හදිසි අනතුර 86.......................................එදින සවස මගේ කැමැත්ත තාත්තාට පවසන ලෙස අම්මාගෙන් ඉල්ලා සිටියෙමි....මම කියල බලන්නම් ඒත් මමනම් හිතන්නෙ නෑ තාත්ත ඕකට කැමතිවෙයි කියල. තාත්තට දැන් ඕනැවෙලා තියෙන්නෙ ඔයාගෙ පරන ජීවිතය ආයෙත් හදල දෙන්න.......ඇය පැවසුවාය.......මට ඒ වැඩකට නැති පරන ජීවිතේ ඕනෙනෑ අම්මෙ.....මා පැවසූ විට......හරි හරි මම කියල බලන්නම්කො.....ඒත් ඔයාට කවද හරි තේරෙයි ඔයා කරගත්තෙ මෝඩ වැඩක් කියල.....අම්මා පැවසුවාය.
මා කාමරයට ගොස් මගේ මෝදුවෙමින් පවතින ගැහැණු රුවදෙස කැඩපතින් නැරබුවෙමි. දැන් පෙරට වඩා මගේ පපුපෙදෙස වෙනස්වී ඇත. පියයුරුදෙකෙහි දිනෙන් දින විශාලවීම මා කෙතරම් ආශාවෙන් බලා සිටියාද....මීට මාස ගනනකට පෙර කෙටියට තිබුනු කොන්ඩය දැන් පීරීමට හැකිලස ගෙල දක්වා දිගුවී තිබීම කෙතරම් චමත්කාරද. තව ටික දිනකින් එම කෙස්වටිය තවත් දිගුවේවි....එවනි දීර්ග කෙස්වැටියක් උරුමවූ ගැහැනු ලමයෙක් වීමට නේද මා මේ කාලය පුරාවටම සිහින මැවුවෙ.....ආයෙත් මේ කොන්ඩෙ කොට්ටට කපන්න උනොත් මට මොනව හිතෙයිද........මම දැන් අදින ගැහැනු ඇදුම් සිරුරට කෙතරම් සුවදායකද.....ඒවා ඇඳගෙන සිටිනවිට කෙතරම් සුන්දරද අලංකාරද......මට ආයෙත් අදින්න වෙන්නෙ කිසිම හැඩක් නැති ඒ ගොරෝසු පිරිමි ඇදුම් නේද.....කරාබු දෙක හින්ද මගේ මුහුන කොච්චර පැහැපත් වෙලාද අලංකාර වෙලාද....ආයෙත් ඒව ගලවල දාන්න උනොත් ඒ අලංකාරයට මොකද වෙන්නෙ. ....දැන් නිදහස්ව තියෙන ලිංගික ප්‍රදේශයට ආයෙත් පුරුෂ ලිංගයක් එල්ලගන්න උනොත් ඒකත් කොයිතරම් වදයක් වෙයිද....මාව කොල්ලෙක් උනොත් මගේ පන්තියෙ ඉන්න මට පනවගේ ආදරේ කරන ඒ අහිංසක සුන්දර ගැහැනු ළමයි ටිකත් මට අහිමිවෙනව නේද......අනේ මටනම් බෑ මේ මට ලැබිල තියෙන මේ සුන්දර ගැහැනු ජීවිතේ අයින්කරන්න.....මා ඇදේ දිගවී මේ ගැන සිතමින් කඳුලුසලන්ට වුනෙමි.....
ලොකුපුතා දැන් මොකද කියන්නෙ ඔපරේසන් එකට ලෑස්තිද .....රාත්‍රී කෑම මේසයේදී තාත්තා ඇසුවේය.....මෙයාට ආයෙත් පිරිමිළමයෙක් වෙන්න බෑ කියනව මංජු......මොකද බෑ කියන්නෙ......තාත්තා ප්‍රශ්නකලේය.......අනේ මන්ද මංජු මෙයාට මේ ගැහැනු ජීවිතේ හොදයිලු.....දීර්ග සුසුමක් පිටකල අම්මා පිලිතුරු දුන්නාය.....ඔයා මෙයාට කියල දුන්නෙ නැද්ද ගැනු ජීවිතේ කොච්චර කරදරද කියල.....මම තව ටිකක් කියල බලන්නම් ......ඇය තාත්තාට පොරොන්දුවූවාය........ළමයෝ ඔයාට තාම තේරෙන්නෙ නෑ පිරිමි ජීවිතේ තියෙන වටිනාකම. ගැහැනියෙක් වෙලා සමාජයට මුහුන දෙනකොට ඔයාටම තේරෙයි.....මේ කරගත්ත මෝඩකම මොකක්ද කියල......තාත්තා පවසනවිට.....එහෙනම් මේ අම්ම ඉන්නෙ ලස්සනට අම්මත් ගෑනියෙක්නෙ......මටනම් පේන්නෙ නෑ අම්මට කිසි ප්‍රස්නයක් තියෙනව.....තාත්ත පනයනකන් මහන්සිවෙලා සල්ලි හොයල අම්මට දෙනව අම්ම කිසිගානක් නැතුව ඒව වියදම් කරගෙන ජොලියෙ ඉන්නව.....මා කිසිවක් නොකියා මෙසේ කල්පනාකලෙමි......පුතාට කරුනු පැහැදිලි කරල දීල ඉක්මනට ඩොක්ටව හම්බවෙමු.......අවසානයේදී පැවසූ තාත්තා මගේ සිත වෙනස් කිරීමේ වගකීම අම්මාට පැවරුවේය . අම්ම තියා කවුරු කිව්වත් මටනම් ආයෙත් කොල්ලෙක් වෙන්නනම් බෑ.....මා දැඩි තීරනයකට එලබුනෙමි......
කවද්ද ඔයා මේ ස්කෝලෙන් අස්වෙන්නෙ....පසුදින මාව වටකරගත් යෙහෙලියන් අසන්ටවිය. තාම දවසක් නෑ....තාත්තගෙ තීරනය අනුව තමයි.....ඒත් මට ඔයාලව දාල යන්න බෑ...... මා ඉදිරිපස සිටි වෙනුරිව බදාගෙන හඩන්ටවුනෙමි. අනේ කෙල්ලෙ ඔයා අඩන්න එපා ඔයා තාත්තට කියල ඔය අදහස වෙන්ස්කරගන්න බලන්න....දමයන්ති මගේ පිට සහ හිස අතගාන්මින් පවසන්ට වූවාය.......අපි ඔයාගෙ ගෙදර ඇවිත් අම්මට කියන්නද ඔයාව මෙහෙන් අස්කරගන්න එපාකියල..මාව තදින් තුරුලුකරගත් වෙනුරි කීවාය......අම්මට කරන්න දෙයක් නෑ වෙනුරි මේ ඔක්කොම තීරන ගන්නෙ අපේ තාත්තා....... මා ඉකිගසමින් පැවසුවෙමි.... මගේ අස්විමේ ආරංචිය කනවැටුනු පන්තියේ යෙහෙලියන් සැමගේ මුහුනු දුක්බරව මැලවී යන ආකාරය දක්නට ලැබුණි.
මොකද තිලිනි පාඩමට ඇහුම්කන් නොදී අහක බලාගෙන ඉන්නෙ....මා මගේ ගැටලුව ගැන කල්පනා කරමින් සිටිනවිට සිංහල භාෂාව උගන්වන ගුරුතුමිය ඇසුවාය.......... ටීච එයාව මේ ඉස්කෝලෙන් අස්කරගෙන යනවලු......එයා කැමති නෑ අපිව දාල යන්න......දමයන්ති කීවාය.....ඇයි අපේ ස්කෝලෙ හොද නැතුවද අස්වෙන්නෙ......ගුරුතුමිය ඇසුවාය......එහෙම එකක් නෑ ටීච තාත්ත තමා වෙන ඉස්කෝලෙකට දානව කිව්වෙ......මා පැවසුවෙමි.....ඔයාවගේ හොද දක්ෂ ලමයෙක් මෙහෙන් යන එක මේ පාසැලට පාඩුවක් .....මම ලොකු මැඩම්ට කියන්නම්කො......ඇය කීවාය.
සවස මගේ කාමරය තුලට පැමිනි අම්මා.....පුතේ ඔයත් එක්ක මට ටිකක් කතාකරන්න ඕනැ..... ඇදේ වාඩිවී පැවසුවාය........ඊයෙ රැ තාත්ත කිව්ව දේ කියන්නයි මේ හදන්නෙ.. සිතූ මා ඇය දෙස නොබලා මා කියවමින් සිටින පොත දෙස බලාගෙන සිටියෙමි. .....ඔයා හිතනවද කෙල්ලෙක් වෙලා ජීවත්වෙන එක ලේසි වැඩක් කියල......ඇය කතාව ආරම්භකරමින් ඇසුවාය.
No comments:
Post a Comment