හදිසි අනතුර 80............................විවේක කාලයේ වෙනුරි ඇතුලු සියලුම ළමුන් කෑම පෙට්ටි විවුර්ත කරනවිට මා නැගිට්ටේ කැන්ටිමෙන් මොනවා හෝ රැගෙන ඒමටය......ඔයා කොහේද යන්නෙ....වෙනුරි ඇසුවාය.....කැන්ටිමට ගිහින් මොනව හරි අරන් එන්නම්......මා පැවසුවෙමි......පිස්සු නැතුව මෙතනින් වාඩිවෙන්න....ඇය මගේ අතින් ඇද කෑම පෙට්ටියේ පියන මා අසලලින් තැබුවාය.....මා දෙස බැලූ දම්මි......ඇයි තිලිනි කෑම ගෙනත් නැද්ද......ඇසුවාය......බලන්න දම්මි මෙයා කැන්ටිමට යන්න හදනව...... වෙනුරි කීවාය. .....කැන්ටිමෙන් කන්නෙ මොකටද පැවසූ දම්මි.....කෙල්ලනේ අද තිලිනි කෑම ගෙනත් නෑ ඔයාලගෙන් ටිකක් හරි දෙන්න......පවසා.....මා අසලට ඇවිත් ඇගෙන් කිරිබත් කැබැල්ලක් දුන්නාය මේ අතර වෙනුරි මුංඇට ටිකක් පෙට්ටි පියනට තබා තිබුනි.....පන්තියේ ගැහැනු ලමුන් එක්කෙනා එක්කෙනා තමන් ගේ කෑම වලින් ටිකක් මා අසල පෙට්ටි පියනෙහි තබන්ට විය ....අපෝ මෙච්ච වැඩියි මට කන්න බෑ...මා කීවෙමි ..බෑයි කියල හරියන්නෙ නෑ අපෙනුත් කන්න ඕනැ..... නැත්නම් අපි තරහයි.....ඔවුන් කියන්ට විය. පෙටිපියන පිරෙන විට එයට නොදා මට කවන්ට විය......නොයෙක් කෑම වර්ගවලින් පිරුනු කෑම පෙට්ටි පියන හිස් කිරීමට සෑහෙන මහන්සියක් ගන්ට සිදුවිය...පෙර පටන්ම පාසැලේ ජලය පානය කිරීමට පුරුදුවී සිටි මා ජල බෝතලයක් ගෙන ආවේ නැත......මම වතුර ටිකක් බීල එන්නම් වෙනුරි.......ටැප් එකේ වතුර බොන්න ව්පා මේ වතුර බෝතලෙන් බොන්න.....ඇය කීවාය.....අනේ වෙනුරි එතකොට ඔයාට.....මා ප්‍රස්නකලෙමි......මට පොඩ්ඩක් තිබුනාම ඇති....ඇය කීවාය.....පෙර මාගියපාසැලේ ළමුන් මගේ කෑම පෙටියෙන්ද උදුරාගෙන කෑමට පුරුදු වී සිටියත් මේ පන්තියේ ගැහැණු ලමුගේ පරිත්‍යාගසීලීත්වය ගැන පුදුම හිතුනි. .....කෑම ගත්පසු කරාම වලින් අත්සෝදාගත් අපි......ඉදිපිට තිබුනු මාර ගස යටට ගියෙමු.....සමහරු සෙලම් කිරීමට ගිය අතර වෙනුරිත් මාත් තවත් කිහිප දෙනෙකුත් මාර ගස මුල රොක්වුනෙමු.....ඔවුන් කිහිප දෙනා එකිනෙකාට විහිලු කරගත් අතර මාද එම විහිලුවලට සිනාසුනෙමි. විවෙක කාලයෙන් පසු අපි පන්තියට ගියවිට මා ඇමතූ වෙනුරි.....ඔයාට කාල සටහනක් නෑ නේද මේක ලියාගන්න.....ඇය මට කාලසටහන දුන්නාය......මා එය කටුසටනක් ලෙස ලියා ගත්තේ ගෙදර ගොස් පැහැදිලිව ලියාගැනීම සදහාය......විවේක කාලයෙන් පසු අපිට තිබුනේ සිංහල භාශාව පාඩමය......භාශාව උගන්වන ගුරුවරිය ප්‍රස්තාපිරුලු ගැන පාඩමක් කරමින්.......වල් ඌරො හබන් තලනකොට වලිකුකුලන්ට රජ මගුල්ලු......