Thursday, July 6, 2017

හදිසි අනතුර 54............................තවත් මසක් පමන කාලයක් ගතවිය.....මට නැවත වතාවක් ගවුම් ඇදීමට නොලැබෙන බැවින් ඒ ගැන කල්පනා කරමින් සිටීම කිසිම වැඩක් නොමැතිබව මා තේරුම් ගත්තෙමි....මට ඕනෙ නෑ ඔය කෙල්ලො වගේ අඳින්න මම කොල්ලෙක් කොල්ලෙක් උනාම කොල්ලෙක් විදියට ඉන්න ඕනැ.......පහුගිය දවස්වල මම කෙල්ලෙක් විදියට හිටිය හින්ද තමයි මේ ඔක්කොම ගැටලු ඇතිවුනේ.....මීට පස්සෙ මම ඕව ගැන හිතන්නෙ නෑ.....මීට පස්සෙ නාට්ටිය වලට ගැහැනු චරිත ගන්න හොදනෑ ......සර් තරහ වුනත් කමක් නෑ මට බැන්නත් කමක් නෑ ඕවගෙ චරිත ආයෙත් ගන්නෙ නෑ.....මා සිතාගත්තෙමි.....කවද හෝ දවසක අම්මා මට ගැහැනු ඇදුම් අන්දන්න උත්සාහ කලත් මම අදින්නෙ නෑ.....මට ලස්සන ලස්සන ගැහැනු ඇදුම් අරන්දීල ඒව අන්දගෙන කෙල්ලෙක් විදියට එහෙ මෙහෙ එක්ක ගිහින් එක පාරටම ගවුන් ටික ඔක්කොම හොයාගන්න බැරි තැනක හැංගුව.....එයා හිතන්න ඇති මම හොරෙන් අරගෙන ඒව ඇදගනියි කියල.....අනේ අම්මෙ ඔයා ඔක්කොම ගවුන් ටික පරිස්සම් කරල තියාගන්න.....මීට පස්සෙ ඔය එකක්වත් මට ඕනැ නෑ.....මීට පස්සෙ මම මේ විදියට ඉන්නෙත් නෑ නියම කොල්ලෙක් වගේ ඉන්නව.....මගේ නිවට කම් මග හැර නියම කොල්ලෙක් මෙන් ජීවත්වීමට අධිෂ්ඨාන කරගත්තෙමි......නිවස තුල පමනක් නොව පසැලේදීද මගේ පිරිමි කම පෙන්වීමට සිතාගත්තෙමි......
                    දිනක් වෙනදා මෙන් මල්ලී මා සමග රන්ඩුවකට පැටලුනේය.....මේ අයියෙ මම නියම කොල්ලෙක් ඔයාවගේ භාගෙට කොල්ලෙක් නෙවෙයි......මල්ලී පවසනු ඇසුනු මට  හටගත්තේ දුකක් නොව කෝපයකි......මගේ පිරිමි කම පෙන්වීමට සුදුසු අව්ස්තාව පැමිනි බව දැනගත් මා......මොකක්ද තෝ කිව්වෙ.....මහ හඬින් ඇසුවෙමි.....මම කිව්වෙ ඔයා කෙල්ලෙක් වගේ කියල.....මම ඔහුගේ කම්මුලට වැරෙන් පහර කිහිපයක් එල්ල කලෙමි......ඔහු අඩාගෙන අම්මා අසලට ගොස් මා ඔහුට ගැසූ බව පැවසුවේය..... මා අසලට පැමිනි අම්මා......මොකක්ද මේ මල්ලි කියන්නෙ......මොකද උබට වෙලා තියෙන්නෙ මේ පොඩිඑකාට ගහන්නෙ......අම්මා මට බනින්ට වූවාය......කිසිම දිනක අම්මාගෙන් බැනුමක් අසා නොමැති මට දුකක් සමග තරහක්ද ඇතිවිය......මේ අම්මෙ ඔයාගෙ ඔය පොඩි එකාව හදාගන්න මට එක එක ඒව කියන්න එන්න එපා කියන්න......මා අම්මාටද සැරකලෙමි.....උබට අද මොන යකා වැහිලද කවදාවත් නැතුව මටත් අතපය දික් කරගෙන එන්නෙ.......කවදාවත් මා සැරෙන් කතාකරනු අසා නැති අම්මා මට බනින්ටවූවාය.....මේ ටික දවසක ඉදන් උබ අමුතුයි කියල මම දන්නව ඒකට හේතුවත් මම දන්නව.....උබ මොන යකා නැටුවත් උබේ හිතේ තියෙන ඒව මෙහෙ කරන්න බෑ.....ඕක හින්ද තමයි මම උබට අරන්දුන්න ඇදුම් ටික ගොඩ ගහල පිච්චුවෙ.....මගේ සිතේ තිබුනු අදහස් අම්මා දැනගෙන සිටිබව දැනගත් මගේ සිත තුල ලැජ්ජාවක් දැනුනි.......පුච්චපු අලුටිකත් වලලන්න අම්මෙ මට ඕනෙ නෑ ඔය මලයිලව් ඇඳුම් ඕව ඔයාලට ලොකු උනාට මට ලොකු නෑ .......අම්මාට දොස් කී මා කාමරයට ගියෙමි.....මීට පස්සෙ එහෙම මේ පොඩිඑකාට ගැහුවොත් තොගෙ අතපය කඩනව දැනගනින්......අම්මා කියනු ඇසුනි......කාමරයට ගිය මා ඇදේ ඇලවී කොට්ටය මුහුනට තුරුලුකරගෙන අඩන්ට වුනෙමි.......
                 සවස තාත්තා පැමිනි විට අම්මා මෙය තාත්තාට පවසාවි යන බියෙන් පසුවුනෙමි......සවස තත්තා පැමිනි විට සුපුරුදු පරිදි කෑම මේසයට ගියේ තාත්තා මට දඩුවම් කරාවි යන චකිතයෙනි......මට වඩා මල්ලීට ආදරයෙන් සිටින  ඔහු මා මල්ලීට ගැසුවායයි දැනගතහොත්  තාත්තා මට කුමන දඩුවමක් දේවිදැයි සිතා ගැනීමටවත් නොහැකිවිය......එහෙත් තාත්තා එවැනි දෙයක් ගැන කතා නොකිරීම මගේ සිතට සහනයක් විය...
                    පසුදින පාසැල් ගිය මට වෙනදා මෙන් කොල්ලෙක් විහිලු කරන්ට විය.....ඔහු අසලට ගිය මා ඔහුගේ හිස හරහා වැරෙන් පහරක් එල්ල කලෙමි....මෙවැනි දෙයක් මගෙන් බලාපොරොත්තු නොවුනු..ඔහු කැරකී බිම වැටුනි.....අමාරුවෙන් නැගිට්ට ඔහු පහර වැදුනු ස්ථානය  අතගාමින් ඉවත්වගියේය.......දිනෙන් දින මගේ කුලෑටි ගති මග හැරෙමින් චන්ඩිගති මතුවන්ට විය. සමහර වෙලාවට ගෙදරදීද මා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්ට විය......මල්ලීගේ බයිසිකලය බලහත් කාරයෙන් ගන්නා මා එය පදින්ට උනෙමි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: