හදිසි අනතුර 53..............................පුතේ අද මල්ලිව එක්ක එන්න කවුරුත් නැතෙයි කියල තාත්ත කිව්ව....දැන් මම යනව......පුතා පරිස්සමින් ඉන්න....පාසැල් ගොස් ගෙදර පැමින ටිකවෙලාවකින් අම්මා කීවාය. මල්ලී ප්‍රැක්ටිස් වලට නවතින බැවින් අදදින ඔහු ගෙන එන වාහනය නොමැති බව තාත්තා අම්මාට පවසා ඇත.....මේ නිසා අම්මාට එහි යෑමට සිදුවී ඇතිබව තේරුනි . ..... යන්තම් ඇති අද මට පුලුවන් ගවුන්ටික කොහේද තියෙන්නෙ කියල හොයාගන්න......අම්මා පිටවෙන බව ඇසුනු මා සතුටින් කල්පනා කලෙමි.....ඇය ගෙදරින් යනතුරු බලා සිටි මා ඇයගේ කාමරය තුලට ගියෙමි......එහි සෑම අස්සක් මුල්ලක් පාසා විපරම්කල මට එක ගවුමක්වත් සොයාගැනීමට නොහැකිවිය......අම්ම කොහේ හැංගුවද මන්ද මේ ගවුන් ටික.....මගේ නාට්ටිය ඉවර උනා විතරයි ඇදුම්ටික ඔක්කොම හංගල ....සිතමින් අල්මාරිය විවුර්ත කිරීමට උත්සාහ කලෙමි.....එහෙත් එහි අගුලු දමා තිබුනු බැවින් විවුර්ත කිරීමට නොහැකිවිය......මට හිතෙන්නෙ සුවර් එකටම මේකට දාල ඇති......මා නැවත එය විවුත කිරීමට උත්සාහයක් ගත්තෙමි.......අම්මාගේ වටිනා උපකරන මෙම අල්මාරියට දමා අගුලුදාන බව දන්නා මා එහි යතුරද කිසිවෙකුට සොයා ගන්න නොහැකි ස්ථානයක සඟවන බවද දැන සිටියෙමි...අල්මාරියෙ දාල ලොක්කරන්න තරම්...මේ ඇදුම් ටික මේතරම් වටිනවද......මට ගැටලුවක් ඇතිවිය....නැත්නම් මම පුරුද්දට ඇදගනියි කියල සැක හිතුනද දන්නෙ නෑ.....මා තවදුරටත් කල්පනා කලෙමි......සියලු බලාපොරොත්තු බිදවැටුනු මා කාමරයෙන් ඉවත්වුනෙමි......මට ආයෙත් කවදාවත් ගවුන් නම් අදින්න හම්බවෙන්නෙ නෑ..
.මසක් පමන ගතවිය.. ගවුමක් ඇදගෙන කෙල්ලෙක් මෙන් සිටීමට කෙතරම් ආශාව තිබුනද.....මේ මාසය තුල කිසිම ගවුමක් අතින් ඇල්ලීමටවත් නොහැකිවිය....මේ අතර මල්ලීගේ සිස්සත්ව ප්‍රතිඵල පිටවිය......ඔහු ඉතා උසස් ලෙස සමත්වී තිබුනු බැවින් ලංකාවේ ඉහලම විදුහලට පවා අයදුම් කිරීමට හැකියාව ලැබීතිබුනි..මා ඔහුට සුබපැතුවෙමි ...මේ ගැන වැඩියෙන්ම සතුටට පත්වී ඇති බව දුටුවේ අම්මා සහ තාත්තාය....ලොකු පුතාට බැරිවුනාට අපේ පොඩිපුතා කොහොම හරි උඩට ගියානෙ.....තාත්තා ඔහුව වර්නාකර මටද පහරක් එල්ල කරමින් කීවේය.....මට කෙල්ලෙක් මෙන් සිටින්න නොදුන්නාටත් වඩා එම එල්ල කල පහර මගේ හදවත පසාරුකරගෙන යන්නාක් මෙන් දැනුනි. මගේ ඇස්වලට කදුලු උනන බව දැනුනු මා නාන කාමරයට දිවගියෙමි......එහි බිම වාඩිවූ මා ඇතිතරම් ඇඩුවෙමි.......දුක තුනී කරගත් මා මුහුන සෝදාගෙන කාමරය තුලට ගොස් පොතක් අතේ තබාගෙන පාඩම් කරන මුවාවෙන් ඇදෙහි වාඩිවුනෙමි......
තාත්තා මල්ලිට පොරොන්දු වුනාක් මෙන් පසුදින බයිසිකලයක් ගෙනත් දී ඇතිබව දුටුවෙමි.....ඔහු ඉතා ආසාවෙන් එය පරීක්ෂා කරන්ට වූ අතර එය පදින්ටවිය.......පුතේ වත්ත ඇතුලෙ පැද්දට පාරට එහෙම යන්න එපා......අම්මා ඔහුට අවවාද කලාය.....පාසැල් ගොස් ගෙදර පැමිනෙන ඔහු ටික වෙලාවක් බයිසිකලය පැදීම පුරුද්දක් කරගෙන සිටියේය.....ඔහු එය පදිනවිට මටද බයිසිකලයක් ඇත්නම් යන සිතුවිල්ල ඇතිවිය. දිනක් මා ඔහු බයිසිකලය පදින දෙස ආසාවෙන් බලා සිටියෙමි. මාදෙස බැලූ අම්මා.....පොඩි පුතේ මේ අයියටත් දෙන්නකො ටිකක් පදින්න.......අම්මා කියනු ඇසුනි.....මේක තාත්ත මටයි අරන්දුන්නෙ.....අයියට නෙවෙයි.....පැවසූ ඔහු දිගටම පදින්ට විය.....මල්ලිගේ කතාවෙන් සිත පෑරුනු මා කාමරයට ගියෙමි.....එයාල ඔක්කොමල්ල දැන් මාව අයින් කරනව වගේ......ඉස්කෝලෙ කොල්ලො විතරක් නෙවෙයි ගෙදර අයත් මට දැන් වෙනස්කම් කරනව......අම්මටයි තාත්තටයි මම රගපාල සහතික ගත්තට වැඩක් නෑ එයාල අගේ කරන්නෙ මල්ලි සිස්සත්වෙ පාස්වුන එක ගැන......මොකද එයාලට කියන්න පුලුවන්නෙ මගේ පුතා යන්නෙ රෝයල් කොලේජ් කියල. එයාලට ඒක ලොකු නම්බුවක්නෙ......ඒවුනාට මම ගැහැනු චරිතයක් රගපාලනෙ හොදම නලුව වුනේ ......ඒක එයාලට මදිකමක් වෙන්න ඇති......බැරි වෙලාවත් මම පිරිමි කෙනෙක්ගෙ චරිතයක් රගපාල සහතිකයක් ගත්තනම් ටිකක් හරි බලන්න තිබුන....කවුරු මොනව කිව්වත් මම ඒ චරිතයට ගොඩක් කැමතියි ඒක හින්ද තමයි මට ගැහැනු කමේ සතුට මාස කීපයක් හරි විඳගන්න පුලුවන් වුනේ......ඒත් දැන් කවදාවත් ඒ සතුටනම් විදින්න වෙන්නෙ නෑ.....මා පොතක් දෙස බලාගෙන කල්පනාකරමින් සිටිනවිට ......අම්මා කාමරය තුලට එබිකම් කරනු දුටුවෙමි.......පුතා පාඩම් කරනවද.....හොදයි... හොදයි.....පැවසූ ඇය එතැනින් ගියාය......
No comments:
Post a Comment