Monday, July 17, 2017

හදිසි අනතුර 74........................කාමරයේ අලුත් කන්ණාඩි මේසයක් සහ අල්මරියක් තිබුණි .......අලමාරියේ යතුරු කටෙහි යතුරු එල්ලෙමින් තිබුනු නිසා මා එය ඇර බැලුවෙමි. හිස්වතිබුනු එහි ඇතුලත තට්ටු කිහිපයක් තිබුණි ......ඇදුම් එල්ලීම සදහා ස්ථානයක් තිබුනු අතර ඇතුලත ලාච්චු දෙකක් ද තිබුනි......ඉක්මනින් ඇදුම් මාරුකරගත් මා අම්මා අසලට ගියෙමි......කාගෙද අම්මෙ මගෙ කාමරේට දාල තියෙන බඩුටික..... ඇසුවෙමි. .... කාටවත් නෙවෙයි  දුවට.....කීවාය.....මට....පුදුමයෙන් ඇසූ මා...මට මොකටද ඕව ...මෙච්චර කල් තිබුනෙත් නැනෙ....මා කීවෙමි.....ඉස්සර ඔයාට ඕව ඕනෙ නෑ තමයි ...ඒ දවස්වල ඔයා කොල්ලෙක්නෙ......දැන් ඕනැ වෙන හින්ද තමයි තාත්ත අද උදේ ගෙනත් බෑවෙ..අම්මා කීවාය...මට මොකටද අම්මෙ ඔච්චර ලොකු අල්මාරියක් මට ඕකට දාන්න ඔච්චර ඇදුම් තියෙනවද...මා ඇසුවෙමි....ඔයා දැන් ගැහැනු ළමයෙක් ගෑණු ළමයෙක් උනාම ඇදුම් දාන්න අල්මාරියක් ඕනැ වෙනව......දැන් ඕක පුරවන්න ඇදුම් නැති උනාට තව ටික දවසකින් දුවටම තේරෙයි ඔය අල්මාරියත් මදි බව.......ඇය පැවසුවාය.......කෙල්ලො මේතරම් ඇදුම් අදිනවද.....මා පුදුමයෙන් කල්පනා කලෙමි.
            මා පාසැලෙන් අස්වීමට සිටියත් ඒබව දැන සිටියේ තරංග අයියා පමනි. මා පාසැලෙන් අස්වූ පසු යන පාසැල සම්භන්ධව ප්‍රශ්න අසන බැවින් කිසිවෙකුට ඒබවක් නොකියා සිටියෙමි.......තරංග අයියාද මේබව කිසිවෙකුට නොහගවා සිටියේ ඔහුගේ අවංක බව නිසාය .  අයියෙ හෙට මම ස්කෝලෙන් අස්වෙනව......අම්ම එනව කිව්ව මාව අස්කරගෙන යන්න......කමක් නෑ නංගි ඔයාට හොදක් වෙනවනම් ඒක තමා මගේ සතුට.....ප්‍රථම  වරට ඔහු මට නංගී යනුවෙන් අමතමින් කීවේය......ඔහු මාදෙස දුක් බරව බලා සිටිනු දුටු මා......මට අයිය කල උදවු කවදාවත් අමතක කරන්නෙ නෑ අයියෙ......ඔයා පිට කෙනෙක් නෙවෙයි මගේම අයිය කෙනෙක්.....මා දුක්මුසුව පැවසුවෙමි.......ඔයා කොහේ හිටියත් මම ඔයාට ඕනැ උදව්වක් කරන්නම්.......පැවසූ ඔහු .....ඔයා කෙල්ලෙක් විදියට ස්කෝලෙ යන හැටි බලන්න එන්නම්කෝ.....ඔහුගේ දුක්බර මුහුනට අමාරුවෙන් සිනහ පොදක් එක්කරමින් පැවසුවේය......එන්නකෝ.....මාද සිනාසෙමින් කීවෙමි......මා මෙම පන්තියේ ඉගෙන ගන්නා අවසන් දවස අදවිය. මා පිරිමි ලමයෙකු ලෙස ඉන්නා අවසන් දවසද අද විය හැක. අදින් පසු මා ගතකල මේ පිරිමි ජීවිතය අතීත සිහිනයක් බවට පත්වේවි......මා පන්සල් ගොස් පැතුවේද මෙවැනි ගැහැනු ජීවිතයකි.....මා බලාපොරොත්තු වූවේ මීලග ආත්මයේ ගැහැනු ලමයෙකු ලෙස ඉපදීමටය....ඒත් එය මේ ආත්මයේදීම. ඉටුවී ඇත.....මෙය හොදකට වූ දෙයක්ද නරකට වූ දෙයක්දැයි මා නොදනිමි.......එහෙත් මාගේ සිතතුල ගැහැනු ලමයෙක් වීමට අකමැත්තක් නොමැත. මට කරදර කල අපහාස කල පිරිමි ලමුන් මේ පාසැලේ ඇත. එහෙත් මා ඔවුන් සමග කිසිම අමනාපයක් නොමැත. ඔවුන් පිරිමි ලමුන් වීම මෙවැනි දඩබ්බර වැඩවලට පෙළඹෙන බව  මගේ හැගීම විය.......මා ඔවුන්ගෙන් සමුගන්නා බව මුවින් නොකීවද  සිතින් පැවසුවෙමි......විශේෂයෙන් අපේ නාට්ය කන්ඩායමේ ලමුන් අතරට ගොස් අවසන් වරට ඔවුන් සමග කතා කලත් අස්වී යනබව නොපැවසුවෙමි. මාව රැගෙන යෑම සඳහා අම්මාගේ වාහනය පැමින තිබුනි......වාහනයට නගින්ට ගිය මා පොත් බෑගය ආසනය මත තබා නැවත එලියට බැස මා මෙතෙක් කලක් ඉගෙන ගත් පසැල දෙස බලා සිටියෙමි....මට ආයෙත් කවදාවත් පිරිමි ලමයෙක් විදියට ස්කෝලෙ එන්න හම්බවෙන්නෙ නෑ.....පිරිමි ලමයෙක් ලෙස.අවසන් වරට පාසැලෙන් සමුගත් මා වාහනයට ගොඩවුනෙමි......මා වාහනයේ සිටිනු බව දුටු තරංග අයියා මා අසලට ආවේය.......වීදුරුව පහතට හෙලූ මා.....මම යනව අයියෙ.....ආයෙත් එන්නෙ නෑ...කීවෙමි......මගෙ රත්තරන් නංගිට හොදක්ම වෙන්න ඕනැ.......ඔහු මට අවසන්වරට සමුදුන්නේය.....තරංග හරි හොද ලමයෙක් නේද දුවේ......ඔහු ආපසු හැරී යනදෙස බලා සිටි අම්මා කීවාය.
             පසුදින මගේ පාසැලෙන් අස්වීමේ දිනය විය......සුපුරුදු පරිදි පාසැල් නොගිය මා දහවල් වී පාසැලට යෑමට සූදානම් උනෙමි. අම්මෙ මම මොනවද ඇදගෙන යන්නෙ..ගැහැණු ඇඳුම් සහ පිරිමි ඇඳුම් අතර අතරමන්වී සිටි මා අම්මාගෙන් ඇසුවෙමි..... ස්කෝලෙට කෙල්ලෙක් විදියට යන්න එපා ඊයෙ ඇන්ද ගලිසමයි කමිසෙයි ඇද ගන්න.....අම්මා කීවාය.....මට හිතුනෙ ඊයෙ විතරයි මට මේ පිරිමි ඇදුම් අදින්න වෙන්නෙ කියල.....අදත් අදින්න වුනානෙ......සිතූ මම......ඒවා ඇදගත්තෙමි......මේව අදින අවසන් දවස අද වෙන්නත් පුලුවන්......මා දෙගිඩියාවෙන් යුතුව කල්පනා කලෙමි....
           
                 Transgender body swap ගේ ඡායාරූපය

No comments: