හදිසි අනතුර 44......................................පොඩි පුතේ ඔය කොහේද එහෙමෙහෙ දුවන්නෙ ඔයාට නේද මේ පූජාව කරන්නෙ....මේ අක්කත් එක්ක වටෙ සුද්ධ කරන්න.....පරමල් තියෙනවා විසිකරන්න....අම්මා..කිසි ගනනක් නැතුව එහෙමෙහෙ ඇවිදිමින් සිටි මල්ලීට පවසන්ටවූවාය.....මෙ අතර අපිසමග පූජා පැවැත්වීමට පැමිණි නංගී ද ඉදලක් රැගෙන මා සමග අතුගාන්ට වූවාය ......අක්කා ලස්සන වෙලා ඉපදිලා ඉන්නෙ මේවගෙ වැඩකරලනුනෙ මාත් ආව අතුගාල ඊලග ආත්මෙ මීටවඩා ලස්සන කෙල්ලෙක් වෙලා ඉපදෙන්න......ඇය අතුගාන අතරතුර සිනාසෙමින් මා සමග පැවසුවාය......මෙය අසා සිටි මල්ලී මා අසලට පැමින.......අක්කෙ අතුගෑවම...... ලස්සන කෙල්ලො වෙලා ඉපදෙනව කියල අරය කිව්ව එක ඇත්තද ......ඇසුවේය.......ඔව් මල්ලි.... ඔයත් කොහෙන්හරි ඉදලක් හොයාගෙන අතුගාන්න......මා කීවෙමි.......අපෝ මටනම් බෑ අතුගාන්න.....ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කරනු දුටු මා......ඇයි ඒ.....මා ඇසුවෙමි.......මට බෑ කෙල්ලො වෙලා උපදින්න......පැවසූ ඔහු ඉක්මනින් අපි අසලින් ඉවත්වුනේය.....මල්ලීගේ මෙම කතාවට සිනාසුනු.....නංගි.....එයා හිතාගෙන ඉන්නෙ අතුගෑවම කෙල්ලො වෙනව කියල....නේද අක්කෙ.......කීවාය. වටේ සුද්ධ කර අවසන්වනවිට අම්මා පූජා වට්ටි පිලියෙලකර අවසන්කර තිබුණි ......චෛත්තියටත් විහරයටත් මල්පූජාකල අපි පූජා ද්‍රව්‍ය තැන්පත්කර බෝධිය වටා පැන්කල පූජාව පවත්වා......පැත්තක වාඩිවීමට සූදානම් වූවේ වන්දනා කිරීම සදහාය. ඔයා ගැහැණු ලමයෙක් විදියට වාඩිවෙන්න......මම වාඩිවෙන හැටි බලාගෙන ඒවිදියට වාඩිවෙන්න........පැවසූ අම්මා කකුල් එක පැත්තකට ගෙන.....දනිස්නවා වාඩිවූවාය......ගැහැනු අය මෙසේ වාඩිවෙන අයුරු කොතෙකුත් දැක තිබුනත් මට වාඩිවීමට සිදුවන පලමු අවස්ථාව මෙය විය......මා ඇය අනුකරනය කරමින් වාඩිවූවෙමි.......පිරිමි ලමයෙකු වූ මල්ලී එරමිනියා ගොතාගෙන වාඩිවුනේය......අපි වන්දනාව පටන්ගත්තෙමු......මා පිරිමි ළමයෙක් ලෙස සිටි දිනවල මෙන් නොව ඊටවඩා භක්තියෙන් යුතුව වන්දනා කරන බව මටම වැටහුනි.....කොල්ලෙක් ලෙස සිටිමා මෙවැනි වන්දනාවන් කරන විටදී එතරම් වුවමනාවෙන් නොකරන බව මතක් විය. එහෙත් අද දින ඊට ඉදුරාම වෙනස් විය.......කෙල්ලෙක් විදියට ඇදගෙන ඉන්නකොට මෙහෙමනම් කෙල්ලෙක් උනොත් කොහොම හිටියිද.....කල්පනා කලෙමි.....දෙවියන්ට පින්දුන් අපි පූජාව අව්සන් කලෙමු.....මගේ පැතුම සදහා තවත් කාලයක් ගත් මා......මේසියලු කුසල් බලයෙන් මීලග ආත්මයේ ලස්සන ගුනවත් ගැහැනු ලමයෙකු ලෙස ඉපදීමට ප්‍රාර්ථනා කලෙමි......