හදිසි අනතුර 43......................................කන්දේ විහාරය එතරම් දුරින් නොතිබුනත් ටිකදුරක් කන්දේ පඩි නැග යාමට තිබෙන නිසා ටික වේලාවක් ගතවන බව අපිට පෙනුනි. කන්ද පාමුල වාහනය නැවැත්වූ පසු මා මල් සහ අනිකුත් පූජාභාන්ඩ තිබුනු බෑගය අතට ගෙන වාහනයෙන් බැස්සෙමි......මල්ලී ඉක්මනින් පඩි නැගීමට පටන්ගත් අතර.....මා අම්මා සමඟ සෙමින් නගින්ට වුනෙමි. ......අක්කේ ටිකක් හයියෙන් එන්නකො......ටික දුරක් උඩට ගොස් සිටි මල්ලී...මට අඩගැසුවේය.... අක්ක හෙමින් එයි ඔයත් දුවන්නෙ නැතුව පරිස්සමින් නගින්න......අම්මා ඔහුට කීවාය...අපෝ අක්ක ඉස්සර වගේ නෙවෙයිනෙ......ඉස්සරනම් මටත් ඉස්සෙල්ල උඩට නගිනව......ඉස්සර අක්ක කොල්ලෙක්නෙ දැන් කෙල්ලෙක් වගේ ඉන්න මට කොල්ලෙක් වගේ හසිරෙන්න බෑනෙ.....මා කිසිත් නොකියා කල්පනා කලෙමි......අපි උඩට යනවිට කාන්තාවන් සහ ගැහැනු ලමුන් කිහිපදෙනෙක් මුන ගැසුනි. ඔවුන් මාදෙස හොදින් බලනු දුටු මා.......අම්මා අසලට ගොස්....ඇයි අම්මෙ....මෙයාල මා දිහා නිතර නිතර බලන්නෙ....මාව කොල්ලෙක් කියල හදුනගෙනද.......ඇසුවෙමි.....නෑ දුවේ ඔයා ගොඩක් ලස්සනයිනෙ.....මේ ලස්සන කෙල්ල කොහෙන් ඇවිත්ද කියල බලනව ඇති......අම්මා සිනාසෙමින් කීවාය.....හරි මහන්සියි නේද......ඇන්ටී කෙනෙක් අම්මාගෙන් ඇසුවාය.....ටිකක් මහන්සි තමා ඒත් නගින්න ඕනැනෙ.....අම්මා පිලිතුරු දුන්නාය....... නංගිල කොහේද.....ඇය සමග සිටි අක්කා කෙනෙක් මගෙන්ඇසුවාය.....ටවුන් එකට පොඩ්ඩක් එහා .......මා ගැහැනු ලමයෙකු ලෙස පිලිතුරු දුන්නෙමි......අපේ නංගිගෙ සිස්සත්වෙ හින්ද බෝධි පූජාවක් තියන්න යනව.......ඇය අසල සිටි නංගි පෙන්වා කීවාය........අපිත් යන්නෙ අපේ මල්ලිගෙ සිස්සත්වෙට බෝධි පූජා කරන්න......අපි දෙගොල්ලම යන්නේ එකම අරමුනකට බව ඇගේ කතාවෙන් තේරුම්ගත්තෙමි.......කෝ මල්ලි.....ඇය ඇසුවාය......එයා දැන් උඩට නැගලත් ඇති ......මල්ලී පෙනෙන්ට නොසිටිනිසා කීවෙමි......එයාල ඉතින් කොල්ලොනෙ නංගි .......ඇය පැවසුවාය........මාත් කොල්ලෙක් තමා ඒත් දැන් ජීවත්වෙන්නෙ කෙල්ලෙක් විදියටනෙ......ඇයදෙස බලා සිනාසී කල්පනා කලෙමි.....කොල්ලන්ට විතරක් නෙවෙයි මටත් ඉක්මනට උඩට නගින්න පුලුවන්...කොහේද ඉතින් අම්ම යන්න දෙන්නෙ නෑනෙ....නංගී දුක්බරව පවසනු ඇසුනි......ගෑනු ළමයි උනාම තනියම යන්නෙ නෑ......එහෙනම් මම මේ අක්කත් එක්ක ඉක්මනට යන්නම්......ඇය මාව පෙන්වා ඇසුවාය......අනේ බෑ නංගියේ අපේ අම්මත් හෙමින්නෙ එන්නෙ......මා කීවෙමි.......එහෙනම් හෙමින්ම තමා යන්න වෙන්නෙ.....පැවසූ ඇය මා අසලට පැමිණ මගේඅතින් අල්ලා .....අක්ක හරි ලස්සනයි අක්කෙ......කීවාය.....ඔයත් ලස්සනයිනෙ නංගි මා කීවෙමි.......මම අක්ක තරම් ලස්සන නෑ......ඇය කීවාය.....ගැහැනු ලමයි උනාම කවුරුත් ලස්සනයිනෙ නංගියේ ........මා මෙන් නොව ඇය ගැහැනු ලමයෙකු ලෙස ඉපදීමට වාසනාව ලැබීම ගැන සතුටින් කීවෙමි. ......ලස්සනයි තමයි ඒවුනාට හරිකරදරයිනෙ......ඇය කීවාය..........මොකක්ද කරදර මා ඇසුවෙමි........තනියම කොහාටවත් යන්නත් බෑ......නීතිත් වැඩියි.......ඇය ගැහැනු ලමයෙක් ලෙස ජීවත් වීම කරදරයක් ලෙස සලකා කතාකරන්ට වූවාය.......ඒ නිති තියෙන්නෙ අපේම යහපතටනෙ නංගි ....පැවසූ මම.......කෙල්ලෙක් උනාම කොච්චර ලස්සනට අදින්න පුලුවන්ද කොච්චර ලස්සනට හැඩවෙන්න පුලුවන්ද.....ඒත් කොල්ලන්ට ඒ මොකුත්ම නෑනෙ.......මා කීවෙමි. ......ඒකනම් ඇත්ත.....මගේ කීම පිලිගත් ඇය.....ඔයා ඔච්චර ලස්සන උනේ කොහොමද අක්කෙ.....මගෙන් ඇසුවාය......එය අසා සිටි ඇගේ අම්මා......අක්ක ගොඩක් පින්කරල තියෙනවනෙ දුවේ......බෝ මලු අතුගෑවම......විහාර පිරිසිදුකලාම......ලස්සන වෙලා උපදිනවනෙ.......මේ අක්කත් ගිය ආත්මවල ඒවගෙ ගොඩක් පින් කරල ඇති......ඔයාටත් තව ගොඩක් ලස්සනවෙන්න ඕනෙනම් ඒවගේ පින්කරන්න.......ඇත්තටම එහෙම කලාම ලස්සන කෙල්ලො වෙලා උපදිනවද ඇන්ටි.....මා ඇගෙන් ඇසුවෙමි.......ඔව් දුවේ......ඒවගේම තරහ ගන්නෙ නැතුව කරුනාවන්තව හිටියොත් ලස්සන වෙලා උපදිනව කියල බුදුන් වහන්සේ දේසනා කරල තියෙනව.......ඇගේ එම වචන මගේ සිත තුලට තදින් වැදුනි.......ඊලග ආත්මෙ ලස්සන කෙල්ලෙක් වෙලා උපදින්නනම් මාත් ඒවගෙ වැඩ කරන්න ඕනැ.....මා සිතාගත්තෙමි.......
කන්ද උඩට ගිය අපිට අමුතුම ලොවකට ගියාසේ දැනෙන්ට විය.....කන්ද මුදුනේ සුළං පහර මගේ ඇඟේ වදින විට එදා ගවුම ඇදගෙන මුහුදු වෙරලට ගිය දිනය මතක් විය....මා ගවුමේ සාය සුලගට උඩයෑම අපහසුවෙන් නතර කරගෙන සිටි ආකාරය සිහිවිය......එදා ඇදසිටි ගවුම මෙන් නොව අද ඇදසිටින ගවුමේ සාය දනිස් වලට පහලින් තිබුනු නිසා සුළං බැදීමේ ඉඩකඩ අඩුවී තිබුනි......ඈතින් දිස්වෙන කදු සිකරවල දර්ශනය ඉතා මනස්කාර විය.......දුව පූජා වට්ටිටික හදමු......මා අවට සිරි නරඹමින් සිටිනවිට අම්මා අඩගැසුවාය.....අම්මෙ ඔක්කොටම ඉස්සෙල්ල මලුව අතුගාල පූජාසන ටික පිසිසිදු කරල එන්නම්......මීට ටික වෙලාවකට කලින් ඇන්ටී පැවසූ පරිදි මටත් රූමත් ගැහැණු ලමයෙක් ලෙස උප්පත්තිය ලැබීමේ බලාපොරොත්තුවෙන් පැවසුවෙමි......පූජා භාන්ඩ ටික බෑගයෙන් එලියට අදින අතරතුර හිස සැලූ ඇය මට ඊට අවසර දුන්නාය.......ඉක්මනින් ඉදලක් සොයාගත් මා වැලිමලුවට පොල් අත්තේ රටාව එක්කරමින් ඇමදීමට පටන්ගත්තෙමි.......දුවට ලස්සනට අතුගාන්නත් පුලුවන්නෙ.....මා අතුගානදෙස බලා සිටි අම්මා පැවසුවාය.......දහම් පාසැලේ මිදුල අතුගාන්නෙ මමනෙ අම්මෙ....මා ඇයට අතුගෑම පුහුනුවූ ආකාරය පැහැදිලි කලෙමි......
No comments:
Post a Comment