හදිසි අනතුර 55............................මල්ලී සමග රන්ඩුවට පැටලීම සම්බන්ධයෙන් අම්මා මට නිතර දොස් කියන්ට වුවාය. .....මමයි මේ ඔක්කොටම වගකියන්න ඕනැ අර නාටියට කියල ඔයාට වෙන වෙන ඒව පුරුදු කලා...මට තේරෙනව දැන් වෙලා තියෙන දේ...... ඒ පුරුදුකල විදියට දිගටම ඉන්න ඕනැ හින්දයි ඔයා ඔය කේන්තියෙන් දගලන්න...මතක තියාගන්නව ඔයා කොල්ලෙක් කියල...ඔයා කොච්චර දැගලුවත් මම ඒ පරන මෝඩකම ආයෙත් කරන්නෙ නෑ.....අම්මා මට ගැහැනුලමයෙකු ලෙස හැසිරීමට හුරු කිරීම සම්බන්ධව ඇයටම දොස් කියාගනිමින් බනින්ට විය......මේ... අම්මෙ මට ඔය එකක්වත් ඕනෙ නෑ....අම්ම මතක තියාගන්න මම මීට පස්සෙ කෙල්ලෙක් වගේ හැසිරෙන්නෙ නෑ කියල.....මා පැවසුවෙමි. මගේ ප්‍රචණ්ඩ හැසිරීම නිසා පාසැලේ කොල්ලන්ගේ විහිලු තහලු අඩුවිය.....ඔන්න ඔහොම තමා ඉන්න ඕනෙ මල්ලි....සිල්ගත්ත නයා වගේ ඉදල හරියන්නෙ නෑ ...ඉදල හිටලවත් පෙනේ පුප්පන්න ඕනැ.....තරංග අයියා මට ප්‍රසංසා කරන්ට විය......
මොකද මේ මල්ලි කියන්නෙ එයාගෙ බයිසිකලේ ඔයා අරගෙන කියල.....ඒක ඔයාට ගෙනත් දුන්න එකක් නෙවෙයි.....එයා සිස්සත්වෙ පාස්වුන හින්ද එයාට ගෙනත්දුන්න එකක්......දිනක් රාත්‍රියේ මා මල්ලීගේ සයිකලය පදිනවා යයි තාත්තා බනින්ට විය......මට ඕනෙ නෑ තාත්තෙ ඔක්කොමටික මල්ලිටම දෙන්න......හිතට දැනුනු දුක නිසා එසේ පැවසූ මා කාමරයට ගොස් කොට්ටය තුරුලු කරගෙන හඩන්ටවුනෙමි.....මින්පසු තාත්තාගෙන්වත් අම්මාගෙන්වත් කිසිවක් නොගැනීමට තීරනය කලෙමි.
ඉස්සර මල්ලී සමඟ සුහදශීලීව සිටි මා දැන් මල්ලී සමග කිසිම කතාවකට නොගියෙමි.....ඔහු සමග සම්බන්ධතාවයද අතහැරියෙමි. දිනෙන් දින මා හුදකලා වනබවක් දැනුනි......අම්මා තාත්තා මට වඩා මල්ලීට සලකනවා යයි දැනෙන්ට විය.....පාසැලට ගියද මා යහලුවන් සමග තිබුනු සබද තාවයන්ද අත හැරියෙමි......මගේ එකම හිතවතා වූවේ තරංග අයියා පමනි......මගේ සිතතුල තිබෙන ගැටලු ඔහුට පවසා හිත නිදහස් කරගැනීමට හැකිවිය....එහෙත් මා කෙල්ලෙක් ලෙස සිටීමට ආශාවක් තිබුනු බව ඔහුට පැවසීමට නොගියෙමි. ඕව ඔහොම තමා මල්ලි ඔයා ඕව ගනන්ගන්න එපා.....අම්ම තාත්ත වුනත් හොදට විභාග පාස්කරන එක්කෙනාට තමයි වැඩියෙන් සලකන්නෙ.....ඔයාට බැරිවුනාට ඔයාගෙ මල්ලි කොළඹ ලොකු ස්කෝලෙකට යනව කිව්වම එයාලට ලොකු නම්බුවක්නෙ.....ඒකයි ඔය මල්ලිට සලකන්නෙ......ඒත් මල්ලි ඔයාට දැන් ඉස්සරහට එනවනෙ ඕලෙවල් විභාගෙ ..ඒක හොදට පාස්වෙන්න.....එතකොට ඔයාටත් එයාල සලකයි......තරංග අයියා මට උපදෙස් ලබා දෙන්ට විය....ඒක නෙවෙයි මල්ලි ආයෙත් නාට්ටිය කරනවද.....ඔහු ඇසුවේය....අපෝ මම මීට පස්සෙ ඕවට යන්නෙ නෑ......මම කීවෙමි.....අපරාදෙනෙ මල්ලි ඔයාට රඟපාන්න ලොකු හැකියාවක් තියෙනවනෙ......ඔහු කීවේය.......රගපෑවත් මම මීට පස්සෙනම් ගෑණු චරිතනම් කරන්නෙ නෑ.....මා කීවෙමි.....ඒකනම් හොද අදහස.....සිනාසෙමින් කී තරංග අයියා ......ඔයා කෙල්ලෙකුට රගපෑව හින්දනෙ කොල්ලො විහිලු කරන්න ගත්තෙ.......පැවසුවේය.
තරංග අයියා පැවසූ දේ සත්‍යයකි. සියලු දෙනා සලකන්නේ එයාලට වැඩක් ඇති පුද්ගලයාට මිස වෙනත් අයට නොවේ.දෙමවු පියන් සම්බන්ධවද එය සාධාරණ බව මේ දින කිහිපය තුල මමද වටහා ගත්තෙමි. මට මල්ලීට මෙන් සිස්සත්ව විභාගය පාස්කරගැනීමට නොහැකිවීම මා දුර්වල පුද්ගලයෙකු යයි අම්මා තාත්තා සිතාගෙන ඇත.....පිරිමියෙක් වූ මම ගැහැනු ඇදුම් ඇදීමෙන් තවත් දුර්වල පුද්ගලයෙකු වේ යැයි අම්මා කල්පනාකරනවා විය හැක....මම මීටපස්සෙ ගවුන් අදින්නෙ නෑ අම්ම.....අම්ම මට බලෙන් ඇන්දුවත් ඔය ගවුන්නම් අදින්නෙ නෑ....දැඩි තීරනයක එලබුනු මා එසේ සිතාගත්තෙමි...
සිස්සත්ව ප්‍රතිඵල අනුව මල්ලී රාජකීය විද්යාලයට ඇතුලත් කරගෙන ඇතිබව දැනගැනීමට ලැබුනු අම්මා සහ තාත්තා දැඩිලෙස සතුටට පත්විය.....එතැන්සිට ඔව්න් මට වඩා මල්ලීට දැඩි සෙහසක් දැක්වූ බව දක්නට ලැබුනි.....රාජකීය විද්යාලයට ඇතුලත්වූ ඔහු පාසැල් ගියේ නිවසේ සිටය......පාන්දරින් නිවසින් පිටවන ඔහු නැවත පැමිනෙන විට සවස් විය.....මම අඳුනන කෙනෙක් ඉන්නව පුතාව එහෙ නවත්වන්න පුලුවන් එයාගෙ පුතා යන්නෙත් ඒ ස්කෝලෙටමයි......එතකොට පුතාට මහන්සියකුත් නෑ නෙ....දිනක් තාත්තා පැවසුවේය......අම්මා මෙයට අකමැති වුවත් මල්ලී සහ තාත්තා කැමතිවූ බැවින් ඔහුව එහිනතරකරන්ට විය.......මල්ලි ගෙදර නැති හින්ද අම්මයි තාත්තයි දැන්වත් මාගැනබලයිද දන්නෙ නෑ.....මට සිතුනි.....එහෙත් මගේ එම සිතුවිල්ල වෙනස් කරමින් ඔව්න් මට වඩා මල්ලී ගැන සොයාබලන්ට විය....
දිනෙන්දින මා තනිවන බවක් දැනුනි.....අයියෙ දැන්නම් මට ගෙදර එපාවෙලා තියෙන්නෙ.....මම කොහේහරි යනව......මා තරංග අයියාට කීවෙමි.....ඔයා කොහේ යන්නද මල්ලි කොහේවත් යන්නෙ නැතුව ඉවසගෙන ඉදල කොහොමහරි ඉදිරියට එන විභාග ටික පාස්කරගන්න......මල්ලිට ඕනැ උදව්වක් මාත්කරන්නම....ඔහු මාව දිරිමත් කරමින් පවසන්ට විය.....ඔහු පැවසූ පරිදි වැඩකිරීමට තීරනය කලත් මට ගෙදර ජීවිතය එපා විය.....කිසිවෙකුට නොකියා ගෙදරින් පිටවීමට තීරනය කලෙමි.......
No comments:
Post a Comment