හදිසි අනතුර 45.....................................ගෙදරට පැමිනි මා සුදු ගවුම වෙනුවට පාට ගවුමක් ඇදගත්තෙමි.....මල්ලීගේ විභාගය අවසන් වනතුරු මේ බෝධි පූජාව දිගටම පවත්වාගෙන යනබව අම්මා පැවසුවාය......එහෙනම් මට හැමදාම කෙල්ලෙක් විදියට පන්ස්ල් ගිහින් මගේ පැතුම කරන්න පුලුවන්......හැමදාම පින් කරල ප්රාර්ථනා කරනකොට මගේ කෙල්ලෙක්වෙන ආශාව ඉස්ටකර ගන්න පුලුවන්වෙයි ....කල්පනා කලෙමි.
පසුදිනද පන්සල් ගියවිට පෙරදින සිටි අක්කා සහ නංගී අපිට මුනගැසුනි......අක්ක අදත් ඇවිත් ......මා දුටු නංගී පැවසුවාය.....ඔව් නංගි ඔයාල වගේ තමයි අපිත් මල්ලිට පූජාව තියන්න එනව......මා කීවෙමි......අදත් අතුගාමුද පැවසූ ඇය ඉදල් දෙකක් රැගෙන පැමිණියාය. එක් ඉදලක් මටදුන් ඇය.....අතුගෑමට පටන්ගත්තාය......ඇගේ තිබුනු අහිංසක පෙනුම සහ කතාවිලාසය මගේ සිත්ගත් කරුනක් විය. මටත් ඇත්තටම මේවගේ අහිංසක කෙල්ලෙක් වෙන්න පුලුවන්වුනානම් මා ඇය දෙස බලාගෙන කල්පනා කලෙමි......මොකද අක්කෙ මාදිහා බලාගෙන කල්පනා කරන්නෙ.....ඇය ඇසුවාය.......නංගි ගොඩක් ලස්සන හින්ද බැලුවෙ......ඔයත් ගොඩක් පින් කරල තියෙනව ලස්සන වෙන්න......මා කීවෙමි.....ඒවුනාට අක්ක තරම් ලස්සන නෑනෙ.....ඇය කීවාය......මොකද නැත්තෙ නංගිත් ගොඩාක් ලස්සනයි.....අපි නොයෙකුත් දේවල් ගැන කතාකරමින් අතුගෑමට හැකිවූනිසා කම්මැලි ගතිය තුරන්විය......ඇය සමග කතාකරමින් සිටින විට මගේ පිරිමි කම අමතක වී ගියාසේ දැනුනි මාත් ඇය වැනි අංගසම්පූර්ණ ගැහැනු ලමයෙක් ලෙස හැගෙන්ට විය......දුවට යාලුවෙක් හම්බවෙලා වගේ මා නිතර ඇය සමග කතාකරමින් සිටිනබව දුටු අම්මා කීවාය......ඇගේ අක්කාද මා සමග කතාවට ඒම මගේ සතුට තවත් වැඩිවන්ට .....මට වඩා අවුරුදුද්දක් හෝ දෙකක් වයස ඇති ඇයද නංගී මෙන් අහිංසක පෙනුමක් ඇති තැනැත්තියක් වූවාය. දිනෙන් දින මා ඔවුන් සමග තිබෙන හිතවත්කම වැඩිවෙන්ට විය.....දුවේ ඔයා කොල්ලෙක් ඔය ගෑනු ලමයිත් එක්ක හිතවත් කම වැඩිකරගන්න ගියොත් ගැටලු ඇතිවෙන්න පුලුවන්......පොඩ්ඩක් කල්පනාවෙන්......අම්මා මට අවවාද දුන්නාය......මා කොල්ලෙක් උවද ඔව්න්සමග හිතවත් කම් පවත්වන්නේ ගැහැනු ලමයෙකුලෙසය.....ඔවුන් සමග කාලය ගතකරන විට මගේ සිතට මා පිරිමියෙකු වන හැගීම නිකමටවත් නොපැමිනේ....මට සිතෙන්නේ මාත් ඔවුන් වැනිම ගැහැනු ලමයෙක් ලෙසටය......එම ගැහැනු ලමුන් ඇසුරු කරනවිට ගැහැනු ලමුන් සිතන පතන ආකාරය දැනගැනීමට ලබුනි......ක්රමයෙන් මගේ සිතුවිලි රටාවද ඔව්න්ගේ මෙන් ගැහැනු ආකාරයට වෙනස්වන්ටවිය.
දිනෙන් දින ගෙවී යනවිට පන්සලේ ගැහැනු ලමුන්ගේ ඇසුර වැඩිවන්ටවිය.....මා ඔවුන් අතර සිටියේ ඔව්න්ගේම සාමාජිකාවක් ලෙසටය.......මෙය මගේ සිතට මහත් ප්රබෝධයක් විය. දිනෙන් දින මගේ පිරිමි මතකයන් වියැකී යන්ටවූ අතර ගැහැනු ගති ඉස්මතුවන්ට විය.....ඔයා පන්සලේ කෙල්ලොත් එක්ක ඉන්නකොට ඔයත් කෙල්ලෙක් වගේමනෙ......ගැහැනු ලමයි කියන කරන ඒවම තමයි කරන්නෙ.....අම්මා පවසනවිට......මා ගතින් ගැහැනු ලමයෙකු නොවුනද හිතින් ගැහැනු ලමයෙකු වී අවසන් බව මටම තේරුනි.....මල්ලීගේ විභාගය කිට්ටුවිය......ඔහු වැඩිපුර පාඩක් කටවුතුවල නිරතවිය.....ඔහුගේ අක්කා මෙන් පෙනීසිටි මා ඔහුව නිතරම දිරිමත් කෙරුවෙමි.....අක්කා කෙනෙක් ලෙස ඔහු මගේ දැඩි ආදරය බලාපොරොත්තු වූවේය. මා ඔහුට ආදරයෙන් කතාකරන සෑම වාරයක් පාසාම ඔහු දිරිමත්වෙන බව මට පෙනුනි.
මම මේ කල්පනා කරන්නෙ දුවේ ඔයාගෙ අර නාට්ටිය ඉවර උනාම මොකද කරන්නෙ කියල......ඔයා ඔය විදියට ගැහැණු ලමයෙක් වගේ ඉන්නවට මාත් කැමතියි ඔයාගෙ මල්ලිත් කැමතියි. නාට්ටිය ඉවර වුආට පස්සෙ ඔය විදියට ඇදගෙන ඉන්න කියල අපිට කියන්න බෑනෙ......ඇය දුක් මුසුව පැවසුවාය.....මේ අතර දිනක් දේවිකා ඇන්ටී අපේගෙදර පැමිණියාය . ඇය අම්මාගේ හොදම යෙහෙලියක් බව මා දැනගෙන සිටියෙමි.......ඇය ගෙදරට පැමිනි බව නොදත් මා වෙනදා මෙන් ගැහැනු වේශයෙන් සාලයට ගියෙමි.....දේවිකා ඇන්ටි දුටු මා කලබලයෙන් ආපසු හැරුනේ ...ඇය මාව හදුනා ගනී යන සැකයෙනි......ඔය අපේ නෑදෑයොවෙන නංගි කෙනෙක් ගෙ දුවෙක් මේ දවස් ටිකේ මෙහෙ ඉන්නෙ.......අම්මා කියනු ඇසුනි......දුවේ අපිට පටියකට යන්න වෙලා...දේවිකා ඇන්ටි පිටවූවිට පැවසුවාය.......ඒ කොහේද ......මා ඇසුවෙමි.....දේවිකා ඇන්ටිගෙ දුව ලොකු ලමයෙක් වෙලා පාටිය අනිද්ද දවල් තියෙන්නෙ.....එහෙනම් අම්ම ගිහින් එන්න මම ගෙදර ඉන්නම්....මා කීවෙමි.......දෙන්න එක්ක යමු.....පොඩි පුතාට පන්ති හින්ද එයාටත් යන්න බෑනෙ......ඇය කීවාය......මා පාටියට ගියහොත් මට යන්න වෙන්නේ නැවතත් පිරිමි ඇදුම් ඇදගෙන පිරිමි ලමයෙකුගේ විලසින් බව දන්නා මා එහි යෑමට අදිමදි කලෙමි......එහෙත් අම්මා බලකරන්ට විය......අකමැත්තෙන් හෝ මට එහි යෑමට එකඟවීමට සිදුවිය.....
No comments:
Post a Comment