Wednesday, July 5, 2017

හදිසි අනතුර 49..................................එක ගවුමකින් දෙකකින් පටන්ගත් මගේ ගැහැනු ඇදුම් ගොඩ දිනෙන්දින විශාලවන්ට විය......එහෙත් මේවා මට ඇදීමට ඉඩ ලැබෙන්නේ තවත් සති කිහිපයක් පමනක් වනබව මා දැනගෙන සිටියෙමි......එතෙක් හැකි දිනගනනක්  ගැහැනු ලමයෙකු ලෙස හැසිරී ගැහැනු කමේ මිහිර උපරිම ලෙස විදගැනීමට අධිෂ්ඨාන කරගත්තෙමි.....මේ අතර මල්ලීගේ විභාග දිනය උදාවිය.  ඔහු විභාගයට හොදින් මුහුන දුන් බව මල්ලී ගෙදර පැමිනි වහාම සතුටින් කීවේය.....ඔහු විභාගයෙන් ඉහලින් සමත්වීමට ඉඩ ඇතිබව සතුටින් පවසන්ට විය...
            පොඩි පුතා හොදට විභගෙ කලා කියල පුතාකියන්නෙ.....රාත්‍රියේ කෑම ගන්නාවිට අම්මා තාත්තාට කීවාය. එහෙනම් ගොඩක් හොඳයි ප්‍රතිඵල ආවට පස්සෙ බලමුකො......ඔයා හොදට පාස්වෙලා තිබුනොත් මම ඔයාට පොරොන්දු උනානෙ බයිසිකලයක් අරන්දෙනව කියල.....මම ඒක අරන්දෙන්නම්.....තාත්තා මීට ඉස්සර මල්ලීට වූ පොරොන්දුව මතක්කලේය.....එහෙනම් ඒක තාත්ත මට අරන්දෙන්නම වෙනව.....මල්ලී විශ්වාසයෙන් යුතුව පැවසුවේය........තවත් සතියක් ගෙවීගියේය ....ලබන සදුදින පාසැල පටන්ගන්නා නිසා උදේවරුවේ කොල්ලෙක් මෙන් සැරසී පාසැල් යෑම නැවැත්විය නොහැකි බව දන්නා මා බොහොසේ දුක්වූවෙමි......සදු දින මා කලිසම සහ කමිසය ඇන්දේ මහත් අකමැත්තෙනි......මසක් පුරාවට කිසිම පිරිමි ඇදුමක් ඇගට දමා නොසිටි මට මෙය මහත් කරදර කාරී හැගීමක් විය....මොනව කරන්නද පිරිමි ලමයෙක් වෙලා උපන්න පාපකර්මය ගෙවන්නත් ඕනැනෙ...අවසානයේ...මා කල්පනා කලෙමි.......මෙතෙක් දිනක් ගැහැනු ලමයෙකු ලස හැසිරී පුරුදු මට පිරිමි ලමයෙක් ලෙස හැසිරීම ආගන්තුක දෙයක් ලෙස හැගෙන්ට විය......මා අපහසුවෙන් පාසැල් වේලාව අවසන් කර ගෙදර ගොස් ඉක්මනටම ගැහැනු ඇදුම් ඇද සුපුරුදු ගැහැනු ජීවිතයට නැවතත් අවතීරනය වුනෙමි.....දවස් දෙකක් ගත්වූ පසු නාට්ටිය ගුරුතුමා අපිට නාට්ටිය පවත්ව්න දිනය දැනුම් දුන්නේය......එය ලබන මස මුල්සතියේ දිනයක් විය......එතෙක් හැකි සෑම වේලාවකම පුහුනු වීමේ කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය...... මට ගැහැනු ලමයෙකු මෙන් ජීවත්වීමට  ඇති කාලය තවත් මසකින් දීර්ගවූ බව ඇසුනු මගේ සිතට දැඩි සතුටක් දැනෙන්ට විය....
                ගෙදර ගිය පසු නාට්ටිය තරගය තිබෙන දිනය අම්මාට පැවසුවෙමි.....කමක් නෑ එතකන් ඔයා ඔයවිදියට ඉන්න......අම්මා මට එතෙක් ගැහැනු ලමයෙකු ලෙස සිටීමට අවසර දුන්නාය......දවසින් දවස අපේ නාට්ටිය පෙන්වන දිනය ලගාවිය......නාට්ටිය පුහුනු වෙන්න තියෙන්නෙ තව සතියක කාලයක් විතරයි......ඒහින්ද මේ සතියෙ ඔයාලගෙ ඇදුම් අරගෙන එන්න . ඇදුම් ඇදගෙන පුහුනුවෙන්න......ගුරුතුමා පැවසූ බවින් මා ගවුන් රැගෙන පාසැල් ගියේ ගුරුතුමාගේ නියෝගය පරිදිය......රංග ශාලාවට ගිය මා ගැහැනු ඇදුම් මාරු කරමින් මගේ කොටස රගපෑවෙමි......දැන්ට මාස කිහිපයක පමන කාලයක සිට වැඩි කාලයක් ගැහැනු ලමයෙකු ලෙස ජීවත්වී පුරුදු මට මේ වන විට ගැහැනු චරිතය ඉතාමත්ම හුරු පුරුදු චරිතයක් වී තිබුනි...ගැහැනු ඇදුම් ඇදගැනීමද ඉතාමත් හුරුපුරුදු ක්‍රියාවක් විය...මේ නිසා මගේ රගපෑම දකින ගුරුතුමා නිතර මට ප්‍රසංසා කරන්ට විය......ලබන සතියෙ සදුද තමයි ඔයාල්ගෙ නාට්ටිය තරගෙ තියෙන්නෙ......ඔක්කොම ඇදුම් පැලදුම් අරගෙන උදේ හත වෙනකොට ඉස්කෝලෙට ඇවිත් ඉන්න ඕනැ.....මෙහාට වාහනයක් එනව ඔයාලට ඒකෙ යන්න පුලුවන් ගැහැණු චරිතය කරන දෙන්නගෙ අම්මල එන්න ඕනැ මොකද එයාල ගැහැනු විදියට අන්දන්න තියෙන හින්ද......ගුරුතුමා අපිට උපදෙස් දුන්නේය.....
             මා ගැහැනු ලමයෙකු ලෙස ජීවත්වෙන අවසාන සති අන්තයද ගෙවී ගොස් නාට්ටිය පෙන්වන සදුදා දිනය උදාවිය........අවසන් වරට ගැහැණු ඇදුම් වලට සමුදුන් මා පසැල් ඇදුමෙන් සැරසී නාට්ටියට අවශ්‍යය ඇදුම් බෑගයද කරේ දා ගත්තෙමි.......පුතේ අපි වාහනේම යමු.....අම්මා වාහනයේ යන බැවින් පාසැල් වාහනයෙන් නාට්ටිය පෙන්වන ස්තානයට යෑමට අවශ්‍යය නොවුනි.....පාසැලෙන් ගිය වාහනය පිටුපසින් ගිය අපි නාට්ටිය තරගය තිබෙන ස්තානයට සේන්දුවුනෙමු.....ඇදුම් බෑගය රැගෙන අම්මා සමග රංගන ශාලාව වෙත ගිය අපි ගුරුතුමාගේ උපදෙස් පරිදි නාට්ටියට ලෑස්තිවුනෙමි......මාගේ ප්‍රථම  නාට්ටිය කොටසට අයත් ගවුම ඇන්දූ අම්මා මගේ කොන්ඩය සරසා කරාබු දෙක සමග මාලයද කරේ බැන්දාය......රූමත් ගැහැනු ලමයෙකු ලෙස පෙනුනු මාදෙස සැවොම බලන බව දුටු මට ආඩම්බරයක්ද ඒ සමගම මා පිරිමි ලමයෙක් නිසා ලැජ්ජාවක්ද ඇතිවිය. අපේ නාට්ටිය පෙන්වන වේලාව සදහන් කල ගුරුතුමා ඊට පෙර සියල්ල සූදානම් කරගන්නා ලෙස දැන්වීය.....දැන් අපේ කන්ඩායම සූදානම් වී අවසානය.......ප්‍රභූවරුන්ගේ දේසනයෙන් පසු නාට්ටිය තරගය ආරම්භවිය.......අපිට තිබුනේ පස්වෙනි ස්තානයට නාට්ටිය පෙන්වීමටය......හතරවෙනි නාට්ටිය පෙන්වා අව්සන් වූ පසු අපේ පාසැලේ නම කියනු ඇසුනි.......පලමුව තාත්තාගේ චරිතයත් අම්මාගේ චරිතයත් වේදිකාවට ගොඩවිය ඉන්පසු තිබුනේ මගේ චරිතයය.
          Transgender body swap ගේ ඡායාරූපය

No comments: