හදිසි අනතුර 42.......................................මගේ ගැහැනු ඇදුන් ප්රමාණය එම සුදු ඇදුම් දෙක නිසා තවත් වැඩිවන්ට විය......මට පිරිමි ඇඳුම් වත් මෙච්චර තිබුනෙ නෑනෙ....මීට පෙර මට තිබුනු පිරිමි ඇඳුම් ගැන මතක් කරනවිට කල්පනාවිය. ගැහැනු ලමයෙක් උනාම ගොඩක් ඇදුම් තියෙන්න ඕනැ....පිරිමින්ට වගේ නෙවෙයි..එයාලට ඕනැතරම් ලස්සන ඇදුම් තියෙනව.....ඉතින් කෙල්ලො උනාම ඒලස්සන ඇදුම් ඇදගෙන සතුටෙන් ඉන්න ඕනැ....කොල්ලන්ට සතුටුවෙන්න ලස්සන ඇඳුන්වත් රූපයයක්වත් නෑනෙ.....මාත් කොල්ලෙක් හින්ද හැමදාම මේවගේ අදින්න වෙන්නෙ නෑ.....කවද හරි මටත් ලොකු අයියල වගේ රැවුල් එනව බර කටහඬක් එනව ඇඟපුරා මවිල් ඇවිල්ල කැත වෙනව.....ඊට පස්සෙ මට මේ විදියට ලස්සන කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න බැරිවෙයි.....එදාට මේවගේ ගවුන් ඇන්දොත් කැතට කැතේ මොකාද වගේ වෙයි......අයියෝ අපරාදෙ මාව කොල්ලෙක් වෙලා උපන්නෙ......අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් ගැන කල්පනා කල මට මහත් දුක්බර හැගීමක් ඇතිවිය....
පසුදින අපි බෝදිපූජාවට යෑම සදහා සූදානම් වනවිට සවස හතර පමන විය.....සුදු ගවුම ඇදගත් මා කොන්ඩය ගොතාගෙන පිට මැදට දාගත්තෙමි.......මුහුනේ පවුඩර් දගත් මා ගෙලට සුදු පැහැති පබලු මාලය පැලද ගත්තෙමි.......අම්මා තෝරා දී තිබුනු සුදු පැහැති කාන්තා සෙරෙප්පු දෙක අතට ගත් මා අත් බෑගයද කරේ එල්ලා ගත්තෙමි......අද තනියම නේද කොන්ඩෙ පීර ගත්තෙ.....මාගේ කොන්ඩය දෙස බැලූ අම්මා ඇසුවාය......අයි අම්මෙ අවුල් ද.....මා ඇසුවෙමි.......ඔය නොම්මර එකට පීරගෙන තියෙන්නෙ ඔහොම තමා පීරගන්න ඕනැ......අම්මා සතුටින් පැවසුවාය......මටත් දැන් කෙල්ලෙක් වගේ ලස්සනට කොන්ඩෙ පීරල ගොතාගන්න පුලුවන්......මා දිරිමත්ව කල්පනා කලෙමි.....සුදු පැහැති කලිසමකින් සහ කලිසමකින් සැරසුනු මල්ලී මා අසලට ආවේය......අක්ක හරියට සුදු කොකෙක් වගේ......නෑ මට වැරදුනා සුදු කෙකියෙක් වගේ......ඔහු මට කෙකී යන ස්ත්රී ලිංගික පදයෙන් කීවේය......ඔහු දෙස බලා සිනාසුනු මම.......ඔයත් සුදු කොකෙක් වගේනෙ........මා කීවෙමි.......මා අම්මට අම්මගේ දු...වී ඇත මල්ලීට ඔහුගේ අක්කා බවට පත්වී ඇත......කොල්ලෙක් ලෙස ඉපදී මේ සුලු කලට කෙල්ලෙක් ලෙස ජීවත්වෙන මට මෙය මොනතරන් සතුටු දායක හැගීමක්ද.....
පන්සල බලා පිටත්වීම සදහා වාහනයට ගොඩවන විට මා සුපුරුදු පරිදි ඉදිරිපස අසුනට ගොඩවුනෙමි......අක්ක පස්සට යන්න මායි ඉස්සරහ යන්නෙ......ඇයි පොඩිපුතේ අක්කනෙ ඉස්සර ඉදම්ම ඉස්සරහ සීට් එකේ යන්නෙ.......මල්ලී රන්ඩුකරනවිට ......අම්මා කීවාය.....පෙර පටන් අපි අම්මා සමඟ යනවිට මා ඉදිරි පස ආසනයටත් මල්ලී පිටුපස ආසනයටත් යෑම සිරිතක්ව පැවතුනි.......එහෙත් අද මල්ලී ඉදිරි පස ආසනය ඉල්ලීම ගැටලු සහගතවිය......ඒ අක්ක අයිය කාලෙනෙ.....එතකොට අක්ක කොල්ලෙක්නෙ.....කොල්ලො ඉස්සරහ සීට් එකේ ගියාට කෙල්ලො ඉස්සරහ සීට් එකේ යන්නෙ නෑ.....දැන් අක්ක කෙල්ලෙක් අක්කට පස්ස සීට් එකට යන්න කියන්න......ඔහු කීවේය......මෙය අසා සිටි මා.......හරි හරි ....මල්ලි නගින්නකො ඉස්සරහට මම යන්නම් පස්සට......මා ඉදිරිපස ආසනයෙන් පිටුපසට ගියෙමි.......ඇයි ඔයා පස්සට ගියේ.....මගේ ක්රියාවට අසතුටක් දැක්වූ අම්මා කීවේය.......මම දැන් කෙල්ලෙක්නෙ අම්මෙ......මා කීවෙමි.....එකනේ......මල්ලීද කියන්ට විය......මේ පොඩි පුතේ ඔය විකාර වැඩනවත්වන්න..... එයා නාට්ටියට රගපාන්න ඕනැ හින්ද ගැහැනු ලමයෙක් වගේ ඇන්දට....එයත් ඔයාවගේ කොල්ලෙක්......අනිත් එක ඒ ඔයාගෙ අයිය......අම්මා කීවාය.......කමක් නෑ අම්මෙ....මල්ලිත් ඉස්සරහ යන්න ආස ඇතිනේ.....මා කීවෙමි. .....ආශාවට ඉස්සරහ සීට් එක ඉල්ලගන්න එක වෙනම දෙයක්......ඒත් ඔය....මල්ලිගේ හිතේ තියෙන ආකල්ප හොද නෑ......අම්මා කීවාය......මෙයා කතාකලේ ගෑණු ලමයි පහත් විදියට දාල......ඔයා හිතේ තියාගන්න පොඩිපුතේ.......ඔයා උපන්නෙත් ඔයා ඔය අපහාසයට කතාකල ගෑනියෙකුගේ බඩෙන් කියල......අම්මා කේන්තියෙන් මෙන් කතාකලාය.....පවු අම්මෙ මල්ලි නොදැනුවත් කමටනෙ කතාකලේ......හොද නොදැනුවත් කම.... මේ ඇටෙන් පොත්තෙන් මෝරන්න ඉස්සෙල්ල ඔහොමනම් ලොකු වෙනකොට කොහොම හිටියිද......ඉස්සෙල්ල දැනගන්න ඕනැ කෙල්ලන්ට ගෞරව කරල කතාකරන්න.......තුට්ටු දෙකට සලකන්නෙ නැතුව.......අම්ම කීවාය. ........සොරි අක්කෙ අක්කට ඔන්නම් මෙතෙන්ට එන්න......අම්මාගේ වචන අසා තේරුම් ගත් මල්ලී මගෙන් සමාව ගත්තේය......ඕනෙ නෑ මල්ලි ඔයා ඔතැන යන්න....මා කීවෙමි.......අක්ක මාත් එක්ක තරහද.....ඔහු මාදෙසට හිස හරවා ඇසුවේය......අනේ නෑ මල්ලි මා ඔහුගේ හිස අතගෑවෙමි.......
No comments:
Post a Comment