මාසමග කතාකරමින් පැමිනි නංගි සහ අක්කා ගෙන් සමුගත් මා......අම්මා අසලට පැමිනියේ පහලට බැසීම සඳහාය......අපි සෙමින් පඩිබසින විට මල්ලි ඉක්මනින් පහලට බැස අවසන් කර තිබුනි......පිටු පස අසුනේ වාඩිවූ මල්ලී මට ඉදිරිපස අසුන පිරිනැමුවේය.......ඕනෙ නෑ මල්ලි යන්න ඉස්සරහ........ මා සෙනෙහෙබර අක්කා කෙනෙක් පරිදි ඔහුට පැව්සුවෙමි......ඔහු එය ප්‍රතික්ෂේප කල බවින් මා ඉදිරිපස අසුනේ වාඩිවුනෙමි......පොඩි පුතා ගොඩක් හොදයිනෙ.....මම පුතාට කිව්ව දේවල් හොදට හිතට අරන්තියෙනව......අම්මා ඔහුගේ හොද කියන්ට වූවාය.......අම්මෙ අක්ක ඇත්තටම කෙල්ලෙක් වෙන්න හදනව......මල්ලී එකවරම පැවසූ එම වචන නිසා අම්මා පුදුමයෙන් මෙන්...... ඒ කොහොමද......ඇසුවාය. අක්ක බෝධිය වටේ අතුගෑවනෙ...... බෝධිය වටේ අතුගෑවම ලස්සන කෙල්ලො වෙලා උපදිනවලු.......මටත් අක්ක කතාකලා අතුගාන්න.....අපෝ මමනම් ආසනෑ කෙල්ලො වෙලා උපදින්න...අක්කට කෙල්ලො වෙලා උපදින්න ඕනැ උනාට මම ආශ නෑ.......ඒ හින්ද බෑ කිව්ව....ඔහු එලෙස පවසන්ට වූවේය. .....එතකොට අක්ක ඇත්තටම කෙල්ලෙක් වෙයි.....අම්මා විහිලුවට මෙන් ප්රස්නාර්තව ඔහුගෙන් ඇසුවාය........අක්ක බෝධිය අතුගෑව හින්ද එහෙම වෙයි.......මෙයට සිනාසුනු අම්මා......ඔයා කැමතිද අක්ක ඇත්තම අක්ක කෙනෙක් වෙනවනම්......ඇසුවාය.....ටික වෙලාක් සිටි මල්ලී ......එහෙනම් ශෝක්නෙ අම්මෙ එතකොට මට හැමදාම අක්ක කෙනෙක් ඉන්නව.......ඔහු සතුටින් කීවේය.....එතකොට අයිය හොද නැද්ද......අම්මා ඇසුවාය.......අයියත් හොදයි ඒ වුනාට අයිය අක්ක වගේ ඉන්න කොට මට ගොඩක් ආදරෙයි කියල තේරෙනව.......ඔහු කීවේය.......මල්ලී පවසන දේ සත්‍යය බව මටද වැටහුනි......මා ගැහැනු ලමයෙකු ලෙස සැරසී සිටිනවිට පෙරට වඩා සෙනෙහෙ බර හැගීම් වැඩිපුර දැනෙන බව මටද වැටහී ගොස් තිබුනි.....අයිය නාට්ටිය හින්ද ඔය විදියට හිටියට අයියට හැමදාම අක්ක කෙනෙක් වෙන්න බෑනෙ පුතේ..........අනිත් එක අයිය කොල්ලෙක්නෙ කොල්ලො කෙල්ලො වෙන්න කැමතිත්නෑනෙ........අම්මා මෙසේ පවසන විට මගේ හිතට දුකක් ඇතිවිය....අම්මට තාමත් තෙරුම් ගන්න බෑනෙ මගේ හිතේ තියෙන ආශාව.....එයා හිතාගෙන ඉන්නෙ මම මේ ගවුන් අදින්නෙ නාට්ටිය රගපාන්න ඕනැ හින්ද කියල......මා දුකෙන් කල්පනා කලෙමි.
අපි ගෙදරට ළඟා වනවිට අදුරු වැටෙමින් තිබුනි......ඇති යන්තම් මේ වෙලාවට ආව....මමනම් හිතුවෙ තව රෑවෙයි කියල.....ගෙට ගොඩවනවිට අම්මා පැවසුවාය..
No comments:
Post a Comment