ප්‍රස්තා පිරුලේ තේරුම අසන්ට විය.....මා පිටුපස සිටි ගැහැනු ලමයා මගේ පිටට තට්ටුකර මට කතා කරන බව තේරුනි.....මා පිටුපස බැලුවෙමි .....ඇය මට කොල කැබැල්ලක් දී කියවන ලෙස කීවාය......මා එය රැගෙන කියෙවුවෙමි......කෙල්ලෝ කොටගවුන් අදිනවිට වල් කොලන්ට රජමගුල්ලු......ඉතා අමාරුවෙන් සිනහව නවතා ගත් මා වෙනුරිට දුන්නෙමි.....එයදැක තොල් තදකර සිනසුනු ඇය මීලග කෙනාට දුන්නාය.....ටික වෙලාවකින් එය බොහෝ දුර ගිය අතර.....අවසානයේ එක් ගැහැනු ලමයෙක් අත තිබී ගුරුවරියට අසුවිය......කවුද මේක ලිව්වේ ඇය සැමගෙන් ප්‍රස්න කරන්ට විය එහෙත් ලිව්ව කෙනෙක් සොයාගැනීමට නොහැකිවිය.....අව්සානයේ ගුරුවරිය......මේක කුනුහරුපයක්වත් වැරදි කියමනක් වත් නෙවෙයි ලමයිනේ....... මේකෙ ලියල තියෙන්නෙ ගැහැනු ලමයි උනාම සන්වර ඇදුමක් ඇන්දෙ නැත්නම් වෙනදේ.....කවුරු හරි කරල තියෙන්නෙ හොද නිර්මානයක්.....ඔන්න ඕවගෙ හිතන්න පුරුදු වුනාම තමා සාහිත්‍ය දියුනු වෙන්නෙ....ගුරුතුමිය කීවාය..... කවුද බන් අර ප්‍රස්ථාපිරුල ලිව්වෙ......ගුරුවරිය ගිය පසු ඇසූ දම්මී......මට පේන්නෙ මේක සිනිදුගෙ වැඩක් වගේ.....සිනිදු තමයි......ඇයව පෙන්වා තව කෙනෙක් කීවාය....කිසිවක් නොකී සිනිදු බිම බලාගෙන සිනාසෙනු දුටුවෙමු.....උබ කොහොමද කොල්ලො ගැන ඔච්ච හොදට දන්නෙ..දම්මි ඇසුවාය...දන්නෙ නෑ කොල්ලො අපි එහෙම ඉන්න කොට කැමතියි කියල අහල තියෙනව.......සිනිදු සෙමින් කීවාය. අසා පමනක් නොව මෙතෙක් කලක් කොල්ලෙක් වී සිටි මටද ඔවැනි අත්දැකීම් තිබුනි.....මමත් ඒ දවස්වල කොච්චර ආසද කෙල්ලන්ගෙ රහස් තැන් බලන්න. කෙල්ලෙක් කොටට ඇදල ඉන්නව දක්කම හොදට බලන්න හිතෙනව...ඒ කොලු ගතියවෙන්න ඇති.....සිතූ මා.....කොල්ලෙක් වශයෙන් අත්දැකීම් නොමැති මෙම ගැහැනු ලමුන්ට එය පුදුමයක් බව මට තේරුනි.....
මගේ පසැල් ජීවිතයේ කිසිම දිනක මෙවැනි සතුටකින් පන්තියේ ගතකල කාලයක් සිහිනොවුනි....මේ කෙල්ලො ටික හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඇති.....අනේ මම ඒ ස්කෝලෙ ඉන්න කොට කොච්චර කරදර තිබුනද කොල්ලො කොයිතරම් මට කරදර කලාද .....කොල්ලන්ගෙන් කීපාරක් ගුටිකාලත් තියෙනවද.....මෙය මතක් වෙන විට මා අපායකින් ගැලවී සුරලොවකට ගියාසේ දැනෙන්ට විය.....පාසැල නිමවූ පසු මා යෙහෙලියන් සමග ගේටුවෙන් පිටතට පැමිනියෙමි...මා අලුත් යෙහෙලියන් සමග අත්වැල් අල්ලාගෙන පැමිනෙන අයුරු අම්මා වාහනය අසල සිට සතුටින් බලා සිටිනු දුටුවෙමි.......
No comments:
Post a Comment