හදිසි අනතුර 48..................................ගේ ඇතුලට පිවිසි අපි ටිකවේලාවක් වාඩිවී සිටිනවිට .....ඉනෝකා ඇන්ටිගේ දියනිය වන තෙනුරී අපි අසලට ආවාය......ඇයි ඇන්ටි නිලන්ත මල්ලියි සුපුන් මල්ලියි නාවෙ.......අම්මාගෙන් ඇසුවාය......එයාලට පන්ති දුවේ.....අම්මා සුපුරුදු පරිදි උත්තර දුන්නාය......මේ නංගි කවුද ඇන්ටි......අම්මාගෙන් මාගැන ඇසුවාය.....මේ මගෙ නංගි කෙනෙක්ගෙ දුවෙක් මේ දවස් ටිකේ අපේගෙදර් හිටියෙ එනකොට එක්ක ආව.......අම්මා ඉනෝකා ඇන්ටිට පැවසූ දෙයම ඇයටද කීවාය.......මෙයත් හරියට නිලන්ත මල්ලි වගේමයි.....මා දෙස හොදින් බැලූ ඇය කීවාය.......කාට බොරු කලත් මෙයාටනම් අහු උනා වගේ......මගේ පපුව ගැහෙන්ට විය.....හරි වැඩේ දැන් මොකද කරන්නෙ....ලැජ්ජාවෙ බෑ.....මා කල්පනා කලෙමි......මගෙ නංගිගෙ දුව හින්ද මෙයත් ටිකක් නිලන්ත වගේ......අම්මා කීවාය......ඒක තමා....අම්මාගේ කියමන පිලිගත් ඇය අපි අසලින් ඉවත්වුනාය......මට බය හිතුන අම්මෙ... තෙනුරි මාව අදුන ගත්ත කියල.......මා සෙමින් අම්මාට කීවෙමි.......ඔයාව කොහේ අදුනගන්නද......ඇය සිනාසෙමින් කීවාය......දවල්ට කැමගත් අපි ටිකවෙලාවක් සිටිනවිට කිහිප දෙනෙක් සින්දුවලට නටන්ට විය.......මේ අතර ගැහැනු ලමුන් කිහිප දෙනෙක්ද විය....මා අසලට පැමිනි එක් අක්කාකෙනෙක් මටද නැටුමට එකතුවන ලෙස පැවසුවාය.....ලැජ්ජාවත් බයත් සිතතුල හටගත් බැවින් මා එය ප්රතික්ෂේප කලමි....මා වටකරගත්..තෙනුරිගේ වයසේ ගැහැනු ලමුන් මාව ඔව්න් දෙසට අදින්ට විය......මා කෙතෙක් නැටීමට අකමැති බව ප්රකාශ කලත් ඔවුන් මාව බලන් නැටුමට සහභාගී කරගන්ට විය......කමක් නෑ දුවත් මේ අක්කල එක්ක නටන්න......අම්මා කියනු ඇසුනි.......මා ඉග සොලවමින් නටන්ට පටන්ගත්තෙමි......අපේ පන්තිය බාර ගුරුතුමිය මට ගැහැනු ලමයෙකු සේ නටන ඇවිදින ආකාරය හොදින් පුහුනු කර තිබුනි......එම පුහුනුව උපකාර කරගත්මා.....අංගසම්පූර්න ගැහැනු ලමයෙකු මෙන් හොදින් ඉග පද්දමින් නටන්ට වූවෙමි.......ගැහැනු ලමුන් මගේ අත් අල්ලමින් ඉනට අත්යොමමින් මාව ඔව්න් අසලම රදවාගෙන නටන්ට විය..මාව..ගැහැනු ලමයෙක් වෙලා එයාල අතරෙ ඉන්නෙ.....මා සතුටින් කල්පනාකරමින් නැටුවෙමි
දුව නටනකොට ගැනුලමයෙක් වගේමනෙ. එක අතකට ඒක හොදයි ...මෙයාල කාටවත් නිකමටවත් ඔයා කොල්ලෙක් කියල හඳුනාගන්නට බෑ........ඇය කීවාය.......මුලදී බියෙන් පසුවුවද පාටියේදී මාත් අනිත් ගැනුලමයි වැනි ගැහැණු ලමයෙකු යන හැගීම ඇතිවිය....පාටිය අවසානයේ පිටත්වන විට කිසිම චකිතයක් ඇතිකර නොගත් මා තෙනුරිගේ මුහුන සොදින් සිපගෙන ඇයගෙන් සමුගත්තෙමි.....අංගසම්පූර්ණ ගැහැනු ලමයෙක් ලෙස මා පාටියේදී හැසිරුනු ආකාර සිහිකරමින් සතුටුවුනෙමි....ගෙදරටත් පිටටත් අම්මා මට ගැහැනු ලමයෙකු ලෙස හැසිරීමට ඉඩදීම ගැන ඇයටද සිතින් ස්තූති කලෙමි. ගෙදර ගිය අපි මීලගට සූදානම් වූවේ මල්ලී වෙනුවෙන් බෝධි පූජා පැවැත්වීමට කන්දේ විහාරයට යෑමටය......අද ඔහුට අමතර පන්ති තිබුනු බැවින් ඔහුට යෑමට නොහැකි විය.......සුදු පැහැති සායකින් සහ බ්ලවුසයකින් සැරසුනු පසු අම්මා මාගේ කොන්ඩය වෙනදාමෙන් නොගොතා ගැටගැසුවාය.........සුපුරුදු පරිදි අක්කා සහ නන්ගී මුනගැසුනු මා ඔවුන් සමග මලුව සුද්ධ කිරීමේ කටවුතුකලෙමි......උදෙත් පාටියෙදි මම හිටියෙ කෙල්ලොත් එක්ක දැනුත් ඉන්නෙ කෙල්ලොත් එක්ක......කොච්චර සුන්දරද...... සතුටින් කල්පනා කල මා......මාත් කෙල්ලෙක් උන හින්දනෙ මට මේතරම් කෙල්ලොත් එක්ක ඉන්න පුලුවන්වුනේ ......... නැතුව දැන් මට පුලුවන්ද කොල්ලො ගාවට යන්න.....කල්පනා කලෙමි. මේ සුන්දර ගැහැනු ජීවිතය තව සති දෙකකින් පමන පසු අවසන් වන බව සිහිවූ මට යම් දුකක්ද ඇතිවිය.......
අම්මා පොරොන්දු වූ පරිදි පසුදින මා පාටියට ඇන්ද ගවුම වෙනුවට වෙනත් ගවුමක් මිලදී ගැනීම සදහා සාප්පුවට ගියෙමු....පාටි වලට අදින ගවුන් තෝරමින් ඇය මට ඒවා ඇඳ බලන ලෙස පැවසුවාය.....මා ඉතාමත්ම සතුටින් ඒවා ඇදබැලුවෙමි.....ඉනෙකක් තෝරාගත් පසු අම්මා මට තවත් ගවුමක් අරන්දුන්නාය.....මේක මොකටද මා ඇසුවෙමි.....ඔයාට ගෙදෙට්ට අදින්න.....ඇය කීවාය.....ඇයි අම්ම මට මේතරම් ගවුන් අරන්දෙන්නෙ.....මාව හැමදාම ගැහැනු ලමයෙක් විදියට තියාගන්නද....මා සතුටින් කල්පනා කලෙමි......
No comments:
Post a Comment