Sunday, July 16, 2017

හදිසි අනතුර 69...............................එතකොට  අක්ක ආයෙත්  අයිය කෙනෙක් වෙන්න නැද්ද......මල්ලී ප්‍රශ්නකලේය.....එයාට දැන් ආයෙ කවදාවත්අයිය වෙන්න බෑනෙ පුතේ......අම්මා පිලිතුරු දුන්නාය..........එහෙනම් ශෝක්නෙ මට දැන් අක්ක කෙනෙක් ඉන්නව......මල්ලී සතුටින් පවසන්ටවිය....මා ගැහැනු ළමයෙක් බවට පත්වීම අම්මා පමනක් නොව මල්ලීද බොහෝසේ සතුටට පත්වෙනබව මා අවබෝධ කරගත්තෙමි.
                     මා කාමරයේ සිටිනවිට කාමරයට පැමිනි මල්ලී......මම ඔයාට අක්ක කියන්නද..... ඇසුවේය.....කමක් නෑ මා කීවෙමි........මා අසල ඇදේ වාඩිවූ ඔහු.......අක්ක බයිසිකලේ පදිනකොට මොකද වුනේ ඇසුවේය......බයිසිකලේ වේගෙ වැඩිවෙලා මට කොන්ට්‍රෝල් නැතිවුනා ඒක ලයිට් කනුව පැත්තට හැරිල කනුවෙ වැදුන....එච්චරයි මට මතක.....ඇස් ඇරල බලනකොට මම හිටියෙ හොස්පිටල් එකේ ඇදේ......මගේ ඉනෙන් පහල වෙලල තිබුන......මා ගාව ඉදල තියෙන්නෙ තාත්ත......මම තාත්තගෙන් ඇහුව මොකද වුනේ කියල....පොඩි ඔපරේසන් එකක් කරල කිව්ව මිසක් වෙන මොකුත් කිව්වෙ නෑ......ඩොක්ට ඇවිත් තමා මට ඔක්කොම විස්තරේ කිව්වෙ.......මා මල්ලීට විස්තර පැවසුවෙමි.....එතකොට එයාල ඔයාව ඔපරේසන් කරල ගෑනු ලමයෙක් කලා......එහෙම තමා ඩොක්ට කිව්වෙ....මා කීවෙමි......ඔයා කැමති වුනාද ගැහැනු ලමයෙක් වෙන්න.....ඔහු තවදුරටත් ඇසුවේය......මම දන්නෙ නෑ මල්ලි මට සිහිය එනකොට එයාල මාව ගෑනු ලමයෙක් කරල ඉවරයි.....මා පැවසූවිට......එහෙනම් අම්ම තමා කියන්න ඇත්තෙ ඔයාව ගෑනු ලමයෙක් කරන්න කියල......අම්මත් කැමතියිනෙ ඔයා ගැහැනු ලමයෙක් වෙනවට........මා අම්මා ගැන දන්නා දේ මල්ලීටද තේරී ඇති බව එසේ අසනවිට තේරුනි......ඔව් අම්ම තමයි කියල තියෙන්නෙ....මා ඔහුගේ සැකය තහවුරු කරමින් පැවසුවෙමි.....මම හිතුව..ඕක .. අම්මට තමා ඕනැ වෙලා තිබුනෙ ඔයාව කෙල්ලෙක් කරන්න .....මල්ලී කීවේය......ඩොක්ටස්ලනම් කිව්වෙඑතැන  ගොඩක් ඩැමේජ් වෙලා තිබුන හින්ද කෙල්ලෙක් බවට පත්කරන්න වුනා කියල....එයාල අම්මගෙන් ඇහුවම අම්මත් හා කිව්වලු......මා පැවසුවෙමි......අම්මනම් පැනල හා කියන්න ඇති......අම්මාගේ බලා පොරොත්තුව දන්නා මල්ලී කීවේය......මා කිසිවක් නොකියා සිනාසුනිමි.......එතකොට ඔයා කැමතිද අක්ක කෙනෙක් උනාට......ඔහු ඇසුවේය.......කෙල්ලෙක් වෙන එක ඒතරම් ගැටලුවක් නෑ මල්ලි....ඒත් මම කොහොමද මේ විදියට ස්කෝලෙ යන්නෙ සමාජයට මුහුන දෙන්නෙ......මා කීවෙමි......ඒකත් ඇත්ත තමයි පැවසූ ඔහු කල්පනා කරන්ටවිය.......තාත්ත නම් කිව්වෙ මාව ගැහැණු ස්කෝලෙකට දානව කියල....මා කීවෙමි......ඒකනම් හොදයි....එතකොට ඔයා කොල්ලෙක් විදියට හිටිය කියල එයාල දන්නෙ නෑනෙ......ඔහු කීවේය.                                                                                                                                      පසුගිය දිනවල මාසමග විරසක වී සිටි මල්ලී නැවත මා සමග සුහදශීලීව කතා කිරීම ගැන මා සතුටට පත්වුනෙමි. ඇයි අක්කෙ  කොල්ලො අදින ඇදුම් තාමත් මේ රාක්කෙ තියාගෙන ඉන්නෙ.....මගේ ඇදුම් රාක්කය දෙස බැලූ ඔහු ප්‍රශ්න  කලේය......ඉස්සර ඉදන් තිබුන ඒවනෙ ඔහේ තිබුනාවෙ.....මා කීවෙමි.....අනිත් එක තාත්ත කිව්වනෙ මගෙ උප්පැන්න සහතිකේ වෙනස්කරගන්න කල් පිරිමි ලමයෙක් විදියට ගිය ස්කෝලෙටම යන්න කියල....මා පැවසූ විට....අපෝ... ඇයි ඒ.....ඇසුවේය......උපැන්න සහතිකේ නම වෙනස් කරල එන්න තව මාස තුනක් විතර යනවලු..මා කීවෙමි....අප්පා එච්චර කල් යනවද ..... පුදුමයෙන් මෙන් ඇසූ ඔහු .......එහෙනම් ඔයාට එතකන් කොල්ලෙක් විදියටනෙ ඉන්න වෙන්නෙ ...දුකෙන් මෙන් පැවසුවේය.
               තවත් සතියක් පමන ගතවනවිට මට පාඅසැල් යෑමට හැකි පරිදි සුවවී තිබුනි.......... ලබන සදුද ඉදන් ඔයාට ස්කෝලෙ යන්න පුලුවන් නේද......සිකුරාදා වනවිට අම්මා මගෙන් ඇසුවාය......දැන්නම් එච්චර අමාරු නෑ දැන් හොදට ඇවිදින්න පුලුවන් .....මා පැවසුවෙමි. මාත් එක්ක යමු එතකොට ඔයාට ඇක්සිඩන්ට් එකක් උනා කියල දන්වන්න පුලුවන්නෙ......අම්මා තවදුරටත් පැවසුවාය.....සති අන්තයේ අම්මා මට පාසැලට අවශ්‍යය ඇදුම් පිලියෙල කල අතර මා දැන් පෙර මෙන් පිරිමි ලමයෙක් නොවන නිසා පාසැලේ කොල්ලන් අතර හැසිරෙන ආකාරයද පැහැදිලි කලාය....ඔයා කිසිම කොල්ලෙක් එක්ක වැඩිය බජනෙට යන්න එපා......පුලුවන් තරම් තනියම ඉන්න බලන්න......ඔයා කියන්න යටි බඩේ ඔපරේසන් එකක් කරල තියෙන හින්ද මොකකටවත් එන්න බෑ කියල. ....ඇය පැහැදිලි කලාය.
             පසුදින පිරිමි ලමයෙකු ලෙස පාසැල් යෑමට අවශ්‍ය  බැවින් ඉරිදා දින සවස් වරුවේ පිරිමි ලමයෙකු මෙන් සැරසී  කාමරයේ සිටින විට.....මා අසලට පැමිනි අම්මා......කවුද පිරිමි ලමයෙක් ඇවිත් ඉන්නව ඔයාව හම්බවෙන්න. මොකටද දන්නෙ නෑ.....පැවසුවාය. ....කවුද...මොකටද....මටද ගැටලුවක් ඇතිවිය.....මා පිරිමි ලමයෙකු  ලෙස සැරසී සිටි බැවින් කිසි ගැටලුවක් නොමැතිව ඔහු හමුවීමට ගියෙමි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: