හදිසි අනතුර 38..................................සතියේ දිනවල පාසැල් යනවිට පිරිමි ඇදුමෙන් යා යුතු නිසා පිරිමි පාසැල් නිල ඇදුම ඇද ගැනීමට සිදුවිය. එහෙත් අද දිනය සෙනසුරාදා දිනයක් නිසා පිරිමි ලමයෙක් ලෙස ඇදගැනීමට අවශ්‍යය නොවුනි......මේ නිසා උදෑසන අවවදිවූ මා නයිටිය පිටින්ම මුහුන සෝදාගෙන ගවුම ඇදගත්තෙමි.....උදෑසන ආහාර ගත් මල්ලී පන්ති ගිය අතර තාත්තා සුපුරුදු පරිදි වැඩට ගියේය......මා කෙල්ලෙක් ලෙස ඇද පැලද සිටියත් තාත්තාට එය ගනනක් නොමැති බව තේරුනි......අම්මා මට නිතර දුව යයි අමතමින් මගේ සිත ගැහැනු ජීවිතය කරා රැගෙන යන්ට වූවාය.......දුවේ ඔයාට කන්පෙතිවල අලවන්න පුලුවන් කරාබු දෙකක් හොයාගන්න පුලුවන්වෙයිද දන්නෙ නෑ........පොඩ්ඩක් සොපින් කරල බලමුද......අම්මා යෝජනා කලාය......එදා පොහොය දිනයේ මෙන් මට අද දිනයේද කෙල්ලෙක් මෙන්.ඇවිදීමට ලැබීම ගැන සතුටුවූ මා.....හා ....කියා කැමැත්ත ප්‍රකාශ කලෙමි......එහෙනම් ලෑස්ති වෙන්නකො.....ඇය කීවාය.......කාමරයට ගිය මා කුමන ගවුමක් අදින්නදැයි කල්පනා කලෙමි......මේ ගවුමත් හොදයිනෙ.......ඇදගෙන සිටින ගවුම දෙස බලා කල්පනා කල මා අම්මා අසලට ගොස්.....ඇදගෙන යන්න මේ ගවුමම හොදයි නේදැයි ඇසුවෙමි.......ඕකත් අලුත් ගවුමක්නෙ ඕක හොදයි කී...ඇය....ඔය කොන්ඩෙ හදා ගන්න.......පැවසුවාය....පීරගන්න තේරෙන්නෙ නෑනෙ අම්මෙ....කවදාවත් කොන්ඩය පීරාගෙන නැති මා කීවෙමි.......ඔයාම කොන්ඩෙ පීරගන්නත් පුරුදුවෙන්න......පැවසූ ඇය.....ඉස්සෙල්ල ඔය කොන්ඩෙ ගෙතුම් ටික ලෙහන්න......අම්මා පැවසූ විට මා විග් එක ගලවා අතට ගත්තෙමි.......ඔහොම හරියන්නෙ නෑ කෙල්ලේ......ඕක කොන්ඩෙ තියාගෙනම පීරන්න පුරුදුවෙන්න....ඇය පැවසුවාය......මා නැවත විග් එක පැලදගෙන.......අම්මා කරන්නාක් මෙන් කොන්ඩය ඉදිරි පසට ගෙන ලෙහන්ට පටන්ගත්තෙමි.......ලෙහා අවසන් කල මා ඒබව අම්මාට කීවෙමි.......දැන් පනාව අරගෙන හිමින් පීර ගන්න......මම කොන්ඩෙ පීරන හැටි බලාගන්නකෝ.......ඇය මට පෙනෙන්ට කොන්ඩය පීරන්ට වූවාය.......ඇගේ කොන්ඩය මගේ විග් එකේ කොන්ඩයටත් වඩා දිගුවට තිබුනු බැවින්......ඇගේ රූමත් බව කැපී පෙනුනි......ටික වේලවක් බලාසිටි මා ඇය පීරූ ආකාරයට පීරන්ට පටන්ගත්තෙමි.......ඔය විදියට තමා කොන්ඩෙ පීරන්නෙ කොන්ඩෙ අගහරියෙ මේ විදියට ඉස්සරහට අරගෙන පීරන්න........