කෑමගෙන සුලුවේලාවකින් මගේ පරණ පොත්වල පිටකොල අලුත්කරමින් මගේ අලුත්නම ලියන්න පටන්ගත්තෙමි.....මා මෙසේ කරමින් සිටිනවිට.....දුවේ අපිට තව එක දෙයක් අමතක උනානෙ කීවාය.....ඒ මොකක්ද මා ඇසුවෙමි.....ඔයාට සපත්තුදෙකක් ගන්න..දැන් ඒ පිරිමි සපත්තු පාවිච්චිකරන්න බෑනෙ....හෙට උදේට යමු....ඇය යෝජනා කලාය. සියලු පොත්වල වැඩ අවසන් කල මා.....ගැහැනු ලමයෙකුගේ පාසැල් බෑගයක් ලෙස සියලුම උපකරන බෑගය තුලට දැමුවෙමි.
පසුදින මට අවශ්‍යය සපත්තු ජෝඩුවක් ගෙන ආවිට මගේ සියලු දේවල් සම්පුර්නවිය. අද ඉරු දිනක් උවද අනතුරෙන් පසුව දහම් පාසැල් නොගියෙමි.....මාව ගැහැනු පාසැලට ඇතුලත් කල පසු වෙනත් දහම් පාසැලකට යවන බව අම්මා පවසා තිබුනි.....හෙට සිට අලුත් පාසැලට යන බැවින් ලබන ඉරිදා සිට දහම් පාසැල් යා හැකි බව මට තේරුනි....දැන් ඔක්කොම හරිද දුවේ ......තාත්තා මගෙන් ඇසුවේය......සේරම ටික සූදානම් කරගත්ත තාත්තෙ.....මා කීවෙමි.....එහෙනම් හෙට උදෙන් නැගිටල ලෑස්තිවෙන්න.....ඔහු කීවේය.....රාත්‍රී ඇදේ ඇලවුනු මා හෙට සිට යෑමට සිදුවන ගැහැනු පාසැල ගැන කල්පනා කලෙමි......අලුත් ජීවිතයක් අලුත් පාසැලක්......එහෙට ගියාම ආශ්‍රය කරන්න වෙන්නෙ කොල්ලො නෙවෙයි කෙල්ලො......කොල්ලො ආශ්‍රයකරල පුරුදු මට කෙල්ලො ආශ්‍රය කරන්න පුලුවන් වෙයිද මන්ද.....මගේ සිතට බියමුසු හැඟීමක් ඇතිවිය. එකපාරටම උන් එක්ක භජනෙට නොගිහින් ටිකක් ඈත්වෙලා ඉදල උන් මොනවගේද කියල බලල ආශ්‍රයකරනව.....මා කල්පනාකර ගත්තෙමි. උදෑසන අවදිවුනු මා පාසැලට යෑම සදහා සූදානම් උනෙමි. ගැහැනු ඇදුම් ඇන්දත් සුදුපැහැති පාසැල් නිල ගවුමක් ඇදගෙන පාසැල් යන්නේ අද දිනයේදීය.....කිසිදිනක ඇද නොමැති මා එම ගවුම අදිනවිට අම්මා ලග සිට මට උදවු කරන්ට විය......මේව පොඩ්ඩ බැරි වෙනකොට පොඩිවෙනව....වාඩිවෙනකොට ගවුමෙ සායෙ පිටිපස්සෙ රැලිටික පොඩිවෙන්නෙ නැතිවෙන්න හදාගෙන වාඩිවෙන්න....පොඩ්ඩක් ඉන්න දුවේ ඇය සායේ පැත්තක් අල්ලා බලන්ට වූවාය....සායට සාක්කුවකුත් මහල....ඒකයි මම මේ බැලුවෙ......ඇය මසා තිබුනු සාක්කුව තුලට අත දමා පැවසුවාය.....මාද එය බලනවිට කලිසමට මෙන් ගවුමේ සායටද නොපෙනෙන ලෙස සාක්කුවක් මසා තිබුනු බව දක්නට ලැබුනි....ගවුමට සාක්කුවක් මහල තිබුනට ඔය කොල්ලො වගේ එකඑක ඒව ඕකෙ පුරවගන්න එපා.....ඔන්නම් ලේන්සුව දාගන්න.....අම්මා කීවාය.....ලේන්සුවක් ඕනෙ නෑ අම්මෙ......මම මීට ඉස්සරත් ලේන්සු පාවිච්චිකලේ නෑනෙ.....මා කීවෙමි......කොල්ලො ලේන්සු පාවිච්චි නොකලට ගැහැනු ලමයෙක් උනාම ලේන්සු පාවිච්චි කරන්න ඕනැ....ඉන්න මම ලේන්සුවක් ගෙනත් දෙන්න පැවසූ ඇය ඇගේ කාමරයට ගියාය......මා පොත් බෑගය අතට ගන්නා විට ලේන්සුව මගේ අතට දී මේක තියාගන්න යනුවෙන් පැවසුවාය.....අනේ මන්ද මේක මොකටද කියල මා සෙමින් කීවෙමි.....ගැහැනු ලමයෙක් උනාම කොල්ලො වගේ දාඩිය පෙරාගෙන දූවිල්ල ගාගෙන හිටියාම කැතයි.....ලස්සනට සුන්දරව ඉන්න ඕන්නෙ.....නිතර මුහුන එහෙම පිහදාගෙන ලස්සනට ඉන්න.....ඇය කීවාය.....අනිත් කෙල්ලොත් මෙහෙමද දන්නෙ නෑ .....ගිහිල්ලම තමා බලන්න ඕනැ......මා සිතාගත්තෙමි......පිරිමිකම සදහටම අතහැරීමට සිදුවූ මා..... සුදු පැහැති පාසැල් නිල ගවුමෙන් සැරසී ජීවිතයේ පලමුවරට පාසෙල් යුවතියක් මෙන් පාසැල් යෑමට සූදානම් වුනෙමි. තාත්තා වාහනය එලියට ගත් අතර අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් රැගෙන මා ඉදිරියට පැමින මගේ මුහුන සිපගත්තාය......මා අම්මාගේ සහ තාත්තාගේ දෙපා වැද නිලවශයෙන්ම ගැහැණු ජීවිතයට මුලපිරුවෙමි.
මෙම කාන්තා පාසැල පිහිටා තිබුනේ අපේ නිවසට තරමක් දුරිනි..... මගේ පැරනි පාසැලට කිලෝමීටර් එකක්ට වඩා නොමැති වුවද මෙයට කිලෝ මීටර තුනක් පමන යන්ටවිය......මුල් ගුරුතුමිය හමුවූ විට පාසල ආරම්භ කරන තෙක් රැදී සිටින ලෙස දැනුම් දුන්නාය....උදෑසන රැස්වීමෙන් පසු කාර්යාලයට පැමිනි ඇය......මෙයාද දුව මා දෙස බලා ඇසූ ඇය......හරිම ලස්සන දුවෙක්නෙ......පැවසුවාය.....තත්තා මගේ නව උප්පැන්න සහතිකය සමග අස්වීමේ සහතිකයද ඉදිරිපත් කලාය.......ඉස්සර නම නිලන්ත නේද......දැන් මේ නම් දෙකම එක්කෙනා විදියට තමා ගන්න වෙන්නෙ....අවුලක් නෑ නම තිලිනි කෞශල්‍යා කියල ඇතුලත් කරන්නම්...... ඇතුලත් කිරීමේ කටයුතු අව්සන්කල ඇය.....පිරිමි ලමයෙක් මෙච්චර ලස්සන ගැහැනු ලමයෙක් උනා කිව්වම මට හිතාගන්නවත් බෑනෙ.....මටනම් විස්වාස නෑ මෙයා උප්පත්තියෙන් පිරිමි ලමයෙක් කියල.....මටනම් හිතෙන්නෙම එදා ඉදන් ගැහැනු ලමයෙක් කියල....මෙයාගෙ පිරිමි පෙනුමක් ගෑවිලාවත් නෑනෙ......ඇය මාව ගැහැනු ලමයෙක් බවට පත්වීම ගැන පුදුමයෙන් කතා කරන්ට වූවාය.......ඔයාල බයවෙන්න එපා මම මේක රහසක් වශයෙන් තියාගන්නම්.....අවසානයේදී ඇය පොරොන්දුවූවාය.....මිස් අනූෂා .....මෙයාව නවයෙ ඒ පන්තිය බාර ගුරුතුමියට භාරදෙන්න......
No comments:
Post a Comment