හදිසි අනතුර 57...........................පාරේ උඩපැත්තට පදිනවිට තරමක කන්දක් තිබුන නිසා වෙහෙසක් දැරිමට සිදුවුවද පහලට තිබුනු පල්ලම නිසා වේගයෙන් පැමිණීම මගේ සිරිතක්ව තිබුණි. එදිනද මා වෙනදා මෙන් බයිසිකලය වේගයෙන් පහලට පැදගෙන ආවෙමි. එකවරම වේගය පාලනය කරගත නොහැකි බයිසිකලය පාරෙන් ඉවත්ව යනබව තේරුනි පාරේතිබුනු විදුලි කනුවක් මා ඉදිරියට වේගයෙන් පැමිණෙන ආකාරය දුටුවෙමි. බයිසිකලය වේගයෙන් එහිගැටුනු බවත් මා වැටුනු බවත් යන්තමටමෙන් මතක තිබුණි . මා නැවත ඇස් ඇර බලනවිට කවුද පිරිමි කෙනෙකුගේ මුහුනක් දුටුවෙමි. බොදවූ බවක් ඇතිවූබවෙන් ඔහු එකවර හදුනාගත නොහැකිවිය. පුතේ යනුවෙන් හඩ ඇසුනු නිසා ඔහු මගේ පියා යනුවෙන් හදුනාගත්තෙමි. මා නැවත ඔහුදෙස බැලුවෙමි එවර ඔහුගේ මුහුන හදුනාගත්මා.....මොකද වුනේ....සෙමින් ඇසුවෙමි.......ලොකු ප්‍රස්නයක් නෑ පුතේ පුතාට පොඩි ඔපරේසන් එකක් කරල තියෙන්නෙ.....ලෙඩාට සිහිය ඇවිල්ලද..... මා අසලට පැමිනි නර්ස් කෙනෙක් මගේ හිසට අත තබා ඇසුවාය......මගේ අතට සේලයින් බටයක් සවිකර තිබෙනු දුටු මා .....මොකද වුනේ.... නැවත ඇසුවෙමි......බයවෙන්න එපා පුතේ පුතාගෙ අතපය හතර හොදට තියෙනව. .....නර්ස් පවසනු ඇසුනි.......අතපය හතර හොදින් තිබුනත් මුත්‍රාකරන ප්‍රදේසයෙන් යම්වේදනාවක් දැනෙන්ට විය. මා එම පෙදෙසට අත යැවුවෙමි......වෙලුම් පටි වලින් එම පෙදෙස වෙලා ඇතිබව දැනුනි.....පුතාට පොඩි ඔපරේශන් එකක් කරල මූත්‍රා බටයක් දාල තියෙන්නෙ......දැන් බයවෙන්න දෙයක් නෑ......තාත්තා කීවේය.
වට පිට ඇස යොමුකල මා දුටුවේ රෝහල් වාට්ටුවක මා සිටින බවය. මා අසල තිබුනු ඇදන් කිහිප යක ලෙඩුන් කිහිපදෙනෙක් සිටිනු දුටු මා....මේ කොහේද තාත්තෙ......ඇසුවෙමි.....ජයවර්ධන පුර රෝහලේ ගෙවන වාට්ටුවක ඉන්නෙ......ඔහු මා සිටින ස්ථානය විස්තර කලේය.....අම්මා දන්නවද....මා ඇසුවෙමි.....අම්ම දවල්ට එයි.....ඔහු පිලිතුරු දුන්නේය. සුවල්ප වේලාවකින් මා අසලට පැමිනි වෛද්‍යවරයා මාව පරීක්ෂාකර දැන් ලෙඩාගැන බයවෙන්න දෙයක් නෑ.....මේ බේත් ටික දිගටම දෙන්න....තව දවස් තුනක් විතර ඔය විදියටම ඉන්න.....මේ බේත් බොනකොට හොදට නින්ද යයි ඒහින්ද වැඩිය අමාරුවක් දැනෙන එකක් නෑ......ඔහු තවදුරටත් පැවසුවේය....
ඉන්පසු මට නින්ද ගොස් තිබුනු අතර නැවත ඇහැරෙන විට අම්මා මා අසල සිටිනු දක්නට ලැබුනි......මා අසලට පැමිනි ඇය......පුතාට කොහොමද දැන්.......මගේ හිස අතගාමින් ඇසුවාය.......යටි බඩ හරියෙ වේදනයි අම්මෙ.....මා කීවෙමි.......බයවෙන්න එපා තව දවස් දෙකතුනකින් ඔය වේදනාව අඩුවෙයි.....ඇය කීවාය. .......ඔයාට මොකක් වෙලාද බයිසිකලේ ලයිට් කනුවෙ වද්ද ගත්තෙ.....ඇය ඇසුවාය.......අනේ මන්ද අම්මෙ එකපාරට ඒ පැත්තට හැරුන.......මා කීවෙමි. ඕව ගැන පස්සෙ කතාකරන්න පුලුවන් දැන් පුතාට නිදාගන්න දෙන්න......තාත්තා අම්මාට කියනු ඇසුනි......මේ දවස් ටිකේම තාත්ත තමා ඔයාගාව හිටියෙ......තාත්ත කැමති උනේ නෑ වෙන සාත්තුසේවකයෙක් ඔයාගාව තියනවට......පැවසූ අම්මා මගේ හිස අතගෑවාය...... එතකොට දවස් කීයක් මට සිහි නැති වෙලා ඉදල තියෙනවද......ඒ හැමදාම තාත්තද මාගාව හිටියෙ.....මා කල්පනා කරන්ට උනෙමි. .......දැන් පුතාට ටිකක් හොද හින්ද කවුරු හරි පුතාගාව නවත්තන්න පුලුවන්නෙ.....ඔයාගෙ බිස්නස් වැඩත් මොනව වෙනවද දන්නෙ නෑනෙ....මංජු.....පසුදින අම්මා පවසනු ඇසුනි.....ඒව ගැන බයවෙන්න දෙයක් නෑ.......මම නැතත් ඒව කෙරෙනව......පැවසූ තාත්තා......වෙන අය ළඟ තිබ්බට මට සැකයි පුතාට හරියට සාත්තු කරයිද කියල......කීවෙය.......පසුගිය දිනවල මා අම්මා තාත්තා සම්භන්ධව සිතාසිටියේ කෙතරම් වැරදි අදහසකින්ද.......මගේ තාත්තා කොයිතරම් මට ආදරේද.......ඒවගේම අම්මත් මට කොයිතරම් ආදරේද......මෙච්චර ආදරේ කරන අම්මව තාත්තව දාල මම ගෙදරින් ගියානම් මෙයාලට කොච්චර දුක හිතෙයිද....මටත් මොනව වෙයිද......මා ඔවුන් දෙස බලා කල්පනාකලෙමි.
මා ඉතාමත් අපහසුවෙන් දින තුනක්ම එකවිදියට උඩුබැලි අතට සිටීමට සිදුවිය.....මේ විදියට ඉන්න හරි අමාරුයි ..මිස්..නර්ස් කෙනෙක් මා අසලට පැමිනිවිට මා කීවෙමි......අද ඔයාගෙ තුවාල පරීක්ෂාකරනව. ඊටපස්සෙ මොකක්හරි කියයි......නර්ස් පැවසුවාය......ටික වෙලාවකින් මගේ තුවාල පරීක්ෂා කිරීමට සූදානම් වනබව තේරුනි......
No comments:
Post a Comment