හදිසි අනතුර 50.................................ගැහැනු චරිතයට හුරුවෙමින් සමාජය ඉදිරියේ ද ගැහැණු ලමයෙකු ලෙස ජීවත්වී හුරුපුරුදු මට මෙම චරිතය අභියෝගය නොවුනි. ගැහැනු සිතුවිලිවලට අවතීරනයවූ මා සත්‍යය ගැහැනුලමයෙක් ලෙස වේදිකාවට ගොඩවූවෙමි. මා චරිතයට ආරූඩවූපසු මා සත්‍යය වසයෙන්ම දියනියක් බව හැගෙන්ට විය. විටින් විට වේදිකාව පිටුපසට ගොස් ඇදුම් මාරුකරමින් ගොඩනැගූනු චරිතය උපරිම ලෙස සාර්තකව ඉදිරිපත් කිරීමට මහන්සි වුනෙමි. විනාඩි විස්සක පමන කලයක් රගදැක්වූ එම නාටකයට විශාල ප්‍රතිචාරයක් ලැබුනු බව තේරුම් ගියේ අවසානයේ නැගුනු විශාල අත්පොලසන් හඩිනි.......නාටකය අවසන්වුවද මා ගැහැනු ඇදුමෙන්ම සිටියේ අම්මා පැමින මගේ ඇදුම් ඉවත්කරන තුරුය......මේ අතර මා අසලට පැමිනි ගැහැනු ලමුන් කිහිප දෙනෙක් ....මගේ අතින් අල්ලාමින් මගේ චරිතයට ප්‍රසංසා කරන්ට විය.....ඔයා ගොඩක් හොදට කලා නංගියේ එක් අක්කා කෙනෙක් කීවාය......මා ඇත්තටම ගැහැනු ලමයෙකු යයි ඔවුන් වරදවා තේරුම් ගෙන ඇති බව දැනුනේ එවිටය......ඔයා ගොඩක් ලස්සන හින්ද ටෙලිනාට්ටියකට උනත් ගනියි....... තවත් තැනැත්තියක් කීවාය.....මට ප්‍රසංසා කල ඔව්න් එතනින් ගිය පසු අම්මා පැමිනෙනු දුටු මා ඇදුම් මාරුකර ගැනීමට සූදානම් වුනෙමි. පිරිමි පාසැල් ඇදුම ඇදගත් මා නාට්ටිය තරගය අව්සන් වනතුරු නොඉවසිලිවත්ව සිටියේ තරගයේ ප්‍රතිඵල ලැබෙන තුරුය......සියලුම නාට්ටිය පෙන්වා අවසන් විය......මීලගට උදාවූවේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමටය.....සුලුවේලාවක් ගතවිය......තුන්වෙනි ස්තානය හිමි නාට්ටිය නම් කලේය......මීලගට දෙවෙනි ස්තානය නම් කලේය.....මේ දෙකෙන්ම අපිව අයින්වී ඇතිබව තේරුම් ගත් මා පලමු ස්තානය ගැන බලාපොරොත්තු තබා ගැනීම අතහැරියෙමි....මාස ගානක් මහන්සි වුන එක අපරාදෙ......සිතූ මා එහෙත් මට ගෑනු ලමයෙක් විදියට ඉන්න වාසනාව ලැබුනනෙ......ඒ සම්බන්ධව සතුටට පත්වුනෙමි.....මීලගට තියෙන්නෙ පලවෙනි ස්තානය.....නිවේදනය කරන්ට විය......බලාපොරොත්තු අතහැරගෙන සිටි මා එය එතරම් ගනනකට නොගෙන සිටියෙමි........ඔව් පලවෙනි ස්තානයට තේරී ඇත්තේ.......මීලගට අපේ පාසැලේ නම කියවුනි......මගේ දෙසවන් අදහාගැනීමට නොහැකිවිය....පලමු ස්ථානය අපේ නාටකයට හිමිවී තිබුනි.......ඉන්පසු කියවුනේ දක්ෂතම නලුවා සහ නිලිය ප්‍රකාශයට පත්කිරීමය.......හොදම නලුවා නිලන්ත ජයවර්දන.......මගේ නම කියවුනි......ඔහු මගේ චරිතය ගැන විස්තර කරන්ට විය......මා පිරිමි ලමයෙකු ලෙස මෙම බැරෑරුම් චරිතය මෙතරම් තාත්විකව රගපෑවේ කෙසේ දැයි මවිතයෙන් කතාකරන්ට විය.......මා ගැහැණු ලමයෙකු ලෙස ජීවත් කර ගැහැනු ගති පුරුදු කල අම්මාටත් කාන්තා චරිත ලක්ෂණ සහ කටහඬ වෙනස් කිරීමට උපදෙස් දුන් මගේ ගුරුතුමියටත් මාසිතින් ස්තූති කරමින් මට හිමි තෑග්ග සහ සහතික පත ලබා ගැනීමට වේදිකාවට ගොඩවුනෙමි.......මා කටහඬ පවා මාරුකරමින් ගැහැනු ලමයෙකු ලෙස කතාකල ආකාරය ප්‍රසංසා කල නිවේදක මහතා......නැවත එම කටහඩෙන් දෙබස් කොටසක් පවසන ලෙස දැන්වීය......මා නාට්ටියේ තිබුනු සිනහ උපදින දෙබස් කොටසක් කීවෙමි.....මගේ දෙබසට ප්‍රතිචාර දැක්වූ ප්රේක්සකාගාරයෙන් සිනා හඬ සමග විශාල අත්පොලසන් නාදයක් ලැබුනි......මා ගැන සතුටුවූ අම්මා මම ඇය අසලට පැමිනි විගස මගේ මුහුන කිහිපවිටක් සිපගන්ටවූවාය......නාට්‍ය ගුරුතුමා මට දැඩිලෙස ප්‍රසංසා කරන්ට විය.......
අපේ නාට්ටියට පලමු ස්තානය ඇබුනි මාව හොදම නලුවාට තේරුනි.....එහෙත් මගේ සිතට දුක්බර හැගීමක් මතුවෙමින් තිබුනි......අදින් පස්සෙ මම කොහොමද කෙල්ලෙක් වගේ ජීවත්වෙන්නෙ.....ආයෙත් මට කවදාවත් කෙල්ලෙක් විදියට ඉන්න බැරිවෙයි.....මා දුකෙන් කල්පනා කරමින් ඇදුම් බෑගය කරේ එල්ලාගෙන වාහනයට ගොඩවුනෙමි. මා දුකෙන් මෙන් සිටිනු දුටු අම්මා මොකද පුතේ කල්පනා කරන්නෙ.....ඇසුවාය. මොකුත් නෑ අම්මෙ..... මා කීවෙමි.....ගෙදර ගිය පසු අම්මා මගේ කරේ තිබුනු ඇදුම් බෑගය ගත්තාය.......දැන් ඉතින් මේව වැඩක් නෑනෙ......දැන් ඉතින් ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්න ඕනෙ නෑ ඔයාගෙ පරන ඇදුම් ටික දෙන්නම් ඇදගන්න......ඇය එසේ පවසන විට මගේ ඇස්වලට නැගුනු කදුලු නවතාගත්තේ ඉතා අපහසුවෙනි......
No comments:
Post a Comment