව පැවසූ වෛද්‍යවරයා ...පුතා කැමතිද ඒකට.....ඇසුවේය.....ඔව් ඩොක්ට පුතාටත් ඕනෙ ඒක......මාදෙස බලා එසේ කියනලෙස සංඥාවක් කල තාත්තා කීවේය.....එතකොට පුතා ගැහැනු ළමයෙක් විදියට ජීවත්වෙන්න කැමැත්තක් තිබුනෙම නෑ....ඇසූ ඔහු.... හැමදාම මේවගේ පිරිමි ඇදුම් ඇඳගෙන  හිටියෙ.....වැඩිදුරටත් ඇසුවේය.....ගැහැනු ඇදුම් ඇන්දට මගේ බලකිරීමට තමයි ඇන්දෙ......අම්මා මා නොසිතූ ලෙස පැවසුවාය....ඇයි අම්ම මේතරම් බොරුකියන්නෙ....මම කොච්චර ආසාවෙන්ද ගැහැනු ඇදුම් ඇදගෙන ගැහැනුළමයෙක් විදියට හිටියෙ......මා අම්මාකෙරෙහි නොසතුටෙන් කල්පනාකලෙමි.....පුතා ගැහැනු ලමයෙක් වෙන්න අකමැතිනම් හිතවෙනස්කරන්න මෙච්චර මහන්සිවෙන්න ඕනෙ නෑ.....බය නැතුව ඔපරේසන් එක කරන්න ඊට පස්සෙ මෙයා කැමැත්තෙන්ම පිරිමි ලමයෙක් විදියට ජීවත්වෙයි......පැවසූ ඔහු.....ඇයි මෙයාගෙ හිතවෙනස්කරන්න මාගාවට එක්ක ආවෙ.....ඔහු අම්මාගෙන් ප්‍රශ්නකලේය......එයට නිරුත්තර වූ අම්මා.....තාත්තා දෙසබලුවාය.......ඩොක්ට මෙයා දැන්අවුරුද්දක් විතර ගැහැනු ලමයෙක් විදියටනෙ ජීවත්වුනේ ...දැන් යන්නෙත් ගැහැනු පාසැලකටනෙ.....ඉතින් මෙයාට  ඇතිවෙලා තියෙන ගැහැනු ආකල්ප ඉවත්කරගන්නයි ඩොක්ටගාවට ආවෙ.....තාත්තා පිලිතුරු දුන්නේය......හරි මට තේරෙනව.....අපි මෙයාගෙ හිතේ ගැහැනු ආකල්ප තියෙනවනම් ඒව වෙන්ස්කරමු...සිනාසෙමින් පැවසූ ඔහු...අවසානයේ  තාත්තාට එකගත්වය ප්‍රකාශකලේය. .....මට පුතත් එක්ක ටිකක් තනියෙම කතාකරන්න ඕනැ....ඔයදෙන්න එතකන් එලියෙන් ඉන්න......ඔහු තාත්තාට සහ අම්මාට පැවසුවේය......පුටුවෙන් නැගිට්ට තාත්තා මාදෙස බලා කොල්ලෙක් වීමට අකමැත්ත ප්‍රකාශ නොකරන ලෙස ඔහුගේ තොල්පෙති මත දඹර ඇඟිල්ල තබා සංඥා කලේය......තාත්ත කොච්චර විරුද්ධ වුනත් මටනම් බෑ ආයෙත් කොල්ලෙක් වෙන්න කැමතියි කියන්න.....මා සිතාගත්තෙමි.
                                   පුතේ ඔයාගෙ නම මොකක්ද.....ඔවුන් පිටවූපසු වෛද්‍යවරයා ඇසුවේය......තිලිනි කෞශල්‍යා .....මා කීවෙමි........ඒක නෙවෙයිනෙ ඔයාගෙ නම නිලන්ත නේද......ඔහු ඇසුවේය......ඒ ඉස්සර තිබුන නම.......මා කීවෙමි......ඇයි ඔයා ඒ නමට කැමති නැද්ද......ඔහු ඇසුවේය.......ඒක පිරිමි නමක්නෙ.....මා කීවෙමි......ඔයා ඉතින් ආයෙත් පිරිමි ලමයෙක් වෙන්න ඉන්න හින්ද ඒ නම පිරිමි ළමයෙකුට හොදට ගැලපෙන නමක්නෙ......ඔහු කීවේය....මා කිසිවක් නොකියා බිමබලාගත්තෙමි......ඔයා දැන් යන්නෙ ගැහැනු ළමයි යන පාසැලකටද......ඔව්...මා කීවෙමි......එතකොට ඉස්සර ගියේ.....ඔහු ඇසුවේය......පිරිමි ඉස්කෝලෙට.......මා කීවෙමි.......ඔය දෙකෙන් කොයි ඉස්කෝලෙද හොද.....ඔහු ඇසුවේය.......දැන් යන එක ....මා නොපැකලීම පිලිතුරු දුන්නෙමි......ඔයාට තව සහෝදර සහෝදරියො ඉන්නවද.....අනතුරුව ඇසුවේය......මල්ලි කෙනෙක් ඉන්නව......මා කීවිට.....එයා ඔයාට කොලොපන් කරනවද ඔයා දැන් එයාගෙ අක්ක වුනාකියල.....ඇසුවේය.....නෑ ඩොක්ට එයා කැමතියි මම එයාගෙ අක්ක උනාට......එහෙමත් එකක්ද.....සිනාසී මාදෙස බලූ ඔහු........ඇයි ඔයා පිරිමි ළමෙයෙක් වගේ ඇදගෙන ඉන්නෙ.....පිරිමි ලමයෙක් වගේ ඉන්න ආශද.....මෙගේ පිරිමි ඇදුම දෙස බලා ප්‍රශ්න කලේය.......
                   Transgender body swap ගේ ඡායාරූපය

No comments: