හදිසි අනතුර 46..................................දැනට සති දෙකක පමන කාලයක් පිරිමි ඇදුමක් ඇදගන්නවා තබා පිරිමි ඇදුමක් අතින්වත් අල්ලා නැති මම කොහොමද දෙවියනේ කොල්ලෙක් වගේ කමිස කලිසම් ඇදගෙන පාටියට යන්නෙ......මා මුලු රාත්‍රිය පුරාම මේ මර උගුලෙන් ගැලවෙන ක්‍රමයක් ගැන කල්පනා කලෙමි.....බඩේ අමාරුවක් ඇතිබව පැවසීමට හිතුනත් මෙතෙක් කලක් මා එවැනි බොරුවක් නොකල නිසා එය කිරීමට හිත දුන්නේ නැත.
මා උදෙන් නැගිට්ටේ වෙනදා වැනි පිබිදුනු ගතියෙන් නොවේ......තව සුලුවෙලාවකින් මට නැවත පිරිමි ඇදුම් ඇදීමට සිදුවනබව සිහිවන සැම වෙලාවෙම හදවතින් හඩාවැටුනෙමි.....තාත්තා වැඩට ගිය අතර මල්ලී පන්තිගියේය......කීයටද අම්මෙ පාටියට යන්නෙ.....මා ඇසුවෙමි. තව පොඩ්ඩකින් ලැස්තිවෙමු......එකොලහ වෙනකොටවත් යමු......අම්මා කීවාය.....මම යන්නම ඕනැමද අම්මෙ........අවසාන මොහොතේදි හෝ අම්මාගේ සිතවෙනස් වේ යයි සිතූ මා ඇසුවෙමි.....නැතුව ඔයා යන්නම ඕනැ......පාටියක්නෙ ලමයො මොකද ඔයතරම් ඒකට යන්න අකමැති.....ගිහින් හොදට කාල බීල ජොලියෙ ඉදල එනවනෙ......ඇය කීවාය......මට කෑවත් එකයි නැතත් එකයි මගෙ ජොලිය තියෙන්නෙ මේ විදියට කෙල්ලෙක් වගේ ඉන්න කොටයි.....අම්ම හදන්නෙ මගෙ ඒ ජොලිය නැතිකරන්න.....මා සිතින් අම්මාට දොස් කීවෙමි.....අම්මා වැඩදැමූ සාරියක් එලියට ගෙන එය පරීක්ෂා කරන්ටවූවාය......එහි තිබුනු දිස්නය ගෙනදෙන මල් වැල් නිසා එය ඉතාමත්ව අලංකාරව දිස්විය......එයට සරිලන ජැකැට් එකද බැලූ ඇය එවා ඇද උඩින් තැබුවාය...අනේ මාවත් කෙල්ලෙක් උනානම් කවද හරි දවසක මේවගෙ ලස්සන සාරියක් ඇදගෙන හැඩ බලනවනෙ......මා කල්පනා කරන්ට වුනෙමි...අම්මා ඇගේ ඇදුම් තෝරනවා මිස මා ඇදගෙන යන ඇදුම් සූදානම් නොකෙරීම ගැටලුවක් විය......මගේ සියලු පිරිමි ඇදුම් සෝදා මැද කබඩය තුල තබා තිබෙන නිසා එසේ පෙර සූදානමක් කිරීමට අවශ්‍යය නැතුව ඇති......මට තිබෙන්නේ ඇය තෝරා දෙන කලිසම සහ කමිසය ඇදගැනීමටය.....පිරිමියෙකුට ඇදගැනීමට එතරම් වේලාවක් නොයන නිසා ඇය මගේ ඇදුම් ගැන එතරම් සලකන්නෙ නැතුව ඇති......මා කල්පනා කලෙමි......
එහෙනම් ලැස්ති වෙමුද දුවේ පැවසූ අම්මා ඔයාටනම් වැඩිවෙලා යන්නෙ නෑ මට මේ සාරිය ඇදගන්නනෙ වෙලා යන්නෙ.....අම්මා පැවසුවාය. ඔව් නෙ කලිසම් කමිස අදින්න විනාඩි පහක්වත් යන්නෙ නෑනෙ.......මට කලිසම් කමිස ඇදිමට දීම ඇගේ අදහස බව එම කතාවෙන් තේරුම් ගත්තෙමි......අම්මා සාය සහ ජැකට්ය ඇදීමට සූදානම් වනවිට මා එම ස්තානයෙන් ඉවත්වුනෙමි.....ටික වෙලාවක් ගතවිය......ඇය සාරිය අඳිමින් සිටිනබව මට දැක ගැනීමට ලැබුනි........මා කාමරය තුලට එබිකන් කරනු දුටු අම්මා පොඩ්ඩක් ඉන්න දුවේ මම මේ සාරිය ඇදගෙනම එන්නම් ඔයාගෙ ඇදුම් ටික තෝරල දෙන්න.....ඇය එසේ පැවසූ විට මා එතැනින් ඉවත්වුනෙමි......තව සුලු මොහොතකින් මගේ මේ ගැහැනු ස්වරූපය එහෙම පිටින්ම නැතිවෙනව. මට ආයෙත් ඒ ජරා අවලස්සන පිරිමි රූපෙ තමා ලැබෙන්නෙ....මොනව කරන්නද......මට මේ විදියට ගැහැනු ඇදුමෙන් ඉන්න කිව්වෙත් අම්මනෙ.....දැන් ඒව ගලවල පිරිමි ඇදුම් අන්දන්නෙත් එයානෙ......ඇද උඩින් වාඩිවූ මා දුක් බරව කල්පනා කරමින් සිටියෙමි......දුවේ යනුවෙන් අම්මා ආඩගසනු හඬ ඇසුනු මා ඇය අසලට ගියෙමි.......මේ සාරි පොටට කට්ට ගහන්නකො.....කට්ටක් දුන් ඇය කීවාය......වෙනදාද මේ ලෙස අම්මාගේ සාරියට කටු ගසා පුරුදු මා එම කටුව ගැසුවෙමි.....ඉන්පසු තවත් සාරියේ හැඩබලමින් අඩුපාඩු සකස්කල අම්මා........දැන් ඔයාගෙ ඇදුන් ටික තෝරල දෙන්න ඕනැනෙ......කාමරයෙන් පිටවූවාය.......දැන් ඉතින් මම ගැහැනු ලමයෙක් වගේ ඇදගෙන හිටිය කාලෙ ඉවරයි.....දැන් ඇදපන්කො අම්ම තෝරල දෙන ඒ වැඩක් නැති පිරිමි ඇදුම් ටික.....මා දුක්බරව ඇය පිටුපසින් ගියෙමි.......
No comments:
Post a Comment