Wednesday, June 14, 2017

හදිසි අනතුර 1..................................මොකද නිලන්ත පුතේ ඉස්කෝලෙ ගිහින් ආව ගමන් ඉදල අමුතුවෙලා.....කා එක්කවත් කතාවක් නෑ කල්පනා කරකර ඉන්නව........ අද දින මාගේ හැසිරීමේ රාටාවේ වෙනසක් ඇතිබව තේරුම් ගෙන ඇති අම්මාගේ කටහඬ ඇසෙන්ටවිය......පන්තියේදී කලා විෂය උගන්වන ගුරුතුමා මට කල යෝජනාව මා කෙසේ අම්මාට පවසන්නද?......මා අම්මා දෙස බලා කිසිවක් නොකියා බිම බලාගත්තෙමි.....මොකද සර් කෙනෙක්වත් බැන්නද?.....ඒත්මගෙ පුතා බැනුම් අහන්න තරම් වැරදි කරන එක්කෙනෙකුත් නෙවෙයිනෙ.....මගෙන් ප්‍රශ්නකල ඇය එයට පිලිතුරද ඇය විසින්ම ලබාදුනාය.......මා කතා නොකරන බව තේරුම්ගත් අම්මා මල්ලීට කතාකලාය......පොඩි පුතේ ස්කෝලෙදි මොකුත් ප්‍රශ්නයක් උනාද?......එහෙම මොකුත් නෑ අම්මේ......ඇයි අම්මෙ එහෙම ඇහුවෙ.....මා දෙසත් අම්මා දෙසත් බැලූ මල්ලී අම්මා දෙස බලා සිටියේය.....අද අයිය වෙනදට වඩා කල්පනා කරකර ඉන්නව ඒකයි ඇහුවෙ....ආ ඒකද ....කවුරු හරි කොල්ලෙකුගෙන් හොද පාරක් කන්න ඇති.......ඔහු සිනාසෙමින් කීවේය. ......එහෙම දෙයක් නෙවෙයි අම්මෙ......පැවසූ මා....කලා සර් ගේ යෝජනාව අම්මාට පැවසනවා ද නැද්ද යන දෙගිඩියාවෙන් පසුවුනෙමි......මෙය නොපැවැසුවහොත් සර්ගෙන් බැනුම් ඇසීමට සිදුවෙයි. මෙතෙක් කලක් කිසිම ගුරුවරයෙකුගෙන් බැනුම් අසා නොසිටි මට මෙය දරාගත නොහැකි බව තේරුම්ගත් මා....අම්මේ අපේ ස්කෝලෙ කලා උලෙල දවසට අපේ පන්තියට නාට්ටියක් හදල පෙන්වන්න කිව්ව.....ඒ නාට්ටියට මාවත් තෝරගත්ත......මා පැවසුවෙමි.......ඉතින් හොදයිනෙ....ඕකට ඔයතරම් කල්පනා කරන්න දෙයක් නෑනෙ..... සිනාසෙමින් පැවසූ අම්මා...... ඔයා ඔයිට ඉස්සෙල්ලත් ඕවගෙ නාට්ටියක රගපෑව නේද.......ඇසුවාය......ඒ චරිතෙ අවුලක් නෑනෙ අම්මෙ ඒක කොල්ලෙකුගෙ චරිතයක්නේ.......මා සෙමින් මිමිනුවෙමි........මේ චරිතෙ මොකක්ද ........ඇය ඇසූවිට......මම බෑ කිව්ව ඒත් සර් කිව්ව මේ ස්කෝලෙ ගැහැණු ලමයි නැති හින්ද ඒ චරිතෙ කරන්න කියල.......මා ලැජ්ජාවෙන් පැවසුවෙමි......ඉතින් ඔයා ඒ චරිතෙට ඔය තරම් අකමැතිනම් වෙන එක්කෙනෙක් තෝරගන්න කිව්වනම් ඉවරනෙ.......මම කිව්ව අම්මෙ....... ඒත් සර් කියනව මමලු මේ චරිතෙට හොදටම ගැලපෙන්නෙ.......මට තියෙන්නෙ දුවගෙ චරිතය.......තව කොල්ලෙක් තෝරගත්ත අම්මගෙ චරිතෙට......සර් ඔයාව තෝරගන්න ඇත්තෙ......ඔයා සුදුයි ලස්සනයි හින්ද වෙන්න ඇති.......ඔයාට ලස්සන ගවුමක් අන්දල ගත්තම......කෙල්ලෙක් වගේම පෙනෙයි......පැවසූ අම්මා මගේ කම්මුල මිරිකා සිනාසුනාය......මට ලැජ්ජයි අම්මෙ......මම කීවෙමි. .......ලැජ්ජ වෙන්න දෙයක් නෑ ලමයො.....ඔය ඕනැ තරම් පිරිමි ගැහැනු චරිත රඟපාන්නේ ......ඇය කිසිවක් ගනනකට නොගෙන පැවසුවාය....
මාව මේ චරිතයට තෝරාග් අකාරය සිහිකරන්ට උනෙමි . අපේ පන්තියට පැමිනි ගුරුතුමා..... ඔයාල දැනටමත් දන්නව ඇති.....අපේ පාසැලේ කලා උලෙලට නොයෙක් වැඩසටහන් ඉදිරිපත් කරනව කියල ......මම හිතුව මේ පන්තියට නාට්ටියක් බාරදෙන්න......ඒකෙ කතාව දෙබස් මම හදල දෙනව ඔයාලට තියෙන්නෙ රගපාන්න......ඒ හින්ද දැන්ම ඒකට සුදුසු චරිත තෝරගන්න ඕනැ. .......මේකෙ තියෙන්නෙ මධ්‍යයම පන්තියේ ගමේ ගෙදරක කතාවක්.....තාත්තට හොද පවුර්ශයක් තියෙන කෙනෙක් ඕනැ.....ඒකට මම ඔය ලමයව තෝරගන්නව......අපේ පන්තියේ උසමහත ලමයා දෙසට අත දිගුකල ගුරුතුමා ඔහුව තෝරාගත්තේය. ....අනිකුත් පිරිමි චරිත කිහිපයකට ලමුන් තෝරාගත් ඔහු.......දැන් මේ නාට්ටියට තියෙනව ගැහැනු චරිත දෙකක්....එකක් අම්මගෙ චරිතය අනික දුවගෙ චරිතය......අපේ පාසැලේ ගැහැණු ලමයි නැතිනිසා ඔයාලගෙන්ම තමා තෝරගන්න වෙන්නෙ.....බලමු ඒ දෙකට සුදුසු දෙන්නෙක් ඉන්නවද කියල......ඔහු අපි දෙස උවමනාවෙන් බලන්ට විය.......ඔයා හොදයි අම්මට.......සන්ජීව දෙස බැලූ ගුරුතුමා කීවේය......අනේ බෑ සර්.....ඔහු විරුද්ධ විය......එහෙත් ගුරුතුමාගේ බලකිරීම මත ඔහුට එම චරිතය තෝරාගැනීමට සිදුවිය.......සර් දුවගෙ චරිතයට හොද එක්කෙනෙක් ඉන්නව. .....අපේ පන්තියේ කටකාර කොල්ලෙක් වන නිමල් පැවසුවේය.....ඒකවුද ......ගුරුතුමා ඔහුදෙස බැලුවේය.....මේ නිලන්ත හොදයි නේද සර්......ඔහු මාව පෙන්වා පැවසුවේය.......මාදෙස ටික වෙලාවක් බලාසිටි ගුරුතුමා......නිලන්ත මේ චරිතයට හොදට ගැලපෙනව.....ඔහු සිනාසෙමින් පැවසුවේය......මට ගැනු චරිත කරන්න තේරෙන්නෙ නෑ සර්......මම කීවෙමි..... ඒක අපි කියල දෙන්නම් ඔයා ඒකට ලෑස්තිවෙන්න......ඔහු මාව එම චරිතයට තෝරාගත් බව පැවසුවේය.
මොනවද නිමල් උබ මගෙ නම කිව්වෙ.....මා නිමල්ට දොස්කීවෙමි......මචන් උබ ඒකට හොදට ගැලපෙනව බන්.......බලපන් අපේ පන්තියේ උඹ වගේ ලස්සන එකෙක් ඉන්නවද කියල උන් කෙල්ලන්ට ඇන්දොත් මොක්කුද වගේ හිටියි......නිමල් පැවසූ අතර අනිකුත් අයද එය අනුමත කරන්ටවිය.

Transgender body swap ගේ ඡායාරූපය

No comments: