හදිසි අනතුර 70..............................මා සාලයට යනවිට තරංග අයියා පැමින සිටිබව දුටුවෙමි.......එන්න අයියෙ ඇතුලට......මා ඔහුට ගේ ඇතුලට පැමිනෙන ලෙස ආරාධනා කලෙමි........මල්ලිට අනතුරක් උනා කියල ආරංචිවුනා ඒකයි බලලයන්නන ආවෙ.....පවසමින් ඔහු පුටුවේ වාඩිවිය. ...... අම්මෙ මේ.... ස්කෝලෙදි මට ගොඩක් උදවු කරන අයිය කෙනෙක්.....මා පලමුවෙන්ම අම්මාට තරංග අයියාව හදුන්වා දුන්නෙමි.......ඔව් පුතේ මෙයාව හොස්පිටල් එකෙත් දවස් ගානක් නවත්තලා හිටියනෙ......අම්මා පැවසුවාය......මොකද වුනේ ......ඔහු තවත් ප්‍රශ්න කරන්ට විය......බයිසිකල් පදින්න ගිහින් ලයිට් කනුවෙ හැප්පිලා......අම්මා තව දුරටත් කීවාය......ගොඩක් තුවාල වුනාද.....ඔහු මාදෙස හොදින් බලමින් පැවසුවේය......යටි බඩේ ප්‍රශ්නයක් වෙලා ලොකු ඔපරේසන් එකකුත් කලා......අම්මා සියල්ලටම පවසන කතාව ඔහුටද කීවාය.....දැන් හොදයිද ...ඔහු මගෙන් ඇසුවේය.....දැන්නම් ටිකක් හොදයි....සදුද ඉදන් ස්කෝලෙ එන්නයි හිතාගෙන ඉන්නෙ.....මා කීවෙමි.....ස්කෝලෙ ගිහින් දඟලන්න එපා කියල මම පුතාට කිව්ව......අම්මා කීවාය......මල්ලිව ස්කෝලෙ එවන්නකො ඇන්ටි....... මම මෙයාව බලාගන්නම්......තරංග අයියා පැවසුවේය. ඔයාල දෙන්න කතා කරකර ඉන්න මම උයන අම්මට කියල එන්නම් තේ හදන්න කියල.....මට පැවසූ අම්මා කුස්සිය දෙසට ගියාය.....මා අයියාගෙන් පාසෙල ගැන ඇසුවෙමි......ඔයාට ලොකු අක්සිඩන්ට් එකක් වෙලා කියල ඔක්කොමල්ල දන්නව ඒත් මොකක් උනාද කියල කවුරුවත් දන්නෙ නෑ.....මම ආවෙ බලල යන්න.....හෙට ස්කෝලෙ එනවනම් හොදයි......ඔහු කීවේය.
මට සිදුවූ සත්‍ය සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස අම්මා පවසන නිසා තරංග අයියා පැමිනි අවස්තාවේදී මා පිරිමි ඇදුමෙන් සිටීම මගේ වාසනාවක් විය.ඔහු කෙතරම් අවංක පුද්ගලයෙක් උවද මගේ විස්තර ඔහුට පැවසීමට නොහැකිවිය. මගේ පැරණි පිරිමි ඇදුන් වලින් සැරසුනු මා අම්මා සමග කොල්ලෙක් මෙන් පාසැලට ගියෙමි. මාගැන විස්තර මගේ පන්ති භාර ගුරුවරියට පවසා ඇය ආපසු ගියාය.....මොකද බන් උබට උනේ සියල්ලෝම මගෙන් ප්රශ්නකරන්ට විය......යටි බඩේ විශාල සැත්කමක් කලබව මා ඔව්න්ට පැවසුවෙමි......මා වැඩියෙන් අසනීප තත්වය පෙන්නුම් කල නිසා මට කරදර කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම මගේ වාසනාව විය......තරංග අයියා පැවසූ සේ මා ගැන බලන්ට විය.....පිරිමි ලමුන් කිහිපදෙනෙක් මට පරන පාඩම් වල සටහන් දුන් අතර විවේක අවස්ථාවලදි මා ඒවා ලියාගත්තෙමි. ගෙදර ගිය මා හට පිරිමි ඇදුම් සහ ගැහැනු ඇදුම් අතර සිත දෝලනය වන්ට විය......අද මම කොහොමද ඉන්නෙ කොල්ලෙක් වගේ ඉන්නවද නැත්නම් කෙල්ලෙක් වගේ ඉන්නවද......ඇදුම් රාක්කය දෙස බලා කල්පනා කරන්ට උනෙමි......ඊයෙ ඉදම්ම කොල්ලෙක් වගේ හිටියනෙ අද කෙල්ලෙක් වගේ ඉන්නව.......පාසැල් නිල ඇදුම ඉවත්කල මා ගැහැනු ලමයෙකු මෙන් ඇඳගත්තෙමි........මම හිතුවෙ අදත්කොල්ලෙක් වගේ ඇදගෙන ඉදියි කියල.....මා දෙස බලා පැවසූ අම්මා.....ස්කොලෙදි ගැටලුවක් වුනේ නැද්ද දුවේ.....ඇසුවාය......මම ඕනැවට වැඩියෙනුත් සනිපතත්වය පෙන්නුව ඒ හින්ද කාගෙන්වත් කරදරයක් උනේ නෑ......මා කීවෙමි.....ඒක හොදයි මේ ටිකේ කොල්ලන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න....ඇය පැවසුවාය.....දින දෙකක් පමන ගතවූ පසු තරංග අයියාට මටවූ සත්‍ය සිද්ධිය පැවසීමට සිතුනත් අම්මා එපා කී නිසා එය පැවසීමට බියවිය......අම්මෙ මම තරංග අයියට ඇත්තම කියන්නද....එයා හරි හොඳයි අම්මෙ ....එයා තමයි ස්කෝලෙදි මට ගොඩක් උදවු කරන්නෙ......මා අම්මාගෙන් ඇසුවෙමි......තරංග අයිය ඔයාට විස්වාසනම් කියන්න ඒත් මේක රහසක් වසයෙන් තියාගන්න කියන්න.....අම්මා මට අවසර දුන්නාය......පාසැල් ගිය පසු තරංග අයියා හමුවුනු මා........තරංග අයියට මට රහසක් කියන්න තියෙනව.....හැබැයි මේක කාටවත් කියන්න එපා.....මා කීවෙමි.....මොකක්ද මල්ලි මම කාටවත් කියන්නෙ නෑ කියන්න.....ඔහු ඇසුවේය.....මේක මගේ ජීවිතේ ගැන ගැටලුවක් හින්ද කාටවත් කියන්න එපා ......මා නැවත කීවෙමි....අනේ නෑ මල්ලි.....මම මල්ලිට උදවු කරනව මිසක් නරකක් කරන්නෙ නෑනෙ.....පැවසුවේය....අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට ලොකු ඔපරේසන් එකක් කලානෙ.....මා කීවෙමි.....ඒක මම දන්නව....කී ඔහු......ඉතින් ඊටපස්සෙ මොකද උනේ.......ඒ ඔපරේසන් එකෙන් පස්සෙ මම පිරිමි ලමයෙක් නෙවෙයි අයියෙ......මා මෙසේ පැවසූ විට මාදෙස පුදුමයෙන් මෙන් බැලූ ඔහු.......ඒ කියන්නෙ මල්ලිට මොකද උනේ.....ඇසුවේය.......ඒ ඔපරෙසන් එකෙන් එයාල මාව ගැහැනු ලමයෙක් කරල.....ඈ පුදුම වැඩක්නෙ.....පුදුම වී ඇසූ අයියා.....එතකොට ඔයාට.....පවසා ඉතිරි වචන පිට නොකර මා ඇදගෙන සිටි කලිසම දෙස බැලුවේය......
No comments:
Post a Comment