Wednesday, July 26, 2017

හදිසි අනතුර 89.................................පාසැල නිමවූ පසු ගෙදර සිටින දිවාකලයේදී පමනක් පිරිමි ඇදුමෙන් සිටීම මගේ යම් ජයග්‍රහනයක් වුවත් මට වුවමනාකර තිබුණේ නිතරම ගැහැණු ඇදුමෙන් සිටීමටය. එහෙත් එයට අම්මාගෙන් ඉඩක් නොලැබුනි. දින දෙකක් මා අම්මාට හොරෙන් නයිට් ගවුම ඇදගෙන නින්දට ගියෙමි. පසු දින මා පාසැල නිමවී නිවස්ට පැමිනි විට.......ඔයාගෙ කාමරේ නයිට් ගවුමක් තිබුනෙ කොහෙන්ද ඒක......අම්මා එකවරම සැරෙන් අසන්ට වූවාය.......උදැසන ඇදුම් මාරුකරනවිට එය සඟවා තැබීමට අමතක වූබව සිහිවූවේ එවිටය.....එකවරම කිසිවක් කියාගැනීමට නොහැකිවූමා ඇය දෙස බියෙන් බලා සිටියෙමි.......කට නැද්ද කතාකරන්න කාගෙද ඒ ගවුම......නැවත තර්ජනය කරන්ටවූවාය.....මගෙ යාලුවෙකුගෙ......මා වෙවුලන හඩින් කීවෙමි......තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඕයි එක එකීලගෙන් ඇදුම් ඉල්ලගෙන අදින්න.....ගිහින්දෙනව ඒක ගත්ත එකීටම......අම්මා කිසිම දිනක මට බැන නොමැති ආකාරයකට බනින්ට විය......මා පාසැල් ගවුම පිටින්ම ඇදේ දිගාවී කොට්ටය තුල මුහුන සගවාගෙන හඩන්ට උනෙමි......ටික වෙලාවකින් කාමරයට පැමිනි අම්මා තාමත් ගවුම ඇදගෙනද ඉන්නෙ ඕක ගලවල දාල ඇදගන්නව කලිසමයි සර්ට් එකයි.....සැරෙන් පවසනු ඇසුනි......ඇදෙන් නැගිට්ට මා පිරිමි ඇදිම් වලට ඇදුම් මාරුකරගත්තෙමි.
                  හෙට තමයි ඩොක්ට හම්බවෙන්න තියෙන්නෙ පුතාගෙ ඔපරේසන් එකට හෙටම දිනයක් දාගන්න ඕනැ......රාත්‍රී ගෙදර පැමිනි තාත්තා පැවසුවේය....හැබැයි තාත්තෙ තාත්තට ඕනෙනම් මාව කොල්ලෙක් බවට පත්කරන්න......ඒත් මට විස්වාසයි ඊටපස්සෙ වැඩිදවසක් මම ජීවත්වෙන්නෙ නෑ කියල......මා මුවෙන් නොපවසා ඔහු දෙස බලා කල්පනා කලෙමි.......ඒක හොදයි මංජු ඉක්මනටම ඒවැඩේනම් කරන්න වෙනව......අම්මාද තාත්තාගේ කතාවට පොහොර දමන්ට වූවාය....කමක් නෑ අම්මෙ අම්මත් ඔහොම හිතෙනවනම් අම්ම ගොඩක් ආදෙරේ කල ඒ දුව අම්මට නැතිවෙයි......අම්ම හිතාගෙන ඉන්න පුතත් නැතිවෙයි......මා කල්පනා කලෙමි.මගේ ජීවිතය ගැන මෙසේ කල්පනා කලත් සියදිවි හානිකර ගැනීමක් ගැන මගේ සිත තුල නොමැත. දිවි හානිකර ගැනිමෙන් නරකක් මිස හොදක් නොවනබව මා දහම් පාසැලේදී අසා තිබුනි. එහෙත් පිරිමියෙකු වීමේ දුක දරාගත නොහැකිව දිවි අහිමිවෙනබව මට විස්වාසයක් තිබුනි. මේ ආත්මෙ බැරි උනත් ලබන ආත්මෙදි හරි ලස්සන ගැහැනු ලමයෙක් වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරගෙන ඒ ටික දිනේදි හරි පින්කරනව. අවසානයේ දී මා කල්පනා කරගත්තෙමි......
                   පසුදින මා පාසැල් යන විට වෙනුරි දුන්න ගවුම ඇයට ආපසු දුන්නෙමි......ඇයි අනේ මේක ගෙනාවෙ මේක ඔයාට දුන්නෙ ආපහු ගන්න නෙවෙයි......ඇය කීවාය......ආශාවට ඇන්දෙ අනේ ඕක ඇදගෙන ඉන්නව දැකල අම්ම මට බැන්න......මා කීවෙමි. ඔයාගෙ අම්මත් පුදුම කෙනෙක්නෙ.....කෙල්ලෙක් උනාම නයිට් ගවුමක් ඇන්දම මොකද වෙන්නෙ.....මේව ගැහැනු අය අදින ඒවනෙ......මගේ අම්මාට දොස් කී ඇය......අම්ම නයිට් ගවුන් අදින්නෙ නැද්ද ඇසුවාය.......අදිනව...මා කීවෙමි......එයත් අදිනවනම් .ඇයි දන්නෙ නෑ ඔයාට තහනම් කලේ......ඇසූ ඇය ප්‍රශ්නකාරීව මගේ මුහුන දෙස බැලුවාය.....අනේ මන්ද....මා පිලිතුරු දුන්නෙමි.
                   අපිට වෛද්‍යවරයා මුනගසීමට සිදුවූයේ අද සවසය.....මා ඔහු හමුවට එක්ක ගියේ පිරිමි ලමයෙකු මෙන් අන්දවාගෙනය......මොකද මේ කොල්ලෙක් වගේ ඇදගෙන දැන්මම පිරිමි ලමයෙක් වෙන්න හිතිලද......මා දුටු වෛද්‍යවරයා ඇසුවේය.......මා කිසිත් නොකියා බිමබලාගත්තෙමි......මෙයා ඉතින් ලඟදීම ආයෙත් පිරිමි ලමයෙක් වෙන්නනෙ ඉන්නෙ ඩොක්ට....දැන්ම තියා කොල්ලෙක් විදියට තියාගන්න කල්පනාකලා......තාත්තා පැවසුවේය.....ඒක හොදයි .....පැවසූ වෛද්‍යවරයා .....දැම්ම තියා නැවත පිරිමි ආකල්ප හුරුකරන්න.......කීවේය......මෙයත් හදන්නෙ මාව ආයෙත් කොල්ලෙක් කරන්නනෙ......මට වෛද්‍යවරයා වරයා කෙරෙහිද තරහක් ඇතිවිය......ඔය දෙන්න පොඩ්ඩක් එලියට යනවද මට මෙයාව ටිකක් පරීක්ෂා කරන්න ඕනැ.......ඔහු අම්මා සහ තාත්තා දෙසබලා  පැවසුවේය. ඔවුන් කාමරයෙන් පිටවූපසු මාදෙස බැලූ වෛද්‍යවරයා ඔයාගෙ නම මොකක්ද ඇසුවේය....තිලිනි කෞශල්‍යා ජයවර්ධන .....මා ආශාවෙන් කීවෙමි.....නෑ නෑ ඔයාගෙ ඉස්සර නම ඇහුවෙ......ඔහු නැවත කීවේය .......නිලන්ත.....මා සෙමින් ඕනැවට එපාවට කීවෙමි....අහුනෙ නෑ.....ඔහු කීවේය......නිලන්ත ...මා ලැජ්ජාවෙන් මෙන් පැවසුවෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: