හදිසි අනතුර 52..............................සිනිදු රෙද්දක් අතට අසුවුනු මා සතුටින් එය එලියට ඇද්දෙමි. එහෙත් එය ගවුමක් නොව වෙනත් රෙදි කැබැල්ලකි.....මෙය තුල ගැහැනු ඇදුම් නොමැතිබව දැනගත් මා දුක්බරව ආපසු ගියෙමි.....කබඩ් එකේ තිබුන ඇහුම් ටික අයින් කරලද එහෙම නැත්නම්....මට හොයාගන්න බැරිවුනාද.....ඕක බලන්න ඕනෙ දවල් වෙලාවක......මා සිතාගත්තෙමි. පසුදින අම්මාට හොරෙන් කබඩය ඇර බැලුවෙමි එහෙත් එහි එකම ගැහැනු ඇදුමක්වත් නොමැති බව දුටු මට ඇඩීමට තරම් දුකක් ඇතිවිය.....ඒව ටික ඔක්කොම අයින් කරල.....දැන් ඉතින් මට කවදාවත් ගවුන්නම් අඳින්න හම්බවෙන්නෙ නෑ..... කල්පනා කලෙමි.
මාව හොදම නලුවාට තේරීම ගැන ගුරුවරු ප්‍රසංසා කල අතර මා අපේ පාසැල තුල ජනප්‍රිය චරිතයක් විය.....ඒ අතරම මා ගැහැනු චරිතයක් කිරීමත් එම චරිතය අංගසම්පූරන කෙල්ලෙක් මෙන් රගපැමත් නිසා කොල්ලන්ගෙන් මට ඇතිවෙන හිංසා පීඩා වර්දනය වන්ට විය.....තරංග අයියාගේ මැදිහත් වීම නිසා සමහර විහිලු දුරදිග නොගොස් බේරුනි.....කොල්ලන් මට කරන විහිලු නිසා මගේ යහලුවන් මාව ඇසුරුකිරීමද අඩුවනබව තේරුනි.....තරංග අයියා නිතර මාව දිරිමත් කරන බැවින්.....සාමානය වසයෙන් හිත හදාගැනීමට හැකිවිය......මම ඉන්නකන් මල්ලි කිසිදේකට බයවෙන්න එපා .....මල්ලිට මොකක් හරි කරදරයක් උනොත් මට කියන්න මම ඒක බලාගන්නම්.....තරංග අයියා නිතර කියන්ට විය.....ඔහු එසේ කියා නොතකා සිටියේද නැත. ඔහු මා ගැන නිතර ඇසගසාගෙන සිටින බව තේරුනි......
මා දක්ශතම නලුවා වී සහතික ලැබීම ගැන අම්මා තාත්තා ඇතුලු කවුරු මට ප්‍රසංසා කලත් ගෙදර දී මා නිතර සිටියේ කනස්සලු සවභාවයෙනි.....පසුගිය මාස දෙක තුන මා කෙතරම් සතුටින් කාලය ගතකලාද......කෙල්ලෙක් ලෙස ජීවත්වන විට මට කෙතරම් සැහැල්ලුවක් දැනුනේද......දැන් එම සැහැල්ලුව මා අසල්වත් නැත.....පිරිමි ඇදුම් ඇද සිටින මට සහැල්ලුව වෙනුවට අමුතු බර සවභාවයක් දැනෙන බව තේරුනි.....නාට්ටියේ ජයග්‍රහනය ගැන තාත්තා කතාකල ආකාරය සිහිවිය......මේ ටිකේ අම්ම පුතාට හොදට ගැහැනු කම හුරුකල හින්ද තමා ඔය ජයග්‍රහනය ගන්න පුලුවන්වුනේ.....ඔයත් ඉතින් ලැජ්ජාව පැත්තකින් තියල අම්ම කියන විදියට කෙල්ලෙක් වගේ හිටියනෙ......වෙන කොල්ලොම්නම් ඔය විදියට කෙල්ලොවගේ ඉන්නෙ නෑ......තාත්තා එසේ ප්‍රසංසා කලත් මා කෙල්ලෙක් මෙන් ජීවත්වුනේ මට කෙල්ලෙක් වීමට තිබුනු දැඩි ආශාව නිසාබව කිසිවෙකුත් නොදන්නා කරුනකි.... මගේ තිබෙන මේ ආශාව කටක් ඇර කිසිවෙකුට කියන්න පුලුවන් දෙයක්ද.....කවද හරි අම්මටම හිතෙයිද දන්නෙ නෑ මට ගවුමක් අන්දන්න ඕනැකියල....ඒත් දැන් ඒකට හේතුවක් නොමැති නිසා එය සිහිනයක් පමනක් බව මා දන්නා කරුනකි.......ගවුන් ටිකට මොකද උනේ යන්න අම්මාගෙන් ඇසීමට සිතට ආවත් හිත තුල තිබුනු ලැජ්ජා සහගත හැගීම නිසා එසේ නොකලෙමි.....
පාසැලේ යහලුවන් පමනක් නොව ගෙදරදී අම්මාද දැන් මාගැන උනන්දුවක් නොමැතිබව තේරුනි......මා ගැහැනු ලමයෙකු මෙන් සැරසී සිටිනවිට අම්මා මාගැන සොයා බැලූ අතර තුරුලට ගෙන සුරතල් කිරීමටද පෙළඹුණි. එහෙත් දැන් අම්මාගෙන් එවැනි දෙයක් දක්නට නොලැබුනි......ඒ දිනවල මල්ලීද අක්කේ යනුවෙන් අමතමින් මගේ තුරුලට පැමිනුනු අතර අපි අදරයෙන් සිටි බවද මතක් විය.....එහෙත් දැන් ඔහුද මාව එතරම් ගනනකට නොගන්නා බව තේරුනි......දිනෙන් දින මගේ ජීවිතයට තනිකමක් සමග පිරිමිකම නිසා ඇතිවුනු බරගතියක්ද දැනෙන්ට විය.....
මේ සියල්ල අමතක කර පාඩම් කිරීමට උත්සාකලත් ගතකල ගැහැනු ජීවිතය මතක්වනවිට පොත අතේ තබාගෙන කල්පනාකලෙමි.......මොකද පුතේ පොත පාඩම් කරනවද කල්පනා කරනවද......අම්මා ඇසුවාය.....නෑ අම්මෙ පැවසූ මා.....නැවත පොත කියවන්ට වුනෙමි......දිනෙන් දින මගේ කනස්සලු සවභාවය වැඩිවන්ට විය......පාඩම් කටයුතුද අමතක කල මා ඇදේ ඇලවී කල්පනා කලෙමි.......පාසැල් ගියේද යනවා වෙනුවටය....මා ගෙදර අය සමග කතා කිරීම අඩුකලෙමි......අම්මා සහ මල්ලී මා සමග කතා කරන විට මට මහත් හිසරදයක් මෙන් දැනෙන්ට විය......දිනක් මල්ලී මොකක් හෝ අසනවිට මා ඔහුට සැරකලෙමි....කසිම දිනක කාටවත් මෙසේ සැරකර නොමැති මට ඔහුට මෙසේ සැරකලේ ඇයිද යන්න මටම සිතා ගැනීමට නොහැකිවිය......එදින සිට මල්ලී මගෙන් තවත් ඈත්වෙන බව තේරුනි.....
මට දැන් කිසිවක් අවශ්‍යය නැත මට වුවමනා වී ඇත්තේ නැවත කෙල්ලෙක් ලෙස ජීවත් වීමටය......අම්මා ඇදුම් තැබූ ස්ථානය සොයාගතහොත් හොරෙන් හෝ කෙල්ලෙක් ලෙස ඇදගෙන සිටීමට හැකිබව කල්පනා කල මා අම්මා නොමැති අවස්ථාවක ඇගේ කාමරයට ගොස් විපරම් කිරීමට තීරනය කලෙමි......
No comments:
Post a Comment