ඇය කියා දුන්නාය.......ගොතන්න තේරෙන්නෙ නෑනෙ අම්මෙ......මා කීවෙමි.......මම ඔයාට ගොතන හැටිත් කියා දෙන්නම්කො...පැවසූ ඇය.....දැන් ගොතන්න ඕනෙ නෑ කටු ගහල හැඩ කරමු......ඇගේ කොන්ඩය සාදාගන්න අයුරු පෙන්නුවාය.......පිටිපස්ස හින්ද පේන්නෙ නෑනෙ අම්මෙ..........මා කොන්ඩයේ පිටුපස අල්ලා පැවසුවෙමි......මටත් පිටිපස්ස පේන්නෙ නෑනෙ...... පුරුදු වුනාම පුලුවන් ඇය කීවාය.......පරක්කු වෙනව..... නිකන් ඉන්න කොට කොන්ඩෙට මෝස්තර දාගන්න පුරුදුවෙන්න......පැවසූ ඇය කොන්ඩය තවදුරටත් පීරමින් කටුගසා හැඩකරන්ට වූවාය.......සාමානයෙන් අම්මා මගේ කන්පෙති වැසෙනසේ කොන්ඩය සකස් කලේ කරාබු නොමැති අඩුව වසා දැමීම සදහාය......අපි පිටත් වීමට සූදානම් වනවිට ......කෝ අර පෝය දවසෙ ගත්ත පර්ස් එක ඒකත් කරේ එල්ල ගන්න....එතකොට ලස්සනයි .....කීවාය........කාමරයට ගියමා පර්ස් එක කරේ එල්ලා ගෙන සෙරෙප්පු දැකද අතට ගත්තේ පයට දා ගැනීම සදහාය.......
අපි කාන්තා ආභරන තිබෙන සාප්පුවකට ගොඩවුනෙමි.....කන්පෙත්තට ක්ලිප් කරන්න පුලුවන් කරාබු තියෙනවද එහි සිටි අක්කා කෙනෙකුගෙන් අම්මා ඇසුවාය.......මෙයාගෙ කන්විදින්න බෑ ඇලජික් වෙනව......අම්ම තව දුරටත් කීවාය......තියෙනව මිස් පැවසූ ඇය ඉන් මෝස්තර කිහිපයක් පෙන්නුවාය......ඉන් ජෝඩු දෙකක් තෝරාගත් ඇය මගේ කන්පෙති වලට සවි කිරීමට උත්සාහ කලාය.......ඇගේ උත්සාහය වරදුනු බව දුටු සේවිකාව......එය මගේ කන්පෙතිවල පැලැන්දුවාය.......මිස් මේ නංගිව ඩොක්ට කෙනෙකුට පෙන්නුවනම් කන විදවගෙන තුවාලෙ හොදවෙන්න බේත් ගන්න පුලුවන්නෙ......අපරාදෙ කන පාලුවෙනව......ඇය පැවසුවාය......මට ඇති ඇලජික් එකක් නෑ කොල්ලෙක් උන මම කොහොමද කන්විදගන්නෙ......මා සිතින් ඇයට පැවසුවෙමි...... කරාබු මිලදී ගත් ඇය මාල කිහිපයක් ද මගේ ඇගිල්ලට හරියන මුද්දක් ද මිලදී ගත්තාය......මුහුන පහැපත් කරන මේකප් කට්ටලයක් ද මිලදී ගත් ඇය ඒ සියලු උපකරන මගේ අතට දී...... මේව ඔක්කොම ඔයාට......කීවාය......මගේ කන් පෙති වල එල්ලූ කරාබු දෙක එසේම තිබුනු අතර......ඒවා පිටතට පෙනෙන ලෙස කොන්ඩය සකස් කලාය.......දැන් තමා ඔයාව නියම කෙල්ලෙක් වගේ පේන්න ගත්තෙ......අම්මා සතුටින් පැවසුවාය......
No comments:
Post a Comment