Tuesday, July 18, 2017

හදිසි අනතුර 76......................................පිරිමි ඇදුම්වල නූල්පොටක් හෝ ඉතිරි නොකර රැගෙන ගිය ඇය ඒවා ඇගේ කාමරයතුලට ගෙනගියබව දුටුවෙමි......දුව.....ඔයාගෙ පාසැල් පොත්වල නම වෙනස්කරල ලියාගන්න.....ඒවයෙ තියෙන නිලන්ත කියන නම වෙනස්කරල තිලිනි කෞශල්‍යා කියල ලියාගන්න......අම්මා කීවාය.....ඔව් අම්මෙ ස්කෝලෙ නමත් ලියල තියෙනවනම් ඒවත් වෙනස්කරගන්න ඕනැ......මා කීවෙමි. ...අලුතින් පොත්පත් ඕනැනම් හෙට ගේමු ......ඇය පවසනවිට.....පොත්වල පිටකොලවලනෙ නම ලියල තියෙන්නෙ පිටකොල වෙන්ස්කලාම හරි.......මා කීවෙමි......හෙට පිටකොලත් ගම්මු ... තව අඩුපාඩු මොනවද කියල බලන්න.....ඇය තවදුරටත් පැවසුවාය. දුවට අලුත් ස්කෝලෙට යන්න මොනවද අඩුපාඩු....තාත්තා පැමිනි විට ඔහු ඇසුවේය......ගවුම ගන්න යන්න වෙන්නෙත් හෙටනෙ මංජු .....තව.. දුවට කරාබු ජෝඩුවකුත් ගන්න ඕනැ.....අම්මා කීවාය.....කරාබු දාන්න තාම කන් විදල නෑ නේද.....තාත්තා ඇසුවේය......හෙට ඩොක්ට ගාවට ගියහම විදගන්න පුලුවන් ඒ එක්කම කරාබු ජෝදුවකුත් අරන් ගියාම විදපුගමන් දාගන්නත් පුලුවන්.....අම්මා වැඩිදුරටත් කීවාය......එහෙනම් හෙට උදේට ගිහින් ඒ ටික කරගන්න......තාත්තා පැවසුවේය.
                සම්පූර්ණ ගැහැණු ලමයෙකුගෙ පෙනුම ගන්න තව තියෙන්නෙ තව දෙකයි. එකක් කොන්ඩෙ වවාගන්න එක අනික කන්පෙති විදල කරාබු දාන එක.....ඒ දෙකෙන් කොන්ඩෙ වැවෙනන එකට තව මාස කිහිපයක් යයි......කන් විදින එක හෙට කරව ගන්න වෙනව.....කන්පෙති විද්දොත් මම පිරිමි ලමයෙක් විදියට ප්‍රසිද්ධියේ ඉදල හමාරයි.....මම පිරිමි ඇදුම් ඇදගෙන හිටියත් කන්පෙති දිහා බලල ගැහැනු ලමයෙක් කියල හදුනගනියි.....කොන්ඩෙ දිගට වැවුනොත් මට පිරිමි ලමයෙක් විදියට ඉන්න කොහෙත්ම බැරිවෙනව....දැන් ඉතින් මට තියෙන්නෙ මම පිරිමි ලමයෙක් කියන එක සම්පූරනයෙන්ම අමතක කරන එක විතරයි.....සදුද ඉදන් මට යන්න වෙන්නෙත් ගෑනු ස්කෝලෙකට ආස්සරේ කරන්න වෙන්නෙත් ගැහැනු ලමයි......ඉතින් මම කොහොමද පිරිමි ලමයෙක් කියල හිතන්නෙ.....මා කල්පනා කලෙමි
                   පසුදින උදෑසන මා අම්මා සමග නගරයට ගියෙමි....අම්මා පලමුවෙන්ම ගියේ රත්රන් බඩු තිබෙන සාප්පුවකටය.....වාඩිවෙන්න මැඩම් කී සප්පු හිමිකරු අම්මා පැවසූ පරිදි කරාබු පෙට්ටි කිහිපයක් අපි ඉදිරියේ තැබුවෙය.....අමා මට පෙන්වමින් කරාබු තෝරන්ටවිය......දුව කැමති එකක් තෝරගන්න....අම්මා ඒවා බලන අතරතුර පැවසුවාය......මේකෙ මල... ලස්සනයි නේද දුව ...අලුත් මෝස්තරයක් වගේ .....පැවසූ ඇය මගේ කැමැත්ත විමසුවාය......මගේද හිත ගිය එම කාරාබු දෙක මිලදී ගත් පසු චේන් පොටවල්ද බලන්න පටන්ගත්තාය......මේ චේන් පොට හොදයි වගේ නේද.....අම්මා මගෙන් ඇසුවාය......අම්ම කැමතිනම් ගන්න..අම්මාට මිලදී ගන්නා චේන් පොට අම්මා කැමති වියයුතුබව දන්නා මා කීවෙමි.......මගේ කැමැත්ත හරියන්නෙ නෑනෙ ඔයා කැමති වෙන්න ඕනැනෙ......ඇය මට කීවාය......චේන් පොටද මිලදී ගන්නේ මා සඳහා බව දැනගත්තේ එවිටය......චේන් පොට සහ කරාබු මිලදී ගත් අපි මීලගට ගියේ වෛද්‍යවරයා හමුවීමටය.......කිහිප දෙනෙක් සිටිනිසා ටිකවෙලාවක් සිටි අපි වෛද්‍යවරයා අසලට ගියෙමු........ඇයි මෙච්චර කල් විදගත්තෙ නැත්තෙ...ඔහු ඇසුවේය......මෙයා කැමති උනේ නෑනෙ.....දැන් ලොකු ලමිස්සියෙක් වෙනකොට කන්දෙක පාලුවට තියන්න බෑනෙ.....අම්මා කීවාය.......මගේ කන්පෙති දියරයකින් සේදූ ඔහු විදින ස්තානය සලකුනු කර බෙහෙත් විදින කට්ටකින් සිදුරු කරන්ට විය.  බියවූ මා කෙදිරි ගෑවත් අම්මා පැවසූ පරිදි එතරම් වේදනාවක් නොමැතිවිය....එක් කනක් විද්ද ඔහු කරාබුවක් ඇතුලු කලේය......එලෙසම අනිත් කනද විද්ද ඔහු එම කනටද කරාබුව සිදුරෙන් ඇතිලුකලේය.....කන් වල සුලුවේදනාවක් ඇතිවුවද එය එතරම් බරපතල නොවුනි.....ඉන්පසු අපි මට අවශ්‍යය පාසැල් උපකරන මිලදී ගැනීම සදහා පොත් සාප්පුවකට ගියෙමු....මා ලියාගෙන ආ පරිදි උපකරන මිලදී ගත් පසු අම්මා ගෙහැනු ලමුන් පෑන් පැන්සල් දමන රෝස පැහති පෙට්ටියක් ගත්තාය.....මා පෑන් පැන්සල් සාක්කුවේ දමාගෙන ගියනිසා පෙට්ටියක අවශ්‍ය තාවයක් නොතිබුනි....මේ මොකටද.....මා එකවරම ඇසුවෙමි.......ඇයි ඔයාගෙ පෑන් පැන්සල් දාගෙන යන්න......ඇයි අම්මෙ සාක්කුවෙනෙ දාගෙන ගියේ......ඒ ඉස්සරනෙ දැන් ඔයා ඇදෙගෙන යන්නෙ ගවුමක් ගවුන්වල සාක්කු නෑ.....මා මින්පසු පාසැලට ගවුන් ඇදිය යුතුබව සිහිවූවේ අම්මා එසේ පැවසූ විටය.....මගේ පොත් බැගයද වෙනස් කරමින් ගැහැනු ලමයින්ට සුදුසු බෑගයක් ද මිලට ගෙන දුන්නාය.......මින් පසු අපි ගියේ මැසූ ගවුම ගැනීමටය අපි එහි යනවිට බිස්කට සහකෙසෙල් ඇවරියක්ද රැගෙන ගියෙමු.......මොකද මේ තෑගිත් අරගෙන මුදලාලි මගේ හිස අතගාමින් ඇසුවේය......ගවුන් දෙකක් මසා තිබුනු අතර  ඒවා එකින් එක ඇදවමින් පරීක්ෂා කරන්ට විය......සුලු වෙනස්කම් කිහිපයකින් පසු අපි ඒවා රැගෙන ගියෙමු